නිවසේදීම කොම්පෝස්ට් පොහොර සාදාගත හැකි ක්‍රම 4ක්



ශෙයා කරන්න ට්වීට් කරන්න
ඔබ සෑම උදෑසනකම මිදුල අතුගාලා කුණු ඉවත දානවා ඇති. ඔබ නොදන්නවා වුණාට ඒ ඉවත දාන්නෙ ඔබේම ගෙවත්තට අවශ්‍ය වන පොහොර. ඒ නිසා මින් පසු කුණු රොඩු ගෙවත්තෙන් ඉවත් කරන්න එපා. ඔබට කොම්පෝස්ට් නිෂ්පාදනයට මේ ඉවත දමන කුණු රොඩු උපකාරී වනවා. නිවසින් ඉවත දමන කුණු ඔබේ ගෙවත්තට හොඳ පෝෂණ කොටසක් වන බව ඔබ දැනටමත් දන්නවා ඇති කියල අපි හිතනවා. ඒ වගේම එය ඔබ අවට පරිසරයටත් ඉතාම හිතකර දෙයක්.
එහෙමනම් බලමු ඉවත් කරන කුණු රොඩුවලින් කොම්පෝස්ට් පොහොර සකසා ගන්නේ කොහොමද කියලා.
කොම්පෝස්ට් නිෂ්පාදන ක්‍රම ප්‍රධාන වශයෙන් පහත ආකාරයට දක්වන්නට පුළුවන්.
ගොඩ ක‍්‍රමය

