සන්ධි ඉදිමුමට සේර හොදයි



සේර යනු ආසියාතික රටවල වැඩෙන සිහින්, දිගු පත්‍ර සහිත බහුවාර්ෂික ශාකයකි. එහි නමට (lemongrass) අනුව ඒවා පැගිරි සුවද විහිදවයි. නමුත් එහි රසය වෙනස්ය. එහි මද පැණිරස ගතියක් ඇත. එසේම එය fevergrass ලෙසද හදුන්වයි. එය ආසියාතික සංස්කෘතිය තුළ බොහෝ ලෙස යොදා ගැනේ. එය විටමින් B, C සහ A, Zinc, folic acid, magnesium, manganese, calcium, potassium, copper, phosphorus සහ iron වැනි පෝෂ්‍ය පදාර්ථ වලින් අනුනය. කෙසේ වුවද මෙය ඖෂධිය ගුණ වලින්ද යුතුය.
ආතරයිටිස් සදහා
රක්තවාතය, ආතරයිටිස්, රුමැටික්, සන්ධි වේදනා, ඔස්ටියෝ ආතරයිටිස් වැනි තත්ත්ව දුර්වල කරන උෂ්ණ ප්‍රතිරෝධී, නිර්වේදනික සංයෝග මෙහි අඩංගුය. එසේම සේර සන්ධි වේදනා හා ඉදිමුමට බලපාන එන්සයිම වල ක්‍රියාකාරිත්වය මන්දගාමී කරයි.
උණ හා සෙම්ප්‍රතිශ්‍යාව
සේර වල පවතින දිලිර විරෝධී හා බැක්ටීරියා ප්‍රතිරෝධී ගුණ වලට සාමාන්‍ය උණ, කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව, වැනි තත්ත්ව වලට විරුද්ධව ක්‍රියා කළ හැක. තවද විටමින් C බහුල බව ප්‍රතිශක්තිය ජනනය කරන අතර අසාදන වලක්වයි.
සේර එක්වුනු සෙම් ආදිය පිට කිරීමට උපකාර වේ. සේර වලින් යුත් තේ, ඇදුම හා ශ්වසන නාලිකා ප්‍රදාහ ගැටළු සදහා වැදගත් වේ.
ජීර්ණය පහසු කරයි
එය ජීර්ණ පද්ධතියට උපකාරී වේ. ජීර්ණ පධතියේ ඇති බැක්ටීරියා හා පරපෝෂිතයන් විෂ බිජ නාශක මගින් විනාශ කර ජීර්ණය පහසු කරයි. එම නිසා එය වමනය, වාතය පිරිම, උදර වේදනා, පපුව දැවිල්ල, මල බද්ධය, අජීර්ණය, බඩ පිපිම වැනි ජීර්ණ ගැටළු සදහා ප්‍රතිකාර කරයි. ගැස්ට්‍රික් තත්ත්ව වලදී ප්‍රති ක්ෂුද්‍රජීවී ගුණ නිසා වේදනාව සමනය වේ. වැඩි ප්‍රතිපල සදහා සේර සහිත තේ දිනපතා පානය කළ යුතුය.
කොලෙස්ටරෝල්
කොලෙස්ටරෝල් විරෝධී ගුණ කොලෙස්ටරෝල් මට්ටම අඩු කරන අතර ලේ දහරාවට ගමන් කරන කොලෙස්ටරෝල් අවම කරයි. ලේ නහරවල තැන්පත් වන කොලෙස්ටරෝල් මට්ටම ද වලක්වයි.
සොයාගැනීම් වලට අනුව අධික කොලෙස්ටරෝල් මට්ටමක් ඇති පුද්ගලයන් දිනපතා 140 mg සේර අන්තර්ගත කරල් භාවිතය මගින් කොලෙස්ටරෝල් මට්ටම අඩු කර ගෙන ඇති බව සනාථ වේ. තවද එහි ඇති අධික පොටෑසියම් රුධිර පීඩනය ක්‍රමවත් කරයි.
පිළිකා
මෙහි ඇති ප්‍රතිඔක්සිකාරක ගුණ පිළිකා තත්ත්ව වලකන අතර අත්‍යන්ත හානිද වලක්වයි. සේර පිළිකා සෛලද විනාශ කරයි.
සෞඛ්‍යමත් සෛල විනාශ නොකර, සේර ශාකයේ citral නම් කොටස apoptosis උත්තේජනය මගින් පිළිකා සෛල නාශනය කරයි. තවද 2008 වසරේදී කරන ලද අධ්‍යනයකට අනුව citrol පියයුරු පිළිකා වර්ධනය ද අඩාල කරන බව හෙළි වී ඇත.
අන්තර්ජාලයෙනි

කුකුළු මස් හා පීකුදු ගැන පර්යේෂණයකින් හෙළිවුන දේවල්



“අනේ පුතේ ඉක්මනට ලොකු වෙන්න නම් බත් විතරක් කාලා බෑ. මේ මස් කෑල්ලත් කන්නැයි බොහෝ මව්වරු තම දරුවන්ට බත් කැවීමේදී කියති. එමෙන්ම අසීරුවෙන් මුදල් සොයා විශේෂ ආහාරයක් ලෙස ගෙදරට ගෙන එන කුකුළු මස් කිලෝවේ පීකුදු කොටස වෙන්කර ගෙන දරුවාගේ බත් පිඟානට බෙදීමට අම්මලා අමතක නොකරති. තවත් පවුල්වල පීකුදු කොටස වෙන්වනුයේ ගෙදර සිටින ගැබිනි මව හෝ රෝගී දෙමාපියන් වෙනුවෙනි. ඒ කුකුළු මස් සහ විශේෂයෙන්ම පීකුදුවල ඇති ඉහළ ‍ප්‍රෝටීන ගුණය ගැන අප දිගුකලක සිට දන්නා බැවිනි. එහෙත් එලෙස ළබැඳියන්ට ලබාදෙනුයේ මරණීය විෂ කැටිවූ දෙයක් බව අප නිකමටවත් සිතන්නේ නැත. නමුත් දේශීය වෙළෙඳ‍පොළේ ඇති කුකුළු මස් ඔබ සිතනා තරම් සෞඛ්‍යාරක්ෂිත නොවනා බව දැන් තහවුරුව ඇත. මේ ඔබ කියවන්නේ දිව පිනවන රසට වස මුසු වීමේ එකී කතාන්දරයයි.
ලාංකික සමාජය තුළ ගොවිපලවල ඇති කරන කුකුළන්ගේ මස් පිළිබඳව මුල් කාලයේ කිසිදු සැකයක් තිබුණේ නැත.
එකල අප එය සැලකුවේ වඩාත් පිරිසිදු, සෞඛ්‍ය සම්පන්න ආහාරයක් ලෙසය. ඇතැම්හු එය ගම් කුකුළු මස්වලටත් වඩා සෞඛ්‍යවත් ආහාරයක් ලෙස සැලකූහ. නමුත් පසුකාලීනව ගොවිපළවල කුකුළන්ට ලබාදෙන වර්ධක හෝමෝන නිසා මිනිසුන්ට අධික ස්ථුලභාවය වැනි රෝග ඇතිවන බවත්, දැරියන් ඉක්මනින් වැඩිවිය පත්වන බවටත් සමාජයේ මත පැතිරෙන්නට විය. කුකුළු මස් පිළිබඳ ලාංකිකයෝ සැකෙන් බලන්නට පුරුදු වූයේ ඉන් පසුවය.
කටින් කට පැතිරෙන්නට වූ කතා නිසාම කුකුළු මස් පිළිබඳ විද්‍යාත්මක පර්යේෂණයක නියුතුවීම කාලීන අවශ්‍යතාවක් විය. ඒ කුකුළු මස්වල යම් අහිතකර සංඝටකයක් වේ නම් ඉන් පාරිභෝගිකයන් ආරක්ෂා කර ගැනීමටත් එවැන්නක් නොමැති නම් කටකතා මගින් මස් නිෂ්පාදන ආයතනවලට වන හානියද මගහැරීමටත් එවැනි පරීක්ෂණයකට හැකියාව ඇති බැවිනි. අවසන එකී ජාතික වගකීම පැවරුණේ මහනුවර හන්තාන මූලික අධ්‍යයන ආයතනයටය. එහි ‍පෝෂණය හා ෙජෙව රසායනය පිළිබඳ පර්යේෂණ ඒකකය මගින් එකී පරීක්ෂණ මීට කලකට පෙර ආරම්භ කරන ලදී. එහි අංශ ප්‍රධානී ආචාර්ය රුවිනී ලියනගේ ඒ පිළිබඳ පවසනුයේ මෙසේය.
වෙළෙඳ‍පොළේ තිබෙන කුකුළු මස් නිෂ්පාදනවල මිනිස් සිරුරට හානිකර රසායන ද්‍රව්‍ය අඩංගු වන බවට සමාජ මතයක් ගොඩනැගුණා. එබැවින් විද්වත් පර්යේෂණ කණ්ඩායමක් ලෙස මේ පිළිබඳ විද්‍යාත්මක පරීක්ෂණයක් කිරීම අපේ වගකීම වුණා. නමුත් මෙවැනි කටයුත්තකට විශාල සම්පත් දායකත්වයක් අවශ්‍යයි. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සත්ව විද්‍යා අධ්‍යයන අංශයේ ‍‍‍ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය බරණ ජයවර්ධනත් අපට මේ පරීක්ෂණයට විශාල දායකත්වයක් ලබාදුන්නා මෙම පර්යේෂණය සඳහා දේශීය වෙළෙඳ‍පොළේ අලෙවි වන කුකුළු මස් නිෂ්පාදනවලින් නියැදි ලබා ගැනීමට සිදුවිය. ඒ සඳහා ප්‍රධාන සන්නාම තුනක පමණ නියැදි වෙළෙඳ‍පොළෙන් ලබා ගත් බව ආචාර්ය රුවිනි ලියනගේ පවසන්නීය. ඊට අමතරව එම නියැදි විවිධාකාර මාංශ නිෂ්පාදන ආවරණය වන පරිදී ලබා ගන්නා ලදී. ඒ අනුව ප්‍රධාන වශයෙන් කුකුළන්ගේ ළැම (Brest), පීකුදු (Liver) සහ වැලි බොක්ක (Gizzard) යන කොටස්වල නියැදි ලබා ගැනීම සිදුවිය. මෙහිදී මෙම වර්ග තෝරා ගැනීමට විශේෂ හේතුවක්ද විය. ඒ අතර ළැම, පීකුදු හා වැලි බොකු සඳහා වෙළෙඳ‍පොළේ පවතින ඉහළ ඉල්ලුමක් පැවැතීමද විශේෂයෙන් සලකා බලන ලදී.
මෙවැනි පර්යේෂණයක ප්‍රතිඵලය වඩාත් නිවැරදි වීම අනිවාර්යය. එබැවින් මේ පර්යේෂණය සඳහා ජාත්‍යන්තර තත්ත්වයේ උපකරණ මෙන්ම පර්යේෂණ ක්‍රමවේදයන්ද භාවිත කරන ලදී.
දේශීය වෙළෙඳ‍පොළෙන් ලබාගත් කුකුළු මස් නියැදි පරීක්ෂණයට ලක් කිරීමේදී ලැබුණු ප්‍රතිඵලය පුදුම එළවන සුලු විය. ඒ එක් නියැදියක ‘ආසනික්’ නම් බැර ලෝහය ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශිත මට්ටම ඉක්මවා ගොස් ඇති බව පර්යේෂණවලින් තහවුරු වූයේය. මෙය වූ කලී ඉතා බරපතළ තත්ත්වයකි. මන්ද යත් එලෙස ආසනික් ලෝහය අධි සාන්ද්‍රණයෙන් වාර්තා වූයේ කුකුළු පීකුදු (Liver)වලය. මෘදු බව සහ රසය නිසා කුඩා දරුවන්ගේ සිට වයෝවෘද්ධ පුද්ගලයන් තෙක් සෑම පරාසයකම ජනයා පීකුදු ආහාරයට ගැනීමට දක්වනුයේ මහත් රුචියකි.
එවැනි ආහාරයක ආසනික් වැනි විසක් පැවතීම ඉතා භයානක බව අමුතුවෙන් කිව යුතු නොවේ.
පර්යේෂණ කණ්ඩායමේ ඊළඟ අභියෝගය වූයේ කූඩුකර ඇති කරනා කුකුළන්ගේ සිරුරට ආසනික් ඇතුළු වූයේ කෙසේද යන්න සෙවීමයි. මෙහිදී පර්යේෂණ කණ්ඩායමේ සැකය මුල සිටම යොමු වූයේ කුකුළන්ට ලබාදෙන ආහාර පිළිබඳවය. ඒ පිළිබඳ ගැඹුරින් කළ සොයා බැලීමේදී වාණිජ කුකුළු ගොවිපළවල භාවිත කරනා ප්‍රධාන ආහාර දෙකක් හඳුනා ගැනීමට
පර්යේෂණ කණ්ඩායමට හැකිවිය. ගොවිපළවල කුකුළෝ ජීවිත කාලය පුරාම මෙකී ආහාර ද්‍රව්‍ය දෙක මත යැපෙන අතර එකී ආහාර සඳහා කාබනික හා ඛනිජ ලවණද එක් කරනා බව තහවුරු කර ගැනීමටද පර්යේෂණ කණ්ඩායමට හැකි වන්නේය. ඒ අනුව එම ඛනිජ ලවණ එක් කිරීමේදී ඊයම් (Pb) ආසනික් (As) කැඩිමියම් (Cd) යන බැර ලෝහ කුකුළු ආහාරවලට එක්වේදැයි පර්යේෂකයෝ සොයා බැලූහ.
ඒ සොයා බැලීමේදී බ්‍රොයිලර් කුකුළන්ට දෙනු ලබන ඇතැම් ආහාරවල එම බැර ලෝහ අධිකව අඩංගු බව තහවුරු කර ගත හැකි විය.මෙම පර්යේෂකයන්ගේ අවධානය ඊළඟට යොමු වූයේ ගොවිපළ කුකුළන්ට වැලඳෙන විවිධ ඌනතා රෝග වළකාලනු වස් කුකුළු කෑම සමග අංශුමාත්‍ර ලෙස මුසු කරනා කොපර් (Cu) මැග්නීසියම් (Mg) වැනි මූලද්‍රව්‍ය ප්‍රමාණය ඉක්මවා කුකුළු කෑම තුළ අඩංගු දැයි සොයා බැලීමටය. එකී ප්‍රතිඵල අනුව කුකුළු මස්වලට ආසනික් මුසුවනුයේ අන් කිසිවක් නිසා නොව කුකුළු ආහාරවලට එක් කරනා පෙරකී මූලද්‍රව්‍ය නිසා බව තහවුරු විය.
සත්ව ආහාර සඳහා ප්‍රමිතියෙන් තොර අමුද්‍රව්‍ය යොදා ගැනීම, පිරිසිදු පානීය ජලය කුකුළන්ට ලබා නොදීම වැනි කරුණු නිසා කුකුළන්ගේ ආසනික් ශරීරගත වීම වඩාත් වේගවත් වෙයි.
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයෙන් අප මේ පිළිබඳව කළ විමසීමේදී කුකුළු මස් සඳහා SLS1161-2003 (paultry Meat) යන ප්‍රමිති සහතිකයද කුකුළු ආහාර සඳහා SLS244 (Compund paultry Feeds) යන ප්‍රමිති සහතිකයද පවතින බව සඳහන් විය.
එහෙත් වෙළෙඳ‍පොළේ විවිධ සන්නාම යටතේ මෙන්ම සන්නාම රහිතවද ගජරාමෙට අලෙවි වන කුකුළු මස් හා මංශ කොටස්වල අදාළ ප්‍රමිතිය තිබේදැයි සොයා වැටලීම් කරන බවක් නම් දකින්නට නැත. මෙම තත්ත්වය අනුව කුකුළු මස් මිලට ගැනීමේදී එහි පීකුදු කොටස බැහැර කිරීම ඔබේ පවු‍ලේ සෞඛ්‍ය කෙරෙහි හිතකර ලෙස බලපානා බව කිව හැක. ඊට අමතරව වෙළෙඳ‍පොළෙන් කුකුළු පීකුදු (Chiken Liver) පමණක් මිලට ගැනීමෙන් වැළකීමද ඉතා වැදගත්ය. කෙසේ වෙතත් පීකුදුවල ඇති ඉහළ ‍ප්‍රෝටීන ප්‍රමාණය නිසාම, කුඩා දරුවන්, ගැබිනි හා කිරිදෙන මව්වරුන්, රෝගීන් වැනි සෑම කෙනකුටම ලබාදීමට අප උනන්දු වන්නෙමු.
එබැවින් මින් ඉදිරියට ඔවුන්ගේ ජීවිත පිළිබඳ වඩාත් සිතාමතා කටයුතු කිරීමට ඔබට සිදුවනු ඇත.
බැර ලෝහ ශරීර ගත වීම ඉතා භයානක රෝග රැසකට හේතු වෙයි. ශරීරයේ ඉන්ද්‍රියන් තුළ බැර ලෝහ තැන්පත්වීම පිළිකා සහ වකුගඩු ආසාදනය සඳහා ප්‍රධාන හේතුවක් වෙයි. ඊට අමතරව අස්ථි පද්ධතිය, අක්මාව හා ස්නායු පද්ධතිය බරපතළ ලෙස රෝගී කරවීමට බැර ලෝහවලට හැකි බව වෛද්‍ය පර්යේෂණවලින් තහවුරුව ඇත. එබැවින් කුකුළු පාලනයේදී භාවිත කරනා ආහාරවල ප්‍රමිතිය ගැන වඩාත් හොඳින් සොයා බැලීමට බලධාරීන් වහා කටයුතු කළ යුතුය. ඊට අමතරව කුකුළු ගොවිපළවල ප්‍රමිතිය, කුකුළන්ට ලබාදෙන ජලය වැනි කරුණු පිළිබඳවද වඩාත් සැලකිලිමත් වීම අනිවාර්ය වෙයි. නොඑසේනම් මස්වලින් මරණීය රෝගවලට ලක්වීමට අපට අනිවාර්යයෙන්ම සිදුවන්නේය.
අරුණ ලක්ෂ්මන් ප්‍රනාන්දු

