ස්වස්තිකයෙන් දියුණු වෙන්න පුළුවන්


ස්වස්තිකයෙන් දියුණු වෙන්න පුළුවන්




(අංක විද්‍යා සහ හස්ත‍ෙර්ඛා රජත විභූෂණ, ප්‍රවීන ජ්‍යොතිෂවේදී, වාස්තුවිද්‍යා විශාරද – ඉංදියා)
ස්වස්තිකය පිළිබඳ සාකච්ඡා කරනවිට අද සමහරුන්ගේ නොයෙක් මතිමතාන්තර නිසා නිවැරදි ස්වස්තිකය හඳුනාගැනීමට බොහෝ දෙනාට අපහසු වී ඇති බවක් පෙනේ. පසුගිය කාළය තුළ යම් යම් පුද්ගලයන් කිහිපදෙනෙකු නිවැරදි ස්වස්තිකය විනාශම් ලකුණ ලෙස අර්ථ දක්වමින් ලිපි ගණනාවක් ප්‍රසිද්ධ කළ බව දක්නට ලැබුණි. එයට මූල හේතුව කුමක්දැයි නොදනිමි. නමුත් ස්වස්තිකයෙහි ශක්ති ගලනය පිළිබඳ නිසි අවබෝධයක් නොමැතිකම යැයි සිතමි.
පළමුවෙන්ම ශක්තිගලන ස්වභාව පිළිබඳ අධ්‍යයනය කරනවිට සර්පිලාකාර ශක්ති ගලන ස්වභාවයක් විශ්වය තුළ ඇතිබව පෙනී යයි. එමනිසා සර්පිල හෝ හේලික්සීය හැඩයෙන්යුතු වස්තු සඳහා මූලිකත්වය ලැබෙයි. වෙනෙකක් නොව DNA පටයන් පවා ද්විත්ව හේලික්සීයව පවතින බව සියල්ලන්ම දන්නා කරුණකි. මෙයට අමතරව කුණ්ඩලීනී ශක්ති සංකේත සටහන අාදිය ද නිදසුන් ලෙස ගතහැක.



