කාබයිට් යොදපු පළතුරු පහසුවෙන් හොයාගන්න විදිය..
එවකට අපේ මුතුන් මිත්තන් පළතුරු ඉදවීමට කිසිම රසායනිකයක් භාවිතා කළේ නැත. වත්ත පිටියේ සරුවට වැඩෙන පළතුරු ගස් වලින් පළතුරු නෙළා ගත්තේ පළතුරු ගෙඩිය කහ පැහැති හෝ රෝස පැහැති රන්වන් වර්ණය ගැන්වුණු පසුවය. ඒ හොදින් පැසුණු බව ගැමියා දන්නා නිසාය. කෙසෙල් කැනක ගෙඩි කීපයක් ඉදුණු පසුව කෙසෙල් කැන මිදුලේ වලක් කපා ඒ මත පිදුරු දමා දුම් ගස්සා සුළු කාලයකින් කෙසෙල් කැන ඉදවා ගන්නා ගැමියා කෙසෙල් කැන ඉදුණේ පිදුරු දුමෙන් නිකුත් වූ ඇසිටලීන් සහ එතලීන් වායුව නිසා බව එදා දැන සිටියේ නැත. විද්‍යාව හදාරා නොමැති වූවත් අත්දැකීමෙන් ඔවුන් ඒ බව හොදාකාරව දනී. පරම ආයුෂ ලබා ඔවුන් නීරෝගී සුවය විදිමින් ජීවත් වීමට හැකිවූයේද විටමින්, ඛනිජ ලවණ, ප්‍රෝටීන් මේ සියල්ලෙන් නොඅඩුව පිරිපුන් පළතුරු ඔවුන්ගේ දෛනික ආහාරයට එක් කළ බැවිණි.
එහෙත් වර්තමානයේ ඒ තත්ත්වය උඩු යටිකුරු වී ඇත. පැසෙන්නට, ඉදෙන්නට, කලින් කෙසෙල් කැන කපා, අමුවෙන් ගැට අඹ කඩා, අමුවෙන් අලිගැටපේර කඩා, කිරි වැගෙරෙද්දී අමු පැපොල් කඩා වෙළඳපොලට ගෙන එන මේ අමු පළතුරු පසුදින කහ වර්ණයෙන් බැබළීමට පටන් ගැනීමේ විශ්මය කුමක්ද? ඒ එතරල් හා කාබයිට් (කැල්සියම් කාබයිට්) නැමැති රසායනික ද්‍රව්‍යයන්ගේ විශ්මයයි.
ඈත පිටිසර ගම්මානයකින් කපා ගන්නා අමු කෙසෙල් කැන සහිත ලොරිය අතරමඟ නවතා එතරල් හෝ කාබයිට් ස්පේරේ කර කොළඹට ගෙනෙන විට රසායන විද්‍යාවේ හපන්කම් අපට පසක් වන්නේ පසුදා උදයේ වෙළඳපොලේ කහපැහැයෙන් දිස්වන කෙසෙල් කැන දුටු විටය.
වැඩිහිටියන් ඇවරි පිටින් නිවසට ගෙන ගොස් දරුවන්ට පෝෂණ ගුණය ලබා දීම සඳහා බලහත්කාරයෙන් කවන්නේ මේ කාබයිට් (කැල්සියම් කාබයිට්) මිශ්‍ර පළතුරු ය.
