ඔබේ ෆේස්බුක් ගිණුම රැකගන්න මේ කරුණු ගැන දැනගන්න ඕනේ



අද වන විට බැංකු ගිණුමකට වඩා ෆේස්බුක් ගිණුමක් නොමැති අයෙකු සොයා ගැනීම අපහසුව තිබේ. ඒ තරමටම ෆේස්බුක් අප සමාජය තුළ ව්‍යාප්තව ගොස් තිබේ. බැංකු ගිණුමක් අවභාවිතාවකට ලක්වුවහොත් බොහෝ විට ඔබට ඔබේ මුදල් අහිමි වී යා හැකිය. නමුත් ඔබට හිමි ෆේස්බුක් ගිණුම අවභාවිත වුවහොත් ඔබට ඔබේ පෞද්ගලික අනන්‍යතාව හා ප්‍රතිරූපය සම්පූර්ණයෙන්ම අහිමි වී යනු ඇත. එය මුදල් මෙන් නැවත උපයාගත නොහැකිය. ඒ අනුව ඔබට අහිමි වනුයේ සුළුපටු දෙයක් නොවේ.
පසුගිය කාලයේ මේ ආකාරයෙන් ෆේස්බුක් හරහා සිය ප්‍රතිරූපය විනාශ කරගත් බොහෝ අය වාර්තා විය. එමෙන්ම වංචාවන්ට ලක්වීම, පවුල් සංස්ථා බිඳවැටීම, ළමා අපයෝජන, මේ ආදී ආන්දෝලනාත්මක සිදුවීම් රැසක්ද ෆේස්බුක් සමාජ වෙබ් අඩවිය ඇසුරු කරගෙන සමාජයේ දැඩි කතාබහට ලක්විය.
මේ කිසිදු අයුතු ක්‍රියාවකට සමාජ වෙබ් අඩවියට චෝදනා කිරීමට හෝ දොස් නැගීමට නොහැක්කේ මේවා සිදුවන්නේ ෆේස්බුක් සමාගමේ හෝ මාර්ක් සකර්බර්ග්ගේ මැදිහත් වීමෙන් නොවන බැවිනි. එබැවින් මෙවැනි ක්‍රියාවන්ට ඍජුවම වගකිව යුත්තේ ෆේස්බුක් භාවිත කරන අපමය.
මේ අයුරින් අන්තර්ජාලය ඔස්සේ සිදුවන පීඩාකාරී සිදුවීම් වලින් ජනතාවට සිදුවන හානිය, ඔවුන්ගේ පෞද්ගලික ජීවිතවලට සිදුවන හානිය මැඬලීමට නිරතුරුවම කටයුතු කරන ආයතනයක් වන්නේ ජාතික සයිබර් ආරක්ෂණ මධ්‍යස්ථානයයි. (Sri lanka CERT) එහි ප්‍රධාන තොරතුරු ආරක්ෂක ඉංජිනේරු රොෂාන් චන්ද්‍රගුප්ත මහත්මා ‘අද’ වෙත සිය අදහස් මෙසේ දැක්වූවා.
‘ශ්‍රී ලංකා සර්ව් ආයතනය 2006 වසරේදී පිහිටුවන්නේ රාජ්‍ය ආයතනයන්ගේ වෙබ් අඩවිවල තොරතුරු ආරක්ෂණය අරමුණු කොට ගනිමින්. පසුව මෙරට වාර්තා වීමට ගත් අන්තර්ජාලය ඇසුරු කොටගත් සිද්ධීන්ට ප්‍රතිචාර දැක්වීමට CERT ආයතනය මැදිහත් වුණා. අප ආයතනයට වාර්තාවන සිදුවීම් වලින් බොහොමයක්ම ෆේස්බුක් සමාජ වෙබ් අඩවිය ඇසුරු කොටගත් සිදුවීම් ලෙසයි වාර්තා වන්නේ.
ෆේස්බුක් ගිණුම හැක්වීම, එසේත් නැතිනම් තමා සම්බන්ධ ඡායාරූප හෝ විඩියෝපට, හඬපට අන්තර්ජාලය වෙත මුදාහැරීමක් වැනි සිදුවීම් ඊට ඇතුළත් වෙනවා.
ආරක්ෂණ ක්‍රමවේදයක් ගැන කතා කරද්දී ෆේස්බුක් ගිණුමක් හදනකොට ශක්තිමත් මුරපදයක් යෙදීම, නැවත ලබාගැනීමේ විකල්ප යෙදීම (recovery Option) වැනි ක්‍රම‘වේද භාවිත කළොත් ගිණුම හැක්වීම වළක්වා ගන්නත්, හැක් කිරීමට ලක්වූ තම ෆේස්බුක් ගිණුම නැවත ලබාගැනීමේ හැකියාවත් පවතිනවා.
බොහෝදෙනෙක් මේ Recovery Option එක ගැන දන්නේ නැහැ. එමගින් ඔබේ මුරපදය අමතක වුණොත් එය ඔබේ විද්‍යුත් ලිපිනයට හෝ දුරකථන අංකයට කෙටි පණිවුඩයක් ලෙස ලබාගත හැකියි. විද්‍යුත් ලිපිනයේ ආරක්ෂාව සඳහාත් මේ ක්‍රමවේදයන්ම භාවිත කළ හැකියි. මේ වෙද්දී පෙරට වඩා තම ෆේස්බුක් ගිණුමේ ආරක්ෂාව වැඩිකර ගැනීමේ ක්‍රමවේද ඒ තුළ පවතිනවා.
එමෙන්ම යමෙකුගේ පෞද්ගලිකත්වයට හානිවන අයුරින් වීඩියෝවක් හෝ ඡායාරූපයක් අන්තර්ජාලය වෙත මුදාහැරුණොත් එය ඉවත් කිරීමට අවශ්‍ය කටයුතු අප ආයතනය මගින් සිදුකරනවා.
එමෙන්ම තමා භාවිත කරන දුරකථනයට නිරතුරුවම මුරපදයක් හෝ වෙනත් ආරක්ෂණ ක්‍රම‘වේදයක් යොදා තිබීම ඉතාමත් වැදගත්. මෙමරි චිපය දුරකථනයෙන් ගලවා තබා එය වෙනත් අයෙක් අතට පත්වුවහොත් එයින් පවා අහිතකර ප්‍රතිඵල ඇතිවීමට හැකියි. ජංගම දුරකථනය අලුත්වැඩියා කටයුත්තකට දෙනාවා නම් එහි මෙමරි කාඩ්පත් ඉවත් කරලා අනිවාර්යෙන්ම දුරකථනය ප්‍රතිස්ථාපනය කිරීම (Factory Data Reset) සිදුකරනවා නම් ඔබේ පෞද්ගලික කාරණාවන් පිටස්තර පාර්ශවයන් අතට පත්වීම වළකාගත හැකියි.
වැදගත්ම කරුණ වෙන්නේ යම් අතිශය පෞද්ගලික දෙයක් වීඩියෝ කරන්නට හෝ ඡායාරූපගත කරන්නට පෙර එය සිදුකරන පුද්ගලයා සිතා බැලිය යුතුයි මෙයින් එහි පෙනී සිටින්නන්ට හෝ තමාට යම් අවැඩක්, අපකීර්තියක් ඇතිවෙයිද කියලා. ද්වේෂ සහගත ලෙස එය කරනවා නම් සිතන්නට අවශ්‍යයයි එය සිදුකිරීමෙන් යමෙකු අපකීර්තියට ලක් කිරීමෙන් තමන්ට ලැබෙන දෙයක් තිබෙනවාද කියා. ඒ නිසා මිනිසාගේ යහපත වෙනුවෙන් මේ නිර්මාණය වුණ දේවල් නියමාකාරයෙන් භාවිත කරන්න අපි යහපත් ආකල්පමය වෙනසක් ඇතිකර ගැනීම අද අත්‍යවශ්‍ය වෙලා තිබෙනවා.
නදුන් ශ්‍යාමාල්

