සන්ධි වේදනා හා දණහිස් වේදනා නැති කරන ව්‍යායාම 6ක්



දණහිස් වේදනා හා සන්ධි ආශ්‍රිත වේදනා කියන්නේ ලොව පුරා මිලියන ගණනක් පිඩා විදින රෝග තත්වයක්.ශරීරය වියපත් වීමත් සමග බහුලව වැළදෙන මෙම රෝගය විවධ හැඩයේ පාවහන් වර්ගපැළදීමේ පුරුදු නිසාවෙන් තරුණ පරම්පරාව අතරද නැත්තේම නොවේ.තවමත් මෙම රෝග තත්වයට සාම්ප්‍රධායික බටහිර ඛෙහෙත් මගින් සම්පුර්ණ සුවයක් නොලැබේ.වාසනාවට විවිධ ආයුර්වේදීය ඛෙහෙත් ක්‍රම මගින් දණහිස් වේදනා හා සන්ධි වේදනා වලට ස්ථිර සුවයක් ලබා ගත හැකියි.
කෘතීම ඛෙහෙත් වර්ග මෙන් මේවා සිරුරට අහිතකර ප්‍රතිවිපාක ලබා නොදෙන 100% ස්වාභාවික අමුද්‍රව්‍ය වලින් සකස් කරන නිසා සෞඛ්‍යආරක්ෂිත බවින්ද ඉහලයි.අද එවැනි එක් රහස් ඛෙහෙත් වට්ටෝරුවක් ගැන ඔබට තොරතුරු ගෙන එනවා
සන්ධි වේදනා හා දණහිස් වේදනා නිට්ටාවටම සුව කරන බෙහෙත් වට්ටෝරුක්
මේ සදහා අවශ්‍ය ද්‍රව්‍ය
ස්වාභාවික දොඩම් යුෂ කෝප්ප 1
ඕට්ස් කෝප්ප 1 – සුපිරි වෙළඳසැල් වලින් විමසන්න
වතුර කෝප්ප 1
අන්නාසි කැබලි කුඩා කැබලි කෝප්ප 2
කුරුදු ස්වල්පයක්
මී පැණි ස්වල්පයක්
තලා ගන්නා ලද රට කොට්ටම් කෝප්ප භාගයයි
සාදන ආකාරය හා භාවිතා කරන ආකරය
ප්‍රථමයෙන් වතුර ප්‍රමාණය බදුනකට දමා ලිප මත රත් වෙන්න තබන්න. එයට ඕට්ස් ටික එකතු කර තම්බා ගන්න.හොදින් තැම්බුණු පසු ලිපෙන් භාගෙන නිවෙන්නට හරින්න.මිශ්‍රනය නිවුණට පසු එයට අනෙකුත් සියලු ද්‍රව්‍ය එකතු කර බ්ලෙන්ඩර් කර ගන්න. මෙය දිනපතා පානය කරන්නඇත්තටම මෙවැනි ස්වාභාවික අමුද්‍රව්‍ය මගින් තනා ගන්නා ඛෙහෙත් ඉතාම ප්‍රතිපලදායකයි.
තල ඇට ප්‍රතිකාරය
දණහිස් වේදනා සුවපත් කරන බෙහෙත් වට්ටෝරුව සදහා අවශ්‍ය ද්‍රව්‍ය
තල ඇට මේස හැඳි 4
වට්ටක්කා ඇට ග්‍රෑම් 40
රසයෙන් තොර ජෙලටින් මේස හැඳි 2
වියලි මිදී මේස හැඳි 3
හණ ඇට මේස හැඳි 8
මී පැණි ග්‍රෑම් 200
හොදින් සෝදා පොතු හර ගත් තල ඇට සමගින් අනෙකුත් සියලුම අමුද්‍රව්‍ය අවශ්‍ය ප්‍රමාණයෙන් සපයා ගෙන බ්ලෙන්ඩරයක් ආධාරයෙන් හොදින් අඹරා ගන්න. දැන් මුඩිය හොදින් වැසිය හැකි හිස් ජෑම් බෝතලයක් ගෙන මිශ්‍රනය ගබඩා කර තබන්න. දිනකට දෙවරක් (උදය හා දහවල ආහාරයට පෙර ) මෙම මිශ්‍රණයෙන් මේස හැන්දක ප්‍රමාණය බැගින් පාරිබෝජනය කල යුතුයි.
