පලා වර්ගයක් වන ගොටු කොළ
ලංකාවේ අපට ගොටුකොළ අමුතු දෙයක් නොවේ. ගොටුකොළ මැල්ලුම, ගොටුකොළ කැඳ අපේ ආහාර අතර ඉස්සර නම් මුල්තැන ගෙන තිබූ දෙයක්. දැන් දැන් නැවතත් අපේ ආහාර සංස්කෘතියේ, ජීවන රටාවේ ඇති වෙමින් පවතින වෙනසත් එක්ක ගොටුකොළවලට හොඳ ඉල්ලුමක් උදාවෙලා තියෙනවා. මේ නිසා ගොටුකොළ වල ඇති ගුණය ගැන අපි පොඩ්ඩක් කතා කළොත් හොඳයි කියලා හිතුණා.
අපේ රටේ පැරැන්නන් ගොටුකොළ හැඳින්වූයේ දීර්ඝායුෂ ලබාදෙන මොළය මතකය, නුවණ වඩවන සොබාවික දිව්‍ය ඖෂධයක් හැටියටයි. නමුත් ගොටුකොළවල ඇති විස්මිත ගුණ සමුදාය එපමණක්ම නොවේ. දීර්ඝායුෂ ලබාදීම ගැන ගොටුකොළවලට ඇත්තේ ඉතා පැරැණි වාර්තාවක්. දිනපතා ආහාරයට තමන් ගොටුකොළ අනිවාර්යයෙන්ම එක්කර ගත් නිසා අවුරුදු 256ක් ජීවත්වීමට හැකිවූ බවට චීනයේ ශාඛ විද්‍යාඥයකු හා ආගමික ගුරුවරයකු වන ලී සින්ග් යූඒන් සටහන් කර තිබෙනවා.
මතක ශක්තිය වැඩි කිරීමටත්, මොළයේ සෛල නැවත වර්ධනයටත්, ස්නායුක හා රැධිර සංසරණ ක්‍රියාවලිය යහපත්ව පවත්වා ගැනීමටත්, ආහාර ජීර්ණ ක්‍රියාවලිය ක්‍රමානුකූලව පවත්වාගෙන යාමටත්, ශරීරයේ තුවාල සුවවීමේ වේගය ඉහළ දැමීමටත් ගොටුකොළ සමත් බව සොයාගෙන තිබෙනවා.
නුවණ වර්ධනය කරගන්නත්, මතකය වැඩිකර ගන්නත් කියාපු බේත ගොටුකොළ බව නවීන පර්ෙය්ෂණ මගිනුත් සනාථවෙලා තියෙනවා. කිසිම අතුරු ආබාධයක් රහිතව මොළේ වැඩෙන්න කියාපු බේත ගොටුකොළ බව සනාථ කළ එක පර්ෙය්ෂණයකදී දිනපතා පිටිකළ ගොටුකොළ ග්‍රෑම් භාගයක් භාවිතයට ගත් දරුවන්ගේ මතක ශක්තිය දැනුම අවධානය ඒකාග්‍රතාව මාස 06න් ඉහළ ගිය බව සනාථ වෙලා තියෙනවා. ගොටුකොළ තුළ අඩංගු රසායන මගින් මොළයේ අර්ධ දෙක අතර කටයුතු සක්‍රීය කරන බවයි වාර්තා වී ඇත්තේ.
ගොටුකොළ භාවිතාව මගින් ස්නායු අග්‍ර හොඳින් වර්ධනය වන බවත් ඒ නිසාම ශරීරයේ පූර්ණ ක්‍රියාකාරීත්වය ඉහළ යන බවත් සනාථ වී හමාරයි. ඒ වාගේම අවපීඩනය හෙවත් විශාදය, කාංසාව, නින්ද නොයාම වගේ අද සමාජයේ බහුල රෝග රැසකට හොඳම බේත ගොටුකොළයි.
