බොහෝ දෙනෙකුට තියෙන නිතර නිතර පපුව හිරවෙන ගතිය



හෘදයාබාධ ගැන කතා බහ කිරීමේදී අද බොහෝදෙනා හෘදයාබාධ නිසාවෙන් පීඩා විඳින බව පෙනේ. හෘදයාබාධයක්‌ නොවේ යෑයි නිශ්චිතව ම දැනගත් පසු පපුවේ ඇතිවන හිරවීම වැනි තත්ත්වයන් පිළිබඳ සමාජය තුළින් නැඟෙන මැසිවිල්ලක්‌ තිබේ.
වෛද්‍යවරුන් විසින් පපුවේ වේදනාවකදී පළමුව පරීක්‍ෂාවට ලක්‌ කරන්නේ හෘදයාබාධයක්‌ දැයි කියාය. එසේ නොවන කළ ගැස්‌ට්‍රයිටීස්‌ (අම්ල පිත්ත) රෝගය ලෙස අනුමාන කරනු ලැබේ. එහෙත් එය අම්ල පිත්ත රෝග තත්ත්වය ද නොවන අවස්‌ථාවන්හිදී වැරදි වෛද්‍ය නිගමන නිසාවෙන් රෝගීන් මෙම වේදනාකාරී තත්ත්වයෙන් දිගින් දිගටම පීඩා විඳීමක්‌ අද සමාජය තුළ දක්‌නට ලැබේ.
හෘදයාබාධ හෝ අම්ල පිත්ත රෝගය නොමැති අවස්‌ථාවලදී තුන්වන රෝග අවස්‌ථාවක්‌ ලෙසට කොඳුඇට පෙළ පරීක්‍ෂා කිරීමක්‌ සාමාන්‍යයෙන් සිදු නොකිරීම මෙසේ රෝගීන් පීඩා විඳීමට හේතුවයි.
කොඳුඇට පෙළෙහි උරස්‌ ප්‍රදේශයේ කශේරුකා හෝ අන්තර් කශේරුකා මඬල වෙනස්‌වීම මගින් ස්‌නායු තෙරපීම නිසා අන්තර් පර්ශුක පේශීන්ගේ (ඉළ ඇට අතර පේශි) හා උරස්‌ පේශි තදවීමක්‌ වේ. මේ හේතුවෙන් රෝගියා ගැඹුරු හුස්‌ම ගැනීමට යන අවස්‌ථාවේදී හෝ අන්තර් පර්ශුක පේශි ඇදෙන සුලු ක්‍රියාවන්හි නිරතවන අවස්‌ථාවන්හිදී එම අන්තර් පර්ශුක පේශිවල ඇදෙන සුලු බව අඩුවීම නිසා පපුව හිරවන්නාක්‌ මෙන් දැනීමට පටන් ගනී. මෙවැනි තත්ත්වයක්‌ ඇති වූ විට එම පේශි දිගින් දිගටම තද වී පැවතීම නිසා (ස්‌ථවේද) මෙම තත්ත්වයෙන් රෝගියා දිගටම පීඩාවට පත් වේ.
එවැනි රෝගීන්ගේ මැසිවිල්ල වන්නේ වරින් වර පපුවේ අමාරුව ඇති වෙනවා යන්නයි. මෙය පපුවේ අමාරුවක්‌ හා පටලවා ගැනීමට ප්‍රධාන හේතුව වන්නේ ද මහන්සි වීමකදී පපුවේ අමාරුව රෝගීන්ට වැඩි වැඩියෙන් දැනීම නිසාය.
මහන්සි වීමකදී අවශ්‍ය රුධිර සැපයුම ලබාදීමට හෘදය අසමත් වනවා යෑයි වැරදි වැටහීමක්‌ රෝගීන් හා වෛද්‍යවරුන් තුළ පවා මෙම අවස්‌ථාවේදී ජනිත විය හැකිය. නමුදු මෙවැනි උරස්‌ ප්‍රදේශයේ ඇතිවන ස්‌නායු තෙරපීමකදී සිදුවන්නේ අන්තර් පර්ශුක පේශි තද බවට පැමිණීම නිසා ගැඹුරු හුස්‌ම ගැනීමකදී උරස්‌ ප්‍රදේශය ඇදීමකට ලක්‌වීමේදී තද වූ අන්තර් පර්ශුක පේශිවල වේදනාකාරී තත්ත්වයක්‌ ඇතිවීමය. මෙම සිදුවීම උරස්‌ කූඩුවේ එක්‌ පසෙක හෝ දෙපසම එකවර ඇති විය හැකිය.
මෙමගින් පපුව හිරවන්නාක්‌ මෙන් දැනෙන නිසා වෛද්‍ය පර්යේෂණවලට ප්‍රථම හෘදයාබාධයක්‌ යෑයි වැරදි වැටහීමකට වෛද්‍යවරුන් එළැඹීම සුලභව දක්‌නට හැකි අතර වෛද්‍ය පරීක්‍ෂණවලින් පසුව කිසිදු රෝගයක්‌ නොමැති බව ඇසීමට ලැබීමද අද සමාජයේ සුලභව දැකිය හැකිය.
