ඔබේ දරු සම්පත වළක්වාන බාහිර බලපෑම් මෙන්න 98%ක් දෙන මේ ගැන දන්නේ නෑ



ඇසට පෙනෙන මෙන්ම නොපෙනෙන ජීවීන්ගේ තත්වයද නිතරම වෙනස් වන සුළුස්වභාවයක් ගනී. මේ වෙනස් වීම කාලයක් තිස්සේ සිදුවන විට විශාල වෙනසක් ලෙස හඳුනාගෙන එය පරිනාමය යන සම්මුති වචනය යොදා අර්ථකතනය කරති. පියවි ඇසට නොපෙනෙන කුඩාම ජීවියාගේ සිට දියුණුම සත්වයා වන මානවයා දක්වාම මෙම පරිවර්ථනය අනුවර්ථනය වීම ස්වාභාවිකය. මේ විශ්වයේ ස්වභාවය එසේය.

ලෝකයට අති උතුම් ශ්‍රේෂ්ඨ දර්ශනයක් දායාද කල අපගේ සම්මා සම්බුදු පියාණන්ගේ දර්ශනයට අනුව සංසාරයේ සැරිසරන ජීවින් කර්මය අනුව විවිධ සත්ව තලවල උපත ලබන බවත්, එසේ දීර්ඝ ගමනක යෙදී දියුණුම ජීවියා ලෙස මානව සත්ව තලයට පැමිණෙන බවත්, දේශනා කර ඇත. උසස් මනසක් ඇතිව උපත ලබන මානව සත්වයන්, මනුෂ්‍යයන් ලෙස නම් කරන ලද බවටද අප දන්නා කරුනකි.
මේ විශ්වයේ දැනට හඳුනාගෙන ඇති සත්ව විශේෂ අතුරින් උසස්ම සත්ව විශේෂය ලෙස හඳුන්වන මනුෂ්‍යයන් හට කලහැකි දේ අපමනය. අති උත්තරීතර ලෝක බුද්ධත්වයට පත්වීමේ භාග්‍යයද මනුෂ්‍යයන් හට ලැබී ඇත්තේ ඒ නිසාය.

මනුෂ්‍යයන් වටා සහ වස්තූන් වටා රශ්මි වලල්ලක් පිහිටා තිබෙනවා. මෙය ඹ්රා යයි ( AURA) නම් කරන බව මා ඔබට පැවසුවා. අධි මානසික තත්වයක් ඇති කෙනෙකුට මෙම රෂ්මි වළල්ල නිරීක්‍ෂනය කිරීමෙන් කෙනෙකුගේ මානසික තත්ත්වය හා රෝගී තත්ත්වය හඳුනාගත හැකි වෙනවා. මානසික හා ශාරීරික වශයෙන් දුර්වල වූ මිනිසුන් ගේ රශ්මි වළල්ලේ සිදුරු රැසක් තිබෙන්න පුඵවන්. එවිට වෙනත් ආත්මයන්ට දුර්වල වූ ශරීරයට ඇතුඵ විය හැකියි. එක ආත්මයක් නොව ආත්ම කීපයක් වුනත් එවන් ශරීරයක් තුලට ඇතුළු විය හැකිය. එවිට කෙනෙක් තුල චරිත දෙකක් හෝ කීපයක් තිබෙන කෙනෙක් වන්නට පුළුවන්. මෙවැනි අවස්ථාවලදී මෙම සිදුරු වැසීමට අත්‍යාවශ්‍ය වෙනවා. බොහෝවිට ශාන්ති කර්ම මගින් කරන්නේත් මෙයයි. ඖෂධ මගින් හා ලුණු වතුර මගින්ද මෙවනි සිදුරු වැසිය හැකියි. ඔබ දැක ඇති සමහර අවස්ථාවල පුද්ගලයින් සිතාගන්න බැරි විදිහට හැසිරෙනවා.