මොළයට ගුණ දෙන එනසාල් ඇටයේ බලය



ගෘහනියක් බොහෝ විට එනසාල් කෑමවලට එකතුකර ගන්නේ කුළුබඩුවක් ලෙසිනි. නමුත් එනසාල් යනු කෑම රසවත් කරවන කුළුබඩුවක් පමණක් නොවේ. එය ඖෂධයක් ලෙසින්ද හැඳින්විය හැක.
ආහාර ජීර්ණ පද්ධතියේ බොහෝ රෝග සඳහා එනසල් ඉතා ගුණදායක ඖෂධයකි. එනසල්වල ඉඟුරුවලට සමාන ගුණයක් ඇත. එම නිසා සෙම්ප්‍රතිශ්‍යා වෛරස උණට එනසාල් ස්වල්පයක් තම්බා බීම ඉතා ගුණදායක වේ. බඩ පුරවා දැමීම, නිසි ලෙස ආහාර නොදිරවීම, මළබද්ධය වැනි තත්ත්වයන්ට එනසාල් ඉතා ගුණදායක වේ.
වකුගඩු හරහා ශරීරයේ ඇති අපද්‍රව්‍ය ඉවත් කිරීම සඳහා ඉතා හොඳ ඔසුවක් ලෙසින් ද එනසාල් හැඳින්විය හැක. මුත්‍රා හොඳින් පිටකිරීමට ද උදව් කෙරේ. මේ සඳහා ආහාරයක් ලෙසින් අනුභව කිරීම ප්‍රමාණවත් වන අතර මුත්‍රා මාර්ගයේ රෝග පසුකාලීනව වකුගඩු රෝගයන්ට ද මුල් විය හැක. එම නිසා එනසාල් ආහාරයට එකතු කරගැනීම නිසා එවැනි අවදානම් තත්ත්වයන් වළක්වා ගතහැක. මුත්‍රාශය, වකුගඩු, මුත්‍රා මාර්ගය, හොඳින් පිරිසිදු කර ඒවායේ ඇති අනවශ්‍ය ලවණ හා අනවශ්‍ය ජලය ආදිය වළක්වා ගැනීමට උපකාරී වේ.
එමෙන්ම පිළිකා සෑදීම වැළැක්වීමටත් සෑදුණු පිළිකාමය තත්ත්වයන් පාලනය කිරීමටත් එනසාල්වල ඇත්තේ පුදුමාකාර ගුණයකි. දියවැඩියාව, අධික රැධිර පීඩනය, හෘදයාබාධ, පිළිකා වැනි බෝනොවන රෝග බොහෝමයකටත් මානසික ආතතිය සඳහාත් එනසාල් ඉතා ගුණදායක වේ.
මෙය තේ පානය කරන ආකාරයට පානය කළ හැක. ඒ සඳහා එනසාල් කුඩු කර පානය කරන්න. කෙඳි සහිත කුළුබඩුවක් නිසා රුධිරයේ අහිතකර කොලොස්ටරෝල් පාලනයට ද උදව් වේ. මෙමඟින් මොළයේ ඇතිවිය හැකි රුධිර කැටි වැනි තත්ත්වයන් වළක්වා ගතහැක.
ලිංගික බෙලහීනතාවය ඇති අයට ඉතා ගුණදායක ඔසුවක් වන මෙය මුඛයේ ඇතිවන තුවාල, මුඛයේ දුර්ගන්ධය ආදිය පලවා හැරීමට ද උදව් වේ.
එනසාල් තම්බා ගත් වතුරෙන් දිනකට දෙවතාවක් කට සේදීම බොහෝ මුඛ ආශ්‍රිත රෝගයන්ට ප්‍රතිකාරයක් ද වේ. මේ නිසා ඔබේ ආහාර වේලට දිනපතා එනසාල් ඇට 2, 3ක් වත් එකතු කරන්න.
ආයුර්වේද වෛද්‍ය
නිමාලි සොලොහොකාර

සමනොළ කන්දේ ඉර සේවය ගැන පරික්ෂකන්ගේ අනාවරණය



බෞද්ධයන්ගේ නිරන්තර වන්දනාමානයට පාත‍්‍ර වූ, සෑම වසරකම හයමසක් ආගමික වතාවත් සදහා සැදැහැවතුන් පැමිණෙන සමන්තකූඨ පර්වතය හෙවත් සමනොළ කන්ද ලොව පැරණිම ස්වාභාවික දින දර්ශනයක් ලෙස නිදර්ශන සහිතව ලොවට හෙළිකිරීමට ශ‍්‍රී ලාංකේය පර්යේෂකයන් පිරිසක් මේ වන විට සමත්ව සිටී.
සූර්ය උදාවත් සමගම බටහිර දෙසින් දිස්වන සමනළ කන්දේ ත‍්‍රිකෝණාකාර ප‍්‍රතිබිම්බය ජ්‍යාමිතික ගණනය කිරීම් උපයෝගී කරගෙන ඔවුන් මෙම නිගමනයට පැමිණ ඇත
ශ‍්‍රී ලංකා ජෛව තාරකා විද්‍යා ඒකකයේ පර්යේෂණ අංශයේ අරවින්ද රවිභානු සුමනරත්න මහතා පර්යේෂණය භාරව ක‍්‍රියා කළේය. රොහාන් ඉන්දික විජේතුංග, මොරටුව විශ්වවිද්‍යාලයේ ආතර් සීි ක්ලාක් ආයතනයේ අභ්‍යවකාශ යෙදුම් අංශයේ පර්යේෂණ තාරකා විද්‍යාඥ ජානක අඩස්සුරිය, කැළණිය විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි ආයතනයේ කමල් අබේවර්ධන, යන මහත්වරු ද මේ පර්යේෂණයන්ට එක්වූහ.
සමනොළ කන්දේදී සූර්ය උදාව ‘‘ඉර සේවය’’ ලෙස බොහෝ දෙනෙක් නම්කර ඇත. හිරු උදාවෙන විට ශ‍්‍රීපාද මලූවේ සිටින කෙනෙකුට එහි බටහිර ක්‍ෂිතිජය දෙස බැලූවහොත් ශ‍්‍රීපාද කන්දේ ප‍්‍රතිබිම්බය ත‍්‍රිකෝණාකාරව දැකගත හැකිය. යහපත්වූ කාලගූණයක් පවතින විටක මෙය හොදින් නිරීක්‍ෂණය කළ හැකිය. උදෑසන කාලයේ පරිසයේ ජලවාෂ්ප ඝණත්වය ඉහළ අගයක් ගන්නා නිසා බටහිර ක්‍ෂිතිජයේ් සමනොළ කන්ද ප‍්‍රතිබිම්බය හොදින්ම දැකගත හැකිබව පර්යේෂකයන්ගේ නිගමනයයි. මෙවැනි සිද්ධියක් දැකගත හැකි බවට ලෝකයේ මෙතෙක් සොයාගත් එකම ස්ථානය සමනොළ කදුමුදුන විය හැකියැයි පර්යේෂකයෝ විශ්වාසය පළකරති.
සමනොළ කන්දේ සෙවනැල්ල හා එහි භූගෝලිය පසුබිම සම්බන්‍ධයෙන් 2011 සහ 2012 වර්ෂවල අවාර සමය යොදාගෙන මෙම පර්යේෂණයන් පවත්වා ඇති බව ද පර්යේෂකයෝ කියති. ඒ අනුව 2011 වර්ෂයේ සිට සමනොළ කන්දේ ප‍්‍රතිබිම්බයේ ත‍්‍රිකෝණාකාර පිහිටීම පිළිබදව, චන්‍ද්‍රිකා තාක්‍ෂණය ඇසුරෙන් ලබාගත් දත්ත ද ගබඩාකර පසුව ඒවා විශ්ලේශනය කර මෙම නිගමනයට එනු ලැබීය.
සමනොළ කන්දේ උස මීටර් 2233කි. ඉහත දත්ත අනුව ප‍්‍රතිබිම්බය නිර්මාණය වීම සදහා වස්තුවේ උස මීටර් 275 ක අගයක් ලබාගත හැකි වූ බවත් එය සමනොළ කන්දේ සම්පූර්ණ උසින් අටෙන් එකක අගයක් ගන්නා බව ද පර්යේෂකයෝ පෙන්වා දෙති. එය සමනොළ කන්ද නැගීමේදි හමුවන ආඩියාමළ තැන්නේ (ආඩියාමළ තැන්නට මුහුදු මට්ටමේ සිට උස මීටර් 1958කි) සිට ශ‍්‍රීපාද මලූවට ඇති දුරට සමාන බව ද ඔවුහු පෙන්වා දෙති. සමනොළ කන්දේ ප‍්‍රතිබිම්බයේ පාතනය ශ‍්‍රීපාදස්ථානයට ගමන් කිරීමට ඇති කුරුවිට එරත්න මාර්ගය හරහා සිදුවන බව ද පර්යේෂණය මගින් අනාවරණය වී ඇත. අවාරයේදි සමනොළ කන්දේ ප‍්‍රතිබිම්බයේ ආරම්භක ප‍්‍රදේශයක් ලෙස ගම්පහ දිස්ත‍්‍රික්කයේ ජාඇලට කිලෝ මීටර් දෙදහසක් ඉහළ අහසේ බව හදුනාගැනීමට හැකිවූ බවද පර්යේෂකයෝ කියති.
ශ‍්‍රීපාද වාරයේ සහ අවාරයේ සූර්යා උදාවන ස්ථානය වෙනස් වන නිසා එහි ප‍්‍රතිබිම්බයේ ද විචලනයන් සිදුවන බව දත්ත අනුව පෙනී යන බව ද පර්යේෂකයෝ කියති. එය සාමාන්‍යයක් ලෙස ගත්විට එම විචලනය කොළඹ මධ්‍යයනය ලෙස ගත් විට කිලෝමීටර් විස්සක් උතුරට සහ දකුණට ප‍්‍රතිබිම්බයේ ආරම්භය පෙන්නුම් කරන බවද ඔවුහු පෙන්වා දෙති.
මෙම ගණනය කිරීම්වලදී පර්යේෂකයෝ මීට අවුරුදු අසුවකට පමණ ඉහතදී සමනොළ කන්දේ ප‍්‍රතිබිම්බය සටහන්වීම ගැන තොරතුරු විශ්ලේෂණයට ගෙන තිබේ. 1934 වර්ෂයේදී ඉංග‍්‍රීසි ජාතිකයන් පිරිසක් විසින් ශ‍්‍රීපාද මලූවේ සිට රූගත කරන ලද ශ‍්‍රී ලංකාවේ ගීතය (SONG OF THE CEYLON) නමැති වාර්තාමය චිත‍්‍රපටියේ සමනොළ කන්දේ සෙවනැල්ල ද නිරීක්‍ෂණයන්ට භාජනය කර ඇත. මෙම දත්ත ද පර්යේෂකයන්ගේ දත්ත හා ඉතා සියුම්ව විමර්ශනය කිරීමේදී ශ‍්‍රීපාද ප‍්‍රතිබිම්බය සමද්විපාද ත‍්‍රිකෝණයක් ලෙසට හදුනාගත හැකිවූ බවද පෙන්වා දෙති.
මෙම ශ‍්‍රීපාද ප‍්‍රතිබිම්බය ස්වාභාවික සංඥාවක් (NATURAL SIGNAL) ලෙස පර්යේෂකයෝ හදුන්වති. මෙම දත්ත අනුව ප‍්‍රතිබිම්බයේ පාතනය සමග ශ‍්‍රීපාද බටහිර බෑවුමේ සතුන්ගේ චර්යාමය වෙනසක් සිදුවිය හැකි බවට පර්යේෂකයෝ නිගමනය කරති. ඉදිරි පර්යේෂණයන් එම ක්‍ෂෙත‍්‍ර කෙරෙහි යොමු කරවීමට නියමිත බව ද ඔවුහු කියති.
එසේම මෙම ප‍්‍රතිබිම්බය සහ වායුගෝලීය වස්තූන් අතර සම්බන්ධතාවයක් ඇති බවට පර්යේෂණයේදී පෙනී ගිය බව ද කියති. එංගලන්තයේ ‘‘ස්ටෝන්හෙන්ජි ගොඩනැගීම’’ හරහා එහි සෙවනැලි පාතනය භාවිතායෙන් ද මෙම කාලය ගණනය කළහැකි බව පර්යේෂකයෝ අවධාරණය කරති. ඒ අනුව පෘථිවියේ චලිතයේ කොටස්වන භ‍්‍රමණය, පරිභ‍්‍රමණය පහසුවෙන් ගණනය කළ හැකි බව ද පවසන පර්යේෂකයෝ ඒ මත පිහිටා ලොව පැරණිම ස්වභාවික දින දර්ශනය ලෙස සමනොළ කන්ද සහ එහි ප‍්‍රතිබිම්බය හදුන්වාදීමට තීරණය කළ බව ද කීවේය.
මෙම පර්යේෂණයන් අදියර අටකින් යුක්තය එහි පළමු අදියර නිමාවීමෙන් පසු මෙම නිගමනයට පැමිණ ඇත. ‘‘SESSIONAL SHADOW MOTION OF ADAM S PEAK 2011- 2012 – 1/8 ’’ නමින් පත‍්‍රිකාවක් මගින් මෙම නිගමනය නම්කර තිබේ. මෙම පර්යේෂණ නිගමන තොරතුරු පත‍්‍රිකාව SAIA PACIFIC JOURNAL OF BIOGEOGRAPHY, THE INTER N ATIONAL BIOGEOGRAPHY SOCIETY, SKY සහ TELESCOPE හා NASA යන ආයතන සහ සගරා වෙතද යවා ඇති බව පර්යේෂකයන් වෙනුවෙන් කරුණු දැක්වූ අරවින්ද රවිභානු සුමනරත්න මහතා පැවසුවේ ය.
ප‍්‍රතිබිම්බයක (GPS) චන්‍ද්‍රිකා දත්ත භාවිතාකර මෙවැනි පර්යේෂණයක් සිදුකළ ලොව ප‍්‍රථම අවස්ථාව මෙය බවද පර්යේෂකයෝ කියති. ‘‘අපේ මේ පර්යේෂණ මාලාව හරහා භූගෝල විද්‍යාව, පරිසර විද්‍යාව, සත්ත්ව විද්‍යාව සහ තාරකා විද්‍යාව යන අංශ එකිනෙක බැදුනු අංශ බව ලෝකයට ඔප්පුකර නව විද්‍යාත්මක සොයාගැනීමකට හැකියාව ලැබුණ බව ද පර්යේෂකයෝ කීහ.
සෑම වසරකම අවසානයේ උදුවප් පොහොයෙන් ඇරඹී වෙසක් පොහොයෙන් අවසන් වන සිරිපා සමයත් වෙසක් පොහොයෙන් ආරම්භ වී උදුවප් පොහොයෙන් අවසන්වන සිරිපා අවාර සමයත් අතර ඇති විද්‍යාත්මක වෙනස්කම ගැනත් ‘‘ඉර සේවයේදී’’ දැකිය හැකි සමනොළ කන්දේ සෙවනැල්ලත් ගැන එළඹෙන සිරිපා සමයේ සිරිපා කරුණා කරන සියලූ දෙනාටම හිතන්නට යමක් මෙම පර්යේෂණය තුළින් ඉතිරි කරයි.
සම්මා සම්බුදුරජාණන් වහන්සේ වම් සිරිපා පද්මය සනිටුහන් කිරීමටත් මෙයද හේතුවක් වන්නට ඇතැයි සිතිය හැකිය. එමෙන්ම, අතීතයේ රෝමයේ මහා ඇලෙක්සැන්ඩර් රජු, දාහතරවැනි සියවසේ දේශගවේශකයෙකු වූ ඉබන් බතූතා වැන්නවුන් ද එහි පැමිණෙන්නට ඇත්තේ මේ ආශ්චර්ය නිසාද? අලූත් කතිකාවතකට මේ පර්යේෂණයන් මාර්ගය සකසයි.
එසේම සිරිපා අඩවියේ වෙසෙන වන සතුන් පිළිබද සත්ත්ව විද්‍යාඥයින්ගේ සොයාගැනීම් අනුව සිරිපා අඩවියේ සත්ත්ව විශේෂවල හැඩරුව (ශ‍්‍රීපාද අඩවියේ වන අලි කුරු හැඩයකින් යුතු බව) මෙන්ම චර්යාවන්හි ද වෙනස්කම් ඇති බව අවධාරණය කරඇත්තේ මේ විද්‍යාත්මක හේතූන්දැයි අලූතින් සිතීමට කාලය එළඹ ඇත.