මෙවැනි අවස්‌ථාවකදී මුලදී මෙවැනි රෝගීන්ට වෛද්‍යවරුන් වේදනා නාශක ලබාදෙන අතර වේදනා නාශකවලින්ද ඇතැම් විට වේදනාව අඩු නොවන අවස්‌ථාවලදී මෙවැනි රෝගීන් මානසික රෝග ප්‍රතිකාරවලට පවා යොමු කිරීම කනගාටුදායක තත්ත්වයකි.
පරීක්‍ෂා කරන වෛද්‍යවරයාගේ අසමත්කම නිසා මෙවැනි රෝගීහු එලෙස වැරදි ප්‍රතිකර්ම ක්‍රම සඳහා යොමු කරනු ලබයි.
සිංහල වෛද්‍ය ක්‍රමය තුළින් කොඳුඇට පෙළ රෝග පිළිබඳ හසළ දැනීමක්‌ ඇති වෛද්‍යවරයකුට මෙම රෝගී තත්ත්වය, කොඳුඇට පෙළ ස්‌පර්ශ කිරීමෙන් පමණක්‌ සරලව අවබෝධ කර ගත හැකි රෝගී අවස්‌ථාවකි.
බොහෝවිට වෛද්‍යවරුන්ගේ අවධානයට ලක්‌ නොවූ මෙම රෝගී තත්ත්වයට ප්‍රතිකාර කිරීමේදී අනිකුත් වෛද්‍ය ක්‍රමවල සාර්ථක ප්‍රතිකාර ක්‍රමයක්‌ දක්‌නට නොලැබෙන තත්ත්වයක්‌ තිබේ.
සිංහල වෛද්‍ය ක්‍රමයේ කොඳුඇට පෙළ සඳහා වූ චිකිත්සා ක්‍රමයේ මෙම රෝගී තත්ත්වයේදී එසේ වෙනස්‌ වූ කශේරුකා හා අන්තර් කශේරුකා මඩල නියමිත ලෙස නැවත සැකසීම සිදු කරන අතර එමගින් ස්‌නායු තෙරපීම වළක්‌වාලීම සිදු කරයි. එමෙන්ම තද බවට පැමිණි අන්තර් පර්ශුක පේශි සහ උරස්‌ පේශි ලිහිල් කිරීමේ ප්‍රතිකාර මගින් එම ප්‍රදේශවල තද ගතිය නැති කිරීම තුළ රෝගියාට පූර්ණ සුවය ළඟා කර දීමේ විශ්මිත හැකියාවක්‌ සිංහල වෛද්‍ය ක්‍රමය තුළ ඇත.
ඒ කෙසේ වෙතත් මෙම රෝගී තත්ත්වය හඳුනාගත හැකි කොඳුඇට පෙළ රෝග සඳහා චිකිත්සාව ප්‍රගුණ කළ වෛද්‍යවරුන් ප්‍රමාණය අල්ප බැවින් කෙනකුට පපුවේ වේදනාවක්‌ වරින්වර ඇතිවේ නම් මුලින්ම හෘද රෝග සඳහා වූ වෛද්‍යවරයෙක්‌ ලවා එය පරීක්‍ෂා කර ගැනීම නුවණට හුරු වේ.
අද සමාජයේ පපුවෙහි හිරවීම සහ වේදනාව ඇති කරන හඳුනා නොගත් සුලභම රෝගී තත්ත්වය මෙම උරහිස්‌ ප්‍රදේශයේ ස්‌නායු තෙරපීම වන අතර මේ සඳහා හෘද රෝග විශේෂඥයකුගෙන් පරීක්‍ෂා කර ගැනීමෙන් අනතුරුව එය හෘද රෝගයක්‌ නොවේ නම් කොඳුඇට පෙළ සම්බන්ධ ප්‍රතිකාර කරන සිංහල වෛද්‍යවරයකු වෙත යොමු වීම ඉතාමත්ම නුවණට හුරු වේ. එසේ නැතහොත් බොහෝ විට වන්නේ වැරදි රෝග නිගමනයන්ට පැමිණෙන වෛද්‍යවරුන්ගෙන් වැරදි ප්‍රතිකාර ලබා ගැනීම නිසා අනවශ්‍ය අතුරු රෝගාබාධ ප්‍රමාණයක්‌ ද එයට එක්‌වීමය.
හෘද රෝගයක්‌ නොමැති බව ස්‌ථිරව දැනගත්ත ද ඔබටත් වරින්වර පපුව හිරවෙනවා මෙන් දැනීමක්‌ හෝ පපුවේ වේදනාවක්‌ දැනේ නම් ඒ පිළිබඳ වැඩිදුර විස්‌තර නොමිලේ දැන ගැනීමට 0711142000 අංකයෙන් වෛද්‍යතුමන් සම්බන්ධ කර ගැනීමේ හැකියාව තිබේ.

සන්ධි ඉදිමුමට සේර හොදයි

සේර යනු ආසියාතික රටවල වැඩෙන සිහින්, දිගු පත්‍ර සහිත බහුවාර්ෂික ශාකයකි. එහි නමට (lemongrass) අනුව ඒවා පැගිරි සුවද විහිදවයි. නමුත් එහි රස...