නැත්නම් කිසිවෙකු විසින් මෙහයවන ආකාරයක් ඔහුගේ හැසිරීම් රටාවේ දක්නට ලැබෙනවා. තමන් කිසිදා නොකරපු දේවල් කරනවා. එපමනක් නොවේ ඔබට දැඩි තෙහෙට්ටුවක්, වෙහෙසක්, බියක්, කම්මලිකමක්, නිතරම නිදාගන්න සිතෙනවානම්, දැඩි කොපයක් හටගන්නවානම්, කෑමට ඉතා ගිජු වෙනවානම්, ලිංගිකත්වයට දැඩි ලොල් බවක් දක්වනවානම්, තවත් විටක ඔබ නිදාසිටින විට කෙනෙක් ඔබව අදිනවානම්, තල්ලු කරනවා වැනි හැඟීමක් දැනෙනවා නම්, කොපමන ඔබ කෑගැසීමට තැත් කලත් ශබ්දය පිට නොවේ නම්, තමන් තුලම කෙනෙක් තමන් අමතනවා වැනි ශබ්ද ඇසෙනවා නම්, පිරිසිදුව සිටි ඔබ අපිරිසිදුව සිටින්නට පටන්ගන්නවානම්, මෙම ලක්ෂන ඔබගේ දුර්වලවූ ඹ්රාව හරහා ආත්මයන් නැතහොත් නිරි සතෙක් ඇතුඵ වී ඇති බවට සංඥාවක් වෙන්නට පුඵවන.
හිරු එළියෙන් මෙම ආත්මයන් අවහිර කරනවා. එබැවින් අපේ නිවෙස් වල දොර ජනෙල් හොඳින් විවෘත කර හිරු එළිය වැටීමට සැලැස් වීම ඉතා වැදගත් වෙනවා. අපිරිසිදුකම මෙම ආත්මයන් ආකර්ශනය කරනවා. විශේෂයෙන්ම ආහාර පාන, පිළුණු වනතුරු නිවෙස් වල තිබීම, මියගිය අයගේ පින්තූර තබා එයට සුවඳ කූරු ආලෝක දැල්වීම මෙම ආත්මයන් ආකර්ශනය කරනවා. වෛද්‍යවරුන් හා මනෝ වෛද්‍යවරුන් මෙම රෝගීන්ට මානසික ලෙඩක් යයි හඳුන්වනු ලබනවා. නමුත් හිත දියුණු කළ අයෙකුට ඹ්රා ශක්තිය දැකීමෙන් මෙවැනි රෝගියෙකුට ප්‍රතිකාර කල හැකියි.

මා හවීමට ආ යුවලක් විවාහ වූ දා සිටම දරුවෙකු අපේක්‍ෂා කල බවත් විවාහ වී දැනට වසර හතරක් ගත වී ඇති බවත් පැවසුවා. වෛද්‍ය වාර්තා අනුව දෙදෙනාම ඉතා නිරෝගී බවත් නොයෙක් ඖෂධ ලබාගත් බවත්, තවම ඔවුන්ගේ පැතුම ඉටු නොවූ බවත් දන්වා සිටියා. පුරුෂයා දැඩි ලෙස බැඳුම් කෑමට ප්‍රිය බවක් දක්වන බව පැවසුවා. එක් දිනක ඔහු රාත්‍රී විවාහ උත්සවයකට සහභාගී වූ බවත්, කිසි දිනක මත්පැන් පානය කර නැති ඔහු මිත්‍රයන්ගේ පෙරත්තය නිසාම මද පමණින් මත්පැන් පානය කල බවත්, නිවසට පැමිණීමේදී තමාගේ රථය අතරමග ක්‍රියාවිරහිත වූ බවත්, නැවත එය යතා තත්වයට පත්කරගෙන නිවසට පැමිණි බවත්, රථය ක්‍රියාවිරහිත වූ ස්ථානයේදී ශරීරයේ යම් වෙනසක් වූ බවත්, මා හට පැවසුවා.
එදීන සිට මත්පැන් වලට හා බැඳුම් කෑමට තද ඇල්මක් ඇතිවූ බවත්, තමන්ගේ ක්‍රියාකාරකම් වල දැඩි වෙනසක් ඇති වූ බවත්, එයට හේතුව තමන් නොදන්නා බවත්, මාහට පැවසුවා. බිරිඳද තමාද දරුවෙකුට ඉතා කැමති නමුත් ඔහුට යම් කිසි බාදාවක් එයට හරස් වන බවද නිතරම නිදාගත් පසු යම්කිසි කෙනෙක් තමන් ලඟ ගැවසෙන බවත්, ඔහුව ඇඳෙන් බිමට ඇද දැමීමට උත්සාහ කරන බවද තව දුරටත් දන්වා සිටියා.