හාස්කම් පිරි මෝර පිරිත



බුදුරජාණන් වහන්සේ පෙර ආත්ම භවයක රණ මොනරකු වී ජන්ම ලාභය ලැබූහ. වසර හත්සියයක්‌ ආයුෂ වැළ» මෙම රණ මොනරා දිනපතා පුරුද්දක්‌ වශයෙන් අතීත බුදුවරුන්ගේ ගුණ මෙනෙහි කර සූර්ය නමස්‌කාරයේ යෙදී දිවා කාලය ගතකරන අතර හිරු බැසයන යාමය එළඹි විට පෙරසේම අතීත බුදුවරුන්ගේ ගුණ මෙනෙහිකර නින්දට යයි. මේ පිළිවෙත පුරුද්දක්‌ වශයෙන් නොකඩවා රැකීමේ ආනුභාවයෙන් රණ මොනරාට දීර්ඝායුෂ වැළඳීමේ භාග්‍යයත්, දිවි ඇතිතුරා සියලු ආරක්‌ෂාවත් හිමිවූ බව සත්‍යයකි.
උදේ – සවස වශයෙන් සඡ්ජායනා කිරීමට පිරිත් ඛණ්‌ඩ දෙකක්‌ ඇති මෝර පිරිත තේරුම අවබෝධ කොට ගෙන දිනපතා භාවිතයෙන් අපටද බොහෝ ගුණ ලැබිය හැකි බව නැකත පාඨක ඔබවෙත දන්වමු.
මෙහි 1 ගාථාව උදේටද 2 ගාථාව සවසටද කියන්න.උදේතයං චක්‌ඛුමා ඒක රාජා
හරිස්‌ස වණ්‌ණෝ පඨවිප්පභාසෝ
තං තං නමස්‌සාමි හරිස්‌ස වණ්‌ණං පඨවිප්පභා සං
තයඡ්ජගුත්තා විහරේමු දිවසං
යේ බ්‍රහ්මණා වේදිගු සබ්බධම්මේ
නමත්ථු බුද්ධානං නමත්ථු බෝධියා
නමෝ විමුත්තානං නමෝ විමුත්තියා
ඉමං සෝ පරිත්තං කත්වා
මෝරෝ චරති ඒ සනා
අපේ තයං චඛු මා ඒකරාජ
හරිස්‌සවණ්‌ණෝ පඨවිප්ප භාසෝ
තං තං නමස්‌සාමි හරිස්‌සවණ්‌ණං පඨවිප්පභාසං
තයඡ්ජගුත්තා විහරේමු රත්තිං
යේ බ්‍රහ්මණා වේදිගු සබ්බ ධම්මේ
තේ මේ නමෝ තේච මංපාලයන්තු
නමත්ථු බුද්ධානං නමත්ථු බෝධියා
නමෝ විමුත්තානං නමෝ විමුත්තියා
ඉමං සෝ පරිත්තං කත්වා
මෝරෝ වාසමකප්පයිති
මෙහි තේරුම
ලොව අඳුර දුරුකොට ලෝ වැස්‌සන්ට ඇස්‌ පාදාදෙන හෙයින් ඇස්‌ ඇති ලොවට එළිය දෙන්නාවුන් අතරින් රජෙක්‌ වූ රන්වන් සිරුරක්‌ ඇති මහ පොළොව බබළවන්නා වූ මේ සූර්යයා නැඟෙයි. රන්වන් ඒ හිරුට වඳිමි. ඔබගෙන් ආරක්‍ෂාව ලැබූ අපි මේ දවස සතර ඉරියව්වෙන්ම යුක්‌තව සැපසේ වෙසෙමු.
ස්‌වාසනා සකල ක්‌ලේෂයන් දුරු කළ යම් බුදු කෙනෙක්‌ සියලු දත යුතු ධර්මයන් දැන බුද්ධත්වය අවබෝධ කළාහුද උන්වහන්සේලාට මාගේ නමස්‌කාරය වේවා. උන්වහන්සේලා ද මා ආරක්‌ෂා කරන සේක්‌වා. අතීත බුදුවරයාණන් වහන්සේලාටද මාගේ නමස්‌කාරය වේවා. උන්වහන්සේලාද මා ආරක්‌ෂා කරන සේක්‌වා.
උන්වහන්සේලාගේ නව ලොව්තුරු බෝධි ගුණයට ද මාගේ නමස්‌කාරය වේවා.
ඒ මයුර තෙම පිරිත කියා ගොදුර සෙවීමෙහි හැසිරෙයි.
දෙවැනි මෝර පිරිතෙහිද පෙරසේම මේ සූර්ය තෙම අප අතරින් ඉවත් වෙයි. ඔබගෙන් ආරක්‌ෂාව ලත් අපි (මුළු රැයේම) සුවසේ වෙසෙමු. අනෙක්‌වා මුල් ගාථාව සේමය.
පිරිතේ ශාන්තිය
Õ මෙය ආරක්‍ෂාව සඳහා භාවිත කළ හැකි පිරිතකි. මෙය නිසි පරිදි උදේ සවස කීමෙන් තමන් අල්ලා ගැනීමට, තමන්ට අනතුරු කිරීමට මාන බලන සොර සතුරන්ට අසු නොවී ආරක්‍ෂා වීමට පුළුවන. විශේෂයෙන් රැකී රක්‍ෂා වෙලහෙළ¹ම් පාලන කටයුතු සඳහා දුර බැහැර යන හා සතුරු කරදර බහුල අයට මෙය නිතර භාවිත කිරීමෙන් ආරක්‍ෂාව සලසා ගත හැකිය.
Õ උදේ අවදි වූ විගස නිදි යහනේ සිට පළමු ගාථාව තෙවරක්‌ කියවන්න. එසේම රෑ නින්දට යන විට දෙවැනි ගාථාව තෙවරක්‌ කියන්න. එසේ නොහැකි නම් උදේ සවස ආගම සිහි කරන විට වුවද කීමට හැකිය.
Õ පාබල, නාවික, ගුවන්, පොලිස්‌ ආදී ආරක්‌ෂක අංශයන්හි නිරත අය මෙය උදේ සවස භාවිත කළහොත් සතුරු උවදුරුවලින් ආරක්‌ෂාව සැලසෙයි. දුරාචාරවලින් වැළකී පන්සිල් රකිමින් මෙය භාවිත කළහොත් නිසි ප්‍රතිඵල අත්වනු ඇත.
Õ රාහුගේ අපල සඳහා ද මෙම ගාථා දෙක උදේ සවස කීම හොඳයි.
Õ මෙහි පළමු ගාථාව “උදේතයං…” යන්ත්‍රයක්‌ මෙන් ලියා ඉනේ බැඳීම රක්‌තවාතයට ගුණ දෙන්නකි. (108 වරක්‌ මතුරා ගන්න) මෙහි “අපේතයං” යන දෙවැනි ගාථාවෙන් 108 වරක්‌ තෙල් මතුරා ගෑමෙන් ඇවිලිල්ල සුව වේ.
ජ්‍යෙතිෂවේදී – රංජන් සිසිර කුමාර
සටහන – ධම්මික හේවාවසම්

