සමනොළ කන්දේ ඉර සේවය ගැන පරික්ෂකන්ගේ අනාවරණය



බෞද්ධයන්ගේ නිරන්තර වන්දනාමානයට පාත‍්‍ර වූ, සෑම වසරකම හයමසක් ආගමික වතාවත් සදහා සැදැහැවතුන් පැමිණෙන සමන්තකූඨ පර්වතය හෙවත් සමනොළ කන්ද ලොව පැරණිම ස්වාභාවික දින දර්ශනයක් ලෙස නිදර්ශන සහිතව ලොවට හෙළිකිරීමට ශ‍්‍රී ලාංකේය පර්යේෂකයන් පිරිසක් මේ වන විට සමත්ව සිටී.
සූර්ය උදාවත් සමගම බටහිර දෙසින් දිස්වන සමනළ කන්දේ ත‍්‍රිකෝණාකාර ප‍්‍රතිබිම්බය ජ්‍යාමිතික ගණනය කිරීම් උපයෝගී කරගෙන ඔවුන් මෙම නිගමනයට පැමිණ ඇත
ශ‍්‍රී ලංකා ජෛව තාරකා විද්‍යා ඒකකයේ පර්යේෂණ අංශයේ අරවින්ද රවිභානු සුමනරත්න මහතා පර්යේෂණය භාරව ක‍්‍රියා කළේය. රොහාන් ඉන්දික විජේතුංග, මොරටුව විශ්වවිද්‍යාලයේ ආතර් සීි ක්ලාක් ආයතනයේ අභ්‍යවකාශ යෙදුම් අංශයේ පර්යේෂණ තාරකා විද්‍යාඥ ජානක අඩස්සුරිය, කැළණිය විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි ආයතනයේ කමල් අබේවර්ධන, යන මහත්වරු ද මේ පර්යේෂණයන්ට එක්වූහ.
සමනොළ කන්දේදී සූර්ය උදාව ‘‘ඉර සේවය’’ ලෙස බොහෝ දෙනෙක් නම්කර ඇත. හිරු උදාවෙන විට ශ‍්‍රීපාද මලූවේ සිටින කෙනෙකුට එහි බටහිර ක්‍ෂිතිජය දෙස බැලූවහොත් ශ‍්‍රීපාද කන්දේ ප‍්‍රතිබිම්බය ත‍්‍රිකෝණාකාරව දැකගත හැකිය. යහපත්වූ කාලගූණයක් පවතින විටක මෙය හොදින් නිරීක්‍ෂණය කළ හැකිය. උදෑසන කාලයේ පරිසයේ ජලවාෂ්ප ඝණත්වය ඉහළ අගයක් ගන්නා නිසා බටහිර ක්‍ෂිතිජයේ් සමනොළ කන්ද ප‍්‍රතිබිම්බය හොදින්ම දැකගත හැකිබව පර්යේෂකයන්ගේ නිගමනයයි. මෙවැනි සිද්ධියක් දැකගත හැකි බවට ලෝකයේ මෙතෙක් සොයාගත් එකම ස්ථානය සමනොළ කදුමුදුන විය හැකියැයි පර්යේෂකයෝ විශ්වාසය පළකරති.
සමනොළ කන්දේ සෙවනැල්ල හා එහි භූගෝලිය පසුබිම සම්බන්‍ධයෙන් 2011 සහ 2012 වර්ෂවල අවාර සමය යොදාගෙන මෙම පර්යේෂණයන් පවත්වා ඇති බව ද පර්යේෂකයෝ කියති. ඒ අනුව 2011 වර්ෂයේ සිට සමනොළ කන්දේ ප‍්‍රතිබිම්බයේ ත‍්‍රිකෝණාකාර පිහිටීම පිළිබදව, චන්‍ද්‍රිකා තාක්‍ෂණය ඇසුරෙන් ලබාගත් දත්ත ද ගබඩාකර පසුව ඒවා විශ්ලේශනය කර මෙම නිගමනයට එනු ලැබීය.
