ලංකාවේ සෑම ප්‍රදේශයකම පාහේ, දක්නට ලැබෙන බොහෝ අය හඳුනන ආයුෂ, වර්ණය සැපය, බලය වඩන කොහිල ඔෟෂධයක් ලෙස මෙන්ම ආහාරයක් වශයෙන්ද ඉතාම ගුණදායකය. දියවැඩියාව, අධික රුධිර පීඩනය, අම්ල පිත, බඩ වියළීම, අර්ශස් රෝගය, සමේ රෝග මෙන්ම මාරාන්තික පිළිකාව ආදී රෝග ගණනාවකට හෙළ වෙදකම සහ ආයුර්වේදයෙන් ප්‍රතිකාර කරන විට ප්‍රබලතම ඔෟෂධයක් ලෙස කොහිල යොදා ගනී. කොහිල මූල රෝගයට හෙවත්, අර්ශස්වලට ප්‍රත්‍යක්‍ෂ ඔෟෂධයක් වන අතර ‘මූලගාය ඇති අයට කොහිල කන්න දෙන්න’ යැයි පැරැණි වහරේ කතාවක් පවතී. ගන්නා ලබන ආහාර හේතුවෙන් හෝ පරම්පරාවෙන් හෝ වෙනත් හේතුවක් නිසා අර්ශස් තත්ත්වයක් හෝ සාමාන්‍ය මල බද්ධයක් ඇතිවිය හැකිය. එම තත්ත්වය කොහිල ඔෟෂධයක්, ආහාරයක් ලෙස භාවිත කරමින්, සම්පූර්ණයෙන්ම සුවකරගත හැකියි.
අර්ශස් රෝගයට ප්‍රතිකාර
මුං ඇට මිටක් හීනටි සහල් මිටක් ගෙන කොහිල අල කොටාගත් යුෂින් කැඳ පිස පානය කරන්න.
කොහිල අල සහ කොහිල දලු වෑංජන ලෙස සකසා නිතර ආහාරයට ගැනීම.
කොහිල අල යුෂ රතු ලූනු සමඟ කොටා ගිතෙල් සමඟ මිශ්‍ර කර ආහාරයට ගැනීම.
කොහිල අල තම්බාගත් වතුර පානය කිරීම.
දියවැඩියාව හෙවත් මධුමේහයට කොහිලවලින් ප්‍රතිකාර

කොහිල අල කොටාගත් යුෂට සහල් මිටක් එක්කර කැඳ පිස පානය කිරීම.
කොහිල අල තම්බාගත් වතුර, දිනකට දෙවරක් පානය කිරීම.
කොහිල අල පෙතිකපා වියළා තබාගෙන හාල් පානු වතුරින් තම්බා පානය කිරීම.
කොහිල අල, කොහිල දලු වෑංජන ලෙස නිතර ආහාරයට ගැනීම.

සමේ රෝගවලට
කොහිල අල කොටාගත් යුෂ, රතු ලූනු යුෂ අව්වේ කකාරා තල තෙල් සමඟ මිශ්‍ර කර තබාගෙන ඕනෑම සමේ රෝග අවස්ථාවකදී ආලේප කරන්න.
කොහිල අල තම්බාගත් වතුර ගිතෙල් මිශ්‍රකර පානය කිරීම.
පිළිකාවට කැඳක්
වියළි රාබු අල කොටාගත් යුෂ කෝප්පයක්, කොහිල අල කොටාගත් යුෂ කෝප්පයක් ගෙන රත් කැකුළු හාල් මිටක්ද ගෙන සුදු ලූනු, කුරුඳු පොතු, කරපිංචා ස්වල්පය බැගින් යොදා කැඳ පිස පානය කරන්න.

මුත්‍රා බද්ධයට
කොහිල අල තැම්බූ වතුර පානය කිරීම.
කොහිල අල, තැඹිලි වතුරෙන් අඹරා, යටි බඩ ප්‍රදේශයේ පැලැස්තර දැමීම.
කොහිල අල කොටාගත් යුෂ මඳ ගින්නේ රත්කර සීනි දමා පානය කිරීම.
අද බොහෝ දෙනෙක් කොහිල ආහාර සහ ඔෟෂධ ලෙස ලබා නොගන්නා අතර, එයට හේතුව නම්, සමාජයේ පවතින කාර්යබහුල බවයි. කෙසේ නමුත් ආහාරයක් වශයෙන් හෝ වේවා ඔෟෂධයක් වශයෙන් හෝ වේවා, කෙඳි සහිත ඇඟ නිවන, රුව වඩන කොහිල ආහාරයට ගැනීමෙන් විශාල රෝග සංඛ්‍යාවකින් මිදීමට හැකිවනු ඇත. රුධිරය පිරිසුදු කිරීමේ ගුණාත්මක හැකියාවක් ඇති කොහිලවල අම්ල පිත්තය, අධික හිසරදය, ඉරුවාරදය, ආතරයිටිස්, මලබද්ධය, අර්ශස්, පිළිකාව, අධිරුධිර පීඩනය, දියවැඩියාව, නින්ද නොයෑම, දරුපල නොමැතිවීම ආදී රෝග ගණනාවකින් සම්පූර්ණයෙන්ම මිදීමේ හැකියාව ඇත.

පාරම්පරික ආයුර්වේද වෛද්‍ය රවීන් පතිරණගේ
ආයු ඔසු පෙත, වෙද මැඳුර, උඩුකාව, දෙනිපිටිය
මව්බිම