“දැන් අඹ ගෙඩිවල කෙසෙල් ගෙඩිවල කිසිම රසක් නෑනේ” පාරිභෝගිකයා නඟන මැසිවිල්ල නම් සත්‍යයකි. පළතුරු ගෙඩියක් ගසේදීම ස්වභාවිකවම පැසීමට ලක්වීමේදීි පළතුරු තුළ තිබෙන සංකිර්ණ කාබනික අම්ල සරල කාබනික අම්ල බවට පත්වේ. පළතුරේ ඇති පිෂ්ඨය සීනි බවට පත් වී පළතුරට පැණි රසක් එක්කරයි. PH අගය ඉහළ ගොස් ආම්ලික බව අඩුවේ. හරිතප්‍රද්‍ර මඟින්, ඇන්තෝසයනීන්, ඇන්තොසැන්ටීන්, ලයිකොපේන්, කැටිචින් වැනි වර්ණ සංයෝග නිපදවා පලතුරු කහ රන්වන් පැහැයක් ගන්වයි. මේවා ප්‍රතිඔක්සිකාරකයක් ලෙස ද ක්‍රියාකරයි. විශේෂයෙන්ම ගසේ ඉදුණු පළතුරුවල විටමින් බී බහුලව ඇත. විටමින් ඒ සහ ප්‍රතිඔක්සිකාරක වර්ණ සියල්ලක්ම ඇති අතර ඛණිජ ලවන බහුලව පවති. එවිට පළතුරට එයටම ආවේනිකවූ නිසි සුවඳක් සහ රසයක් ලැබේ. පලතුරු අනුභව කරන්නේ පිස ගැනීමකින් හෝ රත්කීරීමකින් තොරව බැවින් ඒ සියලු විටමන් වර්ග සෘජු ලෙස අපගේ සිරුරට එකවරම ලැබේ.
නමුත් කාබයිට් (කැල්සියම් කාබයිට්) වතුර ඉසීමෙන් වෙළඳපොලේ මිලදී ගතහැකි පලතුරුවල ඉහත සඳහන් කළ රසය හෝ සුවඳ දක්නට නොලැබෙන බව විද්‍යාත්මක සත්‍යයකි. එපමණක් නොව කාබයිට් හෝ එතරල් ඉසීමෙන් බලහත්කාරයෙන් ඉදවන ලද පලතුරුවල විටමන් ඛණිජ ලවන මෙන්ම පෝෂණ ගුණය අඩංගු වන්නේ නැත. විශාල මුදලක් ගෙවා රසායනික ද්‍රව්‍ය ඉසින ලද පලතුරු ආහාරයට ගත් විට ඔබට ලැබෙන අනිසි ප්‍රතිඵල වන්නේ රසායන ද්‍රව්‍ය වල අඩංගු බැර ලෝහ ශරීර ගතවීිම සහ ආහාරයට ගත් පළතුරේ කිසිදු පෝෂණයක් ඔබට නොලැබීමයි. මෙය මුදල් ගෙවා පෝෂණය වෙනුවට ලෙඩ හඳුනාගැනීමක් ලෙස දැක්විය හැකියි.
වැඩිවන ජනගහනයට හෝටල් කර්මාන්තයට බීම වර්ග නිපදවීමට ආදියේ ඉල්ලුමට සැපයුම් ලබා දෙන්නට පළතුරු දිනපතා ප්‍රමාණවත් නොවන නිසාදෝ එසේ නොමැති නම් වෙළෙන්ඳාට වැඩි ලාබයක් ලබා ගැනීමට තිබෙන ඕනෑකම නිසාදෝ අපට සිදුවන්නේ කාබයිට් වතුර ඉසින ලද පලතුරු ආහාරයට ගැනීමටය. අනිවාර්යයෙන්ම ලෙඩට අතවැනීමක් වැනිය.
එතලින් බටයක් කාන්දුවිමෙන් වල්පැල කහපැහැ ගැන්වී තිබෙන දුටු එක්තරා විද්‍යාඥයෙක් මෙය පලතුරු ඉදවීමට යොදා ගත හැකියැයි සිතුවේ ශාක හෝර්මෝනයක් ලෙස එතලින් වායුව ක්‍රියා කරන බැවිණි. යම්කිසි පළතුරක් එතලින් වායුවට නිරාවරණය කිරීමේදීි පළතුරු ඉදවිය හැකි බව ඔහු සොයාගත් අතර එම ක්‍රමවේදය ලෝකයේ වෙනත් රටවලට මෙන් අප රටටද සංක්‍රමණය වි ඇත. එතලින්වල මිල අධික බැවින් කාර්මිකව ඇසිලටීන් නිපදවීම ඉතා ලාබදායී බැවින් කාබයිඩ් (කැල්සියම් කාබයිට්) මඟින් ඇසටලීන් නිපදවා එම වායුව යොදා පලතුරු ඉදවීම දැන් සුලබ ලෙස ක්‍රියාත්මක වේ.
