ඔබේ ව්‍යාපාරයේ දියුණුව පෙන්නන ඔබේ අතේ තිබෙන සූර්ය රේඛාව
බුධ මණ්ඩලයේ රේඛා මෙන්ම බුධ ඇ`ගිල්ල හෙවත් සුළ`ගිල්ල පහළින් වැටෙන රේඛා, සිකුරු මණ්ඩලයේ ඉහළට හරහට ගමන් කරන රේඛා හරහා කෙනකුගේ නිර්මාණශීලි බව පවසන්න පුළුවන්. ඒවගේම සිකුරුදාමය අතෙහි පැවතීම හරහා ඒ පුද්ගලයා තුළ යහපත් පරිකල්පන ශක්තියක් පවතින බව පෙන්නුම් කරනවා.
මෙම රූපයේ පෙන්නුම් කරන්නේ ලේඛිකාවකගේ අතක්. මෙම අතෙහි පවතින විශේෂත්වයක් වන්නේ නිර්මාණශීලි බව ඉහළින්ම පැවතීමයි. කළු පැහැරවුමෙන් පෙන්නුම් කරන්නේ සිකුරුදාමයක්. මෙම සිකුරුදාමය හරහා පෙන්නුම් කරනා කාරණා කිහිපයක් වනවා. විශේෂයෙන් තමන්ගේ පරිකල්පන ශක්තිය ඉහළින්ම පවතින බව පෙන්නුම් කරනවා.
ඇයගේ ස්වභාවය වන්නේ නිරන්තරයෙන්ම නව අදහස් හරහා නිර්මාණශීලි කටයුතු කිරීමයි. ඇයගේ මුල්ම රාජකාරි කටයුත්ත හරහා සිදුවූයේ නව ආරක කතන්දර මිනිසුන් හමුවේ තැබීමයි. එම නිර්මාණශීලි කාර්යය පිළිබ`ද මනා වැටහීමක් ඇයගේ අත පරීක්ෂා කිරීමේදී මැනවින් පිළිබිඹු කරනවා. මෙම සිකුරුදාමය පවතින පුද්ගලයන්ගේ ගැටලූ කිහිපයක්ද පවතිනවා. මොවුන් ඇතැම් අවස්ථාවලදී තමන්ගේ කටයුතු පිළිබ`ද වුවමනාවටත් වඩා සිතීමට යාමයි. එසේ සිතීමට ගොස් ආතතිමය තත්ත්වයන්ට පත්වීමටද පුළුවන්. මේ නිසා කල්පනාවෙන් තමන්ගේ කටයුතු සිතට වහල් නොවී කිරීමටද කල්පනාකාරී විය යුතු වනවා.
මේ අතෙහි පවතින දෙවන විශේෂ ලක්ෂණය වන්නේ ඉහළට නගින සූර්යය රේඛාවයි. මෙම සූර්යය රේඛාව චිත්ත රේඛාව මතින් මතුවී තිබෙනවා. මේ හරහා පෙන්නුම් කරන්නේ තමන්ගේ චින්තනමය ගුණයන් හරහා ඇතිකර ගන්න කීර්තියක් පිළිබ`දවයි. රතුපැහැ රවුමෙන් පෙන්නුම් කරන්නේ එම චිත්ත රේඛාවේ ඉහළට ගමන් කිරීමයි. මේ හරහා පන්නුම් කරන්නේ තමන්ගේ පම සිද්ධිය කාලයක් තිස්සේ සිදුකරගෙන යන කටයුතු හරහා ක‍්‍රමිකව කීර්තිය වර්ධනය වන බවයි. මෙසේ කීර්තිය වර්ධනය වීම ඉදිරි කාලයේදී වැඩිවනවා. ඒ බව පෙන්නුම් කරන්නේ සූර්ය රේඛාවේ පහළ කොටස තවමත් මතුවෙමින් පැවතීමයි. ඇයගේ උත්සාහය හරහා ඉදිරි කටයුතු දියුණු වනවා සේම තවත් නව නිර්මාණ සිදු කිරීමට හැකියාව ලැබෙනවා.
කීර්තිය සහ පරිකල්පන ශක්තිය හරහා පෙන්නුම් කරන්නේ තමන්ගේ මනසෙන් නව කටයුතු කිරීම හරහා ඉදිරි කටයුතු සාර්ථක කරගැනීමේ හැකියාව පවතින බවයි. ඔබේ අතෙත් මෙම රේඛා පවතී නම් ඔබට තමන්ගේම ව්‍යාපාරයකින් වුවද සාර්ථක වීමේ හැකියාව පවතිනවා. සිකුරුදාමයක් පැවතීම හරහා නව ගැටලූවලට පිළිතුරු සෙවීමේ හැකියාව පවතිනවා. එමෙන්ම පැහැදිලි සූර්ය රේඛාවක් පැවතීම හරහා තමන්ගේ කීර්තිය වර්ධනය වන බව පෙන්නුම් කරනවා. ඕනෑම සමාජ තලයකදී කැපී පෙනෙන ස්වභාවයක්ද පෙන්නුම් කරනවා.
උපුටා ගැනීම-http://www.rivira.lk/