පොහොසත් වීමට අපි හැම දෙනාම කැමතියි. සමහර වෙලාවට කොච්චර පොහොසත් වුනත් ඇති වෙන්නේ නැහැනේ. ඔබත් පොහොසත් වීමට සිතාගෙන ඉතා මහන්සියෙන් වැඩ කරමින් මුදල් උපයනවා ඇති. අද අපි කියන්න යන්නේ පොහොසත් වෙන්න උත්සහ කරන අයට බාධා කරන කරුණු 07 ක් ගැනයි. ඔබ අතිනුත් මේ දේවල් සිදු වෙනවා නම් එය ඔබව පොහොසත් කෙනෙකු වීමට බාධා කරයි
01) මුදල් ඉපයීමට වඩා මුදල් ඉතිරි කිරීම පිලිබඳ සිතීම
පොහොසත් වීමට නම් මුදල් ඉතිරි කිරීම ඉතා වැදගත් වේ. එහෙත් ඔබ මුදල් ඉපයීම අමතක කර මුදල් ඉතිරි කිරීමට යනවා නම් ඉන් ඵලක් නොවේ.
එහෙත් එයින් ඔබ මුදල් ඉතිරි නොකල යුතු බව අදහස් නොවේ. ඔබ මුදල් ඉතිරි කිරීම සහ මුදල් ඉපයීම සමානව කල යුතුය. ඔබ සතුව මුදල් රාශියක් නැති අවස්ථාවල ඔබ ඒ පිළිබඳ සිතමින් වද විය යුතු නැත. එවිට ඔබ කළ යුත්තේ මුදල් ඉපයීමට අවධානය යොමු කිරීමයි. ඉන් පසු ඔබ සතුව වැඩි මුදලක් ඇති විට ඒවා ඵලදායි ලෙස ඉතිරි කිරීමට කටයුතු කරන්න.
02) ආයෝජනය නොකිරීම
වැඩි මුදලක හිමිකාරයකු වීම සඳහා වඩාත් කර්යක්ෂම ක්‍රමයක් වන්නේ මුදල් ආයෝජනය කිරීමයි. ප්‍රමාද නොවී ඉක්මනින් මුදල් ආයෝජනය කිරීම ආරම්භ කරන තරමට වැඩි ප්‍රතිඵල ද ලබා ගත හැක.
ඔබ උපයන මුදල් නිකන් රැස් කරගෙන සිටිනවාට වඩා එම මුදල් ඵලදායී ලෙස ආයෝජනය කිරීමෙන් ඔබ වඩා පොහොසත් වනු ඇත.
03) ඔබට දරා ගත නොහැකි තරම් මිල අධික දෑ මිලදී ගැනීම
ඔබ ඔබට දරා ගත නොහැකි අන්දමේ මිළ අධික භාණ්ඩ මිලදී ගන්නේ නම් ඔබ කෙතරම් මිළ මුදල් ඉපයුවද ඔබට පොහොසතෙක් වීමට නොහැකිය. ඔබ උපයන මුදල ක්‍රමයෙන් වැඩි වනවාත් සමගම ඔබ ඔබගේ අවශ්‍යතා ද වැඩි කර ගතහොත් ඔබට ඉතිරි කල හැකි ප්‍රමාණය අඩු වේ. එනිසා ඔබ කෙතරම් මිළ මුදල් ඉපයුවද ඔබට දරා ගත හැකි ප්‍රමාණයට පමණක් වියදම් කිරීමට සිහි තබා ගත යුතුය.