මා ඔවුන්ගේ ඹ්රා ශක්තිය පරික්‍ෂා කිරීමේදී පුරුෂයාගේ ශරීරයට නිරිසතෙකු ඇතුළුවී සිටියා. පුරුෂයා මා ඖෂධ ශක්තියෙන් සුවපත් කොට ඔහුගේ ඹ්රා ශක්තිය නැවත සකස් කොට නිරි සත්වයා බෝධි ස්ථානයකට භාරකලා. සමාධි සෙවණට පැමිණ යෝගී තුමා හමුවීමෙන් ඔවුනූගේ අභිමතාර්ථයන් ඉටු වූ බව පවසමිසන් ඔවුන් මට බොහෝ ප්‍රශංසා කලා. අද ඔවුන් දරුවන් දෙදෙනෙකුගේ මව්පිය යුවලක්. මා ඔවුන් දෙදෙනාටම භාවනාවක නිරත වීමට උපාදස් ලබා දුන්නා.

භාවනාව වූ කලී මානවයාගේ යහ පැවත්මට ඉතා අත්‍යවශ්‍ය වූ දෙයකි. සමාධිය භාවනාවේ උතුම් ඵලයකි. විවාහයට පත් වූ ඔබට දරු සම්පත් ලැබීමට ප්‍රමාද නම් ඔබගේ පෙර කර්මය නිරීක්‍ෂණය කිරීමෙන් දරු සම්පත් ලැබිය හැකියි. හිත දියුණුවට පත් කර ගත් අයෙකුට, අධි මානසික තත්වයක් හෙබි අයෙකුට, ඔබගේ රශ්මි වලල්ල නොහොත් ඹ්රාව නිරීක්‍ෂණය කිරීමෙන් ඔබගේ සිතඟි ඉටුකර ගත හැකියි. බුදු දහම අනුව කර්ම විපාකය වෙනස් කල හැකියි. ඒ සඳහා අවශ්‍ය වන්නේ මනා අවබෝධය හා ඉවසීමයි. යමක් දුටු පමණින් ඇසූ පමණින් සතුටක් හෝ අසතුටක් ඇතිවිය හැකියි. අප සිහිපත් කල යුත්තේ එම ආරම්භක සතුට හෝ අසතුට ඇතිවන්නේ පූර්ව කර්මය අනුව බවයි. ඒනිසා යමක් හෝ යමෙකු පිළිබඳ සතුටක් අසතුටක් ඇතිවූ පමණින් ඊට අනුව කටයුතු නොකර ඒ පිළිබඳ හොඳින් සිතා අදාල අයගෙන් විමසා තීරණ ගැනීම ඉතා වැඳගත්ය. එසේ කිරීමෙන් අකුසල විපාකය මගහැර යහපත උදාකර ගත හැක.

සන්ධි ඉදිමුමට සේර හොදයි

සේර යනු ආසියාතික රටවල වැඩෙන සිහින්, දිගු පත්‍ර සහිත බහුවාර්ෂික ශාකයකි. එහි නමට (lemongrass) අනුව ඒවා පැගිරි සුවද විහිදවයි. නමුත් එහි රස...