සරල ටිප්ස් කිහිපයක්


සරල ටිප්ස් කිහිපයක්



තරමක් කාර්ය බහුල ජීවන රටාවකට හිමිකම් කියන අපි අපේ ජීවිතේ එදිනෙදා අපට සිදු කරන්න වෙන වැඩ රාජකාරි එක්ක තව තවත් කාර්ය බහුල වෙන අතර මෙම වැඩ රාජකාරි පහසු කර ගැනීම උදෙසා ඇතැම් විට අප එක එක විදියේ සරල ක්‍රම හොයා ගන්නවා. ඉතින් අද අපි කියන්න යන්නේ අන්න ඒ විදියට එදිනෙද අපට උපකාරී වෙන සරල හා පහසු ටිප්ස් ටිකක්. බලන්නකෝ මීට කලින් ඔයාලත් මෙන්න මේ කියන දේවල් වලට මේ සරල ක්‍රම උපයෝගී කර ගෙන තියෙනවද කියලා.
කපන ලද රෝස ඉති පැළ කිරීම සඳහා
ඔබ මල් වවන්න ආස කරන කාන්තාවක් නම් ව්‍යාපාරයක් ලෙස මල් පැල සිටුවනවා නම් මෙය ඔබට වැදගත් වේවි. විශේෂයෙන් රෝස මල් පැල සිටුවීමට නම් කපා ගත් රෝස මල් ඉති වල මුලින්ම මුල් අද්දවා ගත යුතුයි, ඉතින් එයට හොදම ක්‍රමයක් තමයි රෝස ඉති කැබැල්ල අල ගෙඩියක ගසා තබන එක.අල ගෙඩියේ තියෙන වතුර ස්වභාවය නිසා ඉක්මනින්ම මුල් ඇදීම සිදු වෙනවා.
ජසපත්තු වල ආරක්ෂාව
වැහි සහිත දවස් වල අපේ සපත්තු විශේෂයෙන් කැන්වස් වගේ ඉක්මනින් වතුර උරා ගන්න සපත්තු වර්ග වල වතුර උරා ගැනීම වලක්වා ගන්න වියලුන මී වද වල මීයෙහි කොටස් ගෙන සපත්තුවේ අඩියට බහාලා තබන්න පුළුවන්.
තෙත වැඩිපුර උරා ගන්නා රෙදි වේලන්න
වැසි දවස් වලට එහෙම රෙදි පිලි වේලා ගන්න තරමක් අපහසුයි නේද. ඉතින් අන්න ඒ වගේ දවස් වලට රෙදි වෙලා ගන්න පහසුම ක්‍රමය තමයි පැය දෙකකට පමණ රෙදි ඇඳේ මෙට්ටයක් උඩින් දිග ඇරලා තියන එක.
ගද ගසන සපත්තු
පමණක් අයගේ දහඩියට සපත්තු ගඳ ගසන්න ගන්නවා.ඉතින් අන්න ඒ වගේ අයට පුළුවන් වියලි තේ බෑග් හෝ සිලිකා පැකට් සපත්තුව තුලට දමා තබන්න. එමගින් අර දුර්ගන්දය වලවක්වා ගන්න ඔබට පුළුවන්.
තද සපත්තු දාන විට
සමහර අය කකුලට හිර වෙන්නම තද සපත්තු පළදිනවා.ඉතින් අන්න ඒ වගේ අයට පුළුවන් තෙත පත්තර පිටුවක් සපත්තු අඩියට දාල අර අවහිර ගතිය මග හැර ගන්න.
සොයා ගැනීමට අපහසු යමක් සොයා ගැනීමට
ඇල්පෙනෙති,ඉඳිකටු වගේ සොයා ගැනීමට අපහසු යමක් නැති වූ විට වැකුන් ක්ලීනර් එකට රවුමට රෙද්දක් ඔතල එය යොදා ගෙන නැති වූ දෙය සොයා ගන්න ඔබට පුළුවන්.
දෛනික ජල අවශ්‍යතාව
ලොකු මෙගා බෝතලයක් ගෙන එයට වතුර පුරවා ඒ දවස තුල ඔබගේ පානයට වැය වන ජල ප්‍රමාණය සලකුණු කොට දිනකට ඔබට වැය වන ජල පරිමාව සොයා ගන්න.
වැසිකිලි පිරිසිදු කරන්න
අපි බොන්න ගන්න කොකා කෝලා කෝප්පයක් ගෙන රාත්‍රීයෙදී වැසිකිලියට දමා පසුදා සබන් වතුර දා වැසිකිලිය පිරිසිදු කර ගන්න.දීප්තිමත් පෙනුමක් ඔබේ වැසිකිලියට එමගින් ලැබේවි.
වතුර බස්ස වන්න
ගෙදර කුස්සියේ හෝ බාත් රූම් එකේ ඇති සින්ක් එකේ වතුර බස්සන්න අපහසු නම් උණු වතුරට බේකින් සෝඩා හා විනාකිරි ටිකක් දාල සින්ක් එකේ කුහරේට එක් කරන්න. ඉක්මනින්ම වතුර බැහැලා යාවි.
ඇදුම් වල බොත්තම් ආරක්ෂා කර ගන්න
බොත්තම් අල්ලපු ඇඳුම් වල බොත්තම් ගැලවී යන එක නැති කර ගන්න බොත්තමේ සිදුර තුලින් clear nail polish බින්දුවක් එක් කරන්න. එවිට ඇඳුම් සෝදන විටදී වුනත් බොත්තම් ටික ආරක්ෂා කර ගන්න ඔබට පුළුවන්.
බොඩි ලෝෂන් වෙනුවට
බොඩි ලෝෂන් වෙනුවට ඔබට පුළුවන් දොඩම් හෝ දෙහි වල ලෙල්ලෙහි ඇති පැගිරි යොදා ගන්න.