මේ සියල්ල සලකාබලනකල සුබ යැයි සම්මත විශේෂිත දෑ බොහොමයක් සකස්වී ඇත්තේ මධ්‍යයේ සිට දක්‍ෂිණාවෘතව බාහිරයට විහිදෙන ආකාරයට බව මනාව පැහැදිලි වේ.
කුණ්ඩලීනී ශක්ති සංකේත සටහන ද සර්පයන් දෙදෙනෙකු දක්‍ෂිණාවෘතව මූලධර චක්‍රයේ සිට හේලික්සීයව සහශ‍්‍රා චක‍්‍රය කරා දඟරගසමින් ඉහළ නගින ආකාරයක් දක්වයි.
මෙයට අමතරව රෙයිකි සුවකිරීම් වලදී භාවිතා කරන Dai-Co-Myo (ආත්මය සුව කිරීමේ) සංකේතය ද විදුලි ස්විචය ලෙස සැලකෙන (Cho-Ku-Rei) සංකේතයද මධ්‍යයේ සිට දක්‍ෂිණාවෘතව බාහිරයට විහිදීයන ස්වභාවය දක්වයි.
එසේනම් ස්වස්තිකය ද ඒ ආකාරයෙන් සලකා බලන කල සුබ සම්මත කුමක්ද යන්න ඔබට වටහා ගැනීමට අපහසු නොවනු ඇත. විශ්වශක්ති ගලනය අනුව බාහිරයට දක්‍ෂිණාවෘතව විහිදෙන ස්වස්තිකය ම නිවැරදි බව දැන් ඔබට වැටහෙනවා ඇත. එය විශ්ව ශක්ති ගලනයේ ස්වභාවයයි. විශ්ව ශක්ති ගලනයේ සංකේතයයි.
ස්වස්තික ශක්තිය – මෙම නිවැරදි ස්වස්තිකය මගින් ශක්තිය බෝවිස් ඒකක දස ලක්ෂයක් නිකුත්කරන අතර එය විශ්ව ශක්ති ගලනයට අනුගත නිසා ධන ශක්තියකි. වාමාවෘත ස්වස්තිකය මගින් ද එම ප්‍රමාණයේ ම ඍණ ශක්තියක් නිකුත්කරනු ලබයි. අද සමහරු නිවැරදි යැයි කෑමොර ගසන්නේ මේ ඍණ ශක්තීන් නිකුත්කරන වාමාවෘත ස්වස්තිකයයි.
ස්වස්තිකයක් මෙම ශක්ති ප‍්‍රමාණයක් නිකුත්කිරීමට නම් සිරස්ව හා තිරස්ව පිහිටිය යුතු අතර වාස්තු සහ භූ ශක්ති ගලනය අනුව අනුව සලකන කල උතුරට සහ දකුණට සමාන්තර විය යුතුය. ඉඩමක මෙන්ම නිවසේ අත්තිවාරමෙහි ශක්ති ගලනය ද ස්වස්තික ශක්ති ගලනය හා සම වන ස්වභාවයක් ඇති බව වාස්තු එදා සහ අද නම් කෘතියෙහි ගොඩනැගිලි ජීව විද්‍යා විශේෂඥ ක්වින්ටින් දේවනාරායන මහතා දක්වා ඇත.
මෙම ස්වස්තික ශක්තිය හිට්ලර් දැන සිටි අතර එනිසාම ඔහු එය තම ලාංඡනයක් ලෙස ඇඳුමෙහි සනිටුහන්කර ගත්තේ ය. නමුත් එය එය අංශක හතළිස්පහක ඇලවීම නිසා එහි පූර්ණ ශක්ති ගලනයක් සිදුවී නොමැත. එසේ ඇල වූ ස්වස්තිකයකින් නිකුත් කරනුයේ බෝවිස් ඒකක දහසක් පමණි.
යම් කෙනෙක් නිවැරදි ස්වස්තිකය ප්‍රතික්ෂේප කරන්නේ නම් ඔවුන් ගණ දෙවියන්ද ප්‍රතික්‍ෂේප කළයුතු වන්නේය. මන්දයත් ගණේෂ දෙවිඳුන්ගේ සංකේතයක් ලෙස භාවිත වන්නේ ද මේ නිවැරදි ස්වස්තිකයයි. අති ප්‍රබල ධනාත්මක සංකේතයක් වන ඕම් ත‍්‍රිශූල් සංකේතයේද මෙම ධන ස්වස්තිකය දක්වා ඇත.
අද්විතීය ජීව ශක්ති විද්‍යාඥයෙකු වන පිරා වාස්තු පිරා ශක්ති සහ වාස්තු පිරමිඩ යන්ත්‍ර නිර්මාපක සුවකිරීමේ පුරාණ ක‍්‍රමවේද උපදේශක මහාචාර්ය ජිතේන්භාත් මැතිඳුන් ඉහත දක්වනලද ධනාත්මක දක්‍ෂිණාවෘත ස්වස්තිකය යොදාගෙන ධනය වාසනාව සෞභාග්‍ය උදාකරන ධන ශක්ති නිකුත්කිරීමේ උපකරණ බොහොමයක් නිපදවා ඇත. මේවනවිට මේවා ශ්‍රී ලංකාව තුළ ද මිළදී ගතහැකි වෙයි. එයින් යහපත් ඵල උදාකරගත්, උදාකරගන්නා අය බොහෝය. එයින් ද දක්‍ෂිණාවෘත ස්වස්තිකය ඉතා නිවැරදි බව පැහැදිලි වනවා ඇත. අද විද්‍යාව දියුණුය එම නිසා මෙම උපකරණ වලින් නිකුත්කරන ශක්තිය විද්‍යාත්මකව මැන බැලිය හැකිය.
යම් කිසි කෙනෙක් මෙම ශක්තීන් පිළිබඳ විද්‍යාත්මක අධ්‍යයනයක් සිදු කරන්නේ නම් ඔහුට හෝ ඇයට නිසි අවබෝධය ලැබෙනු ඇත. එනිසා නොයෙක් මිත්‍යා මත පසුපස යමින් අනර්ථය උදාකර නොගන්නා ලෙසට සියල්ලන්ගෙන් ඉල්ලා සිටිමු.

සන්ධි ඉදිමුමට සේර හොදයි

සේර යනු ආසියාතික රටවල වැඩෙන සිහින්, දිගු පත්‍ර සහිත බහුවාර්ෂික ශාකයකි. එහි නමට (lemongrass) අනුව ඒවා පැගිරි සුවද විහිදවයි. නමුත් එහි රස...