ඉංග්‍රීසි කතා කරන්න පුරුදු වෙන්න සරල ක්‍රම 10ක්



සුදු ජාතිකයෙක් වගේ හරි හරියට ඉංග්‍රීසි කතා කරන්න සිහිනයක් අපි හැමෝටම තියෙනවා. අපේ මව් භාෂාව නොවුනත් අද වෙන කොට ඉංග්‍රීසි නැතුව කිසි දෙයක් කර ගැනීමට පුළුවන් කමක් නැහැ. සම්මුඛ පරීක්ෂණයකට මුහුණ දෙන්න වුණත්, රාජකාරී කටයුත්තකට කාර්යාලයකට ගියත්, කෑමක් කන්න ටිකක් හොඳ අවන්හලකට ගියත් ඉංග්‍රීසියෙන් කතා කරන්න සිදු වෙනවා. හොඳින් ඉංග්‍රීසි කතා කිරීමට නොහැකි නිසා මේ වගේ අවස්ථාවල ඔබ අපහසුතාවයට පත්වෙච්ච වෙලාවල් ඇති නේද? සමහරු නම් කියයි “මේ සිංහල රටේ ඉන්න අපි මොකටද ඉංග්‍රීසි කතා කරන්නේ” කියලා.
එත් වෙනස් වෙන ලෝකයේ අපට තැනක් හදාගන්න, ඉදිරියට යන්න ඉංග්‍රීසි හොඳින් කතා කරන්න පුළුවන් වෙන එක අවශ්‍යම දෙයක්. ඉංග්‍රීසි කතා බහ තුළින් කෙනෙක්ගේ සමාජ තත්වය මනින්නත් අද වන විට බොහෝ දෙනෙක් පෙළඹිලා ඉන්නවා. ඒ විතරක් නෙමෙයි ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් නම් එයාට යමක් කමක් පුළුවන් වැදගත් පුද්ගලයෙක් කියලා සිතුවිල්ලක් නිරායාසයෙන් හැමෝගෙම හිතට එනවා. තැනකට ගිහින් ඔයා ඉංග්‍රීසියෙන් කතා කළොත් ලැබෙන සැළකිල්ලයි සිංහලෙන් කතා කලොත් ලැබෙන සැළකිල්ලයි හරියට අහසට පොළොව වගේ. අනිවාර්යෙන්ම ඉංග්‍රීසියෙන් කතා කළොත් ඉතා හොඳ සැළකිල්ලක් ලැබෙනවා වගේම ඉතා ඉක්මනින් සහ පහසුවෙන් ඔයාට කරගන්න පුළුවන්.
අපේ රටේ බොහෝ දෙනෙක්ට ඉංග්‍රීසියෙන් ලියන්න කියන්න පුළුවන් වුණත් කතා කරන්න පුළුවන් ටික දෙනෙක්ට විතරයි. එකට හේතුව ගොඩක් දෙනෙක් ඉංග්‍රීසියෙන් කතා කරන්න බයයි. අකුරු සහ වචන ලියන්න පුළුවන් වුණත් ඒවා කියන්නේ කොහොමද කියලා ගොඩක් අය දන්නේ නැහැ. ඒ වගේම ඉංග්‍රීසි කතා කරද්දී වැරදෙද්දී අනිත් අය හිනා වෙයි කියලා ලැජ්ජාවක් ඇති කරගන්නවා. මේ හින්දා ඉංග්‍රීසි කතා කරන්න කට්ටිය පහු බහිනවා. මඟ තොටේ යද්දී පත්තරයක් අරන් බැලුවත් හතු පිපෙනවා වගේ “Spoken English Classes”, එහෙම නැත්තම් ඉංග්‍රීසි කතා කිරීමේ පන්ති හැමතැනම අපි දකිනවා. එත් මේ පන්ති වලට ගිහින් විතරක් ඉංග්‍රීසි හොඳින් කතා කරන්න පුළුවන් වෙච්ච අය ගැන අපි වැඩිය අහල නැහැ. මොකද ඉංග්‍රීසි කතාව කියන්නේ සති කිහිපයක පන්තියකට ගිහින් වෙන එක්කෙනෙක් කියලා දෙන දේ අහගෙන සටහන් අරගෙන පුරුදු වෙන්න පුළුවන් දෙයක් නෙමෙයි. අනිත් අයත් එක් අනිත් එක රැකියාවේ හෝ ඉගෙනීම් කටයුතුත් එක්ක තියෙන කාර්යබහුලත්වය එක්ක මේ පන්ති වලට යන්න ගොඩක් දෙන්නෙක්ට වෙලාවක් නැහැ.
කණ්නාඩියක් ඉස්සරහට ගිහින් තනියෙම ඉංග්‍රීසියෙන් කතා කරන්න
විනාඩි දෙක තුනක් අරන් ඔයාගේ හිතට එන ඕනෙම දෙයක් ගැන පුළුවන් විදිහට කතා කරන්න. ඔයාට වැරදුනත් හිනා වෙන්න කවුරුවත් නැති නිසා බය වෙන්න දෙයක් නැහැ. මොකක් හරි අදහසක් කියාගෙන යද්දී වචන දන්නේ නැතුව මඟදී හිර වෙනවා වගේ හිතෙනවා නම් එක වෙන විදිහකින් කියන්න උත්සාහ කරන්න. කණ්නාඩියක් ඉස්සරහ කතා කරන එකේ වැදගත්කම තමයි ඔයාට හැඟීමක් එනවා ඔයා තව එක්කනෙක් එක්ක කතා කරනවා වගේ. එත් එක්කම කතා කරද්දී ඔයාගේ මුහුණ, කට, ශරීරය හැසිරෙන විදිහත් ඔයාටම බලාගන්න පුළුවන්. මේ විදිහට දවසට දෙතුන් වතාවක් කළොත් මේක ඔයාගේ දින චර්යාවේ අංගයක් වෙලා ඔයාටත් නොදැනීම ඔයාගේ ඉංග්‍රීසි කතාව දියුණු වේවි.
ඔයාගේ ඉංග්‍රීසි කතාව පටිගත කරලා නැවත අහන්න
මේක පළවෙනි පාර දැක්ක ගමන් ටිකක් ඒ වැඩේ නුහුරුයි වගේ හිතෙනවා නේද? එත් විශේෂඥයින්ට අනුව ඉංග්‍රීසි කතා කරන්න පුරුදු වෙන්න මේ තමයි හොඳම විදිහ. ඔයාට පුළුවන් මේ ස්මාර්ට් ෆෝන් වලින් ඔයා ඉංග්‍රීසි කතා කරද්දී පටිගත කරගන්න. රූපවාහිනියේ හරි අන්තර්ජාලයේ හරි දකින ඉංග්‍රීසි වැඩසටහන් වල වාක්‍ය පුළුවන් විදිහට කියන්න උත්සාහ කරන්න. ඊළඟට පටිගත කරපු එක ඔයාම නැවත අහලා මුල් වාක්‍යයේ විදිහට හරි යනකම් නැවත නැවත උත්සාහ කරන්න. මේ ක්‍රමයේ තවත් වාසියක් තමයි ඔයාට මඟ තොටේ යන ගමන් වුණත් ඉයර් ෆෝන් දෙකක් යොදාගෙන නැවත නැවත අසමින් පුරුදු වීමට පුළුවන් වෙන එක.
ඉංග්‍රීසි උපසිරැසි එක්ක ඉංග්‍රීසි චිත්‍රපටි බලන්න
අපි අසාවෙන් නරඹන ඉංග්‍රීසි චිත්‍රපටත් ඉංග්‍රීසි කතාව පුරුදු වෙන්න උදව්වක් කරගන්න පුළුවන්. ඒකට ඔයා කරන්න ඕනේ ඉංග්‍රීසි උපසිරැසි එක්ක ඉංග්‍රීසි චිත්‍රපටි බලන එක. එතකොට ඔයාට පුළුවන් වෙනවා ඒ චිත්‍රපටි වල නළු නිළියෝ කියන දෙබස් හොඳින් තේරුම් ගන්න. උපසිරැසි එක්ක බලන නිසා ඔවුන්ගේ උච්චාරණය තේරුණේ නැති උනත් ඒවා අල්ලගන්න පුළුවන්. එහෙමත් නැත්තම් උපසිරැසි වල තියෙන දන්නේ නැති වචන කියන හැටි ඉගෙන ගන්නත් පුළුවන්. ඔයාට පුළුවන් වැදගත් කියලා හිතෙන වාක්‍ය, සංවාද කොළයක ලියාගෙන ඒවා පසුව මතක් කරගන්නත්. චිත්‍රපටි වල ගොඩක් වෙලාවට එදිනෙදා ජීවිතයේදී භාවිතා වන සංවාද තියෙන නිසා ඉංග්‍රීසි ඉගෙන කතාව ඉගෙන ගන්නා හොඳ ක්‍රමයක්. www.opensubstitles.org කියන වෙබ් අඩවියෙන් නොමිලේ ඉංග්‍රීසි උපසිරැසි ලබාගන්න පුළුවන්.
ඉංග්‍රීසි සිංදු අහන ගමන් ඒවා ගායනය කරන්න
අපි අසාවෙන් රසවිඳින ඉංග්‍රීසි ගීතවලින් ඉංග්‍රීසි කතාව පුරුදු වෙන්නේ මෙහෙමයි. සිංදුවත් වාදනය වෙනවාත් එක්කම හයියෙන් ඔයත් ගායනය කරන්න. සිංදුවේ වචන දන්නේ නැතිනම් අන්තර්ජාලයෙන් හොයාගෙන ඒ දිහා බලාගෙන ගායනය කරන්න. කැරෝකේ වීඩියෝ දිහා බලාගෙන ගෙන ගායනා කිරීමත් තව විදිහක්. වාහනයක ගමන් කරද්දී වුණත් ඔයාට මේ ඉංග්‍රීසි ගීත අහන එක කරන්න පුළුවන්.
මඟ තොටේ දකින ඉංග්‍රීසි වචන කියන්න උත්සාහ කරන්න
ඔයා පාරේ යද්දී දකින විවිධ දැන්වීම්/නාම පුවරු වල හරි අළුත් තැනකට ගියාම දන්නේ නැති අළුත් ඉංග්‍රීසි වචන තිබෙනවා නම් ඒවා කියන්න උත්සාහ කරන්න. එකෙන් එදිනෙදා ජීවිතයේදී භාවිතාවෙන වගේම දන්නේ නැති අළුත් වචන ඉංග්‍රීසියෙන් කියන්න ඔයාට පුළුවන් වෙනවා. එකෙන් ඉංග්‍රීසි කියන්නේ ඔයාගේ ජීවිතයට සමීප දෙයක් බවට පත් වෙනවා. කියන විදිහ හරියට හිතාගන්න අමාරුයි නම් ඔයාට පුළුවන් ඒ වචන ෆෝන් එකේ ලියාගෙන ඇවිත් හරියට කියන විදිහ අන්තර්ජාලයෙන් හොයාගෙන පුරුදු වෙන්න.
කියන විදිහ දන්නැති ඉංග්‍රීසි වචන YouTube එකෙන් බලන්න
ඔයා ඉංග්‍රීසි වචනයක් කියන විදිහ දන්නේ නැත්තම් ඔයාගේ සහයට YouTube ඉන්නවා. ඔයා කියන විදිහ දන්නේ නැති වචනය “How to pronounce ………….” (හිස්තැනට දන්නේ නැති වචනය ටයිප් කරන්න) කියලා ටයිප් කරලා සර්ච් කරන්න. එතකොට ඒ වචනය උච්චාරණය කරන විදිහ තියෙන වීඩියෝ ගොඩක් ඔයාට දකින්න ලැබේවි. ඒ වීඩියෝ වල විශේෂත්වය වන්නේ වචනය කොටස් කිහිපයකට කඩලා වචනය කියන විදිහ හිමින් ඕනෑම කෙනෙකුට අල්ලගන්න පුළුවන් විදිහට හදලා තියෙන එක. වාක්‍ය වුණත් මේ ආකාරයෙන් පුරුදු වෙන්න පුළුවන්. මේ ක්‍රමය ඉතා සාර්ථකව ඉංග්‍රීසි කතාව වැඩි දියුණු කරගන්න යොදා ගන්න පුළුවන්.
එදිනෙදා කතාබහ ඉංග්‍රීසියෙන් කතාකරන විදිහ පුරුදු වෙන්න
සාමාන්‍ය ජීවිතයේදී අපි සිංහලෙන් කතාබහ කරන විදිහ ඉංග්‍රීසියෙනුත් කතා කරන්න ඉගෙන ගන්න. කඩයකින් බඩුවක් මිලදී ගන්න ගියාම, අවන්හලකට කෑම ගන්න ගියාම, සම්මුඛ පරීක්ෂණයකට මුහුණ දෙන විට, කාර්යාලයේදී ප්‍රධානියා සමඟ සිදුවන සංවාද යාළුවෙක් මුණ ගැසුණාම, සංචාරකයෙකුට පාර පෙන්නන විදිහ ආදී එදිනෙදා ජීවිතේ සිදුවීම් ඉංග්‍රීසි භාෂාවෙන් කතා කරන විදිහ පුරුදු වෙන්න. ඒ අවස්ථාවේදී කතාවෙන දේවල් ඉංග්‍රීසි වාක්‍ය වලින් පුහුණු වෙලා මතක තියාගන්න. එතකොට ඇත්ත ජීවිතේදී ඒ වගේ වේලාවකදී ඉංග්‍රීසියෙන් කතා කරන්න සිද්ධ වුණොත් බය වෙන්න ලැජ්ජා වෙන්න දෙයක් නැහැ. මොකද ඔයා ඒ අවස්ථාවට මුහුණ දෙන්න කලින්ම සූදානම් වෙලා ඉන්න නිසා.
හොඳට ඉංග්‍රීසි පුළුවන් අය එක්ක ඉංග්‍රීසියෙන් කතා කරන්න
හොඳට ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් යාළුවො ඔයා අඳුරනවා ඇති. එහෙමත් නැත්තම් ඔයාගේ කාර්යාලයේ, ඉගෙන ගන්නා තැන ඒ වගේ අය හමු වෙනවා ඇති. ඉංග්‍රීසි හොඳට පුළුවන් අයත් එක්ක ඉංග්‍රීසියෙන් කතා කරන්න උත්සාහ කරන්න. ඔයා ඉංග්‍රීසි හොඳට කතා කරන්න උත්සාහ කරනවා කිව්වොත් එයාලා ඔයාට තවත් උදව් කරයි වගේම හොඳට කතා කරයි. එහෙම උදව් ඉලන්න ලැජ්ජා වෙන්න එපා. මොකද ඉංග්‍රීසි අපේ මව් බස නෙමෙයිනේ. වැඩියෙන් කතා කරන්න කරන්න තමයි ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් වෙන්නේ. පොඩි කාලේ අපි සිංහල කතා කරන්න පුරුදු’ වුණෙත් වැරදි වැරදි අපේ වැඩිහිටියෝ එක්ක කතා කරලානේ. ඒ නිසා දුරකතනයෙන් හරි හැකි හැම අවස්ථාවකම ඔයාට වඩා ඉංග්‍රීසි පුළුවන් අය එක්ක ඉංග්‍රීසියෙන් කතා කරන්න උත්සාහ කරන්න.
ව්‍යාකරණ ගැන හිතන්නේ නැතුව කතා කරන්න
ඉංග්‍රීසි ව්‍යාකරණ ගැන මතක් වෙද්දී ඉංග්‍රීසි කතා කරන්න පුරුදු වෙන අය ටිකක් බය වෙනවා. මොකද ඉංග්‍රීසි ව්‍යාකරණ ටිකක් අමාරුයි කියලා අපි අතරේ මතයක් තියෙන නිසා. ඔයාට ඕනේ ඉංග්‍රීසි කතාව වැඩි දියුණු කරගන්න, ඒ නිසා මේ මොහොතේ ව්‍යාකරණ ගැන වද වෙන්න එපා. ව්‍යාකරණ නෙමෙයි කතාවේ දක්ෂ බවයි වැදගත් වෙන්නේ. ගොත ගහන්නේ, ලැජ්ජා වෙන්නේ, බය වෙන්නේ, නවත්තන්නේ නැතුව කතා කිරීමයි වැදගත්. කතාවෙන් දක්ෂ වුණාම ඉබේම ලේසියෙන්ම ඉංග්‍රීසි ව්‍යාකරණ හදාගන්න පුළුවන් වෙනවා.
ඉංග්‍රීසියෙන් හිතන ගමන් තමන්ටම කතා කරන්න
ගොඩක් දෙනෙක්ට ඉංග්‍රීසියෙන් කතා කරන්න අමාරු වෙන්නේ එයාලා ඉස්සෙල්ලම සිංහලෙන් හිතලා ඊළඟට ඒක ඉංග්‍රීසියට පරිවර්තනය කරන්න යන නිසා. එතකොට කතාව ප්‍රමාද වෙනවා වගේම අනිත් අයට තේරෙනවා ඔයා අමාරුවෙන් හිත හිතා කතා කරනවා කියලා. අපි හිතන්නේ සිංහලෙන් නිසා ඕනෑම දෙයක් සිංහලෙන් කියන්න අපිට ලේසියි. ඒ නිසා ඔයාට හොඳට ඉංග්‍රීසි කතා කරන්න ඕනේ නම් ටිකෙන් ටික ඉංග්‍රීසියෙන් හිතන්න පටන් ගන්න. මුලින් ටිකක් අමාරුයි කියලා හිතුණත් ටිකක් කල් යද්දී ඔයාට ඒකට පුරුදු වේවි. ඒ වගේම තමන් එක්කම ඉංග්‍රීසියෙන් කතා කරන්න. තව කෙනෙක් එක්ක කතා කරනවාට වඩා ඒක ලේසියි. අනික් අතට කාටවත් ඔයා කියන දෙය ඇහෙන්නේ නැති නිසා වරදියි කියලා ලැජ්ජා වෙන්න ඕනේ නැහැ. ඉංග්‍රීසි කතා කරන්න ආත්ම විශ්වාසය වඩවන්න මේක ඉතා හොඳ ක්‍රමයක්.
ඉපදෙනකොට කිසිම භාෂාවක් දැනගෙන හිටියේ නැති අපි අද හොඳට සිංහල කතා කරන්නේ. ඒ වගේම ඉංග්‍රීසි කතා කරන්න පුරුදු වෙන්නත් අපිට පුළුවන්. ඉංග්‍රීසි කතාවත් හරියට ක්‍රීඩාවක් වගේ. හුසේන් බෝල්ට් මීටර් 100 තරඟයේ ලෝක වාර්තාව පිහිටුවන්න කොච්චර නම් පුහුණු වීම් කරන්න ඇති ද? ඒ වගේම තමයි වැඩි වැඩියෙන් පුරුදු වෙන්න පුහුණු වෙන්න තමයි ඔයාටත් ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් වෙන්නේ. මේ ක්‍රම 10 පාවිච්චි කරොත් ඉංග්‍රීසි කතා කිරීම වැඩි දියුණු කර ගන්න ඔයාගේ තියෙන හීනයට යන ගමනට ලොකු උදව්වක් වේවි.
උපුටා ගැනීම-sayhello.lk/

