බර අඩු කර ගන්න Tips 6ක්
වයස අවුරුදු 30 කියන්නේ අපේ ජිවිත වල ඉතාම වැදගත් කඩයිමක් පසු කරන තැනක්. වයස අවුරුදු 30න් පස්සේ අපේ ශරීරයේ අතවශ්‍ය කාර්යයන් නිසි පරිදි ඉටු කරගෙන යාමට අවශ්‍ය හොර්මොන නිෂ්පාධනය ටිකෙන් ටික අඩු වෙන්න පටන් ගන්නවා. මෙන්න මේ නිසයි වයස අවුරුදු 30 කියන වයස ගැන අපි ගොඩක් සැලකිලිමත් වෙන්න අවශ්‍ය වෙන්නේ. හෝර්මෝන නිපදවීම අඩු වීමත් සමග වෙනදා මෙන් ශරීරයේ කායික ස්භාවයට සිදු කර ගත හැකි නොයෙකුත් වෙනස් කම්ද (බර අඩු කර ගැනීම , ඉදිරියට නෙරා ආ උදරය පෙර පැවති තත්වයට පත් කර ගැනීම ) සිදු කිරීමට අපහසු වෙනවා. නමුත් ඔබ බිය විය යුතු නෑ. වයස අවුරුදු 30 පසු කලත් සාර්ථක ලෙස බර අඩු කර ගත හැකි ක්‍රම කිහිපයක් පිලිබදව අද විශ්ම ලෝකයෙන් අපි ඔබව දැනුවත් කරන්නම්.
කෘතීම සීනි ආදේශක භාවිතයෙන් ඈත් වන්න
සිනි වෙනුවට භාවිතා කරන කෘතීම සීනි ආදේශක වර්ග වර්ග වල කැලරි අඩංගු වන්නේ නෑ. මේ නිසා බොහෝ දෙනා සිතන්නේ කෘතීම සීනි ආදේශක වර්ග සෞඛ්‍යට හිතකර බවයි. නමුත් සැබවින්ම කෘතීම සිනි ආදේශක මගින් අපේ පැණි රස කෑමට ඇති ආශාව තව තවත් වර්ධනය වීමක් සිදු වෙනවා. වෙලදපොලේ ඇති කැලරි රහිත ඇතැම් කෘතීම සීනි ආදේශක වර්ග සාමාන්‍ය සීනි වලට වඩා 300 සිට 600 ගුණයක් දක්වා පැණි රස බව මේ වන විට තහවුරු කර ගෙන තිබෙනවා. හාවර්ඩ් විශ්ව විද්‍යාලය මගින් සිදු කල පරීක්ෂණයකට අනුව අධික පැණි රසයෙන් යුක්ත දෙයක් අනුභව කිරීමේදී මොලය සිතන්නේ ශරීරයට විශාල කැලරි ප්‍රමාණයක් ලැබෙන බවයි. නමුත් කෘතීම සීනි ආදේශක තුල කැලරි අඩංගු නොවන නිසා මොලය විසින් එය ප්‍රතිපුරණය කර ගැනීමට ඔබව පෙළඹවීම සිදු කරනවා. එහි අවසාන ප්‍රතිපලය වන්නේ පසුව ඔබ කැලරි විශාල ප්‍රමාණයක් අඩංගු ආහාර වේලක් ගිල දැමීමයි.
නිතර ජලය පානය කරන්න
වයස අවුරුදු 30න් පසුව දිනය පුරා අවශ්‍ය තරමින් ජලය පානය කරන් නට සිත් තබා ගන්න. මෙමගින් ශරිරය විජලනයට පත් නොවී සජලව පැවතීමක් සිදු වෙනවා. ඒ වගේම ඔබට විශාල කුසගිනි දැනීමක්ද සිදු වන්නේ නෑ. ඒ වගේම සෑම ප්‍රධාන ආහාර වේලක් ගැනීමට මිනිත්තු 15 කට පමණ පෙර ජලය අවුන්ස 16ක් (විදුරු 2ක් පමණ ) පානය කිරීමට පුරුදු වෙන්න. මෙමගින් සිදු වන්නේ අපේ උදරයේ යම් කොටසක් ජලය මගින් පිරි යාම නිසා අනවශ්‍ය ලෙස විශාල ආහාර වේලක් ගැනීමෙන් අපව වැළකීමයි.
