මුදල් පසුම්බියේ මුදල් ඉතිරි කරගන්න විදියක්


මුදල් පසුම්බියේ මුදල් ඉතිරි කරගන්න විදියක්



අප එදිනෙදා ජීවිතයේදී මුදල් සීමිත සම්පතක් බවට පත්ව ඇත. මෙය සම්පතක් වනුයේ සුලබ නොවීම සහ ඉපැයීමට අපහසු වීම නිසාය. මෙම තත්ත්වය නිසා සමාජය තුළ ධනපති, මධ්‍යම, නිර්ධන ආදී ලෙස පන්ති වර්ගීකරණයක් පවා බිහි වී තිබේ. එම පන්ති වර්ගීකරණයේ සැබෑ අරුත ස්ථාවර හෝ ජංගම දේ‍පොළ ප්‍රමාණය මත තීරණය වේ. නමුත් සමහර අවස්ථාවන්හිදී ධනපතියන් අතර එදා ආහාරවේල සපයා ගැනීමට මුදල් අත නොරැඳෙන අවස්ථාද තිබේ. දුප්පත් පිරිස් එදා වේල කුස පුරවා ආහාර ගනිද්දී ධනපතියන් දිනකට වේල දෙකකින් කුස පුරවා ගන්නා අයුරුද සමාජයෙන් හඳුනාගත හැක.
බොහෝ විට විශාල ධනස්කන්ධයක් මෙන්ම විශාල වූ ස්ථාවර දේපළ බොහෝවිට උරුම වන්නේ තම පරම්පරා හරහාය. ස්ව උත්සාහය මත මෙවන් තත්ත්වයකට පත්ව සිටිනුයේ සීමිත පිරිසකි. මෙලෙස දේ‍පොළ පරම්පරා හරහා සම්ප්‍රේෂණය වීමේදී දේ‍පොළ හානි හෝ විනාශ වීම් වැඩි ප්‍රමාණයක් සිදුවන අතර අවම වූ ප්‍රමාණයක් දේ‍පොළ වර්ධනය කර මතු පරපුරටද උරුම කිරීමට දායක වෙයි. කෙසේ නමුදු පුද්ගල වාසනාව මත මේවා ක්‍රියාත්මක වෙයි. පෙර භවයන්හි කරන ලද කුසලාකුසල කර්මයන්ගේ ප්‍රතිවිපාක මෙලෙස ක්‍රියාත්මක වන බව පිළිගත යුතු කරුණකි.
සියල්ල කර්මය හරහා සිදු නොවන බැවින් අප විසින් භාවිත කරනු ලබන වතාවත්, උපක්‍රම භාවිතයෙන් බොහෝ අසුබ තත්ත්වයන් පහසුවෙන් මගහැර යෑමට හැකියාව පවතී. අකුසලය යටපත් කිරීමට හැකි හොඳම ධර්මය කුසලය ඉස්මතු කරවීමයි.
මෙලෙස ධනපති, නිර්ධන ආදී වර්ගීකරණයට ලක්වනුයේ අත රැඳෙන මුදල් ප්‍රමාණය සහ නෙක දේපළයන්ගේ සම්මිශ්‍රණයෙනි. තමාට ලැබෙන මුදල නිසි පරිදි කළමනාකරණයෙන් යුතුව වියදම් සිදු කරන්නේ නම් අත ඉතිරි මුදලක් පවත්වාගෙන යෑම අපහසු කරුණක් නොවේ. එය අනාගත ඉතිරියක් ලෙස ආයෝජනය කිරීමේ හැකියාවද පවතී. බොහෝ දෙනා පවසනුයේ කොතරම් මුදල් ප්‍රමාණයක් නිවසට රැගෙන පැමිණියත් කිසිදු ඉතිරියක් නොවන බවකි.