මව් කිරි වැඩියෙන් එරෙන්න පුරාණයේ සිට භාවිතා කර ආහාර වට්ටෝරු මෙන්න



• කිරි අඟුණ සහ තිත්ත අඟුණ :-
ගමේ ගොඩේ දරුවෙක් ලැබෙන්න ඉන්නා හෝ දරුවෙකු ප්‍රසූත කල මවකට වට පිට කාගේ ගෙදරින් වුනත් රසට හැදෙන කෑම වේලේ මුල් පංගුව බෙදෙන අතීතයක් අපට තිබුනේ..වැඩිහිටි කාන්තාවන් ඒ සඳහා ගුණ ආහාර එළවලු තෝරා ගැනීම සැලකුවේ තමන්ගේ යුතුකමකටත් වඩා වගකීමක් ලෙසට..අහුවෙන ඕනෑම කෑමක් නොව ගැලපෙන ගුණ ආහාර පමණක් තෝරා පිළියෙළ වුනු මෙවන් බත් පතක නොවරදුනු ආහාරයක් තමා අඟුණ කොලේ..අගුණ යයි කීවාට බොහෝ ගුණ ඇති අඟුණ කොළ සම්බෝල, හෝ මැල්ලුමට කලවමට එකතු කිරීමෙන් කල ගණන් කිරි එරවා ගැනීමට ඔවුන් සමත් වුනා..
• සිංගප්පූරු කොළ නැතහොත් ජපන් බටු කොළ :-
සියවස් ගණනක් මව්කිරි වඩවන්නට අත්තම්මලා යොදාගත් විවිධ කොළ වර්ග අතර බොහෝ ගුණ ඇති කොළ වර්ගයක් තමා ජපන් බටු කොළ…මේ කොලයේ ඇති මවු කිරි වැඩවීමේ හැකියාව ගැන මෑතකදී කල විද්‍යාත්මක පර්යේෂණ වලින් පවා තහවුරු කර තිබෙනවා..කිරි දෙන කාලයේ ආහාරයට ගන්නා කොළ පැහැති පලා අතරට හෝ කලවම් පලා ව්‍යංජනයට එක්කර ගත හැකි රසවත් ව්‍යංජනයක්..අමුවෙන් ආහාරයට ගැනීමෙන් අතුරු ප්‍රතිපලයක් ලෙස ශ්වසන ආබාධ ඇතිවන බව කියවෙන නිසා අමු සම්බෝල වලට එක්කිරීමෙන් හෝ යුෂ පානයෙන් වලකින්න ..
• කොස් :-
ගස යටින් ගියත් කිරි එරවෙන කොස් ..ගෙඩිය කොයි කාලයේදීත් රසට පිස මැල්ලුම්, පොලොස්, කිරි කොස් යනාදී වශයෙන් කිරි මවට දීමෙන් වඩ වඩාත් කිරි එරවා ගන්නට පුළුවන්.. එහි ඇති වාතය ඇතිකිරීම නැති කිරීමට ගම්මිරිස් ඇට කිහිපයක් සහ සුදු ළූණු ව්‍යංජනයට එක්කරන්න.
• කිරිහැන්ද :-
කිරි දෙන මවු වරුන්ට අත්තම්මලා නොවරදවූ තවත් අගනා පලා වර්ගයක්..කොළ මැල්ලුම් ලෙසට, කලවම් පලාවට හෝ ලපටි දළු ව්‍යංජනයට පරිප්පු/කව්පි වැනි ධාන්‍ය වර්ගයක් මිශ්‍ර කර රසවත්ව පිස ගත හැකියි..
• කරවිල :-
රත්තරන් ඇති සැලකෙන කරවිල කිරෙන් දරු පැටියා සනසන්නට මෙලොව ඇති වටිනාම ආහාර අතරින් එකක්. කිරි තිත්ත වේ යයි කතාවක් ඇතත් එහි විද්‍යාත්මක සත්‍යතාවයක් මේ වන තුරු ඔප්පු කර නැහැ..
• කෙසෙල් මුව :-
කිරි දෙන මවට කිරි එරවිමට පමණක් නොවේ ඇගේ මල බද්ධය නැති කිරීමට, ප්‍රසවයේ ඇති වූ තුවාල සුවයට, ලේ වැඩීමට අගනා ආහාරයක් තමයි කෙසෙල් මුව..
• කුරක්කන් :-
මවු කිරි වැඩීමට අරුම පුදුම හැකියාවක් ඇති යකඩ බහුල නිසා ප්‍රසවයේ ඇති වූ සියලු ගැටළු වලට ගුණ ඇති, විඩා නිවන සිත කය පිනවන අපූරු ආහාරය කුරක්කන්..කැමති ලෙස ආහාරයට ලබා දෙන්නට පුළුවන්..කැඳ, රොටි, පිට්ටු , තලප යනාදී වශයෙන්.
• කොල්ලු :-
මවු කිරි වඩවන්නට තවත් අපූරු හැකියාවක් ඇති ආහාරයක්..දවසේ ඕනෑම ආහාරයට එකතු කල හැකි දවස පුරා කිරි වැගිරෙන සේ කිරි එරවන අගනා ආහාරයක්.
• හබල පෙති :-
කිරි එරවන්න භාවිතා කල අපූරු උදැසන ආහාරයක් තමා හබල පෙති..කැඳ වශයෙන් හෝ අග්ගලා ලෙස රසවත්ව උදේ ආහාරයට එක් කරන්න කිරි උතුරාවී..
• තැම්බුම් හොදි :-
දරු ප්‍රසුතියෙන් පසු අම්මලාට එදා දුන් පළමු ආහාරය තමයි තැම්බුම් හොදි. ප්‍රසුතියේ වෙහෙස නිවීම, තුවාල ඉක්මනින් සුව කිරීම, ප්‍රසුතියෙන් පසු ගර්භාෂයේ ඉතිරි වූ පටක සහ රුධිර කැටි ඉවත් කර ගර්භාෂය සංකෝචනය කිරීම, මල බද්ධය නැති කිරීම සහ අඛණ්ඩ කිරි ස්‍රාවයක් පවත්වා ගැනීමට එරී එරවීම උත්තේජනය යන ගුණාංග යුතු තැම්බුම් හොද්ද සුලුවෙන් තකන්න එපා.. කිරි මදි නම් සතියකට වරක් වත් කිරි දෙන කාලයේ තැම්බුම් හොද්දක් මවගේ ආහාරයට එක් කරන්න..
• සූදුරු :-
කිරි එරවීමේ අපූරු බලයක් ඇති සූදුරු කිරි එරවීමට අමතරව තවත් බොහෝ සෞඛ්‍යයමය ප්‍රතිලාභ ගෙන දෙනවා.සතියට දෙතුන් වතාවක් සූදුරු තැම්බූ වතුර වීදුරුවක් දෙකක් පානය කරන්න..කිරි වැගිරේවි..
• උළු හාල් :-
මව් කිරි වඩවන්නට උළුහාල් තරම් අගනා තවත් ඖෂධයක් ඇත්දැයි ඔබටම සිතේවි..රාත්‍රියේ උළුහාල් අහුරක් දෙකක් පෙගෙන්නට දමන්න..උදෑසන තම්බා පෙරා පානය කරන්න..නිසි ප්‍රතිපල ලැබෙන තුරු දිනපතා සිදු කල හැකි මහඟු ප්‍රතිකාරයක්..මවු කිරි වැඩීමට අමතර තවත් බොහෝ සෞඛ්‍යමය ප්‍රතිලාභ සහිතයි.
• මහදුරු :-
සූදුරු මෙන්ම අගනා ප්‍රතිලාභ ඇති මහදුරු වලට කිරි එරවන්නට ඇත්තේ විසල් හැකියාවක්..මහදුරු දෙමිටක් සිසිල් වතුරේ පොඟවන්න ..පෙරා ගත් ජලය දවසට දෙවරක් අවශ්‍යතාක් කල් පානය කරන්න..
• කුරුඳු :-
කුරුඳු වලටත් ඇත්තේ කිරි වැඩවීමේ මනා හැකියාවක්. පිරිසිදු කුරුඳු ජලයේ දමා පෙරා පානය කරන්න..නැතහොත් තේ කෝප්පයට කුරුඳු එකතුකර මද වෙලාවක් තබා පානය කරන්න..
• කොත්තමල්ලි :-
කලින් කී සුදුරු මහදුරු මෙන්ම තුනපහට අයිති කොත්තමල්ලි වලටද ඇත්තේ කිරි එරවිමේ ප්‍රභල හැකියාවක්.. කොත්තමල්ලි තැම්බූ වතුර බීම ප්‍රමාණවත් කිරි ස්‍රාවය හොඳින් වර්ධනය කර ගැනීමට.
• සුදු ළූණු :-
ප්‍රසූතියෙන් පසු පළමු දින කිහිපයේදී මවකට නොවැරදවූ ආහාරයක් තමයි ගිනි අඟුරු වල පිලිස්සු සුදුලුනු කිතුල් හකුරු සමඟ කන්නට දීම. තැම්බුම් හොද්දෙදි කීවාක් මෙන් බොහෝ ප්‍රතිලාභ අඩංගු මේ ප්‍රතිකාරයේ මූලික පරමාර්ථ අතර මවු කිරි ස්‍රාවය උත්තේජනය කිරීම සහ පවත්වා ගැනීමත් අඩංගුයි. කිතුල් හකුරු වලද මවු කිරි වැඩවීමේ ගුණ අඩංගු නිසා මේ දෙකම එක්ව ඉතා අගනා ඖෂධයක් සාදනවා..
කිරි දෙන මවට සාදන ව්‍යංජන වලට සුදු ළූණු එක්කරන්නට අමතක කරන්නට එපා.. සුදු ලුණු තම්බා පානය, උළුහාල් සමඟ තම්බා පානය හෝ සුදුලූනු, උළුහාල්, සූදුරු, මහදුරු, කොත්තමල්ලි එකට තම්බා බිමෙන් කිරි කල හතක් එක වරුවකදී පොවන්නට හැකි බවයි පැරැන්නන්ගේ මතය..
• තල :-
තල ඇට වලටත් කිරි එරවිමට ඇත්තේ විසල් හැකියාවක්..කිරි එරවන්නට තල ඇට යොදා ගත්තේ බහුලවම එදා උතුරු පළාතේ ද්‍රවිඩ අම්මලා..අතුරුපසට කිතුල් හකුරු දාපු රසබර තල කැරැල්ලක් කා කිරි එරවා ගන්න හැකි නම් අපේ අම්මලා ඊට අකමැති වෙන එකක් නැහැ.
• පොල් :-
අලුත් කැඩූ අමු පොල් වලට කිරි එරවන්නට ඇති හැකියාව අපූරුයි. දරුවෙකු ලැබුණු අම්මලාට අලුත් පොල් සමඟ මුන් ඇට, කඩල , අල බතල, කොස් වැනි විවධ වර්ගයේ ආහාර එදා ලබා දුන්නේ මේ ප්‍රති ලාභයඅත් කර ගන්නටත් එක්කයි.
• බතල :-
තද රතු පැහැති බතල කිරි එරවන තවත් දේශීය ආහාරයක්.. උදැසන ආහාරයට හෝ දහජ්වල් ව්‍යංජනයට, පොල් සමඟ එක්කර ගුණ වැඩි කර කිරි එරවන්නට රස බර අහරක්..
• රාජ අල :-
තද දම් පැහැති රාජ අල කිරි වඩවන දේශීය අල වර්ග අතර ඉදිරි පෙළ අල වර්ගයක්..උදෑසන ආහාරයට කදිමයි.
• ඉඟුරු :-
දහසක් ගුණ ඇති ඉඟුරු වල තවත් අපූරු ගුණයක් තමා මව් කිරි වැඩවීම..අන් ආහාර ඖෂධ අතරට තේ සමඟ හෝ කොත්තමල්ලි සමඟ තම්බා බිමෙන් කිරි වැඩි වේ..
• රතු ළූණු :-
අමු රතු ළූණු වල කිරි එරවිමේ අපූර්ව ශක්තියක් තිබෙනවා.. දිනපතා ආහාරයට අමුවෙන් ගන්නා එළවලු සලාදයට ලුණු මිරිසට රතු ලුණු එක් කරන්න.. කිරි එරවිම පමණක් නොව තවත් අගනා ආයු වඩන ගුණ ඇත..
• මුරුංගා :-
සරලව ආහාර වේලට මුරුංගා එකතු කරන්න..මැල්ලුමට මුරුංගා කොළ අහුරක් එක් කරන්න..මුරුංගා වල ඇති කිරි එරවිමේ ප්‍රභල හැකියාව අද මුළු ලොවම මවිත කරවන තරම්.. ප්‍රතිඵල ඔබටම පෙනේවි..
• අමු පැපොල් :-
අමු පැපොල් වලට ඇති කිරි එරවිමේ හැකියාව ඔබ පුදුම කරාවි.මැල්ලුමක් ලෙස හෝ කැකිරි/වට්ටක්කා ආකාරයට පිස ආහාර වේලට ඇතුල් කරන්න.
• වට්ටක්කා :-
වට්ටක්කා වලට ඇත්තෙත් කිරි එරවිමේ මහඟු හැකියාවක්..ඔබම අත් හදා බලන්න..
• ඉදුණු කොටදිඹුලා ගෙඩි :-