04) වෙනත් කෙනෙකුගේ සිහින පසුපස හඹා යාම
ඔබට සාර්ථක පුද්ගලයකු වීමට අවශ්‍ය නම් ඔබට ඔබගේම සිහින තිබිය යුතුය. ඔබ ඔබගේ සිහින පසෙකලා වෙනත් කෙනෙකුගේ සිහින පසුපස හඹා යන්නේ නම් ඔබට සාර්ථක විය නොහැකිය. උදාහරණයක් ලෙස ඔබ ඔබේ අසල්වැසියාගේ හෝ ඔබේ යහළුවාගේ හෝ සිහින වලට ආසා වී ඒවා සැබෑ කර ගැනීමට උත්සහ දරන්නේ නම් එවැනි බොහෝ අවස්ථාවල ඔබට ඒවා සැබෑ කර ගත නොහැකි වනු ඇත. එවිට ඔබ ඔබ පිළිබඳවම කලකිරීමටත් පසුතැවීමටත් පත් වේ. එවිට ඔබට ඔබේ සිහින ද අහිමි වේ. එනිසා ඔබට පොහොසතෙක් වීමට නම් ඔබේ සිහිනයක් තබා ගෙන එය සැබෑ කර ගැනීමට උත්සහ කරන්න
05) මුදල් සඳහා නිශ්චිත අරමුණක් නොවීම
මුදල් කියන්නේ නිකන් ඉඳලා හම්බ කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒ සඳහා මහන්සි වී වැඩ කිරීමට සිදු වෙනවා. ඒ වගේම ඔබට පොහොසත් වීමට අවශ්‍ය නම් ඔබ උපයන ඒ මුදල් සඳහා ඔබට නිසි ඉදිරි සැලැස්මක් ද තිබිය යුතුයි.
ඔබ මුදල් උපයන්නේ කුමකටද, ඒ මුදල් භාවිතයේ යොදවන්නේ කෙසේද, වැඩි ලාභයක් ලැබෙන සේ එම මුදල් ආයෝජනය කරන්නේ කෙසේද ආදිය පිලිබඳ ඔබට නිසි අරමුණක් තිබිය යුතුය. එසේ නොමැති විට ඔබ රැස් කරන ධනය නාස්ති වී ඔබටම නොදැනී ඔබ සිටියාටත් වඩා දුප්පත් අයෙකු බවට පත් විය හැක. එනිසා සැම විටම ඔබේ මුදල් සඳහා නිශ්චිත අරමුණක් තබා ගන්න.
06) පළමුව වියදම් කර දෙවනුව ඉතිරි කිරීම වැරදියි.
බොහෝ දෙනෙකුට මුදල් ලැබුනම ඉස්සෙල්ලම කරන්නේ හිතේ හැටියට මුදල් වියදම් කරන එක. ඊට පස්සේ තමයි ඉතුරු කිරීම ගැන හිතන්නේ. හැබැයි මෙහෙම කලාම ගොඩක් වෙලාවට ඉතුරු කරන්න ප්‍රමාණවත් තරම් මුදලක් ඉතුරු වෙන්නේ නැහැ. ඒ නිසා ඔබ පළමුවෙන්ම කළ යුත්තේ මුදල් ඉතුරු කිරීමයි. ඉන් පසුව ඉතිරි වන මුදල වියදම් කිරීමෙන් ඔබට මුදල් නිසි පරිදි කළමනාකරණය කර ගත හැක.
07) තමා පිලිබඳ විශ්වාසය තැබිය යුතුය.
බොහෝ පුද්ගලයන් තුළ ඇති දුර්වලතාවයක් වන්නේ තමා පිළිබඳ විශ්වාසයක් නොමැති වීමයි. බොහෝ දෙනාගේ මතය වන්නේ සෑම දෙයක්ම ලැබෙන්නේ වාසනාව ඇති අයට පමණක් බවයි. මෙලෙස ඔබට ඔබ පිළිබඳ අවතක්සේරු කොට සැලකීම ඔබගේ කටයුතු අසාර්ථක වීමට හේතුවකි. එනිසා තමන්ට ඕනෑම දෙයක් කල හැකිය යන විශ්වාසය ඇතිව අධිෂ්ඨානයෙන් යුතුව ක්‍රියා කළහොත් ඔබට නිසැකවම සාර්ථක විය හැකිය.