බබාට අවශ්‍ය තරම් මව් කිරි නිපදවෙන විදිහට සුළු සුළු උපායන් අම්මලාට කරන්න පුළුවන්. ඒ මොනවාද කියා මෙම ලිපියෙන් දැනගන්න.
ගොඩක් අම්මලා බබාට මව් කිරි මදිද නැද්ද කියලා හුඟක් තැවෙනවා. එත් මේක මහා ලොකු ප්‍රශ්නයක් කර ගත යුතු නැහැ. බබාට අවශ්‍ය තරම් මව් කිරි නිපදවෙන විදිහට සුළු සුළු උපායන් අම්මලාට කරන්න පුළුවන්.
ගොඩක් අම්මලා බබාට මව් කිරි මදිද නැද්ද කියලා හුඟක් තැවෙනවා. එත් මේක මහා ලොකු ප්‍රශ්නයක් කර ගත යුතු නැහැ. බබාට අවශ්‍ය තරම් මව් කිරි නිපදවෙන විදිහට සුළු සුළු උපායන් අම්මලාට කරන්න පුළුවන්.
සත්‍යම කතාව නම් අම්මලාගෙන් ඉතාම පොඩි ප්‍රතිශතයකට විතරයි මව් කිරි නිපදවන්න බැරි වෙන්නේ. ආරම්භයේදීම නැති වුනත් ක්‍රමයෙන් ඔබේ ශරීරය මේ ක්‍රියාවලියට හැඩ ගැහෙන කොට ඔබට හිතේ හැටියට මව් කිරි දෙන්න පුළුවන් වෙනවා. එත් ඔබේ හිතට තවත් අස් වැසිල්ලක් ලබා ගන්න මේ ක්‍රම 10 ගැනත් සැලකිලිමත් වෙන්න.
- ඔබේ දරුවාට මව් කිරි දෙන වාර ගණන වැඩි කරන්න
දරුවා මව් කිරි බොන වාර ගණන වැඩි වෙන්න වැඩි වෙන්න අම්මට කිරි එරෙන ප්‍රමාණය වැඩි වෙනවා. මොකද දරුවා මව් කිරි බොන කොට අම්මගේ හෝමෝන උද්දීපනය වෙලා මව් කිරි නිෂ්පාදන ක්‍රියාවලිය වේගවත් කරනවා.
වෙනත් විදිහකට කියනවා නම් මව් කිරි දුන්නොත් දරුවට මව් කිරි වැඩියෙන් දෙන්න ලැබෙනවා.
- අතර මැද කාලයන් වල මව් කිරි දෙන්න නොහැකි වේලාවට, එරෙන කිරි අස්කළාට වරදක් නැහැ
නැතිනම් එය ශීතකරණයක ගබඩා කර තබන්නත් පුළුවන්. ඉන් ශරීරය නොනවත්වා කිරි නිපදවීමේ ක්‍රියාවලියට හුරු වෙනවා. - දෙතන සම්බාහනය කරන්න
දෙතන පිරිමැදීම, සම්බාහනය කිරීමෙනුත් මව් කිරි නිපදවීමේ ක්‍රියාවලියට හොඳ උත්තරයක් ලැබෙනවා. ඔබ නාන අවස්ථාවට හා දරුවට කිරි දෙන වෙලාවන්ටත් මේක කරන්න පුළුවන්. - සමබර ආහාර වේල්
දරුවෙකු බිහි කල පසු ඔබට හිතෙන පළමු දේ තමයි බර අඩු කරගන්නේ කොහොමද කියලා. නමුත් මව් කිරි දෙන විට ඔබ හරි ප්‍රමාණයක් පෝෂණයෙන් යුතු කෑම ගැනීම අත්‍යවශ්‍ය වෙනවා. කබෝහයිඩ්රේට්, ප්‍රෝටින්, මේද, විටමින් හා ඛණිජ ලවන අඩංගු ආහාර මේ අතර වීම අත්‍යවශ්‍යයි.
කිරි දෙන අම්මලා ආහාර පාලනය එතරම් සුදුසු නැහැ. ඉන් ඔබට නිපදවෙන කිරි ප්‍රමාණය අඩුවෙන්න පුළුවන්. ඔබට ඔබේ බර ගැන ශරීරයේ හැඩය ගැන ප්‍රශ්නයක් ඇත්නම් හිතුමතේ ආහාර පාලනයට නොගොස් ඔබේ වෛද්‍යවරයා හමුවන්න.
- අමතර පෝෂණීය පානයන් හෝ විටමින් වර්ග ලබා ගන්න
ඔබ දරුවාට කිරි දෙන විට අමතරව විටමින් වර්ග හා පෝෂණය ලබා ගැනීම වැදගත් වෙනවා. මේ ඔබ ලබාගත් මල්ටි විටමින් වර්ග හා ඔබ ගර්භණි කාලය තුළ ලබාගත් විටමින් වර්ග දිගටම ලබා ගැනීම කළ යුතුයි.
මව් කිරි වැඩියෙන් එරෙන්න oatmeal ගොඩක් හොඳයි
- විවේකය හා නිරවුල් මනසක්
පර්යේෂණ මගින් තහවුරු කර තිබෙන විදිහට මවට විවේකයක් හා නිරවුල් මනසක් තිබීම මව් කිරි නිෂ්පාදනය වැඩි කිරීම හා අඩු කිරිමට හේතු වෙනවා. ඒ නිසා පුළුවන් තරම් හොඳ නින්දක් ලබන්න. ඔබව පිඩාවට පත් කරන හේතුන් වලින් ඈත් වන්නත් උත්සහ කරන්න. - මධ්‍යසාර, කැෆේන් අඩංගු පාන සහ දුන් පානය
කිරි දෙන මවකට මේ කිසිවක් යෝග්‍ය වන්නේ නැහැ. ඔබ කන බොන හා ආග්‍රහණය කරන දේවල් ඔබේ දරුවාගේ මව් කිරි වලටත් එකතු වෙන බව මතක තබා ගන්න. - මව් කිරි දීම පිලිබඳ විශේෂඥයෙකු හට කතා කරන්න
ඔබ මව් කිරි එරීම වැඩි කරගන්න කල හැකි හැම උත්සාහයක්ම අරගෙන ප්‍රතිඵල රහිත නම් ඒ පිලිබඳ විශේෂඥ වෛද්‍ය වරයෙකුට මේ බව පවසන්න. එය ඔබට උදවුවක් විය හැකියි. - දිනපතා ඕට්මීල් (oatmeal) ආහාරයට ගන්න
ඕට්මීල් දිනපතා ආහාරයට එක්කර ගැනීමෙන් කිරි නිෂ්පාදනය වැඩි වෙන බව කියවෙනවා. මෙය විද්‍යාත්මකව සනාථ කර නැතත් International Board Certified Lactation consultant Kelly Bonyata ට අනුව බොහෝ මව් වරුන්ගෙන් මේ පිලිබඳ ඉතා සුභදායී ප්‍රතිඵල වාර්තා වෙලා තියෙනවා.
අපි හැමදාමත් කියන්නේ මව් කිරි දීම ආශ්චර්යමත් ක්‍රියාවලියක්. ඒ සුන්දර හැඟීම ඔබටත් දරුවාටත් තිලිණ කරමින් theAsianparent Sri Lanka අපි ඔබේ පැටියා වැඩෙන හැටි අසාවෙන්, ආදරයෙන් බලාගෙන ඉන්නවා.
theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.
පරිවර්තනය: නිසංසලා ලියනගේ
උපුටා ගැනීම-https://lk.theasianparent.com