මේ වැරදි ඉරියව් නිසා සන්ධි රෝග ඔබටත් හැදෙන්න පුළුවන්



ටෙක්ලා පද්මිණී කාරියවසම්
විශේෂාංග
සන්ධි ආශ්‍රිතව වැළැඳෙන රෝගීතත්වයන් බොහෝමයකට හේතුවී ඇත්තේ වැරැදි ඇවැතුම් පැවැතුම් හා ආහාර විහරණයන්ය. නිවැරදි ඉරියව් භාවිතය හා නිවැරදි ආහාර පුරුදු රෝගී තත්වයෙන් මිදී ප්‍රීතිමත් දිවියක් ගෙවීමට උපකාරීවේ. බොහෝ සන්ධි ආශ්‍රිත රෝගී තත්ත්වයන් වයස අවුරුදු 35 -40 වන විට ඇතිවන අතර නොසලකා හැරීම හේතුවෙන් උත්සන්න වේ.
සන්ධි ආශ්‍රිත වේදනාවන් හා රෝගී තත්ත්වයන් වර්තමානයේ බහුලව දක්නට ලැබේ. කාන්තා පුරුෂ භේදයකින් තොරව අසන්නට ලැබේන පීඩාකාරී තත්වයන්හිදි බොහෝ දෙනා සිදු කරනුයේ වේදනාවන් සමනය කර ගැනීම සඳහා ආලේපන හෝ වේදනා නාශක භාවිත කිරීමයි‍.
වර්තමානයේ දක්නට ලැබෙන සන්ධි ආශ්‍රිත රෝගී තත්ත්වයන් අතර උරහිස් සන්ධි හා බෙල්ල අශ්‍රිත වේදනා, කොන්ද අශ්‍රිත වේදනා, විලුඹ හා දණහිස් සන්ධි ආශ්‍රීත තද බල වේදනා තත්ත්වයන් ප්‍රධාන වේ. මැණික් කටුව හා වළලුකර ආශ්‍රිත පොකුරු සන්ධිවල ඇති වන වේදනා අධික පීඩා කාරීවන අතර මේ කිසිදු වේදනාකාරි තත්ත්වයක් නොසලකා හැරිය නොහැක. එම තත්ත්වයන් නොසලකා හැරීමෙන් රෝගි තත්ත්වය උත්සන්න වී අධික වේදනාව, සිරුර පාලනය කර ගැනිමේ හා හැසිරවීමේ අපහසු තා ඇති වී පුද්ගලයා අසීරු තාවයට පත්වේ.
සන්ධි ආශ්‍රිතව වැළැඳෙන රෝගීතත්වයන් බොහෝමයකට හේතුවී ඇත්තේ වැරැදි ඇවැතුම් පැවැතුම් හා ආහාර විහරණයන්ය. නිවැරදි ඉරියව් භාවිතය හා නිවැරදි ආහාර පුරුදු රෝගීතත්වයෙන් මිදී ප්‍රීතිමත් දිවියක් ගෙවීමට උපකාරීවේ. බොහෝ සන්ධි ආශ්‍රිත රෝගී තත්ත්වයන් වයස අවුරුදු 35 -40 වන විට ඇතිවන අතර නොසලකා හැරීම හේතුවෙන් උත්සන්න වේ. වැඩි ප්‍රමාණයක් සන්ධි ආශ්‍රිත රෝගී තත්ත්වයන් පිළිබඳ පැමිණිලි කරන්නේ කාන්තාවන්ය. එයින්ද කාර්යාල සේවයෙහි යෙදෙන කාන්තා පුරුෂ දෙපිරිස ප්‍රධානය. ඒ හැරුණු විට එකම ඉරියව්වෙන් වැඩ කරන පිරිස් මෙන්ම අධිකව වෙහෙසෙන පිරිස් ද සන්ධි ආශ්‍රිත රෝගයන්ට ‍ගොදුරුවේ.
සන්ධියක් යනු අස්ථි දෙකකට වැඩි ප්‍රමාණයක් සම්බන්ධ වන තැනකි. චලනය වන සන්ධි මෙන්ම චලනය නොවන සන්ධි ද තිබේ. සිරුරේ ස්ථාවරත්වය ශක්තිය හා ක්‍රියාකාරකම් පහසුකර වීම සඳහා අස්ථි උපකාරීවන් අතර සිරුරේ බර දරා සිටීමේ ක්‍රියාවලිය අස්ථි මගින් සිදු කරනු ලබයි. චලනය වන අස්ථි කෙළවර තරුණාස්ති නම් මෘදු පටකයක් පවති. ඒහා බැඳි ඇති ලසිකා මගින් අස්ථිය ලිස්සා යෑම සිදු කරවයි.
ආයුර්වේ ද වෛද්‍ය ක්‍රමයට අනුව පුද්ගලයෙකු රෝගී වීම කෙරෙහිබලපෑම් කරන්නේ වා – පිත්- සෙම් යන ත්‍රිත්වයයි. මින්ස් සිරුරේ ප්‍රකෘතිය නිසි ලෙස පවතිද්දී මිනිසා නීරෝගි වේ. මේ ත්‍රිත්වය සමතුලිත නොවීම හේතුවෙන් රෝගී වේ. සන්ධි රෝග බොහෝමයක් ප්‍රදාහයන් හෝ දීරායෑම් වේ. මේ අවස්ථාවන්න් හිදී රතුවීම, ඉදිමුම හා වේදනාව ඇතිවේ. උණ ආදී රෝග ලක්ෂණ පහළ වේ.
ආයුර්වේදයේ මුලික වශයෙන් සන්ධි රෝග අවස්ථා පහක් හඳුන්වා දී ඇත. ඒ අතර ආමවාත සන්ධි ශ්‍රෝතය, ගම්භීර වාත රක්ත සන්ධි ශ්‍රෝතය, මන්සස්ථාම්භය ( බෙල්ල ආශ්‍රිත),අවභාහුක උර කැටිගැසීම්, ගුඩරසී හෙවත් සයිටිකා , කෝෂ්ඨක ශීර්ෂය(දණහිස් නරි හිසක් මෙන් ඉදිරියට නෙරා ඒම)
ආමවාත සන්ධි ශ්‍රෝතය ඇති වීමට ප්‍රබල ලෙස බල පෑම් කරනුයේ දිගින් දිගට විරුද්ධ ආහාර ගැනීම, අග්නි මාන්දය හෙවත් බඩගින්න අඩු බවයි. විරුද්ධ ආහාර නිරතුරුව ගැනීම හේතුවෙන් මිනිසාගේ සිරුරේ ආහාර ජීර්ණයේ දි ඇතිවන විෂ සහිත පදාර්ථ රුධිරයට මුසු වී පුද්ගලයා රෝගී කරවයි. අග්නි මාන්දය හේතුවෙන් නොදිරවු ආමරසය රක්ත රස මාංශ ආදී වූ සප්තධාතු ගතවී ශරීර ගතවීමෙන් වාත කෝපවේ. මේ කෝපවූ වාතය සන්ධි ආශ්‍රිතකර ගෙන රෝග ඇති කරවයි. ඇඟ බරගතිය, පපුවේ බර ගතිය, උණ ඇති කරවයි. බාල කාලයේ සිට ආමවාතය ඇති වේ. ආමවාතයේ දී කෝපවු වාතය තදබල ලෙස හානි කරනු ලබන්නේ හෘදයේ කපාට වෙතය. වෛද්‍ය ක්‍රමයේ හෘත් කපාට සන්ධි සේ ගැනේ. එක වර නොදැණුන ද දිගු කාලිනව ආම වාතයේ බලපෑම් ඇති විමෙන් හෘදය පිඩාවට පත්වේ.
ආම රසය ත්‍රිදෝෂ ගතවීමෙන් ඇතිවන රෝගී තත්වයන් සමනයට දක්ෂ ආයුර්වේ ද වෛද්‍ය ‍වරයෙකු වෙත ගොස් ඖෂධ ගැනීම වැදගත්ය. යම් ලෙසකින් කුසගින්න නොදැනීම හෝ කුසගිනි අඩු බවක් දැනේ නම් සරල ප්‍රතිකාර ලෙස වෛද්‍ය උපදෙස් මත බඩ විරේකයක් කර ගැනීම, තැම්බුම් හොදී පානය හෝ තැම්බුම් හොද්ද සමග බත් ආහාර ලෙස ගැනීම , ලුණු කැඳ හෝ කැකුලු බතින් පෙරාගත් කැඳ ස්වල්පයක් පානය කිරීම, උණු වතුර පානය යෝග්‍ය වේ. ඉන් කුසගින්න වැඩේ. ආහාර රුචිය ද වර්ධනය වේ. ඉන් ආහාර ජීර්ණ ක්‍රියාවලිය නිසි ලෙස පවත්වා ගත හැකිය.
වාතරක්ත තත්ත්වය ඇති විම සඳහා බලපෑම් කරන්නේ බොහෝ වේලා ඉඳගෙන සිටීම, නිතර යානවාහන පැදවීම, උෂ්ණ, තීක්ෂණ, ඇඹුල් , ලුණු, තෙල් අධික ආහාර ගැනිම හේතුවන් සිදු විය හැකිය. මෙහි දී වාතය හා කඵ හා රක්තය කෝපවේ. වාතය කෝපවී දූෂණය වූ රක්තය සමඟ එක්වූ විට විශේෂයෙන් පාද කරා ගමන් කර අස්ථි හා ස්නායු ඛණ්ඩරා හා සන්ධි පීඩාවට පත් කරයි. ක්‍රමයෙන් වේදනාව හා රෝගී තත්ත්වය ශරීරය පුරා පැතිර යයි. කල් යෑමේදී රෝගය සන්ධි කෙරෙහි බලපෑම් කරයි. රෝග තත්ත්වය වසර තිහෙන් පසු ඇතිවේ.
කෝෂ්ටක ශීර්ෂ රෝගී තත්ත්වය ඉතා පීඩාකාරීය. මේ හිදි දණහිස සන්ධිය නරියෙකුගේ හිසක් මෙන් ඉදිරියට නෙරා ඒ. මෙය නොසලකා හැරීමෙන් අස්ථි ලියලා වැඩී වේදනාව ඇති කරවයි. අජීර්ණය ආම වාතය හා ගම්භීර වාත රක්ත රෝගී තත්ත්වයන් නොසලකා හැරීමෙන් මෙ තත්ත්වය ඇතිවීමේ ඉඩ කඩ වැඩිය.
අවබාහුක සන්ධි ප්‍රදාහය ඇතිවන්නේ උරහිස් සන්ධිය ආශ්‍රිතවය. වැටිම්, තැලීම්, ඇදීම බස්රථවල එල්ලී ඒ – මේ අත පැද්දෙමින් යෑම, කාර්යාල සේවයේ දි උරහිස් එක් ලෙසම පවත්වාගෙන යෑම පරිගණක භාවිතයේ දී වැරැදි ඉරියව් හා නුසුදුසු ආසන භාවිතය මේයට හේතුවේ. පළමුව අතේ ක්‍රියා කාරීත්ව අපහසු වේ. අධික වේදනාව හා ඉදිමුම රෝගය හඟවයි. නිසි ලෙස ප්‍රතිකාර නොකිරීමෙන් රෝගය උත්සන්න වේ. වෛද්‍ය උපදෙස් මත ප්‍රතිකාර ගතයුතු අතර වෙහෙසකර හි පීඩාකරී තත්ත්වයන්ගෙන් ඈත්ව සිටිම වැදගත්ය.
ගුඩ්රසී(siteca) මෙහිදී කෙඳු ඇට පෙළ 5හි 6 කශේරුකා පීඩාවට පත්වීමෙන් රෝගී තත්ත්වය ඇතිවේ. වැටීම, තැලීම, කශේරුකා තෙරපීම, මගින් ගුඩ්රශි ස්නායුව පීඩාවට පත්වීමෙන් මේ තත්ත්වය ඇති වේ. කොන්දේ කැක්කුම , ඇවිදගෙන යද්දී වරන්වර නැවැතීමට සිදු වීම හෝ වේදනාව වැඩි වීම සිදුවේ. මෙහිදී නිවැරදි ඖෂධ මෙන්ම සුදුසු වෛද්‍යවරයෙකු ලවා ප්‍රතිකාර ගැනීම වඩාත්ම යෝග්‍ය වේ.
සන්ධි හා අස්ථි දිරාපත්විම හා කාටිලේජ වෙළීයාම හෝ සිඳියෑම හේතුවෙන් ද සන්ධි වේදනා ඇතිවේ. දේශීය වෛද්‍ය ක්‍රමයේ දී අස්ථි දිරායෑම වැලැක්විය හැකි ඖෂධ තිබේ. එම ඖෂධ මගින් ආහාරවල අන්තර ගත පෝෂ්‍ය කොටස් ශරීරයට හොඳින් උරා ගනිමින් අස්ථි ශක්තිමත් කරවයි. එමන්ම කාටිලේජ වර්ධනයට ද දේශීය හෝ පාරම්පරික වෛද්‍යවරයෙකුගෙන් ඖෂධ ලබා ගැනීමෙන් කරගත හැකි ය . වෛද්‍ය උපදෙස් මත නියමිත මාත්‍රාවට අනුව ඖෂධ හා සුදුසු ආහාර විහරණ පවත්වාගෙන යෑම වැදත්වේ. ව්‍යායාම එකතැන සිටගෙන නොසිටීම කැලිසියම් අඩංගු ආහාර පලා අහාර වේලට නිතර එක්කර ගැනීම, ස්වභාවික ආහාර පානවලට යොමු වීම වැදගත්ය. රෝග ලක්ෂණ පහළ වෙද්දීම වෛද්‍ය උපදෙස් පැතීමේන් බොහෝ පීඩා අවම කර ගත හැකිවේ. පෝෂදායී ආහාර වේලක් ලබා ගැනීම මෙන්ම විවිධ රසයෙන් යුතු ආහාර භාවිතය නීරෝගී දිවියක් පවත්වා ගැනීමට උපකාරී වේ.
උපුටා ගැනීම-http://www.silumina.lk

වට්ස්අැප්, මැසෙන්ජර්, ෆේස්බුක්,වයිබර් භාවිතා කරන කාන්තාවන් මේ අයගෙන් පරිස්සම් වෙන්න