කාබයිඩ් (කැල්සියම් කාබයිට්) නිසි මාත්‍රාව ජලයට දැමුවිට ඇසිටලීන් වායුව සහ කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් සංයෝග දෙක සෑදේ. කාබයිට් (කැල්සියම් කාබයිට්) ජලයේ දැමීමෙන් මුදාහැරෙන ඇසිටලීන් වායුවෙන් පළතුරු ඉදීම සිදුවේ. කෘතීමව ඉදවීමේදී වර්ණ සංකලනය ඇති නොවී එක වර්ණයක් පමණක් සෑදේ. මෙවැනි පළතුරු ගෙඩිය පුරාම එක වර්ණක් පවතින්නේ නම් බොහෝ දුරට රසායනික ද්‍රව්‍ය යොදා ඉදවන ලද පළතුරු යැයි නිගමනයකට එළඹිය හැක.
කාබයිට් යනු කාර්මික ක්ෂේත්‍රයේ වැඩකටයුතු සඳහා භාවිතා කරන රසායනයකි. මෙහි අපද්‍රව්‍ය ලෙස ආසනික් – කැඩ්මියම්, ඊයම්, රසදිය නැමැති බැර ලෝහ තිබේ. මෙම බැර ලෝහ අඩංගු කාබයිඩ් යම්හෙයකින් හෝ පළතුරුවල තැවරුණහොත් එය සිරුරට ඉතාමත් අහිතකර ය.
කාබයිට් යොදා පලතුරු ඉදවීමේදී කළ යුත්තේ පලතුරු යම්කිසි කුටීරයක් තුළ බහා කාබයිට් නිශ්චිත ප්‍රමාණයක් ජලය සමඟ මිශ්‍ර කර ඈතින් තබා එයින් නැඟෙන ඇසිටලීන් වායුවෙන් පලතුරු ඉදීවීමය. එවිට කිසිම අපද්‍රව්‍ය අවදානමක් නැත. නමුත් වර්තමානයේ වෙළෙන්දා සිදු කරනුයේ කාබයිට් නැමැති රසායනිකය ජලය සමඟ මිශ්‍රකර එම ද්‍රාවණය ඉසීමේ බෝතල් භාවිතයෙන් පලතුරුවලට ඉසීමය. එසේත් නොමැතිව අඹ ගෝනිය කාබයිට් වතුරේ ඔබා තැබීමයි. එවිට පලතුරු කහපාට වේ. කාබයිට් මිශ්‍රිත ජලය වැදුණු ස්ථානවල පමණක් කහ පැල්ලම් ඇති වී ඉතිරි කොටස කොළ පැහැ ගැන වේ. අපේ පාරිභෝගිකයා මේ පිළිබඳව කිසිදු අවබෝධයක් නොමැතිව මේවා මිළදී ගනී.
අඩු තරමේ මෙවැනි පළතුරක් සෝදා ආහාරයට ගැනීමවත් ඔවුන් සිදු කරන්නේ නැත. මෙවැනි පලතුරු අනුභව කිරීම බෙහෙවින් අවදානම් සහිත වන්නේ කාබයිට්වල අඩංගු විෂ සහිත බැර ලෝහ ඍජුවම සිරුරට එක්වීමයි.
කාබයිට්වල ආසනික් – කැඩ්මියම් – ඊයම් – රසදිය යන බැර ලෝහ අඩංගු බැවින් ඒවා ආහාරයට ගැනීමෙන් විශේෂයෙන් රුධිර පිළිකා, අස්ථි පිළිකා ඇති වීමට බෙහෙවින් ඉඩ ඇත. විශේෂයෙන්ම කැඩ්මියම් නැමැති බැර ලෝහ ශරීර ගත වීම නිසා වකුගඩු රෝග ඇතිවේ. ස්නායු පද්ධතිය අඩපණ කිරීමට ඇතැම් මේ බැර ලෝහවලට හැකියාවක් ඇත.