හොඳ රුධිර සැපයුමක් සිරැර පුරා පවත්වා ගන්නටත්, රුධිරයට පෝෂණය සැපයීමටත් ගොටුකොළ සමත්. මේ නිසා හොඳ අඛණ්ඩ ඔක්සිජන් සාන්ද්‍රනයක් සහ අත්‍යවශ්‍ය පෝෂණ සැපැයුමක් ශරීරයට ලැබෙන නිසාම ශරීරයේ තරුණ බව රැකදීමට එයට හැකියි.
ගොටුකොළ ගැන සඳහන් වෙන තවත් වාර්තාවකට අනුව එහි ඇති සුවකිරීමේ ගුණය දැන් තහවුරු වී තියෙනවා. ඒ අනුව ගොටුකොළ හෙපටයිටිස්, උදරයේ තුවාල, පාචනය, උණ. ඇදුම, අපස්මාරය, මානසික වෙහෙස නසන අතරම සිපිලිස් කියන සමාජ රෝගයටත්, සොරයිසිස් හෙවත් පොතු කබර සමේ රෝගය සුවකරන ආලේපයක් ලෙසත් ක්‍රියාකරනවා. ඒ හැර අමෙරිකාව හා යුරෝපය තුළ ගොටුකොළ වෙරිකෝස් හෙවත් නහර ගැට ගැසීමේ රෝගයට සාර්ථක ඖෂධයක් ලෙස භාවිත කෙරෙනවා. ගොටුකොළ තුවාල සුව කිරීමේ හැකියාවෙන්ද යුක්තයි. හන්දිපත් රුදාව නැති කිරීමටත් සමේ රෝග නැසීමටත් එයට හැකියි. අපිට පුරුදු මැල්ලුම්, කැඳ වුණාට වෙනත් රටවල ගොටුකළ පිටි, පෙති, තේ, සිරප් වගේම ක්‍රීම් බඳු ආලේපන හැටියටත් රෝග සුවකාරකයක් හැටියට භාවිත වෙන බව ඔබ දැන සිටියාද?
ගොටුකොළ ග්‍රෑම් 100ක් තුළ අඩංගු පෝෂණ ගුණය මෙන්න.
ශක්තිය කිලෝ කැලරි 3.7
ප්‍රෝටීන් ග්‍රෑම් 2.1
මේදය ග්‍රෑම් 0.5
පිෂ්ඨය ග්‍රෑම් 6.0
කැල්සියම් මිලිග්‍රෑම් 224
පොස්පරස් මිලිග්‍රෑම් 32
යකඩ මිලිග්‍රෑම් 68.8
විටමින් C මිලිග්‍රෑම් 6.8
ගොටුකොළ භාවිතයෙන් සුවකරගන්න පුළුවන් රෝග
ගොටුකොළ වර්ග කිහිපයක්ම හඳුනාගත හැකියි. විශාල ගොටු කොළ හෙවත් මහ ගොටුකොළ, හීන් ගොටුකොළ, වැල් ගොටුකොළ, පෝච්චි ගොටුකොළ ඒවා වර්ග කර දැක්විය හැකියි. මින් වඩාත් ගුණදායක වන්නේ හීන් ගොටුකොළය. මේ වර්ගයේ ගොටුකොළවල පත‍්‍ර හා නැටි හීනිය. එමෙන්ම වැල් සහිතය. ගොටුකොළ ශාකය අපේ ශරීරයේ හටගන්නා නොයෙකුත් රෝගාබාධ සඳහා විසඳුම් ලබාදෙයි.
ශරීරයේ සියලු රෝග නිවාරණයට ගොටු කොල මිටක යුෂ මිරිකා ගෙන එයට මී පැණි‚ හැන්දක් කලවම් කර සෑම උදසනකම පානය කරන්න.
එපමණක් නොව මේ හීන් ගොටුකොළ භාවිතා කරමින් අපේ ශරීරයේ හටගන්නා විවිධ ලෙඩ රෝග බොහෝ ප්‍රමාණයකට ප්‍රතිකාර කරන්න පුළුවන්. එවැනි ප්‍රතිකර්ම කිහිපයක් ගැනයි මේ ලිපියෙන් කියවෙන්නේ.
රක්ත පිත්තයට
ගොටුකොළ පත‍්‍ර හොඳින් කොටා යුෂ පානය කරන්න. මේ සඳහා ගොටුකොළ චූර්ණය ද සුදුසුයි.