සමනොළ කන්දේ උස මීටර් 2233කි. ඉහත දත්ත අනුව ප‍්‍රතිබිම්බය නිර්මාණය වීම සදහා වස්තුවේ උස මීටර් 275 ක අගයක් ලබාගත හැකි වූ බවත් එය සමනොළ කන්දේ සම්පූර්ණ උසින් අටෙන් එකක අගයක් ගන්නා බව ද පර්යේෂකයෝ පෙන්වා දෙති. එය සමනොළ කන්ද නැගීමේදි හමුවන ආඩියාමළ තැන්නේ (ආඩියාමළ තැන්නට මුහුදු මට්ටමේ සිට උස මීටර් 1958කි) සිට ශ‍්‍රීපාද මලූවට ඇති දුරට සමාන බව ද ඔවුහු පෙන්වා දෙති. සමනොළ කන්දේ ප‍්‍රතිබිම්බයේ පාතනය ශ‍්‍රීපාදස්ථානයට ගමන් කිරීමට ඇති කුරුවිට එරත්න මාර්ගය හරහා සිදුවන බව ද පර්යේෂණය මගින් අනාවරණය වී ඇත. අවාරයේදි සමනොළ කන්දේ ප‍්‍රතිබිම්බයේ ආරම්භක ප‍්‍රදේශයක් ලෙස ගම්පහ දිස්ත‍්‍රික්කයේ ජාඇලට කිලෝ මීටර් දෙදහසක් ඉහළ අහසේ බව හදුනාගැනීමට හැකිවූ බවද පර්යේෂකයෝ කියති.
ශ‍්‍රීපාද වාරයේ සහ අවාරයේ සූර්යා උදාවන ස්ථානය වෙනස් වන නිසා එහි ප‍්‍රතිබිම්බයේ ද විචලනයන් සිදුවන බව දත්ත අනුව පෙනී යන බව ද පර්යේෂකයෝ කියති. එය සාමාන්‍යයක් ලෙස ගත්විට එම විචලනය කොළඹ මධ්‍යයනය ලෙස ගත් විට කිලෝමීටර් විස්සක් උතුරට සහ දකුණට ප‍්‍රතිබිම්බයේ ආරම්භය පෙන්නුම් කරන බවද ඔවුහු පෙන්වා දෙති.
මෙම ගණනය කිරීම්වලදී පර්යේෂකයෝ මීට අවුරුදු අසුවකට පමණ ඉහතදී සමනොළ කන්දේ ප‍්‍රතිබිම්බය සටහන්වීම ගැන තොරතුරු විශ්ලේෂණයට ගෙන තිබේ. 1934 වර්ෂයේදී ඉංග‍්‍රීසි ජාතිකයන් පිරිසක් විසින් ශ‍්‍රීපාද මලූවේ සිට රූගත කරන ලද ශ‍්‍රී ලංකාවේ ගීතය (SONG OF THE CEYLON) නමැති වාර්තාමය චිත‍්‍රපටියේ සමනොළ කන්දේ සෙවනැල්ල ද නිරීක්‍ෂණයන්ට භාජනය කර ඇත. මෙම දත්ත ද පර්යේෂකයන්ගේ දත්ත හා ඉතා සියුම්ව විමර්ශනය කිරීමේදී ශ‍්‍රීපාද ප‍්‍රතිබිම්බය සමද්විපාද ත‍්‍රිකෝණයක් ලෙසට හදුනාගත හැකිවූ බවද පෙන්වා දෙති.
මෙම ශ‍්‍රීපාද ප‍්‍රතිබිම්බය ස්වාභාවික සංඥාවක් (NATURAL SIGNAL) ලෙස පර්යේෂකයෝ හදුන්වති. මෙම දත්ත අනුව ප‍්‍රතිබිම්බයේ පාතනය සමග ශ‍්‍රීපාද බටහිර බෑවුමේ සතුන්ගේ චර්යාමය වෙනසක් සිදුවිය හැකි බවට පර්යේෂකයෝ නිගමනය කරති. ඉදිරි පර්යේෂණයන් එම ක්‍ෂෙත‍්‍ර කෙරෙහි යොමු කරවීමට නියමිත බව ද ඔවුහු කියති.