අත්තික්කා වලට සමාන මේ පලතුර ඉදුණු ගෙඩි දරුවන් ලැබුණු අලුත ආහාරයට ගැනීමෙන් මවු කිරි වැඩි වන බව පැරණි සිංහල පොත පතෙහි සඳහන් වී තිබෙනවා..
• නෙලුම් අල :-
දැනට වසර 20-30කට පමණ පෙර නම් නෙලුම් අල මවු කිරි වඩවා ගැනීමට ඉවහල් කර ගත් ඖෂධීය රසවත් එළවළුවක්. (දැනට රට පුරා ඇති වැව් පොකුණු රසායන පොහොර මගින් දුෂණය වී ඇති නිසා අද වන විට නෙලුම් ආහාරයට ගැනීමේ සුදුසුකම පිලිබඳ සැබෑ ගැටළුවක් මතු වී ඇත).
මිට අමතර රතු හාල්, මුං ඇට, මෙනේරි වැනි අපේ ධාන්‍ය වර්ග වලටත් කිරි එරවිමේ මහඟු හැකියාවක් තිබෙනවා.
සරල සිංහල ආහාර වේලකට හුරු වන්න..
එළවලු දෙකක් පමණ සමඟ කොළ වර්ගයක්. මුහුදු මාළු හෝ අව්වේ වේලු කරවල වැනි ප්‍රෝටීන වර්ගයක් අඩංගු රතු බත් වේලක්.. ගමේ ගොඩේ ඉදුණු පලතුරු, ඇති වන්නට පිරිසිදු ජලය පානය කිරීම කිරි එරවන්නට ප්‍රමාණවත්.. කිරි එරෙන්න මස් කෑම අවශ්‍ය නැහැ.
මවු කිරි දෙන ඔබට සුදුසුම ආහාර සහ පෝෂණය :-
ලොව උතුම්ම පදවිය මවු පදවියයි. ඒ ඔබ දරුවකු වැදීමට දරන වේදනාවත්, තම ලේ කිරට හරවා සිඟිත්තාට පෙවීමත් මතු අනාගතයේ සමාජයට පලදායක වන ලෙස දරුවා හැදීමට ගන්නා නිසාය… ඔබේ ලේ කිරට හැරෙන ඇති විශේෂ අවධියේ ඔබ නිවැරදි ආහාර ගත යුතුයි නේද? දරු උපතින් පසු ඔබේ ශරීරය විවිධ වෙනස්කම් වලට ලක්වීම ඉතා සාමාන්‍ය දෙයක්. බොහෝ මවු වරුන් තම ශරීරය මඳක් මහත් වීම අත්දකිනවා. ඉතින් ඔබ හිතනවා ඇති කොහොමද නැවත පෙර පරිදි සිහින් සිරුරක් ලබා ගන්නේ කියා…
නමුත් ඒ වෙනුවන් අධික ලෙස ආහාර පාලනය නිසා ඔබට ඇති මවු කිරි නිපදවීමේ හැකියාවට බාධා නොපැමිණිය යුතුයි. ඔබ කල යුත්තේ මවු කිරි නිපදවීමට අත්‍යවශ්‍ය පෝෂණය අනිවාර්යෙන් ඇතුලත් ආහාර වලට මුල් තැන දීමත් ඔබේ එදිනෙදා වැඩ කටයුතු වලට අවශ්‍ය ශක්තිය ලැබෙන ආහාර සහ ඔබේ ශරීරයේ පැවැත්මට අවශ්‍ය ප්‍රෝටීන්, විටමින් සහ ඛනිජ ලවණ නිසි ලෙස ලබා ගැනීමත්ය. සුභදායක ප්‍රවෘත්තිය වන්නේ, අපේ රටේ මෙම සියලු දේ මනා ලෙස අඩංගු ස්වභාවික එළවලු, පලතුරු, මස් මාළු, කිරි බිත්තර ආදිය සුලභව තිබීමයි! ඔබ කල යුත්තේ මඳක් සොයා බලා එවැනි දේ මිළදී ගත හැකි වෙළඳ පොළවල් සොයා ගැනීමයි. එමගින් ඔබට බාහිර රසායනික සංයෝග වල පිහිට පැතීම අවම කර ගත හැකියි.
  • ආහාර වේලට විවිධත්වයක් එක කර ගන්න.
ඔබේ ආහාර වේල සමබල ආහාර වේලක් විය යුතුයි. කාබෝහයිඩ්රේට වැඩියෙන් කෑමට ගත යුතු උනත් ඔබ කය වෙහෙසන රැකියාවක නොයෙදේ නම් එය පමණට වඩා සුදුසු නැත. එසේම “බඩ පිරෙන්න කෑම” ඔබට අඩු කල නොහැකි නම් ඔබ අඩුවෙන් කන කබෝහයිඩ්රේට් නිසා දැනෙන හිස් බව පිරවීමට එළවලු සලාද, පළතුරු ආදිය යොදා ගන්න. මස් මාළු හෝ ඒවා නොකන්නේ නම් ආදේශකයන් ලබා ගැනීමත් ඉතා වැදගත්.
  • නිවුඩු සහිත සහල් / ධාන්‍ය ආහාරයට ගන්න.
කාබෝහයිඩ්රේට ලබා ගැනීමට හැකි තරම් නිවුඩු සහිත ආහාර ගන්න. ඊට අමතරව පිරිපහදු කල සීනි භාවිතයෙන් වැලකී සිටින්න බලන්න. සීනි සහ පිටි අධික ආහාර වෙනුවට දවල් සහ හවස තේ වෙලාවට පලතුරු යුෂ බීමට හැකි නම් සුදුසුය. අවාසනාවකට මෙන් අද සමාජයේ බොහෝ දෙනෙක් රතු බත් කෑමට මැලි බවක් දක්වනවා. එය හොඳටම අප්‍රිය නම් “Whole Grain” ධාන්‍ය ඇසුරෙන් සාදන ලද කෑම ආහාරයට වරින් වර එක් කර ගන්න. උදාහරණ ලෙස ඔබට ඉරිඟු, ඕට්, මෙනේරි, කුරක්කන් ආදිය දැක්විය හැකියි.
  • මේද වර්ග ප්රවේසමින් තෝරා ගත යුතුයි..
සංතෘප්ත මේද සීමා කල යුතුය. පාම් තෙල්, පොල් තෙල්, බටර්, චොකලට්, චීස්, සොසේජස්, මීට් බෝල් ආදියෙහි මේවා වැඩියෙන් තිබේ. අත්‍යවශ්‍ය ප්‍රමාණය පමණක් භාවිතය සුදුසුය. සොසේජස්, මීට් බෝල් වෙනුවට අලුත් මාළු කෑමෙන් ඔබට එම ප්‍රෝටීන ලබා ගත හැක. බදින ලද අල පෙති (french fries, potato chips), ගැඹුරු තෙලේ බැදපු කෑම (rolls, cutlet), මාගරින්, ක්ෂණික පෑන් කේක් මිශ්රණය, තෙලේ බැදපු කුකුල් මස් හා වෙනත් මස් වර්ග වලින් හැකි තරම් ඈත් වන්න.
  • මාළු වර්ග අතිශයින් වටිනා බව දන්නවාද?
ඔබේ දරුවාගේ වර්ධනයට අත්‍යවශ්‍ය DHA සහ EPA නමින් හැඳින්වෙන සංයෝගය බහුලව අඩංගු වන්නේ මාළු වර්ග වලය. වාසනාවකට මෙන් අප ජීවත්වන දිවයින එම මත්ස්‍ය සම්පතින් ගහන මුහුදෙන් වටවී ඇත. ඔබ කල යුත්තේ මඳක් සොයා බලා හොඳ අලුත් මාළු ගෙන එන වෙළඳ සැලක් හඳුනා ගැනීමයි. ඉංග්‍රීසි පොත පතෙහි ඔබ දකීවි “salmon, mackarel, sardine” ආදී මාළු වර්ග සුදුසු බව. එම මාළු බොහෝ විට අපේ රට අවට නැහැ. නමුත් අපට ඉතා රසවත් සහ වටිනා මාළු වර්ග තිබෙන බව අමතක කරන්න එපා. ඒවා නම්: තෝරා, කෙළවල්ලා, හුරුල්ලා, කීරමින්, තොන්ඩයා, වැල්ල සූඩයා, සූඩයා ආදියයි. සතියකට දෙවරක් මෙම මාළු ඔබේ ආහාරයට එක කර ගැනීම ප්‍රමාණවත්. එකම මාළු වර්ගයක් දිගටම නොගෙන හැම වර්ගයෙන්ම ටික ටික සතිය පුරා ආහාරයට ගන්න.
ඔබ මාළු වර්ග නොකන්නේ නම් හෝ ඉහත මාළු පහසුවෙන් සොයා ගැනීමට නොහැකි නම්, අනිවාර්යයෙන්ම මෙම සංයෝග ලැබෙන බෙහෙත් කරල් ලබා ගන්න. Omega-3 Fatty Acids ලෙස හඳුන්වන මාළු තෙල් වලින් සාදන ලද බෙහෙත් කරල් වර්ගයක් වේ. මෙය වෛද්‍ය උපදෙස් මත භාවිතා කරන්න.
  • කිරි යනු පෝෂණීය ආහාරයක්!
කිරි බීම ගැන විවිධ මත පල උනත් (සෙම හැදෙනවා ආදිය) ඔබ මතක තබා ගත යුතුයි කිරි සහ කිරි ආශ්‍රිත ආහාර යනු ඔබේ සිරුරට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ විශාල ප්‍රමාණයක් ඉතා පහසුවෙන් ලබා දෙන ආහාරයක් බව. මාංශ වර්ධනයට අවශ්‍ය ප්‍රෝටීන්, අස්ථි වර්ධනයට අවශ්‍ය කැල්සියම් සහ විටමින් D ආදිය ඔබට නිර්ලෝභීව ලබා දෙන්නේ කිරි ආහාර වලින්. දිනකට තුන් වරක් වත් කිරි ආශ්‍රිත ආහාරයක් ලබා ගැනීමේ සුදුසුයි. උදාහරණ ලෙස උදේට සහ හවසට කිරි වීදුරුවක්, දවල්ට යෝගට් කෝප්පයක් ආදිය ලබා ගත හැකිනම් ඉතා කදිමයි.
  • යකඩ බහුල ධාන්‍ය සහ පළා වර්ග අනිවාර්යයි!
ඔබ දන්නවා ශරීරය පුරා ශක්තිය, පෝෂණය සියල්ල ගෙන යාමට රුධිරය අත්‍යවශ්‍ය බව. ඉතින් එසේ ගෙනයන රුධිරය හිඟ වීමට ඉඩ තබන්න එපා. රුධිර වර්ධනයට යකඩ සහිත ආහාර අවශ්‍ය වෙනවා. නිර්මාංශ ආහාර පමණක් අනුභව කරන අයට නිවිති සහ වෙනත් පලා වර්ග වැඩි පුර ආහාරයට ගැනීම වැදගත්. යකඩ පමණක් නොවේ තවත් බොහෝ පෝෂණ සංඝටක වලින් ගහන නිසා මැල්ලුම් අමතක කරන්න එපා. නමුත් ඔබ මාංශමය ආහාර ගැනීමට අකමැත්තක් නොමැති නම් සුළු වශයෙන් “රතු මාංශ” ලබා ගන්න (ඔබ නිවිති සහ අනෙකුත් එළවලු/පලා/පලතුරු කන්නේ නම් මෙය අත්‍යවශ්‍ය නොවේ!). කවුපි, මෑ, රට මෑ ආදියත් ආහාරයට එක් කර ගන්න.
  • පළතුරුවල විටමින් බහුලයි!
අපේ රට විවිධ පළතුරු බහුල ලෙස වැවෙන දිවයිනක්. මනා ලෙස සොයා බැලීමෙන් ඔබට කෘතීම බෙහෙත් ඉසින ලද පළතුරු වෙනුවට නැවුම්, නොඉඳුල් පළතුරු සොයා ගත හැකිනම් අපූරුයි. විශේෂයෙන්ම දොඩම්, දෙළුම්, අලි ගැට පෙර, කොමඩු, කෙසෙල් ආදී අපේ රටේ වැවෙන පළතුරු වලට මුල් තැන දෙන්න. දිලිසි දිලිසි රාක්ක වල තිබෙන ආනයනික පළතුරු වලට වඩා අපේම ගමක වැවෙන නැවුම් පළතුරු ගෙඩියක් එතරම් ලස්සනට දිලිසුනේ නැතත් ඇඟට ගුණ අඩුවක් නැහැ! විශේෂයෙන්ම මෙම පලතුරු වලින් අන්නාසි, අලි ගැට පේර, අඹ, කොමඩු ආදියේ වල් නාශක සහ කෘමි නාශක අඩු යයි පිළිගත හැක. කෙසේ නමුත් සොයා බලා විශ්වාසවන්ත තැනකින් මිලදී ගන්න.
  • වතුර බොන්න!!!
ඔබ හිතනවා ඇති වතුර පෝෂක සංයෝගයක් නොවේ නේද කියා. නමුත් නිසි ලෙස ජාල පානය අපි නිතරම අවතක්සේරු කරන දෙයක්. ඉහත කී සියලු එළවලු, පළතුරු, මස් මාළු, බිත්තර ආදිය කෑවත්, ප්‍රමානවත් ලෙස වතුර නොබොනවානම් ඔබේ සිඟිත්තාට දෙන ඒ ලොව උතුම්ම සම්පත වන මවු කිරි නිසි ලෙස නිපදවීමට බාධාවක් වේවි.