මෙවන් තත්ත්වයක් උද්ගත වීමේදී ආකාර දෙකකින් විග්‍රහ කළ හැකිය. අපගේ නොසැලකිල්ල සහ අනවශ්‍ය ලෙස මුදල් පරිහරණය ඉන් පළමුවැන්නයි. අප එදිනෙදා ජීවිතයේ වියදම් ලැයිස්තුවක් ලියා බැලුවහොත් එයින් ඉවත් කළ හැකි අංගයන් සොයා ගැනීම අපහසු නොවේ. විවෘතව සිතමින් අනවශ්‍ය වියදම් ඉවත් කර දැමීමත්, භාණ්ඩ මිලදී ගැනීමට පෙර අවශ්‍ය ද්‍රව්‍යයන් ලියාගෙන යෑමත්, දකින දකින අනවශ්‍ය ද්‍රව්‍ය මිලදී නොගැනීමත්, ලෝබකම නොව, පිරිමැස්ම ක්‍රියාත්මක කිරීමත් ඉතා උචිතය. ඊට අමතරව ආධ්‍යාත්මික ක්‍රමවේදයන් හරහා යෙදිය යුතු ප්‍රතිකාර යෙදීමත් ඉතා සුදුසුය. කතරගම දෙවිඳු, ධන ලක්ෂ්මි මෑණියන් වෙනුවෙන් වතාවත් ඉටු කිරීමත් ඉතා ගුණදායකය. මෙහිදී නිවස තුළ වාස්තු දෝෂ නොතිබිය යුතුය. භූමියේ දෝෂ නොවිය යුතුය. ප්‍රබල වූ යන්ත්‍රයක් මේ සමගම භාවිතයද ඉතා උචිතය.
මුදල් පසුම්බිය තුළ තබා ගන්නා යන්ත්‍ර පරිහරණය ඉතා පහසු අතර, මෙම බලය බිඳී යෑමද අවම බවක් පෙන්වයි.
කෙසේ නමුත් ඉන් වන ප්‍රතිඵල ඉතා විශිෂ්ටය. මුදල් පසුම්බියේ තැන්පත් කරන මෙකී යන්ත්‍රය නිරන්තරයෙන් මුදල් පසුම්බිය තුළ මුදල් රැඳවීමට සමත් වේ. වියදම්ද අවම කරයි. මෙලෙස මුදල් ඉතිරි වීමේ ක්‍රමවේදය ක්‍රියාත්මක වන විට බෝධි පූජා තැබිම අනිවාර්ය වේ. මෙමගින් මුදල් යෙදීමේ ක්‍රමවේදයන් කෙසේ හෝ නිර්මාණය වන අතර පංචමහා වෙළෙඳාම්වලට අයත් අසුබ වෙළෙඳාම්වලට යොමුවීම සුබ නොවේ. එසේ යම් මුදලක් උපයයිද එය කෙදිනක හෝ විනාශකාරී ලෙස හැසිරීම සිදුවනු ඇත. තවද වැයපස අයුතු කටයුතු සඳහා යොමු නොකිරීමටද වගබලා ගැනීම අනිවාර්ය වේ. දන්දීම ආදී පුණ්‍ය ක්‍රියා සඳහා යොමුවීම අයපස ඉහළ යෑමට හේතු වන කාරණයකි.
අද සමාජයේ බහුතරයක් දෙනා ඉහත ගැටලුවෙන් පීඩා විඳින බව නොරහසකි. ඒ සඳහා ක්‍රියා කරනු ලබන ආකාරයෙන් තව තවත් ආර්ථික දුෂ්කරතා ඇතිකර ගන්නවා විනා ඉන් මිදීමේ පැතිකඩ උදා නොවේ.
උත්සාහය, අලස නොවීම, දැඩි අධිෂ්ඨානය, වීර්යය, නිවැරදි තීරණ, ආර්ථික දියුණුවේ ‍පෝෂකයෝ වෙති. මේවා නිසි ආකාරව ඉටු කිරීමට උත්සාහ දැරුවද ඒවාට අනුගත නොවීම මෙන්ම අනුගත නොවීමට වන බාධාවන්ද නිරන්තර ක්‍රියාත්මක වන විට එය නැතිකර ගැනීම පිණිස ආධ්‍යාත්මික පැතිකඩයේ පිහිට පැතීම තුළින් ඉතා යහපත් ප්‍රතිඵල ලබාගත හැකිය. මුදල් හිඟවීම නිරන්තර ගැටලු නිර්මාණයට හේතුවන බැවින් ගැටලුකාරී තත්ත්වයන් අවම වීම මුදල මත ක්‍රියාත්මක වනු ඇත. නමුත් ජනතාවට ගැටලුවක් ලෙස පවතින ගැටලුව, ඉතිරි නොවීම පිළිබඳ ගැටලුවට සාධාරණ විසඳුමක් මෙමගින් ලැබෙන බව ප්‍රත්‍යක්ෂ වූ කරුණකි.
නෙරංජලා වික්‍රමසිංහ
උපුටා ගැනීම-http://www.rivira.lk

සන්ධි ඉදිමුමට සේර හොදයි

සේර යනු ආසියාතික රටවල වැඩෙන සිහින්, දිගු පත්‍ර සහිත බහුවාර්ෂික ශාකයකි. එහි නමට (lemongrass) අනුව ඒවා පැගිරි සුවද විහිදවයි. නමුත් එහි රස...