අපරාධකරුවන් මෙන්ම වංචාකරුවන් මිනිසුන් ඉලක්ක කර සිය අපරාධ දැල එළන්නේ විවිධාකාර උපක්‍රම සහ ක්‍රමවේදයන් අනුගමනය කරමිනි. විශේෂයෙන්ම තවකෙකුගේ කිසියම් දුර්වලතාවක් කෙසේ හෝ දැන හඳුනාගන්නා මේ අපරාධකරුවන් දුර්වලම ස්ථානය බලා සිය කුරුමානම අල්ලයි. අප සිතන්නේ අප අවට පරිසරයේ සිටින මෙවැනි වංචාකරුවන්ගෙන් ගැලවීම ගැන පමණකි. එහෙත් මේ රැවටීම අප අවට නොව නොදන්නා දේශයක සිට පැමිණිය හැකි බවට රැවටෙන්නන් වටහා නොගන්නේ මන්දැයි ගැටලුවකි.
වර්තමානය වනවිට අන්තර්ජාලය ඔස්සේ සිදුවන වංචාවන්වල ප්‍රමුඛස්ථානයක් හිමිවන්නේ මුහුණු පොත ආශ්‍රිතව සිදුවන රැවටීම් සම්බන්ධයෙනි. නොදන්නා මිත්‍රයන්ගේ ඇසුරට පත්වන අපේ රටේ ඇතැම් පිරිස් තමන් වංචාවකට හසුවූ බව තේරුම් යන විට තමුන් ජීවිත කාලය පුරා හරි හම්බ කර ඉතිරි කරගත් සියල්ල වංචාකරුවන් වෙත පූජා කර අවසන්ය.
විශේෂයෙන්ම අද වනවිට අපේ රට තුළ අන්තර්ජාල වංචාවන් අතර කප්පිත්තන් බවට පත්වී සිටින්නේ නයිජීරියානු ජාතිකයන්ය. මොවුන් විසින් රැවටීමට ලක්කිරීමෙන් මේ වනවිට ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසක් රුපියල් කෝටි ගණනක මුදල් අහිමි කරගෙන ඇති බව ඔබ දන්නෙහි ද? නයිජීරියන් ජාතිකයන් මෙම ජාවාරමෙන් කොතෙක් දුරට අප රට ගිලගෙන ඇත්දැයි තවමත් පොදු මහජනයා අතර කතාබහක් ඇති වී නැත්තේ මේ සම්බන්ධයෙන් වන තොරතුරු නිසියාකාරව හුවමාරු නොවීම හේතුවෙනි. එපමණක් ද නොව අද මේ රැවටෙන්නේ දැන උගත් බුද්ධිමත් කොට්ඨාසයක් වීම මෙහි ඛේදනීයම සිදුවීමයි. සමාජයේ ඉහළම ස්ථරයේ වැජඹෙන පුද්ගලයන් සිය ඉලක්කය කරගෙන ඇති මේ නයිජීරියානුවන් සිය මෙහෙයුම දියත් කර ඇත්තේ ඉතාමත් සූක්ෂම ආකාරයෙනි.
ත්‍යාගයක් ලැබීමට ඇතැයි සඳහන් කරමින් හෝ ලොතරැයි දිනුමක් ඇදී ඇති බව හෝ සඳහන් කරමින් අන්තර්ජාලය ඔස්සේ චැට් කිරීම තුළින් ආරම්භ වන මෙම වංචාවේ මූලික ඉලක්කගත කොට්ඨාසය වන්නේ අප සමාජයේ ඉංග්‍රීසි කතා කරන පුද්ගලයන්ය. එපමණක් ද නොව විවාහ කරගන්නා බවට පොරොන්දු දී අහිංසක කාන්තාවන්ගේ හැඟීම් සමඟ සෙල්ලම් කර අවසානයේ ඔවුන් සතු මිල මුදල් මෙන්ම ගෞරවය ද මොවුන් විසින් උදුරා ගැනීම ඉතාමත් දුක්ඛිත තත්ත්වයක් වී තිබේ.
විශේෂයෙන් කාන්තාවන් සහ නිවෙස්වලට වී සිටින ගෘහිණියන් මොවුන්ගේ ප්‍රධානතම ඉලක්කයයි. සිත් ඇද බැඳ ගන්නා ආකාරයට අන්තර්ජාල සමාජ මාධ්‍ය මෙවලම් වූ ‘වට්ස්අැප්’, ‘මැසෙන්ජර්’, ‘ෆේස්බුක්’, ‘වයිබර්’ සහ ‘ඉමෝ’ තාක්ෂණය ඔස්සේ මෙම වංචාකරුවන් පෙනී සිටින්නේ වෛද්‍යවරුන්, ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයන්, ඇමෙරිකානු යුද හමුදා නිලධාරීන් වැනි සමාජයේ ඉහළ පැලැන්තියේ පුද්ගලයන් ලෙසිනි. ධනවත් සමාජය ධනවත් ආකාරයෙන් රැවටීම නොඑසේ නම් “ඉංග්‍රීසියෙන් මංකොල්ලකෑම” මේ නයිජීරියානුවන්ගේ ක්‍රියාදාමය ලෙසින් සැලකිය හැකියි.
අද වනවිට මේ වංචාකාර නයිජීරියානුවෝ අප රටේ ඉහළ පෙළේ වෛද්‍යවරුන්, නීතිඥවරුන්, ගුරුවරුන්, ව්‍යාපාරික කාන්තාවන් මෙන්ම මාධ්‍යවේදීන් ද එසේම, පාසල් දරුවන් ද රැවටීමට ලක්කර රුපියල් කෝටි ගණනක මුදල් වංචා කර ඇති බවට රහස් පොලිසිය සඳහන් කරයි. ලැබී ඇති පැමිණිලිවලට අනුව මෙතෙක් වංචා කර ඇති මුදල කොපමණ දැයි තවමත් ගණනය කළ නොහැකි මට්ටමක පවතින බව ද පොලිසිය පවසන කරුණකි. 
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරනු ලබන විමර්ශනවලට අදාළව මේ වනවිට නයිජීරියන් ජාතිකයන් දෙසීයකට ආසන්න ප්‍රමාණයක් සම්බන්ධයෙන් නඩු කටයුතු ආරම්භ කර ඇතැයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන අංශය සහ පරිගණක අපරාධ විමර්ශන අංශය විසින් මෙම සිද්ධීන් සම්බන්ධයෙන් මේ වනවිට නයිජීරියානු ජාතිකයන් 42 දෙනකු සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබ තිබේ. එසේම, එම සැකකරුවන් සම්බන්ධයෙන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ සහ දිවයිනේ විවිධ ප්‍රදේශවල අධිකරණවල මේ වනවිට නඩු 70ක් පමණ විභාගවෙමින් ඇති බව ද රහස් පොලිසිය සඳහන් කරයි.
මිනිස් හැඟීම් සමඟ සෙල්ලම් කරමින් ආරම්භ කරන මෙම ජාවාරමට නයිජීරියානුවන් වැඩියෙන්ම ග්‍රහණය කර ගන්නේ කාන්තාවන්ය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක විමර්ශන අංශයට ලැබෙන පැමිණිලිවලට අනුව එය තහවුරු වන්නකි. මේ එම අංශය වෙත වාර්තා වූ එක්තරා පැමිණිල්ලකි. මෙහි මවිසින් සඳහන් කරනු ලබන නම් ගම් සියල්ල මන:කල්පිත ඒවායි. එබැවින් මම, ඇය උත්පලා ලෙසින් හඳුන්වමි. හතළිස් වියේ පසුවූ ඇය නීතිඥවරියකි.
එක්තරා දිනෙක ඇය අන්තර්ජාල මිතුරු ඇරයුමකට අනුව යම් පුද්ගලයකු හඳුනා ගන්නීය. තවමත් තනිකඩ ජීවිතයක් ගත කරන ඇයට මේ මිතුරා පවසන්නේ තමන් නෞකාවක රාජකාරියේ යෙදී සිටින කපිතාන් කෙනකු බවය. දිනකට දෙතුන් වතාවක් අන්තර්ජාලය ඔස්සේ මොවුන් දෙදෙනා දොඩමලු වන්නේ “චැට්” කිරීමෙනි. එකිනෙකාගේ අදහස් හුවමාරු කරගත්ත ද එහා කෙළවරේ හිඳින්නේ කවුරුන්දැයි උත්පලා සියැසින් දැක නැත. 
“අනේ මට ඔයාගේ ෆොටෝ එකක් එවන්නකෝ…”
උත්පලාගේ ඉල්ලීමට ඔහු ප්‍රතික්‍රියා දක්වමින් නැවක කපිතාන්වරයකුගේ ඡායාරූපයක් ඇය වෙත එවනු ලබන්නේය. දෙදෙනා සජීවීව දැක නැතත් අන්තර්ජාලය මගින් කතාබස් කර හඬ හඳුනාගෙන තිබිණි. කාලය ඉගිල ගියේ දෙදෙනා පෙම්වතුන් බවට පත්කරමිනි.
“මට ඔයාව අපේ රටට ගෙන්න ගන්න ඕන. ඊට පස්සේ අපි මැරි කරමු.”
ඔහුගේ යෝජනාවට උත්පලා එකහෙළා කැමැති වූවාය.
“ඔයාගේ පාස්පෝට් එකේ කොපි එකයි බෑන්ක් එකවුන්ට් එකේ කොපි එකකුයි එවන්න ඉක්මනට.”
උත්පලා වහා ක්‍රියාත්මක වූවාය.
“මාර වැඩේ. ඔයාව ගෙන්න ගන්න කලින් මම ලංකාවට ඇවිත් ඔයාව මැරි කරලා මෙහාට අරගෙන එන්නම්.” එක් දිනක් ඔහු කීවේය.
“ඉතිං මම මොකද කරන්න ඕන?”
“මට ලංකාවට එන්න වියදම් වගයක් යනවා. ඒක කරන්න ඕන ඔහේදී. ඔයාට පුළුවන් ද මට ඒ සල්ලි ටික බෑන්ක් කරන්න. මම ඇවිත් ඔයාට දෙන්නම්.”
ආදරේ නාමයෙන් ඔහුගේ කීම පිට උත්පලා රුපියල් ලක්ෂ 35ක මුදලක් ඔහු වෙත පුද කරන්නේ අත කනකර බැංකුවේ උකස් කරමිනි. මුදල් බැංකුගත කිරීමෙන් පසු සතියකින් පමණ ප්‍රේමවන්තයාගේ සියලු සබඳතා අක්‍රිය වීම තුළ මාස තුනක ප්‍රේම සම්බන්ධතාව අවසන් වී තම සිහින මාලිගාව බිමට පතිත වූ බව උත්පලාට වැටහිණි.
“ඇයි තමුන් මෙහෙම රැවටීමකට ලක්වුණේ නොදන්න නොදැක්ක කෙනකුට?” උත්තපලා පැමිණිල්ල ඉදිරිපත් කරන අවස්ථාවේදී රහස් පොලිසිය ඇයගෙන් එසේ විමසා තිබිණ.
“මට ලංකාවේ මිනිස්සු ගැන කිසිම විශ්වාසයක් තිබුණේ නැහැ. මම හිතුවා විදේශිකයෙක් නිසා ඒ විශ්වාසය ඇතිවෙයි කියලා. ඒ ගැන හිතලයි මම කැමැති වුණේ. මම කිසිම දවසක ඔහුත් එක්ක වීඩියෝ චැට් එකක් කරලා තිබුණේ නැහැ. ඒත් මගේ හිතේ විශ්වාසය ඇතිවන විදිහට ඔහු කටයුතු කළා. අන්තිමට එයාව ලංකාවට ගෙන්වා ගන්නයි මම මේ මුදල ඔහු කියපු බැංකු ගිණුමකට තැන්පත් කළේ.”
ඒ තවත් එක් කතාන්දරයකි. මේ එවන් වූ තවත් කතාන්දරයකි.
චාමර, තවමත් දහඅට හැවිරිදි වියේ පසුවන තරුණ සිසුවෙකි. අන්තර්ජාලයේ නිරන්තරයෙන් රැඳී සිටින චාමරට සිය ෆේස්බුක් ගිණුම හරහා මිතුරු ඇරයුමක් ලැබෙන්නේ ඉකුත් මාර්තු මාසයේ දිනකය. ඒ ග්‍රීක ජාතික ඇලෙක්ස් ජොන්සන් නම් රත්‍්රන් ව්‍යාපාරිකයකු ලෙසින් පෙනී සිටින අයකුගෙනි.
තමන් ශ්‍රී ලංකාව තුළ රත්රන් ව්‍යාපාරයක් ආරම්භ කිරීමේ අරමුණින් පසුවන බවට ඇලෙක් චාමරට දැනුම් දෙනු ලබයි.
“ඔයාගේ බිස්නස් එකම ලංකාව ඇතුළේ අපි කරමු.”
චාමරගේ අදහසින් කුල්මත් වන ඇලෙක්ස් “මේ වැඩේ පටන් ගන්න, මම සල්ලි එවන්නේ කොහොම ද?” යැයි චාමරගෙන් අසයි.
“ඔයා මගේ බැංකු ගිණුමට සල්ලි එවන්න. අපි කොහොම හරි ගේම ගහමු.”
තවමත් ලෝකය ගැන හරි හැටි අවබෝධයක් නොමැති චාමර කියයි. වහාම ළඟම ඇති බැංකුව වෙත යන චාමර තමන් නමින් බැංකු ගිණුමක් ආරම්භ කර එයට අදාළ ඒ.ටී.එම්. කාඩ්පත ද ලබා ගනී.
“ලංකාවේ නියෝජිතයා විදිහට මම පත්කරලා ඉන්නේ මිස්ටර් මයික්. එයා අප්‍රිකානු ජාතිකයෙක්. මම එයාව ඔයා ළඟට එවන්නම්. ඔයාගේ බැංකු පාස් පොතයි ඒ.ටී.එම්. කාඩ් එකයි එයාට දෙන්න.”
නොදන්නා පිටරට මිත්‍රයා සමඟ සිය අදහස් බෙදාගත් චාමර අප්‍රිකානු නියෝජිත තැන එනතුරු එක්තරා දිනෙක මග බලමින් සිටියේය. කතිකා කර ගත් පරිදි අප්‍රිකානු ජාතිකයා වෙනුවෙන් චාමර ඉදිරියේ පෙනී සිටින්නේ නයිජීරියානු ජාතිකයෙකි. හරි හැටි ජාතිය කුමක්දැයි නොහඳුනනා චාමර ‘මිස්ටර් මයික්’ සමඟ ඉතාමත් කුලුපගව කතාබස් කරමින් ඇලෙක්ස් කියූ පරිදි බැංකු පාස්පොත සහ ඒ.ටී.එම්. කාඩ්පත ඔහුට ලබා දුන්නේය. මේ ක්‍රියාදාමයේ විශේෂය නම් අප්‍රිකානු නියෝජිතයා චාමර මුණගැසීමට පොල්ගහවෙලට පැමිණෙන්නේ ඉතාමත් වටිනා ත්‍යාගයක් ද චාමර වෙනුවෙන් සූදානම් කරගෙනය. තම මිත්‍ර ඇලෙක්ස්ගේ ත්‍යාගය චාමරට ඔහු කෙරෙහි තව තවත් විශ්වාසය තීව්‍ර කරවන්නක් වී තිබිණි.
බැංකු පාස්පොත සහ ඒ.ටී.එම්. කාඩ්‍පත රැගෙන ‘මිස්ටර් මයික්’ චාමරට සමුදෙයි. දින දෙකක් පමණ ගතවූ තැන චාමරගේ ජංගම දුරකථනය වෙත කෙටි පණිවිඩයක් අදාළ බැංකුවෙන් ලැබෙන්නේ ‘ඔබගේ බැංකු ගිණුමට මුදලක් ලැබුණා’ බව සඳහන් කරමිනි. පසුව එදිනම එම මුදල නැවත ලබාගෙන ඇති බවට ද තවත් එස්.එම්.එස්. පණිවිඩයක් චාමරට ලැබිණි. මේ ආකාරයෙන් රුපියල් ලක්ෂ 28ක පමණ මුදලක් චාමර නමින් වූ ගිණුමෙන් හුවමාරු වන බවට අදාළ බැංකුවෙන් චාමර වෙත දැනුම් දී තිබුණේ චාමරගේ වයස් ප්‍රමාණය ද සැලකිල්ලට ගනිමිනි.
බැංකුවෙන් ලද ඇමතුමකට අනුව කලබල වූ චාමර සිය ගිණුම අත්හිටුවන ලෙසට බැංකු කළමනාකරු වෙත ලිපියක් මගින් දැනුම් දෙනු ලබන්නේය. පසුව ඔහු ළඟම ඇති පොලිසිය වෙත යන්නේ මෙම සිදුවීම සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කිරීම සඳහාය. එහෙත් අධිකරණ බල සීමාව සැලකිල්ලට ගනිමින් (එනම් විදේශයක සිට පැමිණියකුට අදාළ බැංකු පාස් පොත සහ ඒ.ටී.එම්. කාඩ්පත ලබාදී තිබීම යන කාරණා මත) එම පොලිසිය චාමරගේ පැමිණිල්ල භාරගැනීම ප්‍රතික්ෂේප කර තිබිණි. මේ අතර චාමරගේ ජංගම දුරකථනයට ඇමතුමක් ලැබෙන්නේ අප්‍රිකානු නියෝජිත ‘මයික්’ කියූ තැනැත්තාගෙනි.
“ෆ්‍රෙන්ඩ්, කෝ ඔයාගේ බෑන්ක් එකවුන්ට් එක හෝල්ඩ් කරලානේ. ඇයි ඒ?”
“ආ… ඇත්ත ද? මම දන්නේ නෑ.”
“පොඩ්ඩක් බැංකුවට ගිහින් චෙක් කරනවා ද?”
“මම දැන් ඉන්නේ කොළඹ. දැන් නම් පොඩි වැඩක්. පැයකින් විතර බැංකුවට යන්නම්.”
තමන් විශාල වංචාවකට හසුවී ඇති බව දැනගත් චාමර, වහාම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත සිය වැඩිහිටියන් ද සමඟ පැමිණෙන්නේ මේ පිළිබඳව පැමිණිල්ලක් සිදුකිරීම සඳහාය. පැමිණිල්ල ලියමින් සිටින අවස්ථාවේදී නැවතත් චාමරගේ ජංගම දුරකථනය නාද වෙයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ උපදෙස් මත චාමර එම ඇමතුමට පිළිතුරු දෙයි.
“මම බැංකුවට ආවා. බැංකුවෙන් අලුත් ඒ.ටී.එම්. කාඩ් එකක් ඉෂූ කළා. මම කොහොම ද ඒක ඔයාට දෙන්නේ?”
“හරි මම කොටුව ස්ටේෂන් එක ළඟට එන්නම්. ඔයාට එන්න පුළුවන් ද?”
මතු සම්බන්ධයි