දුරකථනයේ ශබ්දය වැඩි කරන්න
වීදුරුවක් තුලට දුරකථනය බහාලා තිබීමෙන් එහි ශබ්දය වැඩි කර ගැනීමට ඔබට හැකියාවක් තියෙනවා

නිවසෙහි සුවඳ හමන්න
දොඩම් ගෙඩියක් දෙකට කපලා එහි මැද ඇති කොටස හැන්දකින් හොදට ඉවත් කර ගෙන එයට තෙල් දා පහනක් ආකාරයෙන් ඔබේ නිවසේ පත්තු කර ගන්න ඔබට පුළුවන්. එමගින් නිවස පුරාම නැවුම් සුවදක් විහිදේවි

වතුරට ඇස්ප්‍රින් පෙති 1/2ක් දාලා රෝස මල් පරවෙන්නේ නැතුව දිගු වෙලාවක් තියා ගන්න පුළුවන්.

කුඩා දරුවන්ට අකුරු ලියන්න පුරුදු කරන විට පෑන ඇල්ලීමට හුරු කිරීම සඳහා රබර් පටියක් භාවිතා කරන්න.

ඇඳුමට වැටුණු දියර පැල්ලමක් ඉවත් කිරීමට හැකි ඉක්මනින් ඒ මත ලුණු ඉසින්න.

වියලුනු නිය ආලේපනයක වියලි ගතිය නැති කිරීම සඳහා nail polish remover බින්දු 2,3ක් එයට දමා සොලවා භාවිතා කරන්න.

පෑන් එකක පිළිස්සුම්, දැලි කුණු ඉවත් කිරීම සඳහා එයට ලුණු මිශ්‍ර වතුර ටිකක් දමා විනාඩි 10ක් පමණ උණු කර ගන්න.

අතේ තැවරුණ තද කහට පැල්ලම් ඉවත් කිරීම සඳහා ලෙමන් බෑයක් අතේ පිරිමදින්න.

බිත්තර තැම්බිමේදී පුපුරා යෑම වැලක්වීම සඳහා වතුරට ලුණු ටිකක් එක්කරන්න. එයින් බිත්තර කටුව ගලවා ගැනීමටත් පහසු වෙනවා.