ඒ සමඟම කාබයිට් මිශ්‍ර ජලය පළතුරුවල ගෑවුණු විට පොත්තට හානි සිදුවේ. පොත්තේ ඇති දම් පැහැයට හුරු කළු පැහැති පැල්ලම් ඇතිවේ. මෙම අවස්ථාවේදී පලතුරු ගෙඩියේ සෛල විනාශ වීමෙන් ඇතිවන එන්සයිම පලතුරේ ඇති සංගටක සමඟ මිශ්‍රවී මීතයිල් මධ්‍යසාරය නැමැති විෂ සංයෝගය නිපදවේ. මෙය අතිශයින් විෂ සහිතය. මෙයින් ස්නායු පද්ධතියට හානි පමුණුවයි.
විශේෂයෙන්ම ඊයම් නැමැති බැර ලෝහය ශරීරගත වීමෙන් රුධිර පිළිකා. අස්ථි පිළිකා වැළඳීමේ ප්‍රවණතාවක් ඇත. ආසනික් නැමැති බැර ලෝහය ශරීරගත වීමෙන් සමේ පිළිකා ඇතිවිය හැකියි.
කාබයිට් සහ වෙනත් රසායනික ද්‍රව්‍යයන් ගල්වන ලද පළතුරු හඳුනා ගත හැකි අන්දම.
අඹ – අඹ ගෙඩියේ තැනින් තැන කහ පාට ගැන්වී ඉතිරිය කොළ පැහැ වී තිබේ නම් මිලදී ගත යුතු නැත. හේතුව කාබයිට් මිශ්‍ර වතුරේ ගිල්වූ කාබයිට් වතුර ගැවුණ කොටස තැනින් තැන කහ පාට ගැන්වෙන බැවිණි.
සාමාන්‍යයෙන් අඹ ගෙඩියක් ස්වභාවික ඉදෙන්නට ආරම්භ කරනුයේ අඹ ගෙඩිය උඩ පැත්තේ සිට පහළ කොටස දක්වාය. මෙවැනි අඹ ගෙඩියක් හොඳ පලතරු සුවඳක් නිකුත් වේ. නැට්ට ආසන්න කොටස සම්පූර්ණයෙන්ම පිරුණු ස්වභාවයකින් යුක්තය. අඹ ගෙඩිය කහ පැහැති රෝස පැහැ ගැන්වේ නම් එය ස්වභාවික පැසීමේ ලක්ෂණයි. නැට්ට කොටස උල් ගතියෙන් යුක්තව පිරුණු ස්වභාවයක් නොමැති නම් ඒවා නොමේරූ බලෙන් ඉදවන ලද ඒවාය. මෙහිදි ඉහත සදහන් වර්ණ සංකලයන් මතු නොවේ.
කහ, රන්වන් පැහැය ලා දුඹුරු ආදී පැහැයන් අඹ වලට ආවේණික වර්ණ සංකලනයන්ය. රසායනික ද්‍රව්‍ය ගල්වන ලද අඹ උඩ සිට පහළ දක්වා වනතෙක් තනි කහ පැහැති වර්ණයක් ඇත. එය ලෙහෙසියෙන් හඳුනාගත හැක.
