ඇස්ප්‍රීන් වලින් කරන්න පුළුවන් ගොඩක් දෙනෙක් නොදන්නා සුපිරි වැඩ ටිකක් මෙන්න



වේදනාව අඩු කරන්න 5වන සියවසයේ ඉඳලම භාවිතා කරපු දෙයක් තමයි “තැලිසිලික් අම්ලය”
ඒ වගේම රුධිර කැටි දිය කරන්නත් හෘදය ආශිත රෝග සඳහාත් මෙය භාවිතා කරලා තිබෙනවා.
ඇස්ප්‍රීන් වල අඩංගු වෙන මූලිකම සංඝටකය තමයි මේ තැලිසිලික් අම්ලය.
මුලින් සඳහන් කළ රෝග වලට අමතරව;
ඇස්ප්‍රීන් භාවිතා කරන්න පුළුවන් තවත් විවිධ අවස්ථා ටිකක් තමයි මේ කියන්න යන්නේ.
කුහුඹුවන් වැනි කෘමීන් සතුන් සපා කෑමේදී හෝ දෂ්ඨ කිරීමේදී ප්‍රතිකාරකයක් විදියට ඇස්ප්‍රීන් භාවිතා කරන්න පුළුවන්.
ඇස්ප්‍රීන් පෙත්තක් ඉදිමුම ඇතිවන ස්ථානයේ ඇතිල්ලීම මඟින්,
ඇතිවන ඉදිමුම සහ වේදනාව නැති කර ගන්න පුළුවන්.
වැඩිවියට පැමිණීමත් එක්කම ගොඩක් අයට ඇතිවෙන ලොකු ගටළුවක් තමයි කුරුලෑ ඇතිවෙන එක.
ඒ කරදරෙන් නිදහස් වෙන්නත් ඇස්ප්‍රීන් හොඳ බෙහෙතක්.
ඇස්ප්‍රීන් පෙත්තක් අරන් හොඳට කුඩු කරලා ඒකට වතුර බිංඳු 2-3ක් දාලා පේස්ට් එකක් හදාගෙන කුරුලෑ මත ඒ පේස්ට් එක තවරලා,
විනාඩි කිහිපයක් තියලා සාමාන්‍ය විදියට සෝදලා දාන්න.
මේ විදියට කිරීමෙන් කුරුලෑ නැතිවී යයි.
ඊට අමතරව සමේ තරුණ පෙනුම පවත්වාගෙන යන්නත් ඇස්ප්‍රීන් භාවිතා කරන්න පුළුවන්.
ඇස්ප්‍රීන් පෙති 05ක් අරගෙන හොදින් කුඩු කරලා එයට මීපැණි තේ හැන්දක් සහ වතුර කෝප්ප 14 දාලා මිශ්‍රණයක් සකසා ගන්න.
මෙම මිශ්‍රණය සම මත ආලේප කර මිනිත්තු 10ක් පමණ තියලා උණුසුම් ජලයෙන් සෝදා දැමීමෙන් සමේ තරුණ බව රැගගන්න පිටුවහලක් වේවි.
යටි පතුල්වල ඝන වීම් ඉවත් කරන්නත් ඇස්ප්‍රීන් යොදා ගන්න පුළුවන්.
ඇස්ප්‍රීන් පෙති 05ක් අරගෙන හොදින් කුඩු කරලා එයට ලෙමන් ජූස් ස්වල්පයක් සහ මීපැණි තේ හැඳි 12ක් සමඟ හොදින් මිශ්‍ර කර,
එය ඝන වූ ස්ථානවල ආලේප කර පිරිසිදු රෙදි කැබැල්ලකින් වසා,
පොලිතීන් ටිශූ එකක් ආධාරයෙන් ඔතා තබා විනාඩි 10ක් පමණ තබා අනතුරුව පිරිසිදු ජලයෙන් සෝදා හරින්න.
මීට අමතරව හිස් හොරි සඳහාද ඇස්ප්‍රීන් භාවිතා කරන්න පුළුවන්.
ඔබ භාවිතා කරන සාමාන්‍ය ෂැම්පු ප්‍රමාණයටම කුඩුකරගත් ඇස්ප්‍රීන් පෙති 2ක් දමා විනාඩි 2ක් තබා සෝදා දැමීමෙන් හිස් හොරි නැතිකරගැනීමට පුළුවන්.
ඒ වගේම ඇදුම්වල දහඩිය පැල්ලම් ඉවත් කරන්නත් මේ ඇස්ප්‍රීන් භාවිතා කරන්න පුළුවන්.
ඇස්ප්‍රීන් පෙති 2ක් කුඩු කර වතුර කෝප්ප 12ක දියකර ඇඳුමේ පැල්ලම් ඇති ස්ථානය පැය 2ක පමණ එහි ගිල්වා තැබීම මඟින් ඔබට දහඩිය කහට පැල්ලම් ඉවත් කරගන්න පුළුවන්.
අවපැහැ ගැන්වූ හිසකෙස් නැවත පැහැපත් කරගන්නත් මේ ඇස්ප්‍රීන් යොදා ගන්න පුළුවන්.
ඇස්ප්‍රීන් පෙති 8ක් පමණ වතුර වීදුරුවක් දියකර ,එය ඔබේ කොණ්ඩේ ආලේප කර මිනිත්තු 10-15 පමණ තිබෙන්නට හැර සෝදා හරින්න.
මේවාට අමතර කැපූ මල් පැළ අතු කොටස් කල් තියා ගන්නත් මේ ඇස්ප්‍රීන් භාවිතා කරන්න පුළුවන්.
ඒ වගේම පැළ වලට දමන ජලයට ඇස්ප්‍රීන් පෙත්තක් දියකර දැමීමෙන් පැළ අනවශ්‍ය ලෙස වියළීම වලකනවා.

සන්ධි ඉදිමුමට සේර හොදයි

සේර යනු ආසියාතික රටවල වැඩෙන සිහින්, දිගු පත්‍ර සහිත බහුවාර්ෂික ශාකයකි. එහි නමට (lemongrass) අනුව ඒවා පැගිරි සුවද විහිදවයි. නමුත් එහි රස...