ශුක්‍රාණු සම්බන්ධ ලෙඩ රෝග සඳහා
ගොටුකොළ චූර්ණයක් සේ සාදා එළගි තෙල් සමග උදේට ආහාරයට ගන්න.
මල බද්ධයට
ගොටුකොළ පත‍්‍ර, නැටි, මුල්, සූදුරු සමග කබලේ බැඳ වතුර ස්වල්පයක් සමග පානය කරන්න.
කුඩා දරුවන්ගේ ඇස් ආබාධ, රක්ත හීනතාවට, රුධිරය පිරිසුදු කර ගැනීමට, ස්නායු ශක්තිමත් වීමට
දරුවන්ට ඉඳුල් කට ගෑමෙන් පසු ගොටුකොළ කැඳ හෝ යුෂ ස්වල්පයක් පානය කිරීමට දීම හා මව හැකි තරම් ගොටුකොළ සම්බෝලය, කැඳ, තැම්බුම් හොඳි, යුෂ ආදිය ආහාරයට ගැනීම.
මනසින් හට ගන්නා රෝග නිවාරණයට හා මනස සැහැල්ලු වීම
ගොටුකොළ, මුගුණවැන්න කොහොඹ කොළ සමව ගෙන තැඹිලි වතුරෙන් අනා හිස කුඞ්ඩියක් සේ හිසට දමන්න. පැයකට පමණ පසු ස්නානය කරන්න.
පීනසට
ගොටුකොළ යුෂ, කිතුල් හකුරු හෝ කිතුල් පැ‚ ස්වල්පයක් සමග පානය කරන්න. ගොටුකොළ, ඉගුරු, සුදු ලුනු කොටා පොට්ටනියක් සේ සකස් කර නළල, ඛෙල්ල අවට තබන්න. හොටු දියර ගැලීම නතර වේ.
නිතර වැලදෙන සෙම්ප‍්‍රතිශ්‍යාවට
ගොටුකොළ මුල්, කරදමුංගු සමව ගෙන තම්බා පෙරා මී පැ‚ සමග පානය කරන්න.
දරුවන්ගේ බුද්ධි වර්ධයට හා මතක ශක්තිය වර්ධනයට
ගොටුකොළ යුෂ පානය කිරීම එසේත් නැත්නම් දිනපතා ආහාරයට ගොටුකොළ සම්බෝලය එකතු කර ගන්න. ගොටුකොළ කැඳ පානය කිරීම ද ඉතාමත් සුදුසුය.
යටි බඩ හිරවීමට, මුත‍්‍රා අඩස්සියට
ගොටුකොළ යුෂ, සුදු ලුණු, අමු ඉගුරු වණ්ඩුවේ තම්බා තවන්න.
මුහුණේ කුරුලෑ ඉවත් වී පැහැපත් වීමට
ගොටුකොළ, අමු කහ, මුං ඇට, සමව ගෙන හොඳින් අඹරා රෝස වතුර ස්වල්පයක් මී පැ‚ හා එඩරු තෙල් ස්වල්පයක් දමා අනා මුහුණේ ආලේප කරන්න.
හිස කෙස් සුදු වීම, හැලීම නතර කොට හිසකෙස් වර්ධනයට
ගොටුකොළ, දොඹ දලු, බුලත්, රතු ලුනු සමව ගෙන කොටා තල තෙල්, කළුදුරු, සැවැන්දරා මිශ‍්‍ර කොට මඳ පවනේ උතුරුවා ගන්න නිවුණාට පසු හිසේ ආලේප කරන්න.
පීනසට ගොටුකොළ එක්කර සාදන කසායක්
1. ගොටුකොළ කලං 6
රතුළූණු, ඉඟුරු පියළි, තිප්පිලි කලං 2 බැගින් තම්බා වතුර පත 8 එකට සිදුවා පත 1/2 බැගින් උදේ සවස බීමට හොඳයි.
2. ගොටුකොළ මුල් වේලා කුඩු කරගත් චූර්ණයට උණු වතුර කෝප්ප 1/2 ට දමා තේ හැඳි 1 බැගින් දිනකට 2 වරක් බොන්න.