දිගු කාලයක් තරුණ පෙනුම රැක ගන්න සාර්ථක ක්‍රමයක්



සිරුර මනා ලෙස සජලන තත්ත්වයේ පවත්වා ගැනීමට සිතාමතාම පැයෙන් පැයට හෝ වරකට ජලය මිලිලීටර් 300 ක් පමණ පානය කරන්න.
අව්වේ යන සෑම අවස්ථාවකදීම කුඩයක් හෝ අඩු තරමින් හිස් වැසුමක් හෝ භාවිතා කරන්න. මෙහිදී සමට ගැළපෙන ඉභද ඛ්පඥචථ එකක් භාවිතා කිරීමද සුදුසු ය.
අධික හිරු එළියෙන් සම සුරැකෙන ලෙස සිරුර ආවරණය වන ඇඳුමින් සැරසෙන්න.
දවසේ ප්‍රධාන ආහාර වේල් තුනම සමබර ආහාර වේලක් (ධාන්‍ය, අල, පළා, කහ පැහැ එළවළු, කොළ පැහැති එළවළු, බිත්තර හෝ කුඩා මාළු වර්ගයක්, ඇට වර්ගවලින් එකක්, කෑමෙන් පසු අතුරුපස ලෙස පලතුරු කැබලි හෝ පලතුරු යුෂ) ලබාගන්න.
වතුර පිපාසය දැනෙන තුරු නොසිට දිනකට අවම වශයෙන් වතුර ලීටර් 3 – 4 පමණ පානය කිරීම පුරුද්දක් කර ගන්න.
දෛනික ආහාර වේලට දිනපතාම විවිධ වර්ගවල නැවුම් පළා සහ නැවුම් දේශීය පලතුරු වර්ග 5 – 7 පමණවත් එක්කර ගන්න. සතියේ දින හත පුරාම ආහාරය සඳහා එළවළු, පලා, පලතුරු විවිධත්වයෙන් යුතුව තෝරාගන්න. මේ සඳහා මුළුතැන්ගෙයි හෝ කෑම කාමරයේ හෝ ඔබ කැමති තැනක දිනක හිත සඳහා පාවිච්චි කළ හැකි විවිධ ආහාර වර්ගවල පැහැදිලි සටහනක් එල්ලා තබන්න. ඊට අමතරව එම තෝරාගත් ආහාරවලට අලුත් ක්‍රමවලට පිසූ සලාද, සම්බල්, මැල්ලුම්, ගුණදායක චට්නි, කරපිංචා හෝ මිංචි කොළ ලුණු මිරිසක් වැනි යමක් එක්කර ගැනීමට අමතක නොකරන්න. උදා – පැපොල් මැල්ලුමක්, මිශ්‍ර එළවළු සලාදයක්, පෙනෙල කොළ බැඳුමක්, කොස් ඇට බැඳුමක් හෝ තම්බා ගත් කොස් ඇට, කෙසෙල් මුව සම්බෝලයක්, කොහිල අල සම්බෝලයක්, එළවළු සුප්, බිම්මල් සුප්, කැරට් සම්බෝලයක්, කලවම් මැල්ලුමක්, වියළි දෙල් කැබලි මැල්ලුමක්, වෙල් අල කොළ ඇඹුලක්, කතුරුමුරුංගා හෝ මුරුංගා කොළ හොද්දක්, පුලියානම් හොද්දක්, කූනිස්සන් හෝ වියළි හාල්මැස්සන් මැල්ලුමක්, තක්කාලි, බෙල්පේපර් මිශ්‍ර සලාදයක් ආදිය දැක්විය හැකි ය.

තරුණ කම රැක ගන්න හෙළයන්ගේ පාන වර්ග 5ක්



අපි හැමෝම කැමතියි හැමදාම අපේ තරුණ පෙනුම ඒ විදියටම තියෙනවා නම් . පුරාණයේ මිනිසුන් තරුණ කම රැක ගෙන බොහෝ කල් ජීවත් වුනේ සොබා දහම සමග මනා සම්බන්ධයක් පවත්වමින් හෙළ ඔසු සමග තමන්ගේ ජීවන රටාව සැලසුම් කල නිසයි. ඒ ආකාරයට තරුණ කම රැක දෙන ඔසුපැන් කිහිපයක් ගැනයි මේ කියන්නට යන්නේ
බෙලි පානය
බෙලි ගසේ පස් පංගුවම ඉතා ගුණ දායකයි. ඒ වගේම ඉදුණු බෙලි ගෙඩියේ මැලියම් ඉවත් කර, අවශ්‍ය ප්‍රමාණයට සීනි සහ ලුණු මෙන්ම දෙහි යුෂ ස්වල්පයකුත් යොදා සකස් කර ගන්නා පානය
උදැසන හිස් බඩ පානය කරන්න. එය ඔබේ ශරීරයේ සිසිල් බව වඩවනවා. දීර්ඝායුෂ ගෙන දෙනවා.
සියඹලා පානය
ඉදුණු සියඹලා වල ඇට ඉවත් කර ගන්න. එය හොඳින් පොඩි කර සීනි, ලුණු, එනසාල්, කුරුඳු කුඩු ස්වල්පයක් එකතු කර පානයක් සකස් කර ගන්න.
මේ මගින් ආහාර රුචිය වඩවනවා. කුසගිනි ඇති කරනවා. මළපහ හොඳින් පිට කරනවා. අධි රුධිර පීඩනයටත් ගුණ දායකයි.
වදමල් පානය
උතුරවා ගත් වතුර භාජනයකට හොඳින් පිරිසිදු කර ගත වද මල් දමා ටික වෙලාවක් වසා තබන්න. පසුව එම රතු පති වතුර පෙරා ගෙන එයට සීනි, ලුණු සහ දෙහි යුෂ ස්වල්පයක් යොදා පැනයක් සකස් කර ගත හැකියි. මෙය සිරුරේ රුධිරය පිරිසිදු කරන අතිශය ගුණදායි පානයක්.
නෙල්ලි පානය
ඉතාම ගුණදායි නෙල්ලි පානය සකස් කර ගන්නේ මෙහෙමයි. නෙල්ලි හොඳින් සෝදා ඇට ඉවත් කර ජලය ස්වල්පයක් සමග අඹරා ගන්න. මෙයට අවශ්‍ය ප්‍රමාණයට වතුර, සීනි සහ ලුණු ස්වල්පයක් යොදා පානයක් සකස් කර ගත හැකියි.
මේ මගින් අමාශයේ අම්ල පිත් දෝෂ, ශරීරයේ විෂ සහිත බව, උදරාබාධ නැති කරනවා. සෙම් රෝග වලටත් ගුණයි. සම පැහැපත් වී තරුණ පෙනුමක් ලැබෙනවා. ඇස් වලටත් ඉතා හොඳයි.
රසකිද පානය
රසකිඳ වැලේ කොටස් කපාගෙන තම්බා පානයක් සකසා ගත හැකියි. මෙය තිත්ත රසයෙන් යුක්තයි. වියලා ගත රසකිඳ කැබලි ඕනෑම වෙලාවක තම්බා ගත හැකියි. කිතුල් හකුරු කැබැල්ලක් සමග මෙය පානය කරන්න. රෝග රැසකට ගුණයි. රක්තවාතය, හන්දිපත් රුදාව, සමේ රෝග, අර්ශෂ්, ශරීරයේ දැවිල්ල සඳහා මෙන්ම හදවතේ දුර්වලතා වලටත් හොඳයි. ආමාශගත රුධිරයේ ආම්ලිකතාව සමනය කරනවා.
ඉරමුසු පානය
ඉරමුසු ශාකය ගලවා ඒවා කපා කැබලි කර සෝදා වෙලා ගන්න. අවශ්‍ය විටක තම්බා පැනයක් සකස් කර ගත හැකියි. මෙයද කිතුල් හකුරු සමග තේ මෙන් පානය කල හැකියි. අවශ්‍ය නම් ශීත කර ද පානය කරන්න පුළුවන්.
මෙය ලේ පිරිසිදු කරයි, දියවැඩියාවට ගුණදායකයි. මුත්‍රා දැවිල්ල දුරු කරයි. හිස කෙස් වර්ධනය කරයි. ශරීරයේ පෙනුම වර්ධනය කර සැහැල්ලු බවක් ඇති කරනවා. කිරි දෙන මව්වරුන්ට ඉතා ගුණයි.

