දරුවාගේ ඇස් පෙනීම වැඩිකරන ආහාර වර්ග මෙන්න



ඇස් ශරීරයේ පුංචිම ඉන්ද්‍රියක් වුනත් එහි වටිනාකම අපේ ජීවිතයටමයි. පුංචි දරුවන්ට එය මුල සිටම රැකදෙන්න මෙම ලිපියෙ ඇති විස්තර උදව් වේවි.
මම ඉස්සර පොඩි කාලේ නිතරම දෙමාපියන් කිව්වේ “මේවා කන්න අරවා කන්න. කෑවොත් දරුවාගේ ඇස් පෙනීම වැඩි වෙනවා.” මම පිඟන පැත්තකට කරලා තියෙන එළවළු ටික දිහා බලලා ඇත්තටම හිතුවේ මේක නම් එළවළු කවන්න දෙමාපියන් ගන්න උපායක් කියලයි. නමුත් කාලයත් සමග එහි සත්‍යක් ඇති බව මට දැනගන්න ලැබුණා.
ඕස්ට්‍රේලියාවේ පෝෂණවේදී ආහාර පාලන ප්‍රවීණවේදී ශානියා කියාලනි ගේ අධ්‍යනයකට අනුව සමහර ආහාර ඔබේ ඇස් පෙනීම වර්ධනය කරන බවට සොයා ගන්නවා. ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය තුළ මයෝ විල්සන් සමග 2011 දී කළ අධ්‍යනයකට අනුව විටමින් A රාත්‍රී අන්ධභාවය ඇතුළු අක්ෂි රෝග රැසකට පිහිට වන බව පැවසෙනවා.
ඔබට ඒ පිළිබඳ එතරම් දැනීමක් නැත්නම් මේ විශේෂ ආහාර ගැන අත්හදා බලන්න.
කැරට්
කැරට් ඇතුළු තැඹිලි පැහැති එළවළු වල බීටා කැරොටින් අඩංගු වෙනවා. එහි විටමින් A අඩංගු වන අතර අක්ෂි වල පෙනීමට උදවු වෙනවා. හුඟක් දරුවන්ට නිතර තැඹිලි පැහැති ආහාර නොලැබෙන නිසා නිතර කැරට් ආහාරයට එක් කරන්න.
කොළ පැහැති පලා වර්ග හා කොළ වර්ග
කියාලනි පවසන ආකාරයට පාස්ලි, කංකුන් ඇතුළු පලා වර්ග වල විටමින් A අඩංගු වෙනවා. සමහර පලා වර්ග මගින් ඇසට හානිකර කිරණ වලින් ආරක්ෂා කරන අතර වැඩිපුර පලා වර්ග පිසීමද නොකළයුතු වෙනවා.
සැමන්
සැමන් වල ඔමේගා 3, ෆැටි ඇසිඩ් බහුලව අඩංගු නිසා ඇස් වල පෙනීමට උදවු වෙනවා. ගෙදරදී පෑන් එකට බටර් ටිකක් දමා රන්වන් පාට වනතුරු බැදගත් සැමන් වලට දරුවන් හුඟක් කැමතියි. අවුරුදු 1 සිට දරුවන්ට ඉතාම සුදුසුයි.
අලිගැටපේර
අලිගැටපේර ඇස්වල පෙනීමට ඉතාම හිතකර වෙනවා. ඇසේ සුද ඇතිවීම හා ඇස්වල පෙනීම කෙමෙන් අඩුවී යාමේ ගතියද අඩු කරනවා. අලිගැටපේර බීම හෝ පොඩිකරගත් අලිගැටපේර පෝෂණීය මේද, විටමින් E ඇතුළු පෝෂක රැසක් ලැබෙනවා.
බිත්තර
මේ පුංචි කෑම වර්ගයෙන් ඔබේ ඇඟට ලැබෙන පෝෂණ ගුණය විශාලයි. මේ සඳහා දරුවන්ට බිත්තර ලබාදීමේදී කහ පැහැති කොටස ලබාදීමට අමතක කරන්න එපා. මන්ද එය පෝෂණ ගුණයෙන් ඉහළයි. බිත්තර විවිධ ආකාරයෙන් දරුවන්ට ලබා දෙන්න.
මාළු මිරිස්
රතු, කොළ හා කහ පාටින් යුත් මාළු මිරිස් වල විටමින් A බහුලයි. ඇස් රෝග හා ඇස් පෙනීමට ඉතාම හොඳයි. අමුවෙන් හෝ තෙල්දා කෑමට ගැනීමට දරුවන් පුරුදු කරන්න.
ඇට වර්ග
ආර්මන්ඩ්, කජු වල විටමින් E, ෆැටි ඇසිඩ් අඩංගු නිසා ඇස් වල වියළි බව නැති කරනවා. දවස අතරතුර හෝ උදෑසන ආහාරයට ඇට වර්ග මේස හැඳි කිහිපයක් එක්කරගන්න.
බ්ලුබෙරි
රාත්‍රී පෙනීමට බ්ලුබෙරි වල ඇති අපූරු සංඝටක උදවු වෙනවා. මාස දෙකක කාලයක් බ්ලුබෙරි ගැනීමෙන් ඔබට ඇස් වල පෙනීමේ වෙනසක් ලැබේවි.
තද කළු පැහැති චොක්ලට්
චොක්ලට් වලින් දරුවන් වෙන් කිරීම අපහසු වුවත් ඉඳ හිට තද කළු චොක්ලට් ලබාදීම මගින්ද අක්ෂි වල රුධිර කේශ නාලිකා ශක්තිමත් කරන අතර අක්ෂි කාචය හා කළු ඉංගිරියාවට ද කාන්තිය ලබා දෙනවා.
ඇස් ශරීරයේ පුංචිම ඉන්ද්‍රියක් වුනත් එහි වටිනාකම අපේ ජීවිතයටමයි. පුංචි දරුවන්ට එය මුල සිටම රැකදෙන්න theAsianparent Sri Lanka මේ ලිපිය ඔබට තිලිණ කරනවා.

සන්ධි ඉදිමුමට සේර හොදයි

සේර යනු ආසියාතික රටවල වැඩෙන සිහින්, දිගු පත්‍ර සහිත බහුවාර්ෂික ශාකයකි. එහි නමට (lemongrass) අනුව ඒවා පැගිරි සුවද විහිදවයි. නමුත් එහි රස...