වල ක‍්‍රමය

බැරල් ක‍්‍රමය
කෝටු රාමු ක‍්‍රමය

මේ ක්‍රම 4 පිළිබඳව දැන් වෙන වෙනම විමසා බලමු. එමගින් ඔබේ ගෙවත්තට වඩාත්ම ගැලපෙන්නේ මොන ක්‍රමයද කියන එක ගැන අවබෝධයක් ලබා ගන්න ඔබට හැකි වේවි.
ගොඩ ක‍්‍රමය
වාණිජ අරමුණින් කොම්පෝස්ට් නිපදවාලීමට බලාපොරොත්තුවේ නම් වඩාත් සුදුසු වන්නේ ගොඩ ක‍්‍රමය යයි. අඩු ශ‍්‍රමයක් වැය වන ගොඩ ක‍්‍රමය, අනෙකුත් ක‍්‍රම සමඟ සැසදීමේ දී වඩාත් වාසි දායි ක‍්‍රමය ලෙසත් දක්වන්නට පුළුවන්. ඉක්මනින් කුණු රොඩු දිරාපත් වීමට මග පාදන ක‍්‍රමය එයයි.
නිෂ්පාදනය කරනු ලබන කොම්පෝස්ට් වලට පස් හෝ වැලි මිශ‍්‍රවීම අවම වීම, දිරාපත්වීම සාර්ථක මෙන් ම ඒකාකාරීවීම, මැස්සන් ඇතිවීම හෝ දුගඳ හැමීම යන ගැටලුව ඇති නොවීම යන වාසි නිසා ගොඩ ක‍්‍රමය ජනප‍්‍රිය වෙලා තිබෙනවා
ගොඩ ක‍්‍රමයේදී ගොඩේ පළල වැඩිකර ගත යුතු නැහැ. එමෙන් ම උස වැඩි කර ගැනීමෙන් ද ගොඩේ විවිධ කි‍්‍රයාකාරකම් සිදු කිරීමේ අපහසුතා ඇතිවෙනවා. එහෙත් අමුද්‍රව්‍ය වැඩියෙන් ඇත්නම් ගොඩේ දිග වැඩි කර ගැනීමට හැකියි.
වල ක‍්‍රමය
වැඩි ශ‍්‍රමයක් වැයවෙන වල ක‍්‍රමය කුඩා පරිමාණයෙ නිෂ්පාදන සඳහා සුදුසුයි. වර්ෂා කාලයේදී ගැටලු ඇති කරන අතර පෙරළීමට අපහසුථා ගෙන දෙනවා. මේ ක‍්‍රමයේදී ගැටලු මතු වුවත් බොහෝ ගෙවතුවල ව්‍යාප්තව පවතින්නේත් මේ ක්‍රමයම තමයි.
වලක් සැකසීමට අධික ශ‍්‍රමයක් වැය වීමත්, හොඳින් වාතාශ‍්‍රය නොලැබීමත්, දිරාපත් වීමට වැඩි කාලයක් ගතවීමත් වර්ෂා කාලයේදී වලේ අධික ලෙස ජලය රදා පැවැතීමත් මෙම ක්‍රමය නිසා ඇතිවිය හැකි ගැටළු ලෙස දක්වන්නට පුළුවන්.
ඒ වගේම අවශ්‍ය නියම තෙතමනයක් පවත්වාගෙන යාමට මේ ක‍්‍රමයේදී අපහසුයි. එමෙන් ම වැඩි කොම්පෝස්ට් ප‍්‍රමාණයක් නිපදවීමටත් බැහැ. ඇතැම් අවස්ථාවල හොඳින් දිරාපත් නොවීම ද ගැටලුවක් වෙන්න පුළුවන්. දුගඳක් හැමීමත්, මැස්සන් බෝවීමත් මින් ඇතිවෙන තවත් අවාසි සහගත තත්ත්වයන් දෙකක්.
කෝටු රාමු ක‍්‍රමය
කුඩාවට සැලසුම් කළත් සාර්ථක ක‍්‍රමයක් ලෙස කෝටු රාමු ක‍්‍රමය හැඳින්විය හැකියි. දිනපතා අපද්‍රව්‍ය එකතු වන කුඩා ගෙවතු වල කෝටු රාමු ක‍්‍රමය කදිමට ගැලපෙනවා. හොඳින් වාතාශ‍්‍රය ලැබීමත්, දුගඳක් ඇති නොවීමත්, මැස්සන් බෝ නොවීමත් මෙහි ඇති වාසියි..
හැබැයි කෝටු රාමු ක‍්‍රමයෙන් වැඩි කොම්පෝස්ට් පොහොර ප‍්‍රමාණයක් නිෂ්පාදනය කර ගන්න බැහැ. මේවා ඇරුණම කෝටු රාමු ක‍්‍රමය තුල දකින්න ලැබෙන තවත් අඩුපාඩු කිහිපයක් තියෙනවා.
එනම් ක‍්‍රමානුකූලව තට්ටු තැන්පත් නොකිරීම නිසා දිරාපත්වීම හොඳින් සිදු නොවීම, වාතයට හා වර්ෂාවට නිරාවරණය වීම නිසා කොම්පෝස්ට් පෝෂ්‍ය පදාර්ථ ප‍්‍රමාණය අපතේ යාම සහ කෝටු දිරාපත්වී නිෂ්පාදනය කළ පොහොර පිටතට ගැනීමට අපහසු වීමයි.
බැරල් ක‍්‍රමය
කුඩා පරිමාණයේ පුංචි මිදුලක් තිබෙන කෙනෙකුට නම් බැරල් ක‍්‍රමය තමයි හොඳටම ගැලපෙන්නේ. විශේෂයෙන් නාගරික පරිසරයක සීමිත අමුද්‍රව්‍ය ප‍්‍රමාණයක් හා ඉඩකඩ ප‍්‍රමාණයක් ඇති ස්ථානයකට ගැලපෙනවා.
බැරලයට වාතාශ‍්‍රය ලැබීමට බැරලයේ බදේ සිදුරු ඇති කරන්න ඕන. මේ මගින් දිරාපත්වීම ඉක්මන් කරන්න පුළුවන්. ගේ දොර නිතර එකතු වන අපද්‍රව්‍ය දිනපතා මෙවැනි ආකාරයකට බැරලයකට දැමීමෙන් කසල කළමනාකරණයත් විධිමත් වෙනවා.තෙතමනය ආරක්ෂා කර ගැනීමට මේ ක‍්‍රමය හොඳයි..
උපුටා ගැනීම-http://goodhousekeeping.lk

සන්ධි ඉදිමුමට සේර හොදයි

සේර යනු ආසියාතික රටවල වැඩෙන සිහින්, දිගු පත්‍ර සහිත බහුවාර්ෂික ශාකයකි. එහි නමට (lemongrass) අනුව ඒවා පැගිරි සුවද විහිදවයි. නමුත් එහි රස...