රතුළූණු, ඉඟුරු පියළි, තිප්පිලි කලං 2 බැගින් තම්බා වතුර පත 8 එකට සිදුවා පත 1/2 බැගින් උදේ සවස බීමට හොඳයි.
2. ගොටුකොළ මුල් වේලා කුඩු කරගත් චූර්ණයට උණු වතුර කෝප්ප 1/2 ට දමා තේ හැඳි 1 බැගින් දිනකට 2 වරක් බොන්න.
ආහාරයට ගැනීමේදී
පොල්, අමු මිරිස්, රතුළූණු ආදිය දමා සකසා ගන්නා ගොටුකොළ සම්බෝලය ඉතාම රසවත් ආහාරයක්වේ. මෙහිදී රතුළූණු වැඩිපුර දමා සකසා ගන්නා ගොටුකොළ සම්බෝලය ඔබට ඇති පීනසයද මඟහරවා ගන්නට උදව් කරයි. කේශ වර්ධනයටද ඉවහල් වේ.සමහර අවස්ථාවලදී ගොටුකොළ ව්‍යංජනයද රසවත් ලෙස සකසා ගත හැකියි. නමුත් පිසීමේදී රත් වීමකට හසුවන නිසා තිබෙන විටමින් වර්ග දියවී යා හැකි නිසා වඩා පෝෂණීය ගුණයක් අමුවෙන් සැකසීමේදී ඔබට ලබා ගත හැකියි.
ඖෂධ සඳහා හොඳයි
ආයුර්වේදයේදී බෙහෙත් වලට උපයෝගී කරගන්නා ගොටුකොළවල සම්පූර්ණ ගසම යොදා ගනී. මේවා උපයෝගී කරගෙන සාදන බෙහෙත් වර්ග චර්ම රෝගවලට විශේෂයි. ඉන් සාදා ගන්නා තෛලය බ්‍රාහ්මී නම් වේ. එසේම හෘදය හා සම්බන්ධ රෝගවලදී මෙන්ම පීනස් රෝග වලදී සාදන ඖෂධ වට්ටෝරුවන්ට ගොටුකොළ භාවිතා කරයි. අර්ශස් රෝගවලට කසාය සෑදීමේදී ගොටුකොළ භාවිතා කරයි.
තරුණ බව රැකදෙයි
ගොටුකොළ යුෂවලට එළකිරි දමා බොන්නට දීමෙන් තරුණ බව රැක ගැනීමට හැකි බව සඳහන් වේ. මෙය ආයුර්වේදයේ රසායනීකරණය වශයෙන් කියයි. කුඩා ළමුන්ගේ කටහඬ මිහිරිවීමට ගොටුකොළ විකා ගිලීමට දෙයි. ශරීරයේ ඇතිවන පිඩකා (කුඩා ගෙඩි) වලට ගොටුකොළ යුෂ ගෑම සුදුසුයි.
පෝෂණ ගුණයෙන් පිරුණු ගොටුකොළ පහසුවෙන් වගා කරන විදිය
ගොටු කොළ පෝෂණ ගුණයෙන් සපිරුණු පළා වර්ගයක් ලෙස හා ගුණවත් ඔසුවක් විදියට හඳුන්වා දීමට පුළුවන්. ගොටුකොළ මුදලට මිලදී ගෙන ආහාරයට එක්‌කර ගන්නවාට වඩා ඔබගේ දෑතින් ඔබගේ නිවසේ සිටුවා පරිභෝජනය කිරීමට හැකිවන්නේ නම් එය ඔබගේ පසුම්බියට වාසියක් වනවා වගේම ඉහළ පෝෂණ ගුණයෙන් යුතු පළා වර්ගයක් පවුලේ සියලු දෙනාගේම ආහාරයට එක්‌කර ගන්නටද හැකියාව ලැබෙනවා.