පාන් කපන විට කැඩී යන්නේ නම් පිහිය උණු වතුර භාජනයක දමා තබා පසුව පාන් කැපීමට ගන්න.

කෘමින් දෂ්ඨ කිරීමෙන් ඇතිවන දැවිල්ල සහ විෂ ඉවත් කරගැනීම සඳහා අල පෙත්තක් කපා එම ස්ථානයට තබා ප්ලාස්ටර් යොදන්න.

වැඩ කරන කාන්තාවකට කුස්සියේ වැඩ පහසු කරන ටිප්ස්

1) සතියටම ගැළපෙන සැලසුමක් හදන්න
ඔබ ඊළඟ සතියට හදන්න ඉන්න කෑම මොනවද කියල ලැයිස්තුවක් හදන්න. ඒකට ඕන කරන බඩු ටිකත් අවශ්‍ය ප්‍රමාණයන් එක්කම වෙනම ලැයිස්තුවක් හදන්න. සති අන්තයේ ඉඩ තියන වෙලාවක මේ අවශ්‍ය බඩු ටික ගෙන්න. මතක තියා ගන්න අනවශ්‍ය දේවල් ගන්න එපා. ඔබ ලියාගත් දේවල් විතරක්ම ගන්න. ඔබ එක දවසක පිටතින් කෑම ගන්නවා නම් එදා කෑම ලැයිස්තුවෙන් ඉවත් කරන්න. මේකෙන් ඔබේ මුදල් ඉතිරි වන අතරම ආහාර නාස්තියත් අඩු වේ. ඒ වගේම සතියට අවශ්‍ය බඩු එකවර ගේන නිසා ඔබේ කාලයත් ඉතිරි වේවි.
02) මාසයට අවශ්‍ය බඩු එකවර ගෙන්න
එදිනෙදා නිතරම අවශ්‍යවන කල්තබා ගත හැකි ද්‍රව්‍ය මාසයකට අවශ්‍ය ප්‍රමාණයට එකවර මිලදී ගන්න. හාල්, පරිප්පු ආදිය මෙන්ම කුළු බඩු හා අනෙකුත් ඔබට අවශ්‍ය ද්‍රව්‍ය එකවර මිලදී ගන්න. මෙයින් ඇතැම් විට ඔබට වට්ටම් ආදියත් ලබා ගැනීමේ හැකියාව ඇති අතර ඔබගේ මුදල් හා කාලය ද ඉතිරි කර දෙයි.
03) මස් මාළු එකවර කපා පිරිසිදු කර තබන්න
සතියටම අවශ්‍ය ප්‍රමාණයට ඔබ මිළදී ගන්නා මස් මාළු ආදිය දවසගානේ කපන්න සුද්ද කරන්න ගියොත් ඔබේ කාලය නිකරුනේ නාස්ති වේවි. ඒ නිසා සතියටම අවශ්‍ය මාංශ ආහාර එකවර සුද්දකර එක් දිනයකට අවශ්‍ය ප්‍රමාණය වෙන වෙනම අසුරා තබන්න. ඒ වගේම මතක තියාගන්න මාංශ ආහාර කපන විට ඒ සඳහා වෙනම කපන ලෑල්ලක් හා අනෙකුත් උපකරණ භාවිතා කරන්න. ඒ වගේම ඒ උපකරණ හා ස්ථානය හොඳින් පිරිසිදු කරන්න. එයින් විෂබීජ පැතිරීම වළක්වා ගත හැකියි. ඒ වගේම හාල්මැස්සන් ආදිය ඔළු කඩලා පිරිසිදු කර තියන්න. මෙම ක්‍රමය මගින් ඔබේ කාලය ඉතිරි කරගත හැකි අතරම සෞඛ්‍යය ද ආරක්ෂා කර ගත හැකිය.
04) රෑට සියල්ල සුදානම් කර තියන්න
