නොවරදවාම මේ ධාන්‍ය වර්ග 4 ආහාරයට ගන්න


මුං ඇට තැම්බු වතුරේ ප්‍රතිජීවක ගුණය
කොලෙස්ටරෝල් මර්දනයට කඩල
කුරහන් හෘදය, වකුගඩු, අක්මාව රැකගනී.
තල – එළකිරි , මස්වලට වඩා 8 ගුණයක් වැඩි
පෝෂණය
මුං ඇට, කව්පි, උඳු, තල, මෙනේරි, කුරහන් ශ්‍රී ලාංකිකයන් ට ඉතා සමීප ආහාර වේ. ධාන්‍ය වර්ගයට අයත් ඒවා ගොවීන් විසින් යොදා ගනු ලැබුවේ හේන් ගොවිතැන් වශයෙනි. ඉතා පහසුවෙන් වගා කළ හැකි ධාන්‍ය පෝෂණ ගුණයෙන් අනුනය. ශරීරයට අවශ්‍ය තන්තු, විටමින්, අත්‍යවශ්‍ය ඛනිජ ලවණ ධාන්‍ය වර්ගවල අඩංගු ය.
තිරිඟු ධාන්‍ය වර්ගයක් වුවද ග්ලුටන් වැඩිපුර අඩංගු නිසා යම් ගැටලුකාරි බවක් ඇත.
ඒ හැර දේශීය අපට කවදත් හුරුපුරුදු පරිප්පු, කඩල, බාර්ලි, කොල්ලු, තල, අමු, කුරහන්, තණහාල් වැනි ධාන්‍ය මස් මාංශවලින් ලැබෙන ප්‍රෝටින් ප්‍රමාණය ඉක්ම වූ අධික පෝෂණයක් ලබා දේ. එබැවින් ධාන්‍ය වර්ග කීපයක පෝෂණ ගුණ වෙන් වෙන්ව දැන ගැනීම ඉතා වැදගත් ය.
මුං ඇට
ධාන්‍යවලින් දිරවීමට ඉතා පහසුම සහ ‍‍පෝෂණ සංඝටක වැඩිම ආහාරය මුං ඇට වේ. මෙහි අඩංගු ප්‍රෝටින් ප්‍රමාණය ඉතා ඉහළ ය. අනෙකුත් ධාන්‍ය වර්ග ආහාරයට ගැනීමේදී ඇති වන බඩේ වාතය පිපීම වැනි ශරීරයට දැනෙන අපහසුතා මුං ඇටවල නැත. මුං ඇට තැබ්බු වතුර ද පෝෂණ ගුණයෙන් වැඩි ආහාරයකි. පිස ගත් මුං පියලි හොඳින් දිරවිය හැකිය.
මුං ඇට ජලය සමඟ අඹරා මුහුණේ ආලේප කිරීමෙන් සම නිරෝගිමත් වේ. තුවාල කැලැල් මැකීමට, ස්තන ග්‍රන්ථිවල නිරෝගිතාව පවත්වා ගැනීමට මුං ඉතා වැදගත් ය. මුං ඇට සමේ කුණු ඉවත් කරන, සම ඉරි තැළීම වළක්වන ඖෂධයකි. මුං ඇට තැම්බු වතුර කොලරාව, පැපොල, සරම්ප සහ උණ රෝගින්ට ලබා දෙන්නේ එහි අඩංගු ප්‍රතිජීවක ගුණය නිසා ය. එනම් මුං ඇටවලට ස්ටැෆි‍ලොකොසස්, ඕරස්, සැල්මොනෙල්ලා, ෆන්ගල් වැනි ක්ෂුද්‍රජීවින් මර්ධනය කිරීමේ හැකියාව තිබීමය. අක්මා රෝගවලට සහ අර්ශස්වලට ගුණදායක ඖෂධයක් ලෙස මුං ඇට භාවිත කළ හැකිය.