මෙහි අඩංගු විශ්මිත ඖෂධිය පෝෂණ ගුණය නිසා දින කිහිපයක් ඇතුලත ඔබේ හානි වී ඇති දණහිස් කාටිලේජ හා කන්ඩරා නැවත ප්‍රති නිර්මාණය වීම ආරම්භ වෙනවා. ඉතාම කෙටි කලකින් ඔබට වේදනාවෙන් තොර නිරෝගී ජිවිතයක් පෙර සේම අත් විද ගන්නට ලැබේවි.
සීනි භාවිතා කර හදන සත්කාරයක්
පළමු ක්‍රමයට අවශ්‍ය ද්‍රව්‍ය.
සිනි තේ හැදී 1ක්.
කහ කුඩු තේ හැදී 1ක්.
ලුණු කැට තේ හැදී 1ක්.
දෙහි යුෂ මේස හැදී 1ක්.
සාදාගන්නා ආකාරය.
සිනි, ලුණු සහ කහ කුඩු කුඩා වංගෙඩියක් තුලට දමා කොටා ගන්න. ඉන්පසු එම මිශ්‍රණය භාජනයක් තුලට ඉවත් කර දෙහි යුෂ දමා හොදින් කවලම් කර ගන්න.
සාදාගත් එම මිශ්‍රණය ඔබගේ දණහිස් හෝ හන්දි වේදනා ඇති ස්ථාන වල රාත්‍රී ආලේප කර පොලිතින් එකකින් ආවරණය කර පසුද උදැසන සෝදාහරින්න.
දෙවන මිශ්‍රණය සදහා අවශ්‍ය ද්‍රව්‍ය.
තල තෙල් තේ හැදී 1ක්.
අබ තෙල් තේ හැදී 1ක්.
වේලා කුඩුකර ගත් ඉගුරු කුඩු තේ හැදී 1ක්.
සාදාගන්නා ආකාරය.
තල තෙල් සහ අබ තෙල් භාජනයක් තුලට දමා එයට ඉගුරු කුඩු එක්කර හොදින් කවලම් කර ගන්න. සාදාගත් එම මිශ්‍රණය වේදනා සහිත ස්ථාන වල ආලේප කර සම්බාහනය කරන්න.
ජෙලටින් සත්කාරය
ඔබට මේ සඳහා උපකාරී වන එකම ඔසුව ජෙලටින් වේ.
මෙම සූත්‍රය තුළ ඇති අභිරහස ඇත්තේ ජෙලටින් තුලය. ඔබේ අපහසුතාවය නැති කර ගැනීමට මේ සඳහා ඔබට ජෙලටින් 150g අවශ්‍ය වනු ඇත.
ජෙලටින් මේස හැදි 02 ක් සිසිල් ජලයේ මිශ්‍ර කර ශීතකරණයේ තබන්න.
එය ඝන තත්වයට පත් වූ විට ඔබට එය ආහාරයට ගත හැකියි.ජලයට කලවම් කරනවා වෙනුවට ඔබට මෙය යෝගට් හෝ තේ වලට මිශ්‍ර කර ආහාරයට ගත හැකියි.
මෙම මිශ්‍රණය එක් මාසයක් සඳහා ගන්න. පසුව මෙය මාස 06 ක් පමා කරන්න.මොහොතකට මෙය නතර කිරීමෙන් පසු, ඔබට එය නැවත ආහාරයට ගත හැකි වනු ඇත. ප්‍රතිඵල ආරම්භ වීමට සතියකට ආසන්න කාලයක් භාවිතා කරන්න.
ජෙලටින්, විවිධ ඖෂධ හා වේදනා දෙන ප්‍රතිකාර වලට වඩා උසස් වේ. එහි ප්‍රබල ඇමයිනෝ අම්ල ප්‍රෝටීන ඇත. මේවායින් පටක සංවර්ධනය, සවිබල ගැන්වීම හා තවදුරටත් ශක්තිමත්ද කරයි.
කාටිලේජ වර්ධනයට සුදුසු ප්‍රතිකාරයක්
වෛද්‍ය වසන්ත උදයජීව – ආයුර්වේදය මගින් ප්‍රතිකාර රැසක්‌ යෝජනා කර තිබෙනවා. එයින් එක්‌ ප්‍රධාන කසායක්‌ මා කියන්නම්. හැබැයි මෙය පාවිච්චි කළ යුත්තේ සුදුසු වෛද්‍යවරයකුගේ අධීක්‍ෂණය යටතේයි.