මැලියම් බැඳුනු දත් බේකින් සෝඩා වලින් සුදු කර ගමු



ඔබෙත් දත් දුර්වර්ණ වෙලා ද? විශාල වියදම් යන ප්‍රතිකාර නැතුව බේකින් සෝඩා වලින් කොහොමද ලේසියෙන්ම දත් සුදු කර ගන්නේ කියල තමයි අද කියන්න යන්නේ. හැබැයි මතක තියා ගන්න මේ ක්‍රමය පටන් ගත්ත කියල දිනපතා දත් මදින එක නතර කරන්න එහෙම එපා. එකත් කරන ගමන් මේ ක්‍රමයත් අත්හදා බලන්න.
ඉතාම කෙටියෙන්
බේකින් සෝඩා තේ හැඳි භාගයක් වතුර හෝ දෙහි බින්දු කිහිපයක් සමග මිශ්‍ර කරන්න. එම මිශ්‍රණයෙන් ස්වල්පයක් ඔබේ දත් බුරුසුවට දමා ගන්න. විනාඩි 2 ක් පමණ දත් මදින්න සති දෙකක් පමණ යන තුරු දවසක් ඇර දවසක් මෙය කරන්න. සති දෙකෙන් පසු සතියට දවසක් හෝ දෙකක් පමණ කරන්න.
මුලික ක්‍රමවේදය
  1. දෙහි හෝ වතුර සමග බේකින් සෝඩා මිශ්‍ර කරන්න
    කුඩා භාජනයක් ගෙන එයට බේකින් සෝඩා තේ හැඳි භාගයක් සහ දෙහි හෝ වතුර බින්දු කිහිපයක් දමන්න. ඉන් පසු එය තලපයක් (පේස්ට් එකක්) වන තුරු හොඳින් මිශ්‍ර කර ගන්න. එවිට එය භාවිත කිරීම පහසු වේ. ඔබගේ දත් බුරුසුව හෝ ඔබගේ ඇඟිලි අධාරයෙන් මෙය ඔබගේ දත් වල ආලේප කරන්න. ඔබේ දත්වල තදින් කහට වැදුණු තැන් තියනවා නම් මිශ්‍රණයෙන් ස්වල්පයක් එතන ආලේප කර විනාඩියක් දෙකක් පමණ තියන්න. ඉන් පසු බුරුසුව හෝ ඇඟිලි ආධාරයෙන් ඒ ටික ඉවත් කරන්න.
වඩා හොඳ ප්‍රතිඵල ලබා ගැනීම සඳහා මෙය භාවිත කිරීමට පෙර ඔබගේ දත් හොඳින් වියලා ගැනීම කළ හැකියි. ඔබට දත් සියල්ලම සුදු කර ගැනීමට අවශ්‍ය නම් දත් බුරුසුවේ කෙඳි වල මෙම මිශ්‍රණය හොඳින් දැවටෙන සේ බුරුසුව මෙම පේස්ට් එකේ දවටා දත් මැදීම සිදු කරන්න. බේකින් සෝඩා වල රසය තරමක් අමුතු විය හැක
  1. විනාඩියක් හෝ දෙකක් පමණ ඔබගේ දත් මැදීම සිදු කරන්න.
    ඔබ සාමාන්‍යයෙන් සිදු කරන ලෙස දත් මැදීම සිදු කරන්න. දත්වල පැල්ලම් ඇති ස්ථාන මැදීමට වග බලා ගන්න. බේකින් සොඩාවල ඇති රළු ගතිය නිසා එයින් එනමලයට හානි විය හැක. එනිසා විනාඩි දෙකට වඩා වැඩියෙන් දත් මැදීමෙන් වලාකින්න. පැත්තට දත් මැදීමෙන් වලකින්න. ඔබ රුපවාහිනියේ දකින පරිදි උඩට සහ පහලට පමණක් දත් මැදීම සිදු කරන්න.
තරමක් මෘදු බුරුසුවක් භාවිත කරන්න. බේකින් සෝඩා වල රසය තරමක් අප්‍රසන්න විය හැක.
  1. සෝදන්න
    දත් මැදීමෙන් අනතුරුව කටේ ඇති බේකින් සෝඩා ඉවතට විසිකර හොඳින් කට සෝදන්න. මේ සඳහා වතුර හෝ මුව සෝදන ද්‍රාවණයක් භාවිත කළ හැක. ඉන් පසු බුරුසුවද හොඳින් සෝදන්න.
  2. දවසක් ඇර දවසක් මෙය කරන්න
    සතියක් හෝ දෙකක් පමණ වනතුරු ඔබ මෙය දවසක් ඇර දවසක් කළ යුතුය. දවස් දෙක තුනකින් ඔබට දත්වල පැහැයේ සුළු වෙනසක් දැක ගත හැකි වේවි. සතියකින් පමණ ඔබට පැහැදිලි වෙනසක් දැක ගත හැකි වේවි.
නොකඩවා බේකින් සෝඩා වලින් දත් මැදීමෙන් ඔබගේ එනමලයට හානි විය හැක. එනිසා සති දෙකකට පසු දවසක් ඇර දවසක් මැදීම වෙනුවට සතියට වරක් හෝ දෙවරක් මැදීම සිදු කරන්න. ඔබ බේකින් සෝඩා වලින් දත් මදින කාලය තුල ඔබ දිනපතා සාමාන්‍ය ලෙස දත් මැදීමද අනිවාර්යයෙන්ම සිදු කළ යුතුය. ඔබ බේකින් සොඩාවලින් දත් මැදීමට ප්‍රථම වෛද්‍යවරයකු හමුවී එය සුදුසු දැයි නිශ්චිතව දැන ගන්න. ඇතැම් අයට මෙමගින් අසාදන හා විදුරුමස් හානි වීම ආදිය සිදු විය හැක.
විකල්ප ක්‍රම
  1. බේකින් සෝඩා හයිඩ්‍රජන් ෆෙරෝක්සයිඩ් සමග මිශ්‍ර කිරීම
    හයිඩ්‍රජන් ෆෙරෝක්සයිඩ් කියන්නෙත් දත් සුදු කිරීම සඳහා යොදා ගත හැකි තවත් ඉතා හොඳ ද්‍රව්‍යයකි. හයිඩ්‍රජන් ෆෙරෝක්සයිඩ් තේ හැඳි භාගයක් සහ බේකින් සෝදා තේ හැන්දක් හොඳින් මිශ්‍ර කර පේස්ට් එකක් සදා ගන්න. කලින් විධියටම එයින් දත් මැද විනාඩි දෙකකින් පමණ වතුර හෝ මුඛ සෝදනයක් මගින් සෝදා හරින්න. හයිඩ්‍රජන් ෆෙරෝක්සයිඩ් ෆාමසියකින් ඔබට මිලදී ගන්න පුළුවන්. මෙය දුඹුරු පැහැති බෝතලයක දමා ආලෝකය හා ප්‍රතික්‍රියා නොකන ලෙස ගබඩා කර ඇත.
  2. බේකින් සෝඩා දෙහි යුෂ සමග මිශ්‍ර කරන්න
    දෙහි යුෂ සමග බේකින් සෝඩා මිශ්‍ර කිරීම ද තවත් සාර්ථක ක්‍රමයක්. දෙහි යුෂ තේ හැඳි භාගයකට බේකින් සෝඩා තේ හැඳි භාගයක් දමා හොඳින් මිශ්‍ර කර ගන්න. පෙර පරිදිම දත් බුරුසුවක් ආධාරයෙන් දත් මැද විනාඩියකින් පමණ හොඳින් සෝදා හරින්න.
දෙහි වල ඇති ඇසිඩ් ගතිය නිසා බොහෝ දන්ත වෛද්‍යවරුන් මෙම ක්‍රමය අනුමත නොකරයි. ඒ නිසා මෙම ක්‍රමය භාවිත කිරීමේදී බොහෝ සැලකිලිමත් විය යුතුය.
03) දත් බෙහෙත් සමග බේකින් සෝදා මිශ්‍ර කිරීම
ඔබ සාමාන්‍යයයෙන් භාවිත කරන දත් බෙහෙත්වලට බේකින් සෝඩා ස්වල්පයක් මිශ්‍ර කර එයින් දත් මැදීමෙන්ද ඔබට දත් සුදු කර ගත හැක. ඔබ වෙනදා භාවිත කරන තරමටම දත් බෙහෙත් ගෙන එයට බේකින් සෝඩා ඉතාම ස්වල්පයක් ඉසින්න. එයින් දත් මැද ඉහත කී පරිදිම සෝදා හරින්න.

අළුහම්වලට පේර කොළ වලින් සත්කාරයක්



තරුණ වැඩිහිටි බොහෝ දෙනෙකුට ඇතිවන ගැටලුවක් ලෙස අළුහම් හඳුන්වන්නට පූළුවන්. මූහූණේ සහ ශරරයේ ප්‍රියකරු බව අළුහම් මගින් නැතිවෙන අතර මේ නිසාම හමේ නොයෙකුත් ස්ථානවල වර්ණය ද වෙනස්වී අශෝබන බවක් ද ඇතිවෙයි. මෙය පූස් (දිලීර) විශේෂයක් නිසා හට ගන්නා සමේ රෝගයකි. ශරරයේ බාහිරින් කරන්නා වූ බෙහෙත් මගින් සූව නොවූණොත් ශරරයේ ලේ පිරිසිදු වීමටද ප්‍රතිකාර අවශ්‍ය වේවි. ඒ වගේම පහත සඳහන් ප්‍රතිකාර ලබා ගැනීමෙන් අළුහම් රෝගයෙන් සූවයක් ලබාගැනීමට හැකිවනූ ඇත.
හීන් අරත්ත අල ගිතෙල්වලින් අඹරා, අළුහම් මත අතුල්ලා පැයකට පමණ පසූව නාන්න. එක දිගටම මෙම ප්‍රතිකාරය කිරමෙන් හොඳ ප්‍රතිඵළ ලබාගත හැකියි.
ඇත්තෝර ඇට, දුම්මල, විනාකිරි සමග අඹරා අළුහම් ඇති ස්ථානවල ආලේප කර පැය දෙකකට පමණ පසූව නාන්න. සතියකට දින තුනක් පමණ මෙම ප්‍රතිකාරය කරන්න.
පේර කොළ කොටා, අළුහම් ඇති ස්ථානවල ආලේප කරන ටික වේලාවකට පසූව සෝදා හරින්න.
කරල් සැබ, පූළුස්සාගත් අළු තල තෙල් සමග මිශ්‍රකර අතුල්ලා පැයකට පසූව නාන්න.
අඹ පොතු, අරළු, සැවැන්දරා මූල්, ලොත්සූබූළු, සූදු හඳුන් එක පමණ ගෙන සියූම්ව කුඩූකර ඇල් දියෙන් අඹරා ස්නානයට පැයකට පළමූව ගාන්න. දිගින් දිගටම මෙම ප්‍රතිකාරය කිරමෙන් ශරරයේ දුඟද දුරු වී යන අතරම අළුහම් ද සූවවෙයි.
සවකාර ලුණූ, ගෙන්දගම් එක ප්‍රමාණයෙන් ගෙන අඹරා අළුහම් මත තවරා ටික වේලාවකට පසූව නාන්න. මෙවැනි අත් බෙහෙත් ක්‍රම අනූගමනය කිරමෙන් අළුහම් සූවකර ගත හැකි වේ
(උපුටාගැනීම අන්තර්ජාලයෙන්)