මුං ඇට ග්‍රෑම් 100 ක පෝෂණය
ශක්තිය කැලරි 347
මේදය ග්‍රෑම් 1.2
කැල්සියම් මිලි ග්‍රෑම් 124
යකඩ මිලි ග්‍රෑම් 7.3
කැරොටින් මයික්‍රො ග්‍රෑම් 94
රයිබොෆ්ලේවින් මයික්‍රො ග්‍රෑම් 270
මැංගනීස් මිලි ග්‍රෑම් 1.7
කාබෝහයිඩ්‍රේට් ග්‍රෑම් 56.7
මැග්නීසියම් මිලි ග්‍රෑම් 97
නියැසින් මිලිග්‍රෑම් 2.1
ප්‍රෝටින් ග්‍රෑම් 24
පොස්පරස් මිලි ග්‍රෑම් 326
තයමින් මයික්‍රො ග්‍රෑම් 470
විටමින් B5, B6
මුං ඇටවල ඖෂධීය ගුණ‍යන්ට හේතුව එහි අඩංගු ෆයිටොකෙමිකල් (ෆ්ලේවනොයිඩ්, ෆීනොලික්ස්, ඇමයිනෝ අම්ල, ලිපිඩ, ස්ටිරොයිඩ්, එන්සයිම ) බව පර්යේෂණාගාරවල තහවුරු කර ඇත. මුං ඇටවල කුඩා විෂ ප්‍රමාණයක් ඇති නමුත් මුං ඇට පිසින විට ඒවා විනාශ වේ.
මුං ඇටවලට වඩා මුං පියලි ගුණාත්මක බවින් වැඩිය. මුං පියලි ආහාර මාර්ගය තුළ හොඳින් අවශෝෂණය කරයි. මුං ඇට ශීතල ආහාරයකි. සෙම් අධික අයට මුං ඇට බැද තම්බා ගැනීමෙන් ශීත ගුණය අඩු වේ.
කඩල
කඩල ප්‍රෝටීන් බහුල ආහාරයකි. කඩවල අඩංගු යකඩ ප්‍රමාණය වැඩිය. කඩලවල අඩංගු තයමින්, රයිබොෆ්ලේවින් සහ කැල්සියම් ද සාපෙක්ෂව වැඩිය.
කඩල තම්බා හෝ උයා ආහාරයට ගන්නා අතර කඩල පොඟවා ආහාරයට ගන්නා අය ද සිටිති. නමුත් එය සුදුසු නැත. එයට හේතුව කඩලවල සුළු ප්‍රතිපෝෂක ප්‍රමාණයක් අඩංගු වන නිසාය.
තම්බන විට ඒවා විනාශ වේ. ඇතැම් විට කඩල ආහාරයට ගත් විට බඩේ පිපුමක් ඇති වන්නේ එම නිසාය. කඩල දිරවීමට තරමක් අපහසු ය. පරිප්පුවලට සමාන ගුණ ඇති කඩලවල විටමින් බී වර්ග වැඩිපුර අඩංගුය. ඔක්සික් අම්ලය ද ඇත.
කඩල ග්‍රෑම් 100 ක පෝෂණය
ශක්තිය කැලරි 360
කාබෝහයිඩ්‍රේට් ග්‍රෑම් 60.9
පොස්පරස් මිලි ග්‍රෑම් 312
කැරොටින් මයික්‍රොග්‍රෑම් 189
රයිබොෆ්ලේවින් මයික්‍රොග්‍රෑම් 120-330
නියැසින් මිලි ග්‍රෑම් 1.3- 2.9
ප්‍රෝටීන් ග්‍රෑම් 17-20
කැල්සියම් මිලිග්‍රෑම් 202
යකඩ මිලි ග්‍රෑම් 10-2
තයමින් මයික්‍රොග්‍රෑම් 210-1100
විටමින් C මිලිග්‍රෑම් 3
සින්ක්
කඩල පිටි සම පිරිසුදු කරන ඖෂධයක් ලෙස භාවිත කරයි. දද, කසන තුවාල, අසාත්මික සමේ රෝග සඳහා කඩල පිටි ආලේප කරයි. කඩල පිටිවලින් හිස සේදීමෙන් හිසකෙස් පිරිසුදු වේ. කඩලවල ඇති බැක්ටීරියා නාශක, දිලීර නාශක ගුණ මෙහි දී භාවිත කෙරෙනු ඇත. කඩලවල ප්‍රතිඔක්සිකාරක ගුණ ඉහළය. කඩල ආහාරයට ගැනිමෙන් දියවැඩියාව මර්දනය වේ. කඩලවල අසන්තෘප්ත මේද සහ තන්තු අඩංගු නිසා කොලෙස්ටරෝල් අඩු කිරීමේ හැකියාව ඇත.
