සිරුර මනා ලෙස සජලන තත්ත්වයේ පවත්වා ගැනීමට සිතාමතාම පැයෙන් පැයට හෝ වරකට ජලය මිලිලීටර් 300 ක් පමණ පානය කරන්න.
අව්වේ යන සෑම අවස්ථාවකදීම කුඩයක් හෝ අඩු තරමින් හිස් වැසුමක් හෝ භාවිතා කරන්න. මෙහිදී සමට ගැළපෙන ඉභද ඛ්පඥචථ එකක් භාවිතා කිරීමද සුදුසු ය.
අධික හිරු එළියෙන් සම සුරැකෙන ලෙස සිරුර ආවරණය වන ඇඳුමින් සැරසෙන්න.
දවසේ ප්‍රධාන ආහාර වේල් තුනම සමබර ආහාර වේලක් (ධාන්‍ය, අල, පළා, කහ පැහැ එළවළු, කොළ පැහැති එළවළු, බිත්තර හෝ කුඩා මාළු වර්ගයක්, ඇට වර්ගවලින් එකක්, කෑමෙන් පසු අතුරුපස ලෙස පලතුරු කැබලි හෝ පලතුරු යුෂ) ලබාගන්න.
වතුර පිපාසය දැනෙන තුරු නොසිට දිනකට අවම වශයෙන් වතුර ලීටර් 3 – 4 පමණ පානය කිරීම පුරුද්දක් කර ගන්න.
දෛනික ආහාර වේලට දිනපතාම විවිධ වර්ගවල නැවුම් පළා සහ නැවුම් දේශීය පලතුරු වර්ග 5 – 7 පමණවත් එක්කර ගන්න. සතියේ දින හත පුරාම ආහාරය සඳහා එළවළු, පලා, පලතුරු විවිධත්වයෙන් යුතුව තෝරාගන්න. මේ සඳහා මුළුතැන්ගෙයි හෝ කෑම කාමරයේ හෝ ඔබ කැමති තැනක දිනක හිත සඳහා පාවිච්චි කළ හැකි විවිධ ආහාර වර්ගවල පැහැදිලි සටහනක් එල්ලා තබන්න. ඊට අමතරව එම තෝරාගත් ආහාරවලට අලුත් ක්‍රමවලට පිසූ සලාද, සම්බල්, මැල්ලුම්, ගුණදායක චට්නි, කරපිංචා හෝ මිංචි කොළ ලුණු මිරිසක් වැනි යමක් එක්කර ගැනීමට අමතක නොකරන්න. උදා – පැපොල් මැල්ලුමක්, මිශ්‍ර එළවළු සලාදයක්, පෙනෙල කොළ බැඳුමක්, කොස් ඇට බැඳුමක් හෝ තම්බා ගත් කොස් ඇට, කෙසෙල් මුව සම්බෝලයක්, කොහිල අල සම්බෝලයක්, එළවළු සුප්, බිම්මල් සුප්, කැරට් සම්බෝලයක්, කලවම් මැල්ලුමක්, වියළි දෙල් කැබලි මැල්ලුමක්, වෙල් අල කොළ ඇඹුලක්, කතුරුමුරුංගා හෝ මුරුංගා කොළ හොද්දක්, පුලියානම් හොද්දක්, කූනිස්සන් හෝ වියළි හාල්මැස්සන් මැල්ලුමක්, තක්කාලි, බෙල්පේපර් මිශ්‍ර සලාදයක් ආදිය දැක්විය හැකි ය.