මේ විදියට ආහාර ගන්නවානම් ලෙඩ රෝග හැදෙනේ නෑ



නිරෝගී ජීවිතයක් ගත කිරීමේදී ඉතාමත් වැදගත් වන සාධකයක් වන්නේ සෞඛ්‍යසම්පන්න ආහාරවේලක් සැමවිටම ගැනීමයි. නිරෝගී ආහාර වේලක් කියන්නේ සමබල ආහාර වේලකි. එය රස සහ ගුණය අතින්ද විවිධ විය යුතුය. ඒ වගේම විවිධ වර්ණ සහ සුවඳින් යුතු විය යුතුය. මේ ආහාර ලබාගත යුතු ප්‍රමාණයන් ගැනද සැලකිලිමත් වීම ඉතාමත් වැදගත්ය.
මේ නිසාම නිරෝගී ජීවිතයකට අවශ්‍ය සෞඛ්‍යසම්පන්න ආහාරවේලක් තෝරාගන්නා ආකාරය ගැන දේශය පාඨක ඔබ දැනුවත් කිරීමට අපි මේ ලිපියෙන් උත්සාහ කරමු.
සෞඛ්‍යසම්පන්න ආහාර වේලක් තෝරාගන්නේ කෙසේද?
ඔබට නිරෝගී දිවියක් ගත කිරීමට අවශ්‍ය ශක්තිය සහ පෝෂණය ලබාගැනීමට අවශ්‍ය ආහාර, කාණ්ඩ හයකට බෙදා ඇත. එක් එක් ආහාර කාණ්ඩය මගින් ඔබගේ ශරීරයට අවශ්‍ය විවිධ පෝෂක ලබාදෙයි. දිනපතා විවිධ වර්ගයේ ආහාර නිර්දේශිත ප්‍රමාණයන්ගෙන් ඔබගේ ආහාරයෙහි අඩංගු කර ගැනීමෙන් සෞඛ්‍ය සම්පන්න ආහාරවේලක් ලබාගැනීමට හැකිය.
ආහාර කාණ්ඩ
  1. ධාන්‍ය සහ අල බතල
බත්, තිරිඟු, කුරක්කන්, බඩඉරිඟු, මෙනේරි, හාල් පිටි හා තිරිඟු පිටි ආශ්‍රිත නිෂ්පාදන (පාන්, ඉඳිආප්ප, රොටි, පිට්ටු)
අල – බතල, මයියොක්කා, ඉන්නල, කිරිඅල, අර්තාපල්
පිෂ්ටය අඩංගු ඵල – කොස්, දෙල්
මෙම ආහාර කාණ්ඩය මගින් ඔබගේ දෛනික ක්‍රියා සඳහා අවශ්‍ය ශක්තිය ලබාදෙයි.
  1. පලතුරු
කෙසෙල්, අඹ, ගස්ලබු, අන්නාසි, දොඩම්, පේර, අලිගැටපේර සහ වෙනත් පලතුරු
මෙම ආහාර කාණ්ඩය මගින් ඔබව ලෙඩරෝගවලින් ආරක්ෂා කරයි.
  1. එළවළු
කොළ එළවළු – කංකුං, නිවිති, ගොටුකොළ, මුකුණුවැන්න, සාරන, කතුරැමුරුංගා හා මුරැංගා කොළ ඇතුළු වෙනත් පලා වර්ග.
ගෙඩි හා අල සහිත එළවළු – පතෝල, වම්බටු, අලුකෙසෙල්, බණ්ඩක්කා, තක්කාලි, කැරට්, රතුඅල, වැටකොළු, කරවිල යනාදිය.
මෙම ආහාර කාණ්ඩය මගින් ඔබව ලෙඩරෝගවලින් ආරක්ෂා කරයි.
  1. මාළු, මස්, බිත්තර, පියලි හා
ඇට වර්ග
මාළු වර්ග – මුහුදු මාළු, වැව් මාළු, හාල්මැස්සන්, කරවල, ඉස්සන්, කකුළුවන්
මස් වර්ග – කුකුළු මස්, හරක් මස්, ඌරැ මස්, එළු මස් හා සත්ත්ව අක්මා ආදී ඉන්ද්‍රියන්
බිත්තර – කිකිළි, තාරා හා වටු බිත්තර
පියලි හා ඇට වර්ග – කඩල, මුං, කව්පි, සෝයා, උළුඳු, කොල්ලු, පරිප්පු හා බෝංචි
මෙම ආහාර කාණ්ඩය මගින් ඔබගේ ශරීරය වර්ධනයත් අලුත්වැඩියාවත් සිදුකරයි.
  1. කිරි හා කිරි නිෂ්පාදන
කිරි, මුදවපු කිරි, යෝගට්, චීස්
මෙම ආහාර කාණ්ඩය මගින් ඔබගේ දත් සහ අස්ථි වර්ධනයත්, අලුත්වැඩියාවත් සිදුකරයි.
  1. තෙල් බහුල ඇට සහ බීජ වර්ග
පොල්, කජු, රටකජු, කොට්ටන්, වට්ටක්කා ඇට
පොල්කිරි, පොල්තෙල්, තලතෙල්, පාම්තෙල්, එළවළු තෙල්
බටර්, මාගරින්, මේද තැවරැම් හා ගිතෙල්
මෙම ආහාර කාණ්ඩය මගින් ඔබගේ දෛනික ක්‍රියාවන් සඳහා අවශ්‍ය ශක්තිය සපයයි. ශරීරයේ වර්ධනය හා විවිධ පරිවෘත්තීය ක්‍රියා ඉටුකිරීම සඳහා අත්‍යවශ්‍ය වේ.
ආහාර ගැනීමේ අගනා පිළිවෙත
ඉහත සෑම ආහාර කාණ්ඩයකින්ම නියමිත ප්‍රමාණයක් දිනපතා ආහාරයට ගන්න. ආහාර කාණ්ඩ එකකින් හෝ දෙකකින් වැඩි ප්‍රමාණයක් ආහාරයට ගැනීමට වඩා සෑම කාණ්ඩයකටම අයත් ආහාරවලින් නියමිත ප්‍රමාණයන් ගැනීම වැදගත්ය. මෙමගින් සෑම පෝෂ්‍ය පදාර්ථයක්ම ශරීරයට අවශ්‍ය ප්‍රමාණයට දිනපතා ලැබෙන බවට තහවුරු වේ.
එක් ආහාර කාණ්ඩයකින් කොතරම් ප්‍රමාණයක් ආහාරයට ගත යුතුද?
සෑම ආහාර කාණ්ඩයකින්ම නියමිත ප්‍රමාණයක් දිනපතා ආහාරයට ගත යුතු අතර, එය වයස, ස්ත්‍රී පුරුෂ භාවය, ශරීරයේ ප්‍රමාණය, ක්‍රියාකාරී මට්ටම, ජීවන චක්‍රයේ විවිධ අවස්ථා සහ වැළඳී ඇති රෝගී තත්ත්ව මත රඳා පවතී.
මෙම ආහාර කාණ්ඩවලින්, ධාන්‍ය, එළවළු සහ පළතුරැ වැඩි ප්‍රමාණයකින්ද තෙල් හා මේද අඩු ප්‍රමාණයකින්ද ආහාරයට එක්කර ගත යුතු අතර, ආහාර පිරමීඩය මගින් ඔබට දිනපතා ආහාරයට එකතු කරගත යුතු ආහාර ප්‍රමාණයන් පිළිබඳව දළ අදහසක් ලබාගත හැක.

කොන්දේ කැක්කුම



අපි එක තැනකට වෙලා හුගාක් වෙලා වාඩිවෙලා හිටියොත් නැත්නම් මොකක් හරි වැඩක් එක දිගටම කලොත් අපේ කොඳු ඇට පෙළ” කොන්ද ඒ වගේම පාද වල වේදනාව ඇති වෙන්න පුළුවන්’ ඉතින් මේ ගැන පසු තැවී තැවී වේදනාවෙන් ඉන්නවට වඩා මේ තත්වය සුව කරගන්න ස්වාභාවික ප්‍රතිකාරයක් ගැන හිතුවොත් කොහොමද? මේ ලිපියෙන් කියන්න යන ඛෙහෙත් වට්ටෝරුව පාවිච්චි කලොත් ඔයාලට මේ වේදනාකාරී තත්වය මාස දෙකක් ඇතුලත නිටිටාවටම සුව කරගන්න පුළුවන්’
මේක ඉතාමත් සරල දෙයක්’ පහත සදහන් දේවල් වලින් එක වර්ගයක් ආහාරයට ගැනීමෙන් වේදනාව නැතිවී යන විදිහ ඔයාලටම බලන්න පුළුවන්’

• වියළි මුද්දරප්පලම් 5 ක්
• වියළි අත්තික්කා ගෙඩියක්
• වියළි රට කොට්ටං ගෙඩියක්
මේ සෑම පළතුරකටම විශේෂ හැකියාවක් තියනවා’ මේවා මිශ්‍ර වූ විට මෙවන් වේදනාවන්ට හොද ප්‍රතිකාරයක් වෙනවා’
මේ පළතුරු දිනපතා මාස දෙකක් පරිභෝජනය කර ඔබගේ වේදනාවන් නැතිකර ගන්න

භාණ්ඩයක ප්‍රමිති සහතිකය ගැන දැනගමු



ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ වැඩ බලන අධ්‍යක්ෂ ජෙනරාල් නයනා සතරසිංහ
නිෂ්පාදන භාණ්ඩවලට පමණක් නොව නොයෙක් කළමනාකරණ පද්ධතින් සඳහාද එස්එල්එස් ලාංඡනය ලබා දේ. දැනට ආයතන වශයෙන් 497ක් එස්එල්එස් ලාංඡන සහතික ලබා තිබෙන අතර එම ආයතනවලින් නිෂ්පාදිත ආහාර වර්ග මෙන්ම ගොඩනැඟිලි ඉදිකිරීමට අවැසි උපකරණ ඇතුළුව නිෂ්පාදන භාණ්ඩ වර්ග 1117කට එස්එල්එස් ලාංඡනය ලබා දී තිබේ.
යම් භාණ්ඩයක් සාමාන්‍ය පාරිභෝගිකයෙකු පියවි ඇසින් දුටු විට එය නිසි ප්‍රමිතියෙන් යුත් භාණ්ඩයක්ද යන්න තීරණය කිරීමට හැකියාවක් නොමැති හෙයින් භාණ්ඩ මිලදී ගැනීමේදී එස්එල්එස් (SLS) ලාංඡනය පාරිභෝගිකයන්ගේ සුරක්ෂිතතාව වෙනුවෙන් අත්‍යවශ්‍ය සාධකයකි. එසේ භාණ්ඩයක් සඳහා එස්එල්එස් ප්‍රමිති සහතිකය ලබා දෙනුයේ ඊට අදාළ සියලුම ප්‍රමිතීන් නිසි ප්‍රමිතියෙන් යුත් පරීක්ෂණාගාරයක තත්ත්ව පරීක්ෂාවකට ලක් කිරීමෙනි.
භාණ්ඩ සඳහා එස්එල්එස් ලාංඡනය ලබාදීම සඳහා අනිවාර්යයෙන්ම පරීක්ෂණාගාරයක තත්ත්ව පරීක්ෂාවකට ලක්විය යුතුම බවත් රටපුරා ව්‍යාප්තව පවතින එස්එල්එස් ලාංඡනය සහිත සියලුම භාණ්ඩ එලෙස තත්ත්ව පරීක්ෂාවකට ලක්වූ භාණ්ඩ යැයි පවසා සිටියේ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ වැඩ බලන අධ්‍යක්ෂ ජෙනරාල් නයනා සතරසිංහ මහත්මියයි. ඇය සිළුමිණ සමඟ පැවැත්වූ සාකච්ඡාවක් ඇසුරෙන් ලිපිය සකස් වෙයි.
එක්දහස් නවසිය හැටහතර වර්ෂයේ මුලින්ම ප්‍රමිති කාර්යාංශය නමින් බිහිවූ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය 1984 වර්ෂයේදී වැඩිදියුණු කරමින් විෂය පථය පුළුල් වෙමින් වර්තමානයේ තිබෙන තත්ත්වයට පත්ව තිබේ. සියයට සියයක්ම රාජ්‍ය ආයතනයක් වන මින් සෑම ක්ෂේත්‍රයකටම අත්‍යවශ්‍ය ජාතික ප්‍රමිතීන් සකස් කිරීම මූලිකම කාර්යභාරය වන අතරේ නියමිත තත්ත්ව පරීක්ෂාවකින් පසු එස්එල්එස් සහතික ලාංඡනය පිරිනැමීම මූලික කාර්යභාරයක් බව පවසා සිටි අධ්‍යක්ෂ ජෙනරාල්වරිය,
“අපගේ සුදුසුකම්ලත් තත්ත්ව පරීක්ෂකවරුන් 135 දෙනෙක් රටපුරා ව්‍යාප්තව සිටිනවා. ඔවුන් විසින් අදාළ ආයතනයට ගොස් භාණ්ඩය නිෂ්පාදනය කරන මුළු ක්‍රියාවලියම සොයා බලනවා. එහිදී අදාළ භාණ්ඩය නිෂ්පාදනයට අදාළ අමුද්‍රව්‍ය ලබාගන්නා ස්ථානයේ සිට භාණ්ඩ නිෂ්පාදනයට අදාළ සෑම අංශයක් කෙරෙහිම නිසි තත්ත්ව පරීක්ෂාවකට භාජනය කරනවා. එහිදී අප එක් එක් දේවලට අදාළ ප්‍රමිතීන් හඳුන්වා දී තිබෙනවා, එම ප්‍රමිතීන්ට අදාළව ඒ සෑම දෙයක්ම තිබේද කියා අපගේ පරීක්ෂකවරුන් සොයා බලනවා. අන්න එවැනි කරුණු ගැන සැලැකිලිමත්ව භාණ්ඩ නිෂ්පාදනය කළහොත් පමණයි එස්එල්එස් ලාංඡනය පිරිනමන්නෙ” යැයි පවසා සිටියාය.
එසේම ප්‍රමිති ලාංඡනය ලබාදුන් පසුව අඛණ්ඩව එම සහතිකයේ ප්‍රමිතීන්ට අනුකූලව කටයුතු සිදු වෙනවාද යන්න නිරන්තරයෙන්ම සොයා බලන බව කී ඇය, “අනිවාර්යයෙන්ම. අපේ පරීක්ෂකවරුන් විසින් දිගින් දිගටම එම භාණ්ඩය නිසි ප්‍රමිතියෙන් නිෂ්පාදනය කරනවාද කියා අමුද්‍රව්‍ය ලබාගන්නා ස්ථානයේ සිටම නැවත නැවතත් සොයා බලනවා.” ඒ අනුව වෙළෙඳපොළේ තිබෙන එස්එල්එස් ලාංඡන සහිත භාණ්ඩ නැවත නැවතත් පරීක්ෂාවට ලක්කරන බවද කීවාය.
නිෂ්පාදන භාණ්ඩවලට පමණක් නොව නොයෙක් කළමනාකරණ පද්ධතින් සඳහාද එස්එල්එස් ලාංඡනය ලබා දේ. දැනට ආයතන වශයෙන් 497ක් එස්එල්එස් ලාංඡන සහතික ලබා තිබෙන අතර එම ආයතනවලින් නිෂ්පාදිත ආහාර වර්ග මෙන්ම ගොඩනැඟිලි ඉදිකිරීමට අවැසි උපකරණ ඇතුළුව නිෂ්පාදන භාණ්ඩ වර්ග 1117කට එස්එල්එස් ලාංඡනය ලබා දී තිබේ. ඊට අමතරව හඳුනාගත් භාණ්ඩ නිෂ්පාදන 123ක් මෙරටට ආනයනය කිරීමේදී ශ්‍රී ලංකා ප්‍රමිතියට අනුවද යන්න සොයා බලා එස්එල්එස් සහතිකය පිරිනැමේ. එය ආනයනය අපනයන දෙපාර්තමේන්තුව සමඟ එක්ව කරන කාර්යභාරයක් බවද ඇය අවධාරණය කොට සිටියාය. එසේම මෙරටට ආනයනය කරන සිමෙන්ති වර්ග හතරක් සහ දඟර කම්බිවලට අමතරව සියලුම යතුරුපැදි හිස්වැසුම්වලට එස්එල්එස් සහතික ලාංඡනය අනිවාර්යය කර තිබේ.
එම අනිවාර්ය සහතික පනවා තිබෙනුයේ පාරිභෝගික කටයුතු අධිකාරිය විසිනි. ඒ අනුව එම භාණ්ඩවලට එස්එල්එස් සහතිකය නොමැතිව කිසිදු කෙනෙකුට මෙරටට ආනයනය කිරීමට හැකියාවක් නොමැත.
සේවාවන් සඳහා එස්එල්එස් ලාංඡනය ලබා නොදුන්නත් ඒ සඳහා අන්තර්ජාතික ප්‍රමිති සහතිකය වන අයිඑස්ඕ (ISO) සහතිකය ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය ඇතුළුව රටපුරා ව්‍යාප්ත තවත් පෞද්ගලික ආයතන කීපයකින් ලබා දේ. එලෙස අයිඑස්ඕ සහතිකය පිරිනමන අන්තර්ජාතික ප්‍රමිති ආයතනය බිහිව තිබෙනුයේ රටවල් 162ක ප්‍රමිති ආයතන එක්වීමෙනි.
එස්එල්එස් සහතික ලාංඡනයෙන් මෙරට පාරිභෝගිකයන්ගේ ආරක්ෂාව සහතික වන්නෙ කෙසේදැයි විමසූ කල, “මෙහෙමයි, තුන්වැනි පාර්ශ්වයක් ලෙස ප්‍රමිති ආයතනය කටයුතු කරමින් අදාළ නිෂ්පාදන භාණ්ඩය පරිභෝජනයට ඉතාම සුදුසු දෙයක් ලෙස පාරිභෝගිකයාට සහතිකයක් ලබා දෙනවා. එම සහතිකය, භාණ්ඩය ගැන විශ්වාසය සහ ආරක්ෂාව තහවුරු කිරීමට පාරිභෝගිකයාට ලැබෙන ඉහළම සහතිකයක්.”
භාණ්ඩවල විශ්වාසය සහ ආරක්ෂාව පාරිභෝගිකයාට තහවුරු කිරීම වෙනුවෙන් නිෂ්පාදන ආයතනවලට එස්එල්එස් සහතිකය ලබා ගැනීම ඉතාම වටිනාම දෙයකි. එවැනි වටිනා සහතිකයක් ලබාගන්නා ආකාරයද අධ්‍යක්ෂ ජෙනරාල්වරිය මෙසේ පැහැදිලි කළාය.
“අපේ ආයතනයෙන් නිකුත් කරන අයදුම්පත්‍රයක් අදාළ සහතිකය ලබා ගැනීමට යොමුකළ පසුව ප්‍රමිති ආයතන පරීක්ෂකවරුන් ගොස් සියලුම කාර්යභාරයන් භාණ්ඩ නිෂ්පාදන ආයතනයේ පරීක්ෂාවට ලක්කරනවා. සාමාන්‍ය‍ෙයන් ඉල්ලුම් කරන ආයතනවලින් බොහෝ ප්‍රමාණයක් අපගේ නිසි ප්‍රමිතීන්ට අනුකූලව නැහැ. ඔවුන් අපගේ ප්‍රමිතීන්ට අනුකූලව හැඩ ගැසෙන තෙක් එස්එල්එස් සහතිකය ලබා දෙන්නෙ නැහැ.” එවැනි නිෂ්පාදන ආයතනවල අමුද්‍රව්‍ය පාලනය, භාණ්ඩයේ සෞඛ්‍යාරක්ෂිත බව, සේවක පිරිසුදු බව, උපකරණවලින් ලබාදෙන දත්තවල නිරවද්‍යතාවන් ආදි සෑම දෙයක් ගැනම ප්‍රමිති ආයතන පරීක්ෂකවරුන්ගේ උකුසු ඇසට යොමු වේ.
වෙළෙඳපොළේ නිතර ඇස ගැටෙන නොයෙක් භාණ්ඩවලට එස්එල්එස් ලාංඡනය හිමි වී තිබෙනු දක්නට ලැබේ. භාණ්ඩයක් මිලදී ගැනීමේදී පාරිභෝගිකයන්ගේ නෙත් නිරන්තරයෙන්ම එස්එල්එස් සහතිකය දෙසට යොමුවීම අත්‍යවශ්‍ය සාධකයකි. එවැනි එස්එල්එස් සහතික ලාංඡනය සහිත නිෂ්පාදන භාණ්ඩයක යම් අඩුපාඩුවක් වේනම්,
“ඉක්මනින්ම අපිට දන්වන්න. අපි ඒ ගැන සොයා බලනවා. නිෂ්පාදකයා දැනුවත් කරනවා. නිෂ්පාදකයාගේ දෝෂයක්නම් අපි ඔහුව නිසි ප්‍රමිතියට යොමු කරනවා. නැතුව නිෂ්පාදකයා යම් ආකාරයක අක්‍රමිකතාවක් සිදුකරනවානම් අපි ඒ වෙනුවෙන් නිසි පියවර ගන්නවා” යැයි පවසන අධ්‍යක්ෂ ජෙනරාල්වරිය පැමිණිලි ඉදිරිපත් කිරීමේදී සත්‍යයෙන් තොරව අපගේ ආයතන නිලධාරින් නොමඟ යවන පැමිණිලි ඉදිරිපත් නොකරන ලෙස පාරිභෝගික ජනතාවගෙන් විශේෂ ඉල්ලීමක් කළාය. එසේම එවැනි ගැටලු සහගත භාණ්ඩයක් හමු වුවහොත් එම භාණ්ඩය ඉක්මනින්ම අප වෙත ලැබෙන්නට සලස්වන්නැයිද ඇය ඉල්ලා සිටියාය. තවද යම් භාණ්ඩයකට ප්‍රමිති සහතිකය ලබාගත් පසුව අදාළ නිෂ්පාදන ආයතනය විසින් එම භාණ්ඩයේ යම් වෙනස්කමක් කරනවානම් අනිවාර්යයෙන්ම ප්‍රමිති ආයතනය දැනුවත් කළ යුතුම වේ.
රටක් වශයෙන් දියුණුව කරා යාමට නම් පාරිභෝගිකයන් ලෙස නිෂ්පාදකයාගෙන් සෑම විටම ඉල්ලා සිටිය යුත්තෙ ගුණාත්මක සහ ඉහළ ප්‍රමිතියෙන් යුත් උසස් භාණ්ඩ වේ. එලෙස උසස් භාණ්ඩ ඉල්ලා සිටියහොත් අනිවාර්යයෙන්ම නිෂ්පාදකයාද එවැනි භාණ්ඩ ලබාදිය යුතු වේ. එලෙස නිෂ්පාදකයා සහ පාරිභෝගිකයා අතර විශ්වාසය තහවුරු කිරීමට ක්‍රියා කරන හොඳම තුන්වැනි පාර්ශ්වයක් ලෙස ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය සැලැකිය හැක.
පාරිභෝගිකයාගේ ආරක්ෂාව තහවුරු කිරීමට එස්එල්එස් සහතිකය භාවිත කළත් නිෂ්පාදන ආයතනද එස්එල්එස් සහතික ලාංඡනය තම භාණ්ඩවලට යෙදීම සඳහා ලබාගන්නෙනම් එය ඔවුන්ගේ නිෂ්පාදනවල ගුණාත්මක බව සහ නිසි ප්‍රමිතිය ගැන තක්සේරුවක් සියලු දෙනාටම ලබා ගැනීමට හොඳම මඟකි. එම නිසා එස්එල්එස් සහතිකය යනු එක් පැත්තකින් පාරිභෝගිකයා සුරක්ෂිත වනවා සේම නිෂ්පාදකයා ගැන පාරිභෝගිකයාට නියම තක්සේරුවක් ලබා ගැනීමට හොඳ මෙවලමකි.
අමිල මලවිසූරිය
ඡායාරූප – තුෂාර ප්‍රනාන්දු