එසේම මෙම ප‍්‍රතිබිම්බය සහ වායුගෝලීය වස්තූන් අතර සම්බන්ධතාවයක් ඇති බවට පර්යේෂණයේදී පෙනී ගිය බව ද කියති. එංගලන්තයේ ‘‘ස්ටෝන්හෙන්ජි ගොඩනැගීම’’ හරහා එහි සෙවනැලි පාතනය භාවිතායෙන් ද මෙම කාලය ගණනය කළහැකි බව පර්යේෂකයෝ අවධාරණය කරති. ඒ අනුව පෘථිවියේ චලිතයේ කොටස්වන භ‍්‍රමණය, පරිභ‍්‍රමණය පහසුවෙන් ගණනය කළ හැකි බව ද පවසන පර්යේෂකයෝ ඒ මත පිහිටා ලොව පැරණිම ස්වභාවික දින දර්ශනය ලෙස සමනොළ කන්ද සහ එහි ප‍්‍රතිබිම්බය හදුන්වාදීමට තීරණය කළ බව ද කීවේය.
මෙම පර්යේෂණයන් අදියර අටකින් යුක්තය එහි පළමු අදියර නිමාවීමෙන් පසු මෙම නිගමනයට පැමිණ ඇත. ‘‘SESSIONAL SHADOW MOTION OF ADAM S PEAK 2011- 2012 – 1/8 ’’ නමින් පත‍්‍රිකාවක් මගින් මෙම නිගමනය නම්කර තිබේ. මෙම පර්යේෂණ නිගමන තොරතුරු පත‍්‍රිකාව SAIA PACIFIC JOURNAL OF BIOGEOGRAPHY, THE INTER N ATIONAL BIOGEOGRAPHY SOCIETY, SKY සහ TELESCOPE හා NASA යන ආයතන සහ සගරා වෙතද යවා ඇති බව පර්යේෂකයන් වෙනුවෙන් කරුණු දැක්වූ අරවින්ද රවිභානු සුමනරත්න මහතා පැවසුවේ ය.
ප‍්‍රතිබිම්බයක (GPS) චන්‍ද්‍රිකා දත්ත භාවිතාකර මෙවැනි පර්යේෂණයක් සිදුකළ ලොව ප‍්‍රථම අවස්ථාව මෙය බවද පර්යේෂකයෝ කියති. ‘‘අපේ මේ පර්යේෂණ මාලාව හරහා භූගෝල විද්‍යාව, පරිසර විද්‍යාව, සත්ත්ව විද්‍යාව සහ තාරකා විද්‍යාව යන අංශ එකිනෙක බැදුනු අංශ බව ලෝකයට ඔප්පුකර නව විද්‍යාත්මක සොයාගැනීමකට හැකියාව ලැබුණ බව ද පර්යේෂකයෝ කීහ.
සෑම වසරකම අවසානයේ උදුවප් පොහොයෙන් ඇරඹී වෙසක් පොහොයෙන් අවසන් වන සිරිපා සමයත් වෙසක් පොහොයෙන් ආරම්භ වී උදුවප් පොහොයෙන් අවසන්වන සිරිපා අවාර සමයත් අතර ඇති විද්‍යාත්මක වෙනස්කම ගැනත් ‘‘ඉර සේවයේදී’’ දැකිය හැකි සමනොළ කන්දේ සෙවනැල්ලත් ගැන එළඹෙන සිරිපා සමයේ සිරිපා කරුණා කරන සියලූ දෙනාටම හිතන්නට යමක් මෙම පර්යේෂණය තුළින් ඉතිරි කරයි.
සම්මා සම්බුදුරජාණන් වහන්සේ වම් සිරිපා පද්මය සනිටුහන් කිරීමටත් මෙයද හේතුවක් වන්නට ඇතැයි සිතිය හැකිය. එමෙන්ම, අතීතයේ රෝමයේ මහා ඇලෙක්සැන්ඩර් රජු, දාහතරවැනි සියවසේ දේශගවේශකයෙකු වූ ඉබන් බතූතා වැන්නවුන් ද එහි පැමිණෙන්නට ඇත්තේ මේ ආශ්චර්ය නිසාද? අලූත් කතිකාවතකට මේ පර්යේෂණයන් මාර්ගය සකසයි.