කසාය – කුරුඳු පොතු, මානෙල් අල, නෙළුම් අල, අමුක්‌කරා අල, නෙල්ලි, රසකිඳ කලං 2 බැගින් ගෙන වතුර පත 8 කට දමා පත 1 කට හිඳ පෙරා සීනි/ මී පැණි දමා උදේ සවස කෝප්ප භාගය බැගින් පානය කළ යුතුයි. මෙය දින 14 ක්‌ (හැලි 14 ක්‌) නොකඩවා පානය කිරීම වැදගත්.
ඉගුරු හා කහ අඩංගු තේ
මෙම දෙවර්ගයේම ප්‍රතිඔක්සිකාරකයන් අන්තර්ගත වේ. මේවායින් තේ සාදා දිනකට අඩුම තරමේ දෙවරක් පානය කිරීම කළ යුතුය. මේ පානය මඟින් දණහිස් වේදනාව මෙන්ම දණහිස් ඉදිමීම ද අඩු කරයි.
සිරුරට වැඩියෙන් මැග්නීසියම් ලබා ගන්න
මැග්නීසියම් දණහිස් වේදනාවට සුවය ලබා දේ. මෙය ආහාර ආකාරයෙන් හෝ ඛෙහෙත් ආකාරයෙන් ලබා ගත හැක. කෙසේ වෙතත් ආහාර ලෙසින් මැගිනීසියම් ලබා ගැනීම වඩාත් ආරක්ෂාකාරී ය. මැගිනීසියම් අඩංගු ආහාර ලෙස පළා වර්ග, ධාන්‍ය වර්ග, මාළු, අලිගැටපේර, යෝගට්, කෙසෙල් හා dark chocolate පෙන්වා දිය හැක.
පිරිසිඳු ඔලිව් තෙල්
වේදනාව ඇති දණහිස් වල පිරිසිඳු ඔලිව් තෙල් හොඳින් ආලේප කර මඳ වේලාවක් තිඛෙන්නට හරින්න. මෙය අභ්‍යන්තරයට අවශෝෂණ කොටගෙන වේදනාව ඇති කරවන අංශ= විනාශ කරයි.ඔබේ පාද, දණහිස, උකුල වේදනාව නැති කරන සරළ ව්‍යායාම 6ක්
ලොව බොහෝ දෙනෙක් බහුලව දණහිස් වල වේදනාව නිසා පීඩා විදිනවා. ඒ වගෙම පාද හා උකුලේ ඇතිවෙන වේදනාව නිසාත් වැඩි දෙනෙක් වේදනාවට පත් වෙනවා. ඉතින් මේ වේදනාවලින් අත්මිදිලා සුවදායි හැගීමක් ඇතිකර ගන්න භාවිතා කල හැකි භෞතික චිකිත්සක ක්‍රම කිහිපයක් පිලිබදව තමයි අපි අද ඔබව දැනුවත් කරන්න හිතුවේ.
ආහාර පාලනය
දණහිස් වේදනාව ඇති වීමට විවිධ හේතු බලපායි. ඔබට වේදනාව ඇති වූයේ යූරික් අම්ලයේ වැඩි වීමක් නිසා නම් එසේ වැඩි වීමට බලපාන ආහාර ගැනීම නැවැත්විය යුතුය. ඒ අතරම මේ සඳහා වෛද්‍ය ප්‍රතිකාර ද ලබාගත යුතුය.
ඔබේ පාද, දණහිස, උකුල වේදනා නැතිකරන සරළ ව්‍යායාම 6ක්
  1. විලුඹ ඔසවන්න.
ආරම්භ කිරීම සදහා මුලින්ම පුටුවක් පිටුපසින් සිට ගන්න.
• ඔබේ එක් පාදයක් ඔසවන්න.
• සෙමින් අනෙක් පාදයේ විලුඹ ඔසවන අතරතුර ඇගිලි වලින් සිටගන්න.
• ඉන් පසුව නැවත විලුඹ සෙමින් පොලවට පහත් කරන්න.
• මේ ව්‍යායාමය සෑම කකුලකටම 10-15 වාරයක් නැවත නැවත කරන්න.
මෙම ව්‍යායාමය මගින් ඔබේ වළලුකර ශක්තිමත් කරන අතර දණහිස් වටා පේශී හොදින් ක්‍රියා කිරීමට පටන් ගන්නවා.
  1. පාදවල ඇගිලි වලින් ඇවිදීම.