පෝසත් වෙන්න මුදල් පරිහරණයට උපදෙස් 7 ක්



පොහොසත් වීමට අපි හැම දෙනාම කැමතියි. සමහර වෙලාවට කොච්චර පොහොසත් වුනත් ඇති වෙන්නේ නැහැනේ. ඔබත් පොහොසත් වීමට සිතාගෙන ඉතා මහන්සියෙන් වැඩ කරමින් මුදල් උපයනවා ඇති. අද අපි කියන්න යන්නේ පොහොසත් වෙන්න උත්සහ කරන අයට බාධා කරන කරුණු 07 ක් ගැනයි. ඔබ අතිනුත් මේ දේවල් සිදු වෙනවා නම් එය ඔබව පොහොසත් කෙනෙකු වීමට බාධා කරයි
01) මුදල් ඉපයීමට වඩා මුදල් ඉතිරි කිරීම පිලිබඳ සිතීම
පොහොසත් වීමට නම් මුදල් ඉතිරි කිරීම ඉතා වැදගත් වේ. එහෙත් ඔබ මුදල් ඉපයීම අමතක කර මුදල් ඉතිරි කිරීමට යනවා නම් ඉන් ඵලක් නොවේ.
එහෙත් එයින් ඔබ මුදල් ඉතිරි නොකල යුතු බව අදහස් නොවේ. ඔබ මුදල් ඉතිරි කිරීම සහ මුදල් ඉපයීම සමානව කල යුතුය. ඔබ සතුව මුදල් රාශියක් නැති අවස්ථාවල ඔබ ඒ පිළිබඳ සිතමින් වද විය යුතු නැත. එවිට ඔබ කළ යුත්තේ මුදල් ඉපයීමට අවධානය යොමු කිරීමයි. ඉන් පසු ඔබ සතුව වැඩි මුදලක් ඇති විට ඒවා ඵලදායි ලෙස ඉතිරි කිරීමට කටයුතු කරන්න.
02) ආයෝජනය නොකිරීම
වැඩි මුදලක හිමිකාරයකු වීම සඳහා වඩාත් කර්යක්ෂම ක්‍රමයක් වන්නේ මුදල් ආයෝජනය කිරීමයි. ප්‍රමාද නොවී ඉක්මනින් මුදල් ආයෝජනය කිරීම ආරම්භ කරන තරමට වැඩි ප්‍රතිඵල ද ලබා ගත හැක.
ඔබ උපයන මුදල් නිකන් රැස් කරගෙන සිටිනවාට වඩා එම මුදල් ඵලදායී ලෙස ආයෝජනය කිරීමෙන් ඔබ වඩා පොහොසත් වනු ඇත.
03) ඔබට දරා ගත නොහැකි තරම් මිල අධික දෑ මිලදී ගැනීම
ඔබ ඔබට දරා ගත නොහැකි අන්දමේ මිළ අධික භාණ්ඩ මිලදී ගන්නේ නම් ඔබ කෙතරම් මිළ මුදල් ඉපයුවද ඔබට පොහොසතෙක් වීමට නොහැකිය. ඔබ උපයන මුදල ක්‍රමයෙන් වැඩි වනවාත් සමගම ඔබ ඔබගේ අවශ්‍යතා ද වැඩි කර ගතහොත් ඔබට ඉතිරි කල හැකි ප්‍රමාණය අඩු වේ. එනිසා ඔබ කෙතරම් මිළ මුදල් ඉපයුවද ඔබට දරා ගත හැකි ප්‍රමාණයට පමණක් වියදම් කිරීමට සිහි තබා ගත යුතුය.
04) වෙනත් කෙනෙකුගේ සිහින පසුපස හඹා යාම
ඔබට සාර්ථක පුද්ගලයකු වීමට අවශ්‍ය නම් ඔබට ඔබගේම සිහින තිබිය යුතුය. ඔබ ඔබගේ සිහින පසෙකලා වෙනත් කෙනෙකුගේ සිහින පසුපස හඹා යන්නේ නම් ඔබට සාර්ථක විය නොහැකිය. උදාහරණයක් ලෙස ඔබ ඔබේ අසල්වැසියාගේ හෝ ඔබේ යහළුවාගේ හෝ සිහින වලට ආසා වී ඒවා සැබෑ කර ගැනීමට උත්සහ දරන්නේ නම් එවැනි බොහෝ අවස්ථාවල ඔබට ඒවා සැබෑ කර ගත නොහැකි වනු ඇත. එවිට ඔබ ඔබ පිළිබඳවම කලකිරීමටත් පසුතැවීමටත් පත් වේ. එවිට ඔබට ඔබේ සිහින ද අහිමි වේ. එනිසා ඔබට පොහොසතෙක් වීමට නම් ඔබේ සිහිනයක් තබා ගෙන එය සැබෑ කර ගැනීමට උත්සහ කරන්න
05) මුදල් සඳහා නිශ්චිත අරමුණක් නොවීම
මුදල් කියන්නේ නිකන් ඉඳලා හම්බ කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒ සඳහා මහන්සි වී වැඩ කිරීමට සිදු වෙනවා. ඒ වගේම ඔබට පොහොසත් වීමට අවශ්‍ය නම් ඔබ උපයන ඒ මුදල් සඳහා ඔබට නිසි ඉදිරි සැලැස්මක් ද තිබිය යුතුයි.
ඔබ මුදල් උපයන්නේ කුමකටද, ඒ මුදල් භාවිතයේ යොදවන්නේ කෙසේද, වැඩි ලාභයක් ලැබෙන සේ එම මුදල් ආයෝජනය කරන්නේ කෙසේද ආදිය පිලිබඳ ඔබට නිසි අරමුණක් තිබිය යුතුය. එසේ නොමැති විට ඔබ රැස් කරන ධනය නාස්ති වී ඔබටම නොදැනී ඔබ සිටියාටත් වඩා දුප්පත් අයෙකු බවට පත් විය හැක. එනිසා සැම විටම ඔබේ මුදල් සඳහා නිශ්චිත අරමුණක් තබා ගන්න.
06) පළමුව වියදම් කර දෙවනුව ඉතිරි කිරීම වැරදියි.
බොහෝ දෙනෙකුට මුදල් ලැබුනම ඉස්සෙල්ලම කරන්නේ හිතේ හැටියට මුදල් වියදම් කරන එක. ඊට පස්සේ තමයි ඉතුරු කිරීම ගැන හිතන්නේ. හැබැයි මෙහෙම කලාම ගොඩක් වෙලාවට ඉතුරු කරන්න ප්‍රමාණවත් තරම් මුදලක් ඉතුරු වෙන්නේ නැහැ. ඒ නිසා ඔබ පළමුවෙන්ම කළ යුත්තේ මුදල් ඉතුරු කිරීමයි. ඉන් පසුව ඉතිරි වන මුදල වියදම් කිරීමෙන් ඔබට මුදල් නිසි පරිදි කළමනාකරණය කර ගත හැක.
07) තමා පිලිබඳ විශ්වාසය තැබිය යුතුය.
බොහෝ පුද්ගලයන් තුළ ඇති දුර්වලතාවයක් වන්නේ තමා පිළිබඳ විශ්වාසයක් නොමැති වීමයි. බොහෝ දෙනාගේ මතය වන්නේ සෑම දෙයක්ම ලැබෙන්නේ වාසනාව ඇති අයට පමණක් බවයි. මෙලෙස ඔබට ඔබ පිළිබඳ අවතක්සේරු කොට සැලකීම ඔබගේ කටයුතු අසාර්ථක වීමට හේතුවකි. එනිසා තමන්ට ඕනෑම දෙයක් කල හැකිය යන විශ්වාසය ඇතිව අධිෂ්ඨානයෙන් යුතුව ක්‍රියා කළහොත් ඔබට නිසැකවම සාර්ථක විය හැකිය.