එසේම සිරිපා අඩවියේ වෙසෙන වන සතුන් පිළිබද සත්ත්ව විද්‍යාඥයින්ගේ සොයාගැනීම් අනුව සිරිපා අඩවියේ සත්ත්ව විශේෂවල හැඩරුව (ශ‍්‍රීපාද අඩවියේ වන අලි කුරු හැඩයකින් යුතු බව) මෙන්ම චර්යාවන්හි ද වෙනස්කම් ඇති බව අවධාරණය කරඇත්තේ මේ විද්‍යාත්මක හේතූන්දැයි අලූතින් සිතීමට කාලය එළඹ ඇත.

හාස්කම් පිරි මෝර පිරිත



බුදුරජාණන් වහන්සේ පෙර ආත්ම භවයක රණ මොනරකු වී ජන්ම ලාභය ලැබූහ. වසර හත්සියයක්‌ ආයුෂ වැළ» මෙම රණ මොනරා දිනපතා පුරුද්දක්‌ වශයෙන් අතීත බුදුවරුන්ගේ ගුණ මෙනෙහි කර සූර්ය නමස්‌කාරයේ යෙදී දිවා කාලය ගතකරන අතර හිරු බැසයන යාමය එළඹි විට පෙරසේම අතීත බුදුවරුන්ගේ ගුණ මෙනෙහිකර නින්දට යයි. මේ පිළිවෙත පුරුද්දක්‌ වශයෙන් නොකඩවා රැකීමේ ආනුභාවයෙන් රණ මොනරාට දීර්ඝායුෂ වැළඳීමේ භාග්‍යයත්, දිවි ඇතිතුරා සියලු ආරක්‌ෂාවත් හිමිවූ බව සත්‍යයකි.
උදේ – සවස වශයෙන් සඡ්ජායනා කිරීමට පිරිත් ඛණ්‌ඩ දෙකක්‌ ඇති මෝර පිරිත තේරුම අවබෝධ කොට ගෙන දිනපතා භාවිතයෙන් අපටද බොහෝ ගුණ ලැබිය හැකි බව නැකත පාඨක ඔබවෙත දන්වමු.
මෙහි 1 ගාථාව උදේටද 2 ගාථාව සවසටද කියන්න.උදේතයං චක්‌ඛුමා ඒක රාජා
හරිස්‌ස වණ්‌ණෝ පඨවිප්පභාසෝ
තං තං නමස්‌සාමි හරිස්‌ස වණ්‌ණං පඨවිප්පභා සං
තයඡ්ජගුත්තා විහරේමු දිවසං
යේ බ්‍රහ්මණා වේදිගු සබ්බධම්මේ
නමත්ථු බුද්ධානං නමත්ථු බෝධියා
නමෝ විමුත්තානං නමෝ විමුත්තියා
ඉමං සෝ පරිත්තං කත්වා
මෝරෝ චරති ඒ සනා
අපේ තයං චඛු මා ඒකරාජ
හරිස්‌සවණ්‌ණෝ පඨවිප්ප භාසෝ
තං තං නමස්‌සාමි හරිස්‌සවණ්‌ණං පඨවිප්පභාසං
තයඡ්ජගුත්තා විහරේමු රත්තිං
යේ බ්‍රහ්මණා වේදිගු සබ්බ ධම්මේ
තේ මේ නමෝ තේච මංපාලයන්තු
නමත්ථු බුද්ධානං නමත්ථු බෝධියා
නමෝ විමුත්තානං නමෝ විමුත්තියා
ඉමං සෝ පරිත්තං කත්වා
මෝරෝ වාසමකප්පයිති
මෙහි තේරුම
ලොව අඳුර දුරුකොට ලෝ වැස්‌සන්ට ඇස්‌ පාදාදෙන හෙයින් ඇස්‌ ඇති ලොවට එළිය දෙන්නාවුන් අතරින් රජෙක්‌ වූ රන්වන් සිරුරක්‌ ඇති මහ පොළොව බබළවන්නා වූ මේ සූර්යයා නැඟෙයි. රන්වන් ඒ හිරුට වඳිමි. ඔබගෙන් ආරක්‍ෂාව ලැබූ අපි මේ දවස සතර ඉරියව්වෙන්ම යුක්‌තව සැපසේ වෙසෙමු.
