මේ පුංචි වැරදි 5 හදාගන්න මේ පින්තූර බලලා
නානකොට අපි කරන අවධානය යොමු නොවෙන වැරදි 5ක්.මේ පින්තූර 5 බලලා පොඩ්ඩක් ඒ ගැන අවධානය යොමු කරන්න.
1.ඕනවට වඩා උණුසුම් ජලය
උණුවතුර නානවා කියන්නේ හරිම සනීප දෙයක්නේ.නමුත් ඕනවට උෂ්ණත්වය වැඩි ජලයෙන් නාන එක නම් එච්චර හොඳ දෙයක් නෙමෙයි.මොකද වැඩි උණුසුම් ජලය නිසා ඔයාගේ සමේ වියළි ගතිය වැඩි වෙනවා. ඒ වගේම ඔයාගේ සම ආරක්ෂා වෙන්න තියෙන මේදය අධික උණුසුම නිසා ඉවත් වෙන්න පුළුවන්.ඒ වග්මේ මේ නිසා ලේ ගමනාගමනය වැඩි වෙනවා ඒ හේතුවෙන් එර්තිමාව,ප්‍රදාහය,සමේ කුෂ්ඨ වගේ රෝග ඇති වෙන්නත් පුළුවන්. ඒ නිසා නිතරම සෙල්සියස් අංශක 35ත අඩු ජලය භාවිතා කරන්න උණු වතුරෙන් නානවා නම්.
2.ඕනවට වඩා වෙලාවක් නෑම
නානකොට ගොඩක් ඇය හිතාගෙන ඉන්නේ පැයක් විතර ලොකු කාලයක් නාන්න ඕන කියලා එත් එහෙම නෑ වගේම එහෙම කරන්න හොඳත් නැහැ මොකද ලොකු වෙලාවක් එක දිගට නානකොට ඔයාගේ සම ඕනවට වඩා වියළි වෙනවා. මේක හේතුවෙන් කැසිල්ල,කුෂ්ඨ වගේ ඒවා ඇති වෙන්න පුළුවන්. ඉතින් විනාඩි 10ක් වගේ නානa එක තමයි හොඳම දේ.
3. පෙන සහිත සබන්,ජෙල් හෝ බොඩි වොෂ් නිතර භාවිතා කිරීම.
නිතර නිතර සබන් ෂවර් ජෙල් හෝ බොඩි වොෂ් භාවිතා කරන එකෙන් ඔයාගේ සමේ ආරක්ෂාවට තියෙන ස්වභාවික තෙල් තට්ටුව ක්‍රමයෙන් අඩු වෙනවා.
4.පරණ ස්පොන්ච් භාවිතය
සමහරු සබන් ගාගන්න,කුණු අතුල්ලගන්න එහෙම ස්පොන්ච් කෑලි හෝ රෙදි කෑලි භාවිතා කරනවනේ.ඉතින් මේ කියන්නේ අන්න ඒවා සති 4 කට වතාවක්වත් මාරු කරන්න කියලා.පරණ ඒවා දිගින් දිගටම භාවිතා කරන්න එපා. ඒ වගේම සැම විටම භාවිතා කරලා ඉවර උනාම පස්සේ හොඳින් වියලිව තියන්න තෙත ගතියට ඔහේ දාල තියල නැවත භාවිතා කරන්නත් එපා.
5.තදින් ඇඟ පිහන්න එපා
නාල ඉවර වෙලා ඇඟ පිහදානකොට තුවාය අරගෙන ඇඟට තද කරගෙන ගලක අතුල්ල්නවා වගේ ඇඟ පිහින්න එපා.සුමුදු පිරිසිදු තුවායකින් තරමක් තෙතමනය ඇඟේ ඉතුරු වෙනවා විදිහට සියුම්ව පිහදාගන්න.ඒ කරල තියෙනවා නම් ක්‍රීම් පොඩ්ඩක් එහෙම ගාගත්තට එහෙම කමක් නෑ.