ලොව පැරණිම ස්වාභාවික දින දර්ශනය සමන්තකූඨ පර්වතයයි



බෞද්ධයන්ගේ නිරන්තර වන්දනාමානයට පාත‍්‍ර වූ, සෑම වසරකම හයමසක් ආගමික වතාවත් සදහා සැදැහැවතුන් පැමිණෙන සමන්තකූඨ පර්වතය හෙවත් සමනොළ කන්දේ ඔබ නොදන්නා විශ්මිත දෙයක් ගැනයි මේ
බෞද්ධයන්ගේ නිරන්තර වන්දනාමානයට පාත‍්‍ර වූ, සෑම වසරකම හයමසක් ආගමික වතාවත් සදහා සැදැහැවතුන් පැමිණෙන සමන්තකූඨ පර්වතය හෙවත් සමනොළ කන්ද ලොව පැරණිම ස්වාභාවික දින දර්ශනයක් ලෙස නිදර්ශන සහිතව ලොවට හෙළිකිරීමට ශ‍්‍රී ලාංකේය පර්යේෂකයන් පිරිසක් මේ වන විට සමත්ව සිටී.
සූර්ය උදාවත් සමගම බටහිර දෙසින් දිස්වන සමනළ කන්දේ ත‍්‍රිකෝණාකාර ප‍්‍රතිබිම්බය ජ්‍යාමිතික ගණනය කිරීම් උපයෝගී කරගෙන ඔවුන් මෙම නිගමනයට පැමිණ ඇත.
ශ‍්‍රී ලංකා ජෛව තාරකා විද්‍යා ඒකකයේ පර්යේෂණ අංශයේ අරවින්ද රවිභානු සුමනරත්න මහතා පර්යේෂණය භාරව ක‍්‍රියා කළේය. රොහාන් ඉන්දික විජේතුංග, මොරටුව විශ්වවිද්‍යාලයේ ආතර් සීි ක්ලාක් ආයතනයේ අභ්‍යවකාශ යෙදුම් අංශයේ පර්යේෂණ තාරකා විද්‍යාඥ ජානක අඩස්සුරිය, කැළණිය විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි ආයතනයේ කමල් අබේවර්ධන, යන මහත්වරු ද මේ පර්යේෂණයන්ට එක්වූහ.
සමනොළ කන්දේදී සූර්ය උදාව ‘‘ඉර සේවය’’ ලෙස බොහෝ දෙනෙක් නම්කර ඇත. හිරු උදාවෙන විට ශ‍්‍රීපාද මලූවේ සිටින කෙනෙකුට එහි බටහිර ක්‍ෂිතිජය දෙස බැලූවහොත් ශ‍්‍රීපාද කන්දේ ප‍්‍රතිබිම්බය ත‍්‍රිකෝණාකාරව දැකගත හැකිය. යහපත්වූ කාලගූණයක් පවතින විටක මෙය හොදින් නිරීක්‍ෂණය කළ හැකිය. උදෑසන කාලයේ පරිසයේ ජලවාෂ්ප ඝණත්වය ඉහළ අගයක් ගන්නා නිසා බටහිර ක්‍ෂිතිජයේ් සමනොළ කන්ද ප‍්‍රතිබිම්බය හොදින්ම දැකගත හැකිබව පර්යේෂකයන්ගේ නිගමනයයි. මෙවැනි සිද්ධියක් දැකගත හැකි බවට ලෝකයේ මෙතෙක් සොයාගත් එකම ස්ථානය සමනොළ කදුමුදුන විය හැකියැයි පර්යේෂකයෝ විශ්වාසය පළකරති.
සමනොළ කන්දේ සෙවනැල්ල හා එහි භූගෝලිය පසුබිම සම්බන්‍ධයෙන් 2011 සහ 2012 වර්ෂවල අවාර සමය යොදාගෙන මෙම පර්යේෂණයන් පවත්වා ඇති බව ද පර්යේෂකයෝ කියති. ඒ අනුව 2011 වර්ෂයේ සිට සමනොළ කන්දේ ප‍්‍රතිබිම්බයේ ත‍්‍රිකෝණාකාර පිහිටීම පිළිබදව, චන්‍ද්‍රිකා තාක්‍ෂණය ඇසුරෙන් ලබාගත් දත්ත ද ගබඩාකර පසුව ඒවා විශ්ලේශනය කර මෙම නිගමනයට එනු ලැබීය.
සමනොළ කන්දේ උස මීටර් 2233කි. ඉහත දත්ත අනුව ප‍්‍රතිබිම්බය නිර්මාණය වීම සදහා වස්තුවේ උස මීටර් 275 ක අගයක් ලබාගත හැකි වූ බවත් එය සමනොළ කන්දේ සම්පූර්ණ උසින් අටෙන් එකක අගයක් ගන්නා බව ද පර්යේෂකයෝ පෙන්වා දෙති. එය සමනොළ කන්ද නැගීමේදි හමුවන ආඩියාමළ තැන්නේ (ආඩියාමළ තැන්නට මුහුදු මට්ටමේ සිට උස මීටර් 1958කි) සිට ශ‍්‍රීපාද මලූවට ඇති දුරට සමාන බව ද ඔවුහු පෙන්වා දෙති. සමනොළ කන්දේ ප‍්‍රතිබිම්බයේ පාතනය ශ‍්‍රීපාදස්ථානයට ගමන් කිරීමට ඇති කුරුවිට එරත්න මාර්ගය හරහා සිදුවන බව ද පර්යේෂණය මගින් අනාවරණය වී ඇත. අවාරයේදි සමනොළ කන්දේ ප‍්‍රතිබිම්බයේ ආරම්භක ප‍්‍රදේශයක් ලෙස ගම්පහ දිස්ත‍්‍රික්කයේ ජාඇලට කිලෝ මීටර් දෙදහසක් ඉහළ අහසේ බව හදුනාගැනීමට හැකිවූ බවද පර්යේෂකයෝ කියති.
ශ‍්‍රීපාද වාරයේ සහ අවාරයේ සූර්යා උදාවන ස්ථානය වෙනස් වන නිසා එහි ප‍්‍රතිබිම්බයේ ද විචලනයන් සිදුවන බව දත්ත අනුව පෙනී යන බව ද පර්යේෂකයෝ කියති. එය සාමාන්‍යයක් ලෙස ගත්විට එම විචලනය කොළඹ මධ්‍යයනය ලෙස ගත් විට කිලෝමීටර් විස්සක් උතුරට සහ දකුණට ප‍්‍රතිබිම්බයේ ආරම්භය පෙන්නුම් කරන බවද ඔවුහු පෙන්වා දෙති.
මෙම ගණනය කිරීම්වලදී පර්යේෂකයෝ මීට අවුරුදු අසුවකට පමණ ඉහතදී සමනොළ කන්දේ ප‍්‍රතිබිම්බය සටහන්වීම ගැන තොරතුරු විශ්ලේෂණයට ගෙන තිබේ. 1934 වර්ෂයේදී ඉංග‍්‍රීසි ජාතිකයන් පිරිසක් විසින් ශ‍්‍රීපාද මලූවේ සිට රූගත කරන ලද ශ‍්‍රී ලංකාවේ ගීතය (SONG OF THE CEYLON) නමැති වාර්තාමය චිත‍්‍රපටියේ සමනොළ කන්දේ සෙවනැල්ල ද නිරීක්‍ෂණයන්ට භාජනය කර ඇත. මෙම දත්ත ද පර්යේෂකයන්ගේ දත්ත හා ඉතා සියුම්ව විමර්ශනය කිරීමේදී ශ‍්‍රීපාද ප‍්‍රතිබිම්බය සමද්විපාද ත‍්‍රිකෝණයක් ලෙසට හදුනාගත හැකිවූ බවද පෙන්වා දෙති.
මෙම ශ‍්‍රීපාද ප‍්‍රතිබිම්බය ස්වාභාවික සංඥාවක් (NATURAL SIGNAL) ලෙස පර්යේෂකයෝ හදුන්වති. මෙම දත්ත අනුව ප‍්‍රතිබිම්බයේ පාතනය සමග ශ‍්‍රීපාද බටහිර බෑවුමේ සතුන්ගේ චර්යාමය වෙනසක් සිදුවිය හැකි බවට පර්යේෂකයෝ නිගමනය කරති. ඉදිරි පර්යේෂණයන් එම ක්‍ෂෙත‍්‍ර කෙරෙහි යොමු කරවීමට නියමිත බව ද ඔවුහු කියති.
එසේම මෙම ප‍්‍රතිබිම්බය සහ වායුගෝලීය වස්තූන් අතර සම්බන්ධතාවයක් ඇති බවට පර්යේෂණයේදී පෙනී ගිය බව ද කියති. එංගලන්තයේ ‘‘ස්ටෝන්හෙන්ජි ගොඩනැගීම’’ හරහා එහි සෙවනැලි පාතනය භාවිතායෙන් ද මෙම කාලය ගණනය කළහැකි බව පර්යේෂකයෝ අවධාරණය කරති. ඒ අනුව පෘථිවියේ චලිතයේ කොටස්වන භ‍්‍රමණය, පරිභ‍්‍රමණය පහසුවෙන් ගණනය කළ හැකි බව ද පවසන පර්යේෂකයෝ ඒ මත පිහිටා ලොව පැරණිම ස්වභාවික දින දර්ශනය ලෙස සමනොළ කන්ද සහ එහි ප‍්‍රතිබිම්බය හදුන්වාදීමට තීරණය කළ බව ද කීවේය.
මෙම පර්යේෂණයන් අදියර අටකින් යුක්තය එහි පළමු අදියර නිමාවීමෙන් පසු මෙම නිගමනයට පැමිණ ඇත. ‘‘SESSIONAL SHADOW MOTION OF ADAM S PEAK 2011- 2012 – 1/8 ’’ නමින් පත‍්‍රිකාවක් මගින් මෙම නිගමනය නම්කර තිබේ. මෙම පර්යේෂණ නිගමන තොරතුරු පත‍්‍රිකාව SAIA PACIFIC JOURNAL OF BIOGEOGRAPHY, THE INTER N ATIONAL BIOGEOGRAPHY SOCIETY, SKY සහ TELESCOPE හා NASA යන ආයතන සහ සගරා වෙතද යවා ඇති බව පර්යේෂකයන් වෙනුවෙන් කරුණු දැක්වූ අරවින්ද රවිභානු සුමනරත්න මහතා පැවසුවේ ය.
ප‍්‍රතිබිම්බයක (GPS) චන්‍ද්‍රිකා දත්ත භාවිතාකර මෙවැනි පර්යේෂණයක් සිදුකළ ලොව ප‍්‍රථම අවස්ථාව මෙය බවද පර්යේෂකයෝ කියති. ‘‘අපේ මේ පර්යේෂණ මාලාව හරහා භූගෝල විද්‍යාව, පරිසර විද්‍යාව, සත්ත්ව විද්‍යාව සහ තාරකා විද්‍යාව යන අංශ එකිනෙක බැදුනු අංශ බව ලෝකයට ඔප්පුකර නව විද්‍යාත්මක සොයාගැනීමකට හැකියාව ලැබුණ බව ද පර්යේෂකයෝ කීහ.
සෑම වසරකම අවසානයේ උදුවප් පොහොයෙන් ඇරඹී වෙසක් පොහොයෙන් අවසන් වන සිරිපා සමයත් වෙසක් පොහොයෙන් ආරම්භ වී උදුවප් පොහොයෙන් අවසන්වන සිරිපා අවාර සමයත් අතර ඇති විද්‍යාත්මක වෙනස්කම ගැනත් ‘‘ඉර සේවයේදී’’ දැකිය හැකි සමනොළ කන්දේ සෙවනැල්ලත් ගැන එළඹෙන සිරිපා සමයේ සිරිපා කරුණා කරන සියලූ දෙනාටම හිතන්නට යමක් මෙම පර්යේෂණය තුළින් ඉතිරි කරයි.
සම්මා සම්බුදුරජාණන් වහන්සේ වම් සිරිපා පද්මය සනිටුහන් කිරීමටත් මෙයද හේතුවක් වන්නට ඇතැයි සිතිය හැකිය. එමෙන්ම, අතීතයේ රෝමයේ මහා ඇලෙක්සැන්ඩර් රජු, දාහතරවැනි සියවසේ දේශගවේශකයෙකු වූ ඉබන් බතූතා වැන්නවුන් ද එහි පැමිණෙන්නට ඇත්තේ මේ ආශ්චර්ය නිසාද? අලූත් කතිකාවතකට මේ පර්යේෂණයන් මාර්ගය සකසයි.
එසේම සිරිපා අඩවියේ වෙසෙන වන සතුන් පිළිබද සත්ත්ව විද්‍යාඥයින්ගේ සොයාගැනීම් අනුව සිරිපා අඩවියේ සත්ත්ව විශේෂවල හැඩරුව (ශ‍්‍රීපාද අඩවියේ වන අලි කුරු හැඩයකින් යුතු බව) මෙන්ම චර්යාවන්හි ද වෙනස්කම් ඇති බව අවධාරණය කරඇත්තේ මේ විද්‍යාත්මක හේතූන්දැයි අලූතින් සිතීමට කාලය එළඹ ඇත.

