ලස්සන වැඩි කරන තෙල් වර්ග 09 ක්


ලස්සන වැඩි කරන තෙල් වර්ග 09 ක්




රෝග වලට සුවදෙන ඖෂධීය තෙල් සත්කාර අද වන විට රුව වර්ධනය කිරීම සඳහාත් භාවිතා කරනවා.ඔබේ හිසේ සිට පාදාන්තය දක්වා ඇතිවන සුන්දරත්වයේ ගැටලු වලටත් මේ ඖෂධීය තෙල් වර්ග කදිම සත්කාරයක්.මේ සුන්දරත්වයේ ගැටලු විසදන තෙල් වර්ග 9 ක් පිලිබදව අපි අද දැනුවත් වෙමු
කේෂ වර්ධනී තෙල්
හිස කෙස් හොදින් වර්ධනය කර ගන්නට අවුන්ස වීදුරුවක් අරගෙන එයට කේශ වර්ධනී තෙල් දාල Double Boil ක්‍රමයට රත්කර හිස් කබලට වදින ආකාරයට ආලේප කරන්න.ස්නානය කිරීමට පැය 4 කට පෙර මෙම තෙල් ගල්වන්න.
අරූඩ තෙල්
අකලට හිස කෙස් ඉදීමත් ඔබේ සුන්දරත්වයට බාධාවක්. මේ නිසා ඔබට පහසු වේලාවක හිසට මේ තෙල් දමා හොදින් සම්බාහනය කරන්න.
කුමාරි තෙල්
හිස කෙස් වර්ධනයට හා අකලට කෙස් පැසීම පාලනයට කුමාරි තෙල් ස්වල්පයක් හිසේ ගල්වන්න. පිරිසුදු පොල් තෙල්, තල තෙල් සහ එඪරු තෙල් තද පැහැ ඝන කොණ්ඩයකට වඩාත් සුදුසු තෙල් සත්කාරයක්.
එඪරු තෙල්
සිහින්ව ඇති ඇහැබැම ඝනව වර්ධනය කර ගන්නට නම් එඪරු තෙල් ස්වල්පයක් ගෙන මෘදුව ආලේප කරන්න. ඇහිබැම සහ ඇහි පිහාටු දිගු හා ඝනව වර්ධනය කර ගන්නටත් එඪරු තෙල් කදිම සත්කාරයක්.


පොල් තෙල්
පිරිසුදු පොල් තෙල් මුහුණේ තැනින් තැන තිත් තබා මෘදුව සම්බාහනය කරන්න. මුහුණට පමණක් නොව මුළු සිරුරටද තෙතමනයක් ලබාදිය හැකි පොල් තෙල් වලින් මුහුණටද පැහැපත් බවක් ගෙන දෙනවා.
ඔබේ සම අධික වියළි ස්වභාවයක් ගනියි නම් සමේ තෙතමනය ආරක්ෂා කරගැනීමට පිටතින් පොල් තෙල් ආලේප කිරීමත් සමගම පිරිසුදු පොල් තෙල් ස්වල්පයක්ද පානය කළ හැකියි.
සම ඇතුළතින්ම ස්වාභාවික තෙතමනයක් ලබාදීමට පිරිසුදු පොල් තෙල් තේ හැදි 1/2 ක් පානය කරන්න. සමට පැහැපත් බවක් ලබා දෙන්නටත් මෙය කදිම සත්කාරයක්.
පිණ්ඩ තෙල්
පාදවල කොරල ඇතිව දෙපා වියළි බවක් ගනියි නම් පිණ්ඩ තෙල් දෙපා වල ආලේප කර තෙතමනය සහිත පැහැපත් බවක් ලබාගත හැකියි. අධික වියළි බවක් පවතියි නම් සතියට කිහිපවරක් මෙය දෙපාවල ආලේප කරන්න.
ටී ට්‍රී ඔයිල්
සමේ ඇති වන ආසාදන නිසා හට ගන්නා කුරුලෑ සහ ඇක්නිවලට Tea Tree Oil හොද සත්කාරයක්. කුඩා පුළුන් කැබැල්ලක් Tea Tree Oil වල පොගවා මෘදුව කුරුලෑ සහ ඇක්නි මත පමණක් ගල්වන්න. රාත්‍රීයේ මෙය ගල්වා නින්දට ගොස් පසුදින සෝදා හරින්න.
එළගි තෙල්
යටිපතුල් පැළීම ඉතාම වේදනාකාරී හා දෙපා වලට අවලස්සනක් ගෙන දෙන්නක්.
යටි පතුල් පැළීම පාලනයට ඖෂධීය එළගි තෙල් ස්වල්පයක් එම ස්ථානවල මෘදුව ගල්වන්න.
යටි පතුල් දැවිල්ල නම් එළගි තෙල්වලට නාමල් රේණු මිශ්‍රකර යටි පතුල්වල ගල්වා විනාඩි 30ක් පමණ හිද සෝදා හරින්න.
පෙපර්මින්ට් සහ ඔලිව් තෙල්
පෙපර්මින්ට් තෙල්වල ඇති සිසිලස නිසා ඔබේ සත්කාර වලට මින් බින්දු කිහිපයක් පමණක් එක් කර සිසිල් බවක් ලබා ගත හැකියි.Face Wash, ඔලිව් තෙල් වැනි ද්‍රව්‍යන්ටත් මෙම තෙල් බින්දුවක් මිශ්‍රකර නැවුම් සිසිලසක් ලබාගන්න

සන්ධි ඉදිමුමට සේර හොදයි

සේර යනු ආසියාතික රටවල වැඩෙන සිහින්, දිගු පත්‍ර සහිත බහුවාර්ෂික ශාකයකි. එහි නමට (lemongrass) අනුව ඒවා පැගිරි සුවද විහිදවයි. නමුත් එහි රස...