කාන්තාවකගේ නාසයේ හැඩයෙන් කියවෙන දේවල්


දේහ ලක්ෂණ විද්‍යාව අනුව විවිධ වු ශරීර ලක්ෂණ මගින් එකිනෙකාගේ ජීවිතය පිළිබඳ කියවෙන රහස් ඕනෑ තරම් දැනගන්නට පුළුවන්. ඒ ආකාරයට කාන්තාවකගේ නාසයේ හැඩය අනුව කියවෙන ජීවන රහස් පිළිබඳව මෙම ලිපියෙන් කියවේ.
යම් කාන්තාවකට සිහින් සිදුරු සහිත දික් වූ නාසයක් පිහිටියේ නම් ඇය පිරිස් පාලනයට දක්ෂ වන්නීය. තීක්ෂණ බුද්ධියක්ද, උපායශීලී ඥාණයක්ද අය සතුව පිහියි.
සිහින් වූ නාසය අගින් බිඳුණු ස්වඹ්හාවයක් තිබේ නම් ඇය සමාජෂීලී කාන්තවක් නොවේ. නිතර වාසයට කැමති වේ. අන්‍යයන්ගේ දෝෂ දර්ශනයට ලක් වේ. ජීවිතය පිලිබඳ කිසිවිටෙක තෘප්තිමත් නොවේ. දූ දරුවන්ට පණ මෙන් ආදරය කලද ඔවුන්ගෙන් පෙරලා ආදරය නොලබයි.
යම් කාන්තාවකට මොලොක් වූ නාසයක් පිහිටියේ නම් ඇය බෙහෙවින් පරෝපකාරයේ යෙදෙන්නියන් වේයි. පොදු සේවා කටයුතු වලට සම්බන්ධ වන්නීය. තමන්ගෙන් යමක් සමාජයට දායාද කිරීමට උත්සුක වන්නීය. අන්‍යයන් වෙනුවෙන් කැපවී වැඩ කටයුතු කරන ඇය කිසිවිටෙක ලාබ බලාපොරොත්තු නොවේ. ඒ වගේම චාම් ජීවිතයකට උරුමකරුම කම් කියයි.
සිහින් උල් වූ නාසයක් සහිත වූ කාන්තාව බොහෝ ශිල්ප ශාස්ත්‍ර වල නිපුණතා දක්වන්නියන් වෙයි. ඒ වගේම තීක්ෂණ ඥාණයක් සහිත මනා කලා කෞශල්‍යයක් ඇය සතුව පිහිටා තිබේ. එහෙත් ආත්මාර්ථකාමී චේතනාවලින් යුක්ත වේ. අන්‍යයන්ට උදව් පදව් කිරීම අඩුයි. කාගේ සිත රිදුනත් කියන්න තියෙන දේ කියයි. කරන දේ කියයි. බොහෝ විට කරුණාවක් නොදක්වයි. මුදල් ලොකු කොට තකයි. උපක්‍රමශීලීයි. එනමුත් සමාජයෙන් ගෞරවය වගේම ජනප්‍රිය භාවය ලබයි.
යම් කාන්තාවකට පැතලි නාසයක් පිහිටියේ නම් ඇය සටකපට මායම් අගතැන්පත් වන්නීය. ඉතා දක්ෂ අන්දමින් අන්‍යයන් පොලඹවා ගනිමින් තමන්ගේ දියුණුවට කටයුතු සලසා ගන්නීය. දැඩි ආත්මාර්ථකාමී ගති ගුණ සහිතයි.
නාසය සිහින්ව, දිගුව අග මනාව රවුම්ව මොටව ගියේ නම් එවන් කාන්තාව ආගම ධර්මයට ලැදි සියුම් ඥාණ ශක්තියක් ඇති ස්ත්‍රියක් වේ. බොහෝ විට අන්‍යයන්ගේ බසට අවනත නොවෙයි. ඉක්මන් කෝපයට පත් වෙයි. ඕනම කෙනෙක් වැරදි දෙයක් කලහොත් ඊට එරෙහිව කටයුතු කිරීමට මදක්වත් පසුබට නොවේ.
නාසය අග පැතිලිව ගලා ගිය ස්වභාවයක්තිබේ නම් හෝ නාසය තැලී ගිය ආකාරයකින් යුක්ත වේ නම් එම කාන්තාව නැණ නුවණින් අඩු වූ හැඟීම් වලට වහල් වූ කාන්තාවක් වේ. ජීවිතය පිලිබඳ පුළුල් බලාපොරොත්තු සහිත නොවේ. විවාහ වුවද එය සාර්ථක විවාහයක් නොවන්නටද පිලිවන.
කෙටි සිදුරු සහිත මනාව පිහිටි නාසය පිහිටි කාන්තාව බෙහෙවින් බුද්ධිමත් වේ. තීක්ෂණ ලෙස සිතයි. යුක්තිගරුකයි. කරුණාවන්ත වෙයි. දුර දිග සිතා නිවැරදි තීරණ ගනී. ඉසුරුමත් ජීවිතයකට හිමිකම් කියයි. තම ස්වාමියාගේ ආදරය නොමදව ලබයි.

සන්ධි ඉදිමුමට සේර හොදයි

සේර යනු ආසියාතික රටවල වැඩෙන සිහින්, දිගු පත්‍ර සහිත බහුවාර්ෂික ශාකයකි. එහි නමට (lemongrass) අනුව ඒවා පැගිරි සුවද විහිදවයි. නමුත් එහි රස...