උදේට කුස්සියට ගියාම යුද්දයක් වගේද? එහෙනම් කලින් දවසේ රෑ අවශ්‍ය දේවල් සූදානම් කරලා තියන්න. පොල් ගාලා ෆ්‍රිජ් එකෙන් තියන්න එහෙම නැත්නම් මිරිකලා පොල් කිරි ටික ෆ්‍රිජ් එකේ දාලා තියන්න. උදේට උයන එළවලු ටික සුද්ද කරලා කපලා ෆ්‍රිජ් එකේ දාලා තියන්න. පළා වර්ග ආදිය කලින් සුද්ද කරලා තියන්න. මේවට නම් ඔබේ සැමියාගේ හෝ දරුවන්ගේ සහයෝගයත් අනිවාර්යයෙන්ම ගන්න. මෙයින් ඔබට උදේට තියන වැඩවලින් භාගයක්ම අඩු කර ගන්න පුළුවන් වේවි.
05) කරපිංචා ඉක්මනින්ම වේළෙනවා ද?
කරපිංචා කොළ ඉක්මනින් වේළෙනවද? ෆ්‍රිජ් එකේ තිබ්බත් නැවුම් ගතිය තියෙන්නේ නැද්ද? එහෙනම් අනික් දවසේ කරපිංචා ෆ්‍රිජ් එකේ දන්නා එපා. කරපිංචා කොළ ටික භාජනයකට දාලා උළුහාල් ඇට ටිකක් ඒකටම දාලා තියන්න. මෙහෙම කළොත් කරපිංචා නැවුම්ව තියා ගන්න පුළුවන්. එතකොට සැරින් සැරේ කරපිංචා මිළදී ගන්න ඕන වෙන එකක් නෑ.
06) තාමත් හැමදේම කපන්නේ පිහියෙන්ද?
ඔබ හැම එළවළුවක්ම පළතුරක්ම කපන්න ගන්නේ පිහියද? ඒක කාලය නස්තිකිරීමක්. ඒ නිසා එළවලු කපන්න, පොඩි කර ගන්න, හීනියට ලියාගන්න මේ හැමදේම කරගන්න පුළුවන් උපකරණයක් තියාගන්න එක ඔබේ වැඩ ඉතා පහසු කරයි. මේ දේවල්වලට වෙන වෙනම උපකරණ ගන්නත් එපා. සේරම කරගන්න පුළුවන් එක උපකරණයක් ගන්න. එය ඔබේ කාලයත් ඉතුරු කරයි මුදලුත් ඉතිරි කරයි.
07) රොටී හදන්න වෙලා යනවද?
දරුවන්ට වෙනසකටත් එක්ක රොටී හදන්න ඕන කියලා හිතුනත් උදේට වෙලා මදිද? මේකටත් විසඳුම අවශ්‍ය දේ කලින් සූදනම් කිරීමයි. ඔබ දන්නවද රොටී සෑදීමට අවශ්‍ය පිටි මිශ්‍රණය දවස් දෙකක් තුනක් පමණ කල් තබා ගත හැකියි. ඒ නිසා ඔබට නිදහස් වෙලාවක පිටි මිශ්‍රණය සාදා ෆ්‍රිජ් එකෙන් තියන්න. අවශ්‍ය වෙලාවට අරගෙන රොටී සාදා ගන්න. මෙයින් රොටී හදන එක ඉතාමත් පහසු කාලය ඉතුරු කරන වැඩක් වේවි.
08) ක්ෂණික ආහාර
දරුවෝ හැමදාම එකම දේ කන්නේ නෑනේ. ඉඳල හිටලා වෙනසක් ඔනෙමයි. ඉතින් ඒ වෙලාවට නූඩ්ල්ස්, මැකරෝනි වගේ ක්ෂණික කෑමක් හදන්න. සතියට දවසක් විතර මෙවැනි දෙයක් හදන්න. එයින් ඔබටත් පහසුවක් මෙන්ම පවුලේ අයටත් වෙනසක් දැනේවි.

සන්ධි ඉදිමුමට සේර හොදයි

සේර යනු ආසියාතික රටවල වැඩෙන සිහින්, දිගු පත්‍ර සහිත බහුවාර්ෂික ශාකයකි. එහි නමට (lemongrass) අනුව ඒවා පැගිරි සුවද විහිදවයි. නමුත් එහි රස...