හෘදයවස්තුව ආරක්ෂා කර ගැනීමේ හැකියාව ද ඇත. කඩලවල ඇති බියුටයිරේට්, ෆීනෝල් ලයිකෝපේන්, බයෝචෙනික් යන සංයෝග නිසා පිළිකා වැළැක්වීමේ ගුණ සහිත ය. ඇක්ටිකන්වල්ෂන් අඩංගු බැවින් වලිප්පුව ඇති වීම වළක්වයි. එසේම වකුගඩුවල ගල් ඇති වීමද වළක්වයි. කඩලවල ප්‍රතිශක්තිකරණ ශක්තිය ඉතා ඉහළ ය.
තල
තෙල් වර්ග අතරින් අග්‍රගණ්‍යම තෙල් වන්නේ තල තෙල් ය. තල කැල්සියම් අධික ආහාරයකි. මේ නිසා ඔස්ටියොපොරොසිස් වළක්වයි. කැඩුම් බිඳුම් සඳහා තල ඉතා ගුණය. තලවල අඩංගු නැප්තොක්වින් හි දිලීර නාශක ගුණ තිබේ. තලවල අඩංගු සෙසමිත් අක්මාවේ මේද දහනය වැඩි කරයි.
ලිපිඩ නිපදවීම අඩු කරයි. මොළයේ අතිරේක ශක්ති ජනකයක් වන කීටොන් බොඩි නිෂ්පාදන වැඩි කරයි. සෙසමින්හි ඉතා ඉහළ ප්‍රතිඔක්සිකාරක ගුණ ඇත. එමඟින් විටමින් ඊ ප්‍රතිචක්‍රීකරණය වැඩි කරයි.
ශරීරයේ එන්සයිම වර්ග රාශියක පරිවෘත්තියන් මෙහෙයවයි. තලවල අඩංගු පීනොල් සහ සෙසමින් පිළිකා මර්දනය කරයි. එම සංයෝග පිළිවෙළින් ලියුකේමියා, මල්ටිපල්, මයලෝමා, ආහාර මාර්ග පිළිකා, පියයුරු පිළිකා, පෙණහලු පිළිකා ඇති වීම වළක්වයි. තල දියවැඩියාව මර්දනය කරයි.LDL කො‍‍ලෙස්ටරෝල් අඩු කරයි. HDL කොලෙස්ටරෝල් වැඩි කරයි. රුධිර පීඩනය අඩු කරයි. හෘදය වස්තුව, අක්මාව සහ වකුගඩු ආරක්ෂා කරයි. ස්නායු පද්ධතිය සුරකියි. බිය සහ මානසික පීඩනය දුරු කරයි.
තල තෙල් ආහාර බතට වඩා 8 ගුණයකින් ගුණදායක ය.
එළකිරි පෝෂණයට වඩා 8 ගුණයකින් වැඩි වන අතර මස්වලට වඩා 8 ගුණයකින් පෝෂණය ඉහළය. කෙට්ටු අය මහත් කරන, මහත අය කෙට්ටු කරන තලතෙල් රුධිරවාහිනි නාලිකාවල මේදය අඩු කරයි.තල තෙල් තුවාල වේළීමට හොඳ ඖෂධයකි.
වාතය සහ සෙම් නසන්නෙකි. තනකිරි උපදවයි. සමට ගුණදායක ය මාස් ශුද්ධියේදී අධික රුධිර වහනය වැළැක්වීමට ඖෂධයකි.
මතු සම්බන්ධයි
උපුටා ගැනීම-http://www.silumina.lk/

සන්ධි ඉදිමුමට සේර හොදයි

සේර යනු ආසියාතික රටවල වැඩෙන සිහින්, දිගු පත්‍ර සහිත බහුවාර්ෂික ශාකයකි. එහි නමට (lemongrass) අනුව ඒවා පැගිරි සුවද විහිදවයි. නමුත් එහි රස...