කෙසෙල් – කෙසෙල් හරියාකාරව ස්වභාවයෙන් ඉදෙන්නේ කැනේ අතරින් පතර ගෙඩිය. කෙසෙල් කැන ඉදෙන්නට අරඹන්නේ ඉහළ සිට පහළටය. විශේෂයෙන් ස්වභාවිකව ඉදුණු කෙසෙල් ගෙඩිය හොඳින් පෘෂ්ඨිමත්ව පිහිටයි. දාර කිසිවක් පෙනෙන්නට නොමැත. කෙසෙල් ඇවරියේ දාර හොඳින් බේරී පෙනෙනන්ට තිබේ නම් ඒවා නොමේරු ඒවාය. එසේම කෙසෙල් කනේ අඟ නටුව කෙසෙල් මල ඉතිරිව තිබේ නම් එයද නොමේරූ කෙසෙල්ය. පැසුණු කෙසෙල් ගෙඩි ඉතා මෘදු ය. හොඳ සුවඳක් දැනේ. ගෙඩි ඉදෙන්නේ කැනේ අතරින් පතර ය.
අලිපේර – නැට්ට ආසන්න කොටස පිරී පවතී. ඇකිලුණු ස්වභාවයෙන් යුත් ඒවා පැසුණු ඒවා නොවේ. හොඳින් පැසුණු අලිපේර ගෙඩියක් සෙලවීමේදී ඇටය එහා මෙහා සෙලවෙන ශබ්දය ඇසේ.
පැපොල් – ගෙඩිය ඉඳෙන්න පහල දෙපැත්තේ සිට ඉහළට ය.කහ රෝස පැහැය මෙන්ම රන්වන් පැහැය ක්‍රම ක්‍රමයෙන් මුදුන් කොටස තෙක් සංක්‍රමණයවේ විශේෂයෙන්ම ස්වභාවිකව ඉඳුණු පැපොල් ගෙඩිය. මෘදු ස්වභාවයෙන් යුක්තය. මෘදු ස්වභාවයෙන් තොර ඉහළ සිට පහල දක්වා තනි කහපාටින් යුත් පහල කොටස දක්වා එක වර්ණයෙන් යුත් ඝන ගෙඩි බොහෝවිට අමුවෙන් කඩා රසායනික ද්‍රව්‍ය ගල්වන ලද ඒවා ය.
දොඩම් – දොඩම්, දෙහි, නාරං වැනි පළතුරු වල ස්වභාවයෙන් ඉදුනු ඒවා පිරුණු ස්වභාවයෙන් යුක්ත වන අතර දිලිසෙන ස්වභාවයක් ගනී.
රසායනික ද්‍රව්‍ය ඉසින ලද පළතුරු ඔබට මිලදී ගැනීමට සිදු වුවහොත් ඔබ කළ යුත්තේ කුමක්ද?
ගලායන ජලයෙන් මිනිත්තු කීපයක් හොඳින් සෝදන්න. ඒ වෙලාවේම ආහාරයට ගන්නවා නම් මඳ රස්නයෙන් සෝදන්න. එවිට අවම වශයෙන් 60% 70% පමණ විෂ පලතුරෙන් ඉවත් වී යයි.
පළතුරු ජලය පිරිණු භාජනයක දමා තබන්නට එපා. මන්ද විසරනය මඟින් ජලය ඇතුල්වි හෝ පලතුරුවල ඇති ඛනිජ ලවණ විටමින් වර්ග, ජලය මඟින් විනාශ විය හැකියි.
ඕනෑවට වඩා ඉදුණු පලතුරු කෑමට සුදුසු නැත. ඕනෑවට වඩා පලතුරු ඉඳුණු පසු එහි අහිතකර සුවඳක් නිකුත් වේ.
කිසිවිටෙක තැලුණු පලතුරු ආහාරයට ගන්න එපා. තැලුණු පලතුරුවල සෛලවල ඇති එන්සයිම නිකුත්වීම නිසා එහි ස්ථරය මීතයිල් මධ්‍යසාරය බවට පත්වි විසක් නිපදවන බැවිණි. කළු දුඹුරු පැහැ ගැන්වී ඇති පළතුරුද විස සහිතය. එයද බොහෝවිට රසායනික ද්‍රව්‍ය ඉසීම නිසා ඇතිවන හානි කර තත්ත්වයකි.
– කොළඹ නාගරික අනුමත රස පරික්ෂක ආර්.එම්.ජී.බී. රාජනායක
copied by life.kotuwapaththare.info