වාහන වලට තෙල් ගහනකොට ෂෙඩ් එකෙන් හොර කරන විදිය මෙන්න



ලංකාවේ ඇති ඉන්ධනහල්වලින් අප ගෙවූ මුදලට සරිලන නියම ඉන්ධන ප්‍රමාණය එහි ඇති ඉන්ධන ‍පොම්පය හරහා අපට ලැබෙනවාද යන්න කාලයක සිට මෙරට බොහෝ දෙනකුගේ සිතේ පැසවන කුකුසකි.
ඉන්ධන ලබාගැනීමට ඉන්ධනහලට ගිය විට ඉන්ධන ‍පොම්පය දෙස අප ඇසිපිය නොබලා බලා සිටින්නේ ඒ නිසාය. ඉන්ධන ලබාගැනීමට මුදල් ගෙවූ පසු ඉන්ධන ‍පොම්පයේ ඉහළ ඩිජිටල් තිරයේ අප ගෙවූ මුදලත් ගෙවූ මුදලට ලබාදිය යුතු ඉන්ධන ප්‍රමාණයත් නිවැරදිව සටහන් වේ.
‍පොම්පකරු ඉන්ධන ‍පොම්පය ක්‍රියාත්මක කළ විට ඉලක්කම් කැරකී අප ගෙවූ වටිනාකමට ලැබිය යුතු ඉන්ධන ප්‍රමාණය අපට ලැබේ. මේ ක්‍රියාවලිය මුල සිට අගට නිරීක්ෂණය කරන අපට සැක සිතිය යුතු තැනක් අල්ලාගත හැකිද? සැබැවින්ම නොහැකිය. එසේ වූවා කියා අප ගෙවූ සම්පූර්ණ මුදලට නියමිත ඉන්ධන ප්‍රමාණය ඔබට ලැබුණා කියා ඔබ සිතනවාද? ‘ඔව්’ කියා ඔබ සිතුවත් නිසැක වශයෙන්ම ඔබ සිටිනා ස්ථාවරය නිවැරදි නොවේ. මන්ද මෙරට ඇති ඉන්ධන ‍පොම්ප බොහෝමයකින් අප ගෙවූ මුදලට නියම ඉන්ධන ප්‍රමාණය අපට ලැබෙන්නේ නැති නිසාය. අප මෙය ස්ථිරවම කියනුයේ මේ පිළිබඳ සොයා බලා කරුණු අධ්‍යයනය කිරීමකින් අනතුරුවය.
වසර තිහකට අධික කාලයක් ඛනිජ තෙල් ක්ෂේත්‍රයේ අත්දැකීම් ඇති මේ විධායක ශ්‍රේණියේ නිලධාරියා කියන කතාව අසමු. එවිට මේ කතාවේ ඇත්ත නැත්ත ඔබටම පසක් වනු නොඅනුමානය.
“ඔබේ ප්‍රශ්නයට කෙටියෙන්ම උත්තර දුන්නොත් ඔව්, ලංකාවේ පිරවුම්හල්වල තියෙන බොහෝමයක් ඉන්ධන ‍පොම්පවලින් ඔබ ගෙවන මුදලට ලැබිය යුතු ඉන්ධන ප්‍රමාණය ලැබෙන්නේ නෑ. මං වැඩ කරන ක්ෂේත්‍රය වුණත්, කතාව තිත්ත වුණත් ඇත්ත ඕක තමයි.”
ඔහු කිසිදු පැකිළීමකින් තොරව කතාව පටන්ගත්තේය. ඔහුට බාධා නොකර මම නිහඬ වීමි.
“පෙටේ‍රා්ලියම් එකේ පෙට්‍රල් ෂෙඩ් තියෙනවා 1200කට ආසන්න සංඛ්‍යාවක්. ඉන් වැඩිම ප්‍රමාණයක් ඉන්ධනහල් තියෙන්නේ බස්නාහිර පළාතේ. ෂෙඩ් 285ක් හෝ 290ක් බස්නාහිර තියෙනවා. මෙරට ඉන්ධන පාරිභෝජනයෙන් සියයට පනහකට ආසන්න ප්‍රමාණයක් භාවිත කරන්නේ බස්නාහිර පළාතේ උදවිය. දැන් පාරිභෝගිකයන් වන අපට තියෙන ප්‍රශ්නය තමයි අපේ වාහනේට දුන්නු මුදලට නියමිත තෙල් ප්‍රමාණය ‍පොම්පෙන් ටැංකියට වැදුණද කියන එක. මේ ගැටලුවට පේන විසඳුමක් නෑ. ගොඩක් අයගේ හිතේ තියෙන්නේ සැකයක්.
මේ ක්ෂේත්‍රයේ ඉන්න නිලධාරියෙක් හැටියට මම දන්නවා සමහර ෂෙඩ්වලින් තෙල් අඩුවෙන් ගහන බව. එතකොට මේකට වගකියන්න ඕන කවුද? මගේ අදහස නම් මේකට ප්‍රධාන වශයෙන්ම වගකියන්න ඕන මිනුම් ඒකක ප්‍රමිති හා සේවා දෙපාර්තමේන්තුව. කෙටියෙන් කීවොත් කිරුම් මිනුම් එක. ඒ වගේම තෙල් සංස්ථාවේ ප්‍රාදේශීය පරිපාලනය වගේම සංස්ථාව ගත්තු සමහර වැරදි තීරණ.”
වසර තිහකට අධික කාලයක් ඛනිජ තෙල් ක්ෂේත්‍රයේ අත්දැකීම් ඇති මේ විධායක ශ්‍රේණියේ නිලධාරියා කියන කතාව අසමු. එවිට මේ කතාවේ ඇත්ත නැත්ත ඔබටම පසක් වනු නොඅනුමානය.
ඉන්ධන ‍පොම්පවලින් කෙරෙන තෙල් ජාවාරමට කිරුම් මිනුම් දෙපාර්තමේන්තුව වගකිවයුත්තේ ඇයි?
ඒ ගැටලුව ඔහු නිරාකරණය කළේ මෙසේය.
“ලංකාවට ගේන ඕනෑම ‍පොම්පයක් ඉන්ධනහලක මිනුම් ඒකකයක් ලෙස පාවිච්චි කරන්න අවසර දෙනවා නම් මාදිලි අනුමැතිය ගන්න ඕන. මේ අනුමැතිය දෙන්නේ කිරුම් මිනුම් දෙපාර්තමේන්තුව මගින්. කිරුම් මිනුම් දෙපාර්තමේන්තුවේ සීල් එක නැතුව කිසිම ඉන්ධන ‍පොම්පයකින් තෙල් නිකුත් කරන්න බෑ. ඒක නීතියෙන් තහනම්.
නමුත් ගොඩක් ‍පොම්පවල කිරුම් මිනුම් සීල් එක නෑ. ඒකට හේතු කීපයක් තියෙනවා.
එකක් තමයි 2002 ඉන්දියන් ඔයිල් සමාගම ලංකාවට ආවට පස්සේ ෂෙඩ්වලට ඕන කරන සියල්ල ඒ අය දුන්නේ නොමි‍ලේ. ඔන්න තරගයක් ඇතිවුණා. අපේ තෙල් සංස්ථාවට මුදල් තිබුණේ නෑ ඉන්දියන් ඔයිල් එකත් එක්ක හැප්පෙන්න. අවසානයේදි සංස්ථාව කළේ අපිත් අපේ ඉන්ධනහල් හිමියන්ට මොනවා හරි කරන්න ඕන කියලා චීනෙන් අඩු මුදලට බාල ‍පොම්ප ගෙන්නලා නොමි‍ලේ ෂෙඩ්වල හයි කළා. ඇත්තටම මේවා සෙල්ලම් බඩු වගේ. මෙන්න මේ ‍පොම්ප එකක්වත් සීල් කරලා නෑ. මොකද මේ ‍පොම්ප එකක්වත් මාදිලි අනුමැතියට දැම්මේ නෑ. තවත් එකක් කිරුම් මිනුම් දෙපාර්තමේන්තුවෙන් සීල් කළත් ඒක සංස්ථාවේ නිලධාරීන් අතින් ගැලවෙන්න පුළුවන්. එහෙම වුණු හැම වෙලාවකම කිරුම් මිනුම් නිලධාරීන් ෂෙඩ්වලට ඇවිත් ‍පොම්ප සීල් කරන්නේ නෑ. මොකද හේතුව නිලධාරීන් ඉන්නේ ටිකයි. වාහන හිඟයි. නමුත් එහෙම කියලා කිරුම් මිනුම් දෙපාර්තමේන්තුවට තමන්ගේ වගකීමෙන් නිදහස් වෙන්න බෑ.”
අප සොයාගත් තොරතුරුවලට අනුව අද වනවිට ඉන්ධනහල්වලද තෙල් ජාවාරම මහා පරිමාණව සිදුවන්නේ තෙල් සංස්ථාවේ නිලධාරීන්ගේ ආශිර්වාදයෙනි. මීට අමතරව එහි සේවයේ නියුතු ‍පොම්ප ක්‍රියාකරවන්නන් ඉන්ධන ලබාගැනීමට පැමිණි පුද්ගලයන්ගේ ඇස වසා කරන සමහර දේ ඇතත් ඒවා සංවිධානාත්මක අයුරින් සිදු නොවන පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වන වංචා සහගත ක්‍රියාවන්ය. නමුත් මහා ජාවාරම සිදුවන්නේ ඉන්ධනහල් අයිතිකරුගේ හා තෙල් සංස්ථාවේ ප්‍රාදේශීය කළමනාකරු හා ප්‍රාදේශීය පරීක්ෂකගේ එකතුවෙනි.
“ඔය තෙල් ‍පොම්ප කොටසක් තියෙනවා ප්‍රමාණ ශෝධන ඒකකය කියලා. අපි කියන්නේ ‘කැලිබරේට්’ කරනවා කියලා. මේ කොටසින් තමයි මිනුම් නිවැරදිව සකස් කරන්නේ. ඒක අඩු වැඩි කරන්න පුළුවන්. ඔන්න ඔය කොටස පාවිච්චි කරලා තමයි මේ හොර වැඩේ කරන්නේ. උදාහරණයක් හැටියට ඉන්ධන ලීටර් හතර හමාරක් එළියට යනකොට මීටරේ ඉන්ධන ලීටර් පහක් පෙන්වන්න හදන්න පුළුවන්. මේ කැලිබරේෂන් යුනිට් එක තියෙන්නේ ‍පොම්පෙ ඇතුළේ. මෙන්න මේ කොටසයි සීල් කළ යුත්තේ.
මේක සීල් කරන්නේ කිරුම් මිනුම් දෙපාර්තමේන්තුවයි, තෙල් සංස්ථාවටයි. කිරුම් මිනුම් සීල් එක අනිවාර්යයි. මේ සීල් එක නැතුව ඉන්ධන නිකුත් කරන්න බෑ. නමුත් ප්‍රධාන බලධාරීන්ගේ මුද්‍රාව නැතිව තෙල් නිකුත් වෙනවා. ඒක තමයි ඛිෙදවාචකය. මම මුලින් කිව්වා වගේ ගොඩක් ‍පොම්පවල මේ කොටස සීල් කරලා නෑ.
තෙල් සංස්ථාවේ ප්‍රාදේශීය කාර්යාල නවයක් තියෙනවා. ඒවයේ වෙන වෙනම ප්‍රාදේශීය කළමනාකරුවන් ඉන්නවා. ඔවුන් යටතේ තවත් නිලධාරීන් දෙන්නෙක් ඉන්නවා. මේ නිලධාරීන් හැම මාසෙකම මේ ‍පොම්ප චෙක් කරන්න යනවා. ඔය අතරේ ෂෙඩ් අයිතිකාරයින්ගෙන් පැමිණිලි එනවා වැඩිපුර තෙල් යනවා කියලා. ඔන්න එතකොට සංස්ථා අර නිලධාරීන් සීල් කඩලා අර ‘කැලිබරේට්’ යුනිට් එක ඇජෙස් කරනවා. ඔය දේවල් එහෙම සිද්ධ වෙන අතරේ තිරෙන් එහා වෙනත් කතා යනවා.”
සොයා දැනගත් ආකාරයට ඉන්ධනහල් හිමියන් ප්‍රාදේශීය කළමනාකාර හා ඔහු යටතේ සිටිනා නිලධාරීන් සමග සුහද ගනුදෙනුවක් පවත්වාගෙන යමින් ඔවුන් සතුටු කිරීමට උනන්දු වේ. ප්‍රාදේශීය කළමනාකරු අමනාප කරගතහොත් ඉන්ධනහල් අයිතිකරුවාට සිදුවන්නේ මහත් අලාභයකි. ඉන්ධනහල් හිමියාට කොතරම් ලාභයක් ලබාදෙනවාදැයි තීරණය කරන්නේ සංස්ථාවේ ප්‍රාදේශීය කළමනාකාරවරයා හා පරීක්ෂකවරයාය. ඉන්ධනහලකින් ඉන්ධන අඩුවෙන් නිකුත් කරන්නේ යැයි යම් සැකයක් පාරිභෝගිකයකුට ඇති වුවහොත් එය පරීක්ෂා කිරීමට ඉන්ධනහ‍ලේ සම්මත මිනුම් ඒකකයක් තිබේ.
“ඒක සුදු යකඩෙන් හදපු කෑන් එකක්. ඒකෙන් ලීටර් පහක් මනින්න පුළුවන්. ඒකට කියන්නේ ටෙස්ටින් කෑන් කියලා. උඩට හෝ පහළට දශම දෙකයි පහක් විතරයි වෙනස් වෙන්නෙ. හැබැයි අමාත්‍යාංශයට ලැබි ඇති තොරතුරුවලට අනුව ඉන්ධනහල් බොහොමයක මේ පරාසය -.5 සිට -.1 දක්වා පරාසයක තියෙනවා.”
අපි මුලින් සඳහන් කළ සම්මත ඒකකය සෑම ඉන්ධනහලකම තිබිය යුතු වුවත් බොහෝ තැන්වල එහෙම මිනුම් උපකරණයක් දකින්නට නැත. තිබුණත් ඇත්තේ ව්‍යාජ එකකි.
එය පතුලෙන් උඩට ඔසවා ඇත. උඩට ඔසවා ඇති ප්‍රමාණය ඉන්ධන ‍පොම්පයෙන් සමබර කර සකසයි. ඒ නිසා ඔබ එවැනි පරීක්ෂාවකට යන්නේ නම් පතුලෙන් උඩට නොඑසවූ සුදුපාට තද ලෝහයෙන් නිම කළ සම්මත ඒකකය ඉල්ලා සිටින්න.
“ඉස්සර තිබුණේ මේ සුදු යකඩ මිනුම ‍නෙවෙයි රතුපාට සාමාන්‍ය ලෝහයෙන් හදපු එකක්. ඒක පතුලෙන් උඩටම තළනවා. හැබැයි සුදු යකඩ එක තළන්න බෑ. මේ සුදු යකඩ මිනුම් භාජනය සෑම ඉන්ධනහලකම තිබිය යුතුයි. නමුත් ඒක සෑම තැනකම නෑ. ඒක බරපතළ ප්‍රශ්නයක්.”
එයට හේතුව සම්මත ප්‍රමාණයට වඩා දෙගුණයක් අඩුවෙන් යන තත්ත්වයක් අද දකින්න පුළුවන්” මුලින් චීනෙන් ගෙනත් සවි කළ ‍පොම්ප සවි කළේ අවුරුදු පහකට. නමුත් දැන් ඒ වගේ කාලය අවුරුදු පහළොව ඉක්ම ගිහින්.
වෙනස් කළත් නැතත් ‍පොම්ම පරණ නිසා මේ ‍පොම්පවලින් තෙල් යන්නේ අඩුවෙන්. ඒක බරපතල ප්‍රශ්නයක්. ඒ නිසා කිරුම් මිනුම් දෙපාර්තමේන්තුව කියලා තිබුණා 2015 ජනවාරි වන විට හොඳ ‍පොම්පයක් සවි කරන්න එහෙම නැත්නම් සංස්ථා ‍පොම්ප සීල් කරන්නේ නෑ කියලා. කිරුම් මිනුම් දෙපාර්තමේන්තුව කළ අනතුරු ඇඟවීමට ඛනිජ තෙල් සංස්ථාව කෙබඳු ප්‍රතිචාරයක් දැක්වූවාදැයි අප සොයා බැලීමු. තෙල් සංස්ථාව අමාත්‍යාංශයත් සමග එකතුවෙලා මේකට විසඳුමක් දෙන්න උත්සාහ කළා. 2012 වන විට මේ බාල ‍පොම්ප මොනවද කියල බලන්න කමිටුවක් පත්කළා. (D.M.P.C.)මේ කමිටුවෙන් ‍පොම්ප තෝරලා ‍පොම්ප 500ක් ගේන්න සූදානම් කළා. නමුත් 2015 ජනවාරි09 පස්සේ කිසියම් පුද්ගලයෙක් අමාත්‍යංශය හරහා බලපෑම් කළා “මගේ ‍පොම්ප ටික ගන්න” කියලා. එතැනින් ඒ වැඩේ හමාර වුණා. තෙල් සංස්ථාවට අද වෙනකම් බැරි වෙලා තියෙනවා හොඳ ‍පොම්පයක් ලබා දෙන්න. බරපතළ අවුලකයි සංස්ථාව ඉන්නේ. 2014 හිටපු කළමනාකාර අධ්‍යක්ෂවරයා තෙල් සංස්ථාවේ කමිටුවක්ද පත්කරලා ඉන්ධන ‍පොම්ප 495 අහඹු ලෙස පරීක්ෂා කරලා තියෙනවා. ඔහු ඊට පසුව අමාත්‍යංශ ‍ලේකම්ට වාර්තාවක් දෙනවා ‍පොම්පවලින් 40ක ඉන්ධන නිකුත් කරන්නේ නියමිත ප්‍රමාණයට වඩා අඩුවෙන් කියලා. ඉහළ නිලධාරීන් සියල්ල දන්නවා සංස්ථාව තියෙන්නේ අර්බුදයක කියලා.
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව යටතේ ඇති ඉන්ධන ‍පොම්පවලින් විශාල ප්‍රමාණයක් කල්ඉකුත් වූ ඒවාය. මේ ඉන්ධන ‍පොම්ප හරහා පාරිභෝගිකයාට බරපතළ පාඩුවක් සිදුකරන්නේය. එසේම 1995 අංක 35 දරන මිනුම් එකක ප්‍රමිති හා සේවා පනතේ 22 වගන්තිය ප්‍රකාරව ‍පොම්ප පරීක්ෂා කර බලා මුදා තැබිමේ සම්පූර්ණ අයිතිය පැවරෙන්නේ කිරුම් මිනුම් නිලධාරීන්ටය. ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නිලධාරීන්ට එවැනි බලයක් හිමි නොවේ.
නමුත් අද වන විට ඔවුන් දැන හෝ නොදැන තමන් වෙත නැති නීතියක් ආරෝපණය කරමින් මහා වංචාවක යෙදේ. කිරුම් මිනුම් දෙපාර්තමේන්තුව මගින් සීල් තබන ලද ඉන්ධන ‍පොම්පයක සීල් කඩා ජාවාරමේ යෙදීමට කටයුතු කරන තෙල් සංස්ථා නිලධාරීන්ට එරෙහිව වහා බලධාරීන්ගේ අවධානය යොමු විය යුතුය.
යම් ඉන්ධන ‍පොම්පයක අලුත්වැඩියාවක් කළයුතු නම් මේ දෙපාර්ශ්වයටම ඊට සහභාගි වී ඒ අලුත්වැඩියාව කළ යුතු තැනට නීතිය සංශෝධනය විය යුතුය. එසේ නොවුණහොත් ජනතාවගේ ඇසට වැලි ගසමින් දූෂිත තෙල් සංස්ථා නිලධාරින් ගෙන යන මේ මහා වංචාවට තිත තැබිම අසීරු වනු ඇත.

සන්ධි ඉදිමුමට සේර හොදයි

සේර යනු ආසියාතික රටවල වැඩෙන සිහින්, දිගු පත්‍ර සහිත බහුවාර්ෂික ශාකයකි. එහි නමට (lemongrass) අනුව ඒවා පැගිරි සුවද විහිදවයි. නමුත් එහි රස...