මෙය ඔබේ නිවසේදිම අනෙකුත් වැඩ කටයුතුත් සමග පහසුවෙන් කරගෙන යාමට හැකි ව්‍යායාමයකි. සරළව ඔබේ පාදයේ ඇගිලි වලින් වේගයෙන් ගමන් කරන්න. එවිට ඔබේ කලවා හොදින් ශක්තිමත් වී පාද වල ඇගිලි හා පතුල් වලට කුඩා ව්‍යායාමයක් ලැබෙනවා.
මෙසේ විනාඩි 5 සිට 15 දක්වා වෙහෙස වනතුරු ඇවිදින්න.
  1. වළලුකර කරකැවීම.
ඔබට හිමි දුර්වල වළලුකරක් නම් පහත සදහන් අභ්‍යාස සිදු කරන්න.
• සිටගෙන හෝ ඉදගෙන ඔබේ එක් පාදයක් ඔසවන්න.
• එම කකුලේ පාදය වක්‍රාකාරව කරකවන්න.
• මෙසේ 10 වතාවක් පමන පාදය කරකවා අනෙක් පාදයද එසේ 10 වතාවක් පමන කරකවන්න.
  1. ප්‍රතිරෝධි පුහුණුව.
මේ ව්‍යායාමය සදහා ඔබට ප්‍රතිරෝධි පටියක් අවශ්‍ය වෙනවා.
• පටියේ එක් කෙලවරක් පුටු කකුලක හෝ වෙනත් ගෘහ භාණ්ඩයක රදවන්න.
• බිමින් වාඩි වී ඔබේ එක් කකුලක් යටින් අනෙක් කකුල දණහිස මදක් නැවෙන තබා ගන්න.
• ඉහලින් තිබෙන පාදයේ ප්‍රතිරෝධක පටියේ අනෙක් කෙලවර රදවන්න.
• එම පාදය සෙමින් ඔබේ දෙසට අදින්න.
• එක් කකුලකට මේ ව්‍යායාමය 10-15 වතාවක් නැවත නැවත සිදු කරන්න.
මෙමගින් ඔබේ බත් කෙණ්ඩ සහ පිටත සහ ඇතුලත කලවා මාංශ පේශි හොදින් ක්‍රියාකාරි වෙයි.
  1. ඇගිලි ක්‍රීඩා.
දිනපතා ඔබේ පා ඇගිලි වල ව්‍යායාම සදහා “grabbies” නම් මේ ක්‍රීඩාව සිදුකල හැකියි.
• පාදයේ ඇගිලි වකුටු කරන්න.
• බිමට තුවායක් දමා පාදයේ ඇගිලි වලින් එය අලා ගැනීමට උත්සාහ කරන්න.
• කුඩා ගල් කැට බිමට දමා ඔබේ පාදයෙන් ඒවා එකතු කර බාස්කට් එකකට දමන්න.
  1. පන්දු මත ඇවිදිම.
බෝලයක් සමග පාද ලිහිල් හා පුහුණු කිරීමේ ව්‍යායාමය.
• ටෙනිස් බෝලයක් හෝ එයට සමාන විෂ්කම්භයකින් යුතු බෝලයක් සොයා ගන්න.
• පුටුවක වාඩි වෙන්න.
• ඔබේ පාදය යටින් බෝලය තබා ගන්න.
• ඉන්පසු සෙමින් ඔබේ ඇගිලි දෙසට එය තල්ලු කර නැවත පිටුපසට තල්ලු කරන්න.
  1. බෝනස්
Acupressure සහ පාද සම්බාහනය ලොව පුරා භාවිතා වෙන ව්‍යායාමයක්.
දිගු වෙහෙසකර දවසක අවසානයෙන් පසුව ඔබේ පාද රිදුම් දෙනවා නම් ඉහත රූප සටහනේ ලප දෙක තිබෙන ස්තාන වල (1 සහ 2 ඇගිලි දෙක අතර, 4 සහ 5 වන ඇගිලි දෙක අතර සෙන්ටිමීටරයක් හෝ අගල් භාගයක් ගැඹුරට) මිනිත්තු 15ක් පමන මෘදු ලෙස සම්බාහනය කරන්න. ක්ෂණික සුවයක් ඔබට ලබා ගැනිමට හැකියාව ලැබෙයි.

සන්ධි ඉදිමුමට සේර හොදයි

සේර යනු ආසියාතික රටවල වැඩෙන සිහින්, දිගු පත්‍ර සහිත බහුවාර්ෂික ශාකයකි. එහි නමට (lemongrass) අනුව ඒවා පැගිරි සුවද විහිදවයි. නමුත් එහි රස...