නා රජු විසින් මිනිස් ලොවට රැගෙන බුලත් කොළේ



බත බුලතින් පිරි සෞභාග්‍යමත් රටක්.සෞභාග්‍ය හා සශ්‍රීකත්වය පිළිබඳ කතා කිරීමේදී බුලත් යනු ශ්‍රී ලාංකික අපට නැතුවම බැරි දෙයක් බවට පත්ව ඇත.ආවාහ විවාහ මෙන්ම මංගල අවමංගල ඇතුළු ජන ජීවිතය හා බැඳුණු බොහෝ චරිත්‍ර වාරිත්‍ර සඳහා බුලත් යොදා ගනී.ඒ තරමටම බුලත් අපට සමීප වී ඇත.සිංහලයා අතර බුලත් දෙවැනි වන්නේ බතතට පමණි.එනිසා බුලත් පිළිබඳ තබන සටහනකි මේ.
‘ ‘ Pipe betle L ’’ නම් වූ විද්‍යාත්මක නාමයෙන් හඳුන්වනු ලබන බුලත් ‘ ‘ Piperaceare ’’ නම් කුලයට අයත් නිවර්තන කලාපීය ශාකයකි. ලංකාවේ සෑම ප්‍රදේශයකම බුලත් වගා කළ හැකිය. මේ නිසා අතීතයේ සිටම සෑම සිංහල නිවසකම බුලත් වැලක් පුවක් ගස් කිහිපයක් සිටුවා ගැනීම සිදුකෙරේ.
සිංහල සංස්කෘතියෙහි පමණක් නොව ඉන්දියාව, බුරුමය, පිලිපිනය, පාකිස්ථානය, බංගලාදේශය යන වෙනත් රටවලද බුලත් කැමට පමණක් නොව වෙනත් විවිධ අවස්ථාවලදි ද එය භාවිත කරයි. සිංහල සමාජයේ බුලත් යනු විට කැමට ගන්නා කොළ විශේෂයක් පමනක් නොව ඊට වඩා ගැඹුරු අර්ථ ගෙන දෙන දෙයක් බව පෙන්නුම් කෙරේ.
කටේදී බුලත් විට, පිළිගන්වන විට බුලත් අත, ඉනේදී බුලත් පයිය, ගෙදරදී බුලත් හෙප්පුව, මඟුලකදී බුලත් තට්ටුව, අවමඟුලකදී ඉලත්තට්ටුව, ගමනක් යන විට බුලත් මඩිස්සලේ, ආගමික කටයුතු වලදී දැහැත් වට්ටිය,දේවාලයේදී දළු මුර, කුඹුරේදී බුලත් පෙට්ටිය, කාන්තාවන් ලඟදී බුලත් හැඹිලිය ආදී වශයෙන් බුලත් විවිධාකාරයෙන් ජන ජීවිතය හා බැඳී පවතී. සිංහලුන් අතර පමණක් නොව, ලෝකයේ බොහෝ රටවල් අතරද බුලත් ඉතා ජනප්‍රිය කෑමකි. මෙරට ප්‍රධාන අපනයන බෝගයක් වන බුලත් වල ප්‍රධාන ගැනුම්කරුවා පකිස්ථානය වේ.
ශ්‍රි ලාංකිකයන්ගේ බුලත් සැපීමේ පුරුද්ද ක්‍රි.පූ.340 තරම් ඈතට දිව යයි. රටේ මුල් පුරවැසියාගේ පටන් සාමාන්‍ය වැසියා දක්වාම කිසිදු භේදයකින් තොරව බුලත් සැපීම සිදු කරනු ලැබ ඇත. ස්ත්‍රි පුරුෂ භේදයකින් තොරව විවිධ වැඩ රාජකාරි වලදී මෙන්ම කෑමට පෙර හා පසුවද නින්දට යාමට පෙරද බුලත් සැපීමට ඇතමෙක් පුරුදුව සිටිති. පුද්ගලයාගේ රුචිකත්වය අනුව විවිධ අවස්ථාවල බුලත් සැපීම සිදු කරනු ලබයි.
වර්ථමානය වන විට මිනිසුන් බුලත් සැපීම සඳහා පුවක්, හුණු, දුම්කොළ ආදිය බහුලව යොදා ගනියි.එහෙත් ආයුර්වේදය එය එතරම්ම අනුමත නොකරයි.ආයුර්වේදයට අනුව කරාබු නැටි, සාදික්කා, වසාවාසී හා ඉගුරු පියළි ආදිය බුලත් සැපීම සඳහා යෝග්‍ය වන බවයි සඳහන් කරන්නේ.එය එසේ වී නමුත් අද වන විට බුලත් විට සඳහා මිනිස් ශරීරයට අහිත කර දෑම එකතු කර තිබීම අවාසනාවකි.එකල පුද්ගලා බුලත් විටක් සැපූ විට හමා ආ සුවඳත් අද බුලත් විට හපන කෙනා අතරත් ඇත්තේ අහස පොළොව තරම් ඈතකි.ඒ තරමටම බුලත් විටද අද වෙනස් වී වාණිජ දෙයක් පමණක් බවට පත්ව තිබේ.
බුලත් කොළයේ සම්භවය සිදුව ඇත්තේ මැලේසියාව ආශ්‍රිත නැගෙනහිර ආසියාතික කලාපයේ බවට විශ්වාසයක් පවතී.එමෙන්ම අරිබි වෙළෙදුන් විසින්ද මෙය ලංකාව ඇතුළු ආසියාත්ක රටවලට දායාද කළේ යැයිද මතයක් පවතී.එම විශ්වාසය එසේ වී නමුත් ලාංකික අපට අසල්වැසි රට වූ ඉංදියාවෙන් මෙය සංකුමණය වූ බව කියවේ.ඉංදියානු සංස්කෘතිය තුළද බුලත් සැපීම ප්‍රධාන අංගයක් ලෙස දැකිය හැකිය. හින්දු විශ්වාසයට අනුව තමන්ට බුලත් ලැබුණේ දිව්‍ය ලෝකයෙන් බව විශ්වාස කරති. දිව්‍ය ලෝකයේ සිට “අර්ජුන“ නම් දිව්‍ය කුමාරයෙකු විසින් බුලත් රැගෙන විත් තිබේ.
ලාංකික අපගේ විශ්වාසය මහා සම්මත රජුගේ මැණික්පාලි බිසවට ඇති වූ දොළදුකක් නිසා එය සංසිඳ වීමට නා රජු විසින් බුලත් මිනිස් ලොවට ගෙන ආ බවයි. බුලත් නාග ලොවින් අපට ලැබුණු බවත් නාගයාගේ මුඛයෙන් අල්ලා මෙලොවට බුලත් ගෙන ආ බවත්ය. නාගයාගේ මුඛයෙන් අල්ලා බුලත් ගෙන ආ බැවින් බුලත් කොළයේ අගිස්සෙහි විෂ ඇතැයි ජනයා තුළ විශ්වාසයක් පවතී.මේ හේතුවෙන් අදටද බුලත් කන සෑම අයෙකුම බුලත් කෑමට පෙර බුලත් කොළයේ අගිස්සෙන් කඩා දමනු දැකිය හැකිය.බුලත් නාග ලොවින් ලුනු හෙයින් බුලත් කොරටුවෙන් කඩා ගන්නා මුල්ම බුලත් කොටස කැලණි විහාරයට පුජා කිරීමට පුරුදුව සිට ඇත.බොහෝ නිවෙස් වල බුලත් වැලක් හො දැකිය හැකි අතර ඉන් කඩා ගන්නා මුල්ම බුලත් කොළ කිහිපය බුද්ධ පුජාව සඳහා එක් කිරීම අදටද දැකිය හැකිය.බුලත් නාග ලොවින් ආ නිසාවෙන් නාගවල්ලී ලෙසද නාගලතා ලෙසද හදුන්වයි.
ගුරු දෙගුරු වන්දනයේ පටන් විවිධ පිළගැනීමේ අවස්ථාවන්හිදී පවා අප බුලත් අත භාවිතා කරයි.මෙහිදී බුලත් අතක් නොහොත් බුලත් හුරුල්ලක් යනු කොපමණක්ද ? බුලත් අතක් සඳහා කොළ කීයක් උවමනාද යන්න විවිධ මත පවතී.වර්තමානයේ පහත රට ප්‍රදේශයේ නම් බුලත් අතක් සඳහා බුලත් කොල 40 ක් අඩංගු විය යුතු බව විශ්වාස කරයි.බුලත් කොළ 40 කතාවේදී චුලෝදර මහෝදර කතාව නොකියාම බැරිය.මන්ද චුලෝදර මහෝදර ගැටුම සමථයකට පත් කිරීම සඳහා බුලත් කොළ 40ක් ගෙන දෙදෙනා අතර කොළ 20 බැගින් ලබා දී ගැටුම සමථයකට පත් කොට සමගියෙහි ඇති අගය පහදා දී ඇති බව පැවසේ.එක් පාර්ශවයකට ලබාදුන් බුලත් කොළ 20 න් අතේ ඇගිලි 10 හා පාදයේ ඇගිලි 10 නියොජනය වෙයි. නමුත් උඩරට ප්‍රදේශවලදි හෝ මිටියක් වශයෙන් ගෙන බුලත් අත පිළිගැන්වීම සිදු කරයි.
නාගවල්ලී, ගල් දළු බුලත්, ගැට කෝටු බුලත්, වැල් බුලත්, රට දළු බුලත් නොහොත් රට බුලත්, ගස් බුලත්, කහ කීරිය බුලත්, මැටි පලා බුලත්, ගැරඬි මානේරු, මහ මානේරු හෙවත් කහ මානේරු ලෙස බුලත් වර්ග රැසක් හදුනාගත හැකිය.බුලත් සැපීමේ පුරුද්ද නිසා ඊට අවශ්‍ය ආම්පන්න රැසක්ද නිපදවීය. ඒ අතර බුලත් හෙප්පුව, හුණු කිල්ලෝටය, ගිරය, පඩික්කම පෙන්වාදිය හැකිය.අද වන විට ලොකු කුඩා භේදයකින් තොරව සෑම නිවසකම ඉලත්තට්ටුවක් දැකිය හැකිය.
වර්තමානයේ බුලත් කෑමේ අවිධිමත් ක්‍රමය හේතුවෙන් යම් යම් මුඛ ආශ්‍රිත රෝග ඇතිවෙන බවට සමීක්ෂණ තුළින් සොයැගෙන ඇති බව අප කවුරුත් දන්නා රහසකි.ඒ බුලත් සමග පුවක්,හුණු හා දුම් කොළ බුලත් සමග ආහාරයට ගැනීමයි.බුලත් සමග ආහාරයට ගන්නා හුණු පිළිකා ඇතිකිරීමට තරම් බලවත් බව සඳහන් වෙයි.
පුරාණ කල මිනිසා බුලත් සැපීම සිදුකර ඇත්තේ කරාබු නැටි, සාදික්කා, වසාවාසී හා ඉගුරු පියළි ආදිය සමග වන අතර යම් යම් මුඛ රෝග සඳහා බෙහෙතක් ලෙසද භාවිත කොට තිබේ. බුලත් කෑමෙන් වා, පිත්, සෙම යන තුන් දොස් සමනය කරන බව අයුර්වේදයේ සඳහන් වන අතර අායුර්වේද ග්‍රන්ථ වල බුලත් කෑම සෞඛ්‍යාරක්ෂිත ආහාරයක් ලෙසද සැලකෙයි. නමුත් බුලත් සමග හුණු හෝ දුන්කොළ එක් කිරීමක් පිළිබඳ සඳහනක් නොවේ. ලන්දේසීන් විසින් මෙරටට දුන්කොළ හදුන්වා දීමත් සමග බුලත් විට සඳහා එක්වන්නට ඇත. එනිසා හුණු හා දුන්කොළ බුලත් විට සඳහා මෑත කාලයේ ආගමනය වූ ඒවා ලෙස සැලකිය හැකිය.
ආයුර්වේදය තුළ “තාම්බූල වටිකාව“ ලෙස බුලත් විට හදුන්වා ඇත.“චරක සංහිතාවේ“ සඳහන් වෙන ආකාරයට බුලත් හැපීම තුළින් උගුර ආශ්‍රිත රෝග,විදුරු මස් අශ්‍රිත රෝග මෙන්ම මුඛයෙන් හමන දුර්ගන්ධය නැති කර ගැනීමට උපකාරී වෙන බව කියවෙයි. “සුශ්‍රැත සංහිතාවේ“ සඳහන් වෙන ආකාරයට උදෑසන අවදි වූ විට, ආහාර ගැනීමට පෙර හෝ පසු බුලත් විටනක් සැපීම යෝග්‍ය වන බවත්,වමනය වැනි අවස්ථාවලදීද බුලත් විටක් සැපීම යෝග්‍ය බව කියවෙයි.ක්‍රි.ව.7 හො 8 වැනි සියවසේ පමණ ලියවුණා යැයි සැලකෙන “අෂ්ඨාංග හෘර්ද සංහිතාව නම් ආයුර්වේද ග්‍රන්ථයේද මෙය තහවුරු කර තිබේ.
එදා පටන්ම ලාංකික ගැමි සමාජය අතරද, බුලත් විට සැපයූ බව විවිද වාර්තාවලින් පැහැදිලි වේ. රොබට් නොක්ස් ලංකාව පිළිබඳ ලියන ලද ග්‍රන්ථවල සඳහන් කොට ඇත්තේ ශ්‍රී ලාංකිකයින් රාත්‍රී නින්දට යන්නේද බුලත්විටක් කටේ තබා ගෙන බවයි. විවිධ සෙල්ලිපි තුලින් ද බුලත් පිළිබද ඓතිහාසික බව සඳහන් වීමද විශේෂයකි. තෝනිගල සෙල් ලිපියේද දිනපතා විහාර වන්දනා ව සඳහා ගෙන යායුතු දෑ අතර, දැහැත්විට නොහොත් බුලත් විටද ගෙන යායුතු බව සඳහන් කොට තිබේ. මහාවංශය, ථූපවංශය, සද්ධර්මාලංකාරය, පූජාවලිය වැනි ග්‍රන්ථ තුලද ලාංකිකයා ආදි කල සිටම බුලත් සැපයූ බවට සාක්ෂි සපයයි. මේ නිසා බුලත් යනු ලාංකික ජන ජීවිතයට නැතුවම බැරි අංගයක් බව පත්වී හමාරය.
සටහන හා ඡායාරූප සුරියවැව නුවන් ජයසේකර

සන්ධි ඉදිමුමට සේර හොදයි

සේර යනු ආසියාතික රටවල වැඩෙන සිහින්, දිගු පත්‍ර සහිත බහුවාර්ෂික ශාකයකි. එහි නමට (lemongrass) අනුව ඒවා පැගිරි සුවද විහිදවයි. නමුත් එහි රස...