අමතර ප්‍රෝටීන අවශ්‍යයි
වයස 30න් පසු මිනිස් පරිවෘත්තිය ක්‍රියාවලියේ වේගවත් බව අඩාල වීමට පටන් ගන්නවා. නමුත් වෙනදාට වඩා වැඩි ප්‍රෝටීන ප්‍රමාණයක් ආහාරයට එක් කර ගැනීම මගින් මස් පිඩු වහරි යාමකින් තොරව සෞඛ්‍ය සම්පන්න ආකාරයකින් පවත්වා ගැනීමට හැකියාව තියෙනවා. ප්‍රෝටීන මගින් ශරීරයේ මේදය සෙමින් දහනය කරන අතර පරිවෘත්තිය ක්‍රියාවලියට නිසි ලෙස පවත්වා ගෙන යාමට අවශ්‍ය ශක්තිය ලබා දීමද සිදු කරනවා. මෙම නිසාවෙන් ඔබට දවස පුරා විශාල කුසගිනි දැනීමකින් තොරව ඉන්නට හැකියාව ලැබෙනවා. දැනටමත් ඔබ වයස 30 පසු කල අයෙක් නම් උදෑසන ආහාර වේල ලෙස ප්‍රෝටීන බහුල ආහාරයක් අනුභව කිරීමට සිතා ගන්න
කාඩියෝ ව්‍යායාම්
දවසට විනාඩි 30ක් කාඩියෝ ව්‍යායාම් සිදු කිරීම සදහා වෙන් කරන්න. මෙය ඔබ අත්‍යවශයෙන්ම කල යුතු දෙයක්. මෙය නොකරනවා නම් අප මෙම ලිපියේ කතා කල අනෙක් කිසිවක් සිදු කර වැඩක් වන්නේ නෑ. ව්‍යායාම් ලෙස දිවීම , කලබලකාරී ලෙස ඇවිදීම , බයිසිකල් පැදීම , පිහිනීම වැනි එකම ආයාසයකින් නොනවත්වා සිදු කරන ව්‍යායාම් ඉතාම සුදුසුයි
නින්දට පෙර ආහාර ගැනීම නවත්වන්න
නින්දට යාමට අඩුම තරමේ පැය 2කට හෝ 3 කට පෙර වත් රාත්‍රී ආහාර වේල ලබා ගැනීමට පුරුදු වන්න. එවිට නින්දට යාමට පෙර ඔබ ගිල දැමු ආහාර ජීර්ණය කර අවසන් කිරීමට ශරීරයට අවස්ථාව ලැබෙනවා. තවද නින්දේදී බඩ පුරවා දැමු ගතියක් හෝ ශරීරයට අපහසු ගතියක්ද ඔබට නොදැනෙනු ඇත. ඔබ වයස 30 පසු බර අඩු කර ගැනීමට උත්සාහ දරන කෙනෙක් නම් මෙම කොන්දේසියද හොදින් මතකයේ තබා ගන්න
උදෑසන ආහාර වේල අනිවාර්යයි
වයස අවුරුදු 30 පසු කල බොහෝ දෙනෙක් ඉතාම කාර්යබහුල ජිවිත ගත කරන්නන්. මෙම අධික කාර්යබහුලත්වය නිසා බොහෝ දින වල ඔවුන්ට උදෑසන ආහාර වේල මග හරිම සිදු වෙනවා. නමුත් ඔබට බර අඩු කර ගැනීමට අවශ්‍ය නම් උදෑසන ආහාර වේල නිසි ලෙස ගැනීම අතවශ්‍ය කාරණයක් වෙනවා. පය 8ක් පමණ රාත්‍රී නින්දකින් පසුව අප ගන්නා ප්‍රථම ආහාර වේල වෙන උදෑසන ආහාරය ගැනීම අතපසු වුවහොත් අප පෙර දා රාත්‍රියේ සිට ආහාර නොමැතිව සිටි පැය ගණන පැය 15 ක් පමණ වීමට පුළුවන්. මෙම අතපසු වීම සෑම දිනකම සිදු වීමේදී ශරීරය විසින් තමා සතු කැලරි ප්‍රමාණය සීමා සහිතව ශක්තිය නිපදවීම සදහා මුදා හැරීමට පුරුදු වෙනවා. මෙය කාලයක් තිස්සේ ශරීරය විසින් සිදු කල විට ඔබට අවශ්‍ය මොහොතේදී ව්‍යායාම් තබා කුමන දෙයක් සිදු කලත් බර අඩු කර ගැනීමට නොහැකි වෙනවා. එයට හේතුව ශරීරය විසින් මතුවට භාවිතය සදහා කැලරි ගබඩා කරගෙන සුළු වශයෙන් මුදා හැරීම නිසා අපිට අවශ්‍ය තරම් කැලරි දහනය කර ගැනීමට අවස්තාව නොලැබී යාමයි