එක්සත් ජනපද හමුදා ක්‍රම වලට අනුව විනාඩි 2කින් නිදාගන්නේ කොහොමද ?



සොල්දාදුවො සැබෑ සටන් බිමවල් වල සටන් කරන නිසා සුවබර නින්දක් අහිමි කර ගන්නවා වගේම සාමකාමී ලෝකයේ ජීවත් වෙන සාමාන්‍ය ජනතාව බොහෝ දෙනා මානසික පීඩනය, මානසික ආතතිය වගෙම මානසික දුෂ්කරතා සමග සටන් කරමින් සුවබර නින්දක් අහිමි කර ගන්නවා. එහෙම බැලුවොත් මේ දෙගොල්න්ගෙම වෙනසක් නැහැ වගේ නේද? ඒ වුනාට එක්සත් ජනපද හමුදා සොල්දාදුවන්ට තත්පර 120කින් පමන නින්දට වැටීම සදහා උපක්‍රම කිහිපයක් බලධාරින් විසින් හදුන්වා දී තියෙනවා.

සැහැල්ලු හා ලිහිල් නින්දට රහස මුලින්ම හදුන්වා දී තියෙන්නේ 1981 Relax and Win: Championship Performance යන පොතෙනුයි. නමුත් මේ වෙනකොට මේ න්‍යාය පොදු ජනතාව විසින් පුළුල් ලෙස සාකච්ඡා කරලා ක්‍රියාත්මක කරනවා.
ඉතින් මේ න්‍යායන් වලට තව තව කරුණු එකතු කරලා එක්සත් ජනතා හමුදා ප්‍රධානීන් තම සොල්දාදුවන්ට ඉක්මන් නින්දකට යාම සදහා හදුන්වා දී තියෙනවා. සති 6ක පරික්ෂණයකින් පසුව 96%ක් මේ ක්‍රමවේදය සාර්ථක බව තහවුරු වුනා.
මේ පහලින් තියෙන්නේ ඉක්මනින්ම සුවබර නින්දකට යාම සදහා ඔබ විසින් අනුගමනය කල යුතු ශාරීරික හා මානසික පියවරයන් කිහිපයයි.
පියවර 1
දිව, හකු, හා ඔබ ඇස් වටා පේශින් ඇතුලු මුහුණේ පේශින් ලිහිල් කරන්න.
පියවර 2
ඔබේ උරහිස් හැකි තරම් පහතට දමන්න. ඉන් පසුව එක් අතක් ඉහල සිට පහල ලිහිල් කර දෙවනුව අනෙක් අතද එසේ කරන්න.
පියවර 3
ඔබේ පපුව ලිහිල් කරමින් හුස්ම හෙලන්න. ඉන් පසුව ඔබේ කකුල් කලවා වල සිට පහලට ලිහිල් කරන්න.
පියවර 4
මේ පියවරයන් මගින් ඔබට ඔබේ මනස සම්පූර්ණයෙන්ම නිශ්ශබ්ද කිරීමට හැකියාව ලැබෙනවා.
ඉන් අනතුරුව එලඹෙන සන්සුන් තත්පර 10න් පසුව ඔබට නිදිසුව ලබා ගැනීමට හැකියාව ලැබෙයි. ඒ වගෙම Lloyd Bud Winter තම පොතේ තවදුරටත් සදහන් කර තියෙනවා, සැහැල්ලු වීමෙන් පසුව ඔබට ඉක්මන් නින්දක් ලබා ගැනීමට නම් තවත් ආකාර 3ක් අනුගමනය කල හැකියි කියලා.
රූපය 1 : ඉහලින් නිල් පැහැ අහස හැර වෙන කිසිවක් නොමැති සන්සුන් විලක ඔරුවක ඔබ වැතිරී සිටින බව සිතෙන් මවා ගන්න.
රූපය 2 : කළු පැහැති එල්ලෙන ඇදක වැතිරී සෙමින් පැද්දෙමින් සිටින බව සිතෙන් මවා ගන්න
රූපය 3 : ස්වල්ප වෙලාවක් “සිතන්න එපා” “සිතන්න එපා” “සිතන්න එපා” යනුවෙන් සෙමින් කියන්න. නැවත තත්පර 10කින් පමන එසේ කියන්න.
නමුත් මේ කිසිම පියවරකින් ඔබට නින්ද ලගා කර ගැනීමට නොහැකි නම් හෝ දිගු කාලයක් තිස්සේ ඔබට නිදා ගැනීමේ ගැටළු තියෙනවා නම් එයට හේතුව මධ්‍ය ස්නායු පද්ධතියේ ගැටළුවක් වෙන්න පුළුවන්. ඒ වගෙම දුර්වල ප්‍රතිශක්තිය, මතකය සම්බන්ධ ගැටළු, අධි රුධිර පීඩනය ආශ්‍රිත ගැටළු ආදියත් නිදි නොලැබිම සදහා හේතු වෙනවා. ඒ නිසා එවැනි ගැටළුවක් තියෙනවා නම් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්න.

සන්ධි ඉදිමුමට සේර හොදයි

සේර යනු ආසියාතික රටවල වැඩෙන සිහින්, දිගු පත්‍ර සහිත බහුවාර්ෂික ශාකයකි. එහි නමට (lemongrass) අනුව ඒවා පැගිරි සුවද විහිදවයි. නමුත් එහි රස...