බිම් සකස් කිරීම
සෙ.මි 25 පමණ ගැඹුරට පස පෙරලා කැට පොඩිකර සියුම් ලෙස බිම සකස් කර ගත යුතුයි. මෙහි දී කාබනික පොහොර යහමින් එක්‌කිරීම වඩා වැදගත් වෙයි. කාබනික පොහොර වශයෙන් ගොම පොහොර, කුකුළු පොහොර, හෝ කොම්පෝස්‌ට් පොහොර ඉතා සුදුසු ය.
දේශගුණික සාධක
ප්‍රදේශයේ දේශගුණික තත්ත්වයට අනුව හා භූමියේ පිහිටීම සලකා බලා උස් පාත්ති හෝ ගිල් වූ පාත්ති සකස් කර ගත යුතුයි.
පාත්ති සැකසීම
පාත්ති සැකසීමේදී පාත්තිවල පළල සෙ.මි 90 ක් පමණ යොදා ගත්විට නඩත්තු කටයුතු හා අස්‌වැන්න නෙලා ගැනීමට පහසු වෙයි. පාත්තිවල දිග භූමියේ පිහිටීම හා ජල සම්පාදන ක්‍රම මත යොදා ගැනීමට පුළුවන. ඒ වගේම නිවසේ භාවිත නොකරන බේසම්, ආදි තරමක ඉඩකඩ තිබෙන පෝච්චි ආදී බඳුන්වල වුවද වගා කළ හැකියි.
රෝපණ ද්‍රව්‍ය සකස් කිරීම
ගොටුකොළ වැල් වර්ග ධාවකවලින් කඩා තනි පැළ වශයෙන් වෙන්කර ගත හැකිය.
පඳුරු වර්ගවල පඳුරින් තනි පැළ ලෙස වෙන්කර ගන්න පුළුවන්.
පාත්තියේ සිටුවන පරතරය
පේළි හා පැළ අතර පරතරය සෙ.මි 20 x 20 පමණ විය යුතුය. එමෙන් ම ඔබ සිටුවීමට ගන්නා භාජනයේ ප්‍රමාණය සලකා බලා ඒ අනුව පරතරය තබා ගැනීම සිදුකරන්න. ඒ ජලය බැස යාම හොඳින් සිදුවිය යුතු බැවිනි.
තාවකාලික සෙවන සැපයීම
වියළි කාලයේ සිටුවන්නේ නම් පාත්ති මත පොල් අතු අතුරා සෙවන සැපයීමට පුළුවන්. රාත්‍රි කාලයේදී මෙම සෙවන ඉවත් කළ යුතුයි. දින 5 ක් පමණ මෙම සෙවන සැපයීම ප්‍රමාණවත් වෙයි.
ජලය සැපයීම
වර්ෂාව නොමැති විට දිනකට දෙවරක් ජලය සැපයීම කළ යුතුයි.
වල් පැළ නෙළීම අතින් කළ යුතුයි
රෝග
දිලීර – කොළ පුල්ලි රෝගය හටගනී
ප්‍රතිකාරය – සුදුසු දිලීර නාශකයක් යොදන්න.
කෘමි හානි – කොළ කන දළ දළඹුවා
මර්දනය – අතින් ඉවත් කළ හැකිය.
අස්‌වනු නෙළීම
පැළ සිටුවා වැඩුණු පසු සෙ.මි 2 පමණ ඉතිරි වන සේ කපා ඉවත් කළ යුතුයි. ඉන් පසු වගාව පාත්තිය පුරා පැතිර යයි. පළමු අස්‌වැන්න මාස 1 1/2 කින් ලබා ගත හැකි අතර දෙවැනි අස්‌වැන්න එතැන් සිට මාස 1- 1 1/2 කින් ලබා ගන්න පුළුවන්.
සැලකිය යුතුයි
ඔබ ඔබගේ පැළ නඩත්තු කිරීමේදී රසායනික පොහොර හා රසායනික කෘමි නාශක භාවිතය අවම කරන්න. කෘමි නාශක සඳහා ස්‌වභාවික ද්‍රව්‍ය පමණක් එක්‌කර ගෙන වගාව පාලනය කිරීම වැදගත් වෙනවා. මන්ද රසායනික ද්‍රව්‍ය නිතරම ශරීරගත වීම සුදුසු නොවන බැවිනි.