ස්‌වාසනා සකල ක්‌ලේෂයන් දුරු කළ යම් බුදු කෙනෙක්‌ සියලු දත යුතු ධර්මයන් දැන බුද්ධත්වය අවබෝධ කළාහුද උන්වහන්සේලාට මාගේ නමස්‌කාරය වේවා. උන්වහන්සේලා ද මා ආරක්‌ෂා කරන සේක්‌වා. අතීත බුදුවරයාණන් වහන්සේලාටද මාගේ නමස්‌කාරය වේවා. උන්වහන්සේලාද මා ආරක්‌ෂා කරන සේක්‌වා.
උන්වහන්සේලාගේ නව ලොව්තුරු බෝධි ගුණයට ද මාගේ නමස්‌කාරය වේවා.
ඒ මයුර තෙම පිරිත කියා ගොදුර සෙවීමෙහි හැසිරෙයි.
දෙවැනි මෝර පිරිතෙහිද පෙරසේම මේ සූර්ය තෙම අප අතරින් ඉවත් වෙයි. ඔබගෙන් ආරක්‌ෂාව ලත් අපි (මුළු රැයේම) සුවසේ වෙසෙමු. අනෙක්‌වා මුල් ගාථාව සේමය.
පිරිතේ ශාන්තිය
Õ මෙය ආරක්‍ෂාව සඳහා භාවිත කළ හැකි පිරිතකි. මෙය නිසි පරිදි උදේ සවස කීමෙන් තමන් අල්ලා ගැනීමට, තමන්ට අනතුරු කිරීමට මාන බලන සොර සතුරන්ට අසු නොවී ආරක්‍ෂා වීමට පුළුවන. විශේෂයෙන් රැකී රක්‍ෂා වෙලහෙළ¹ම් පාලන කටයුතු සඳහා දුර බැහැර යන හා සතුරු කරදර බහුල අයට මෙය නිතර භාවිත කිරීමෙන් ආරක්‍ෂාව සලසා ගත හැකිය.
Õ උදේ අවදි වූ විගස නිදි යහනේ සිට පළමු ගාථාව තෙවරක්‌ කියවන්න. එසේම රෑ නින්දට යන විට දෙවැනි ගාථාව තෙවරක්‌ කියන්න. එසේ නොහැකි නම් උදේ සවස ආගම සිහි කරන විට වුවද කීමට හැකිය.
Õ පාබල, නාවික, ගුවන්, පොලිස්‌ ආදී ආරක්‌ෂක අංශයන්හි නිරත අය මෙය උදේ සවස භාවිත කළහොත් සතුරු උවදුරුවලින් ආරක්‌ෂාව සැලසෙයි. දුරාචාරවලින් වැළකී පන්සිල් රකිමින් මෙය භාවිත කළහොත් නිසි ප්‍රතිඵල අත්වනු ඇත.
Õ රාහුගේ අපල සඳහා ද මෙම ගාථා දෙක උදේ සවස කීම හොඳයි.
Õ මෙහි පළමු ගාථාව “උදේතයං…” යන්ත්‍රයක්‌ මෙන් ලියා ඉනේ බැඳීම රක්‌තවාතයට ගුණ දෙන්නකි. (108 වරක්‌ මතුරා ගන්න) මෙහි “අපේතයං” යන දෙවැනි ගාථාවෙන් 108 වරක්‌ තෙල් මතුරා ගෑමෙන් ඇවිලිල්ල සුව වේ.
ජ්‍යෙතිෂවේදී – රංජන් සිසිර කුමාර
සටහන – ධම්මික හේවාවසම්

ඉංග්‍රීසි කතා කරන්න පුරුදු වෙන්න සරල ක්‍රම 10ක්



සුදු ජාතිකයෙක් වගේ හරි හරියට ඉංග්‍රීසි කතා කරන්න සිහිනයක් අපි හැමෝටම තියෙනවා. අපේ මව් භාෂාව නොවුනත් අද වෙන කොට ඉංග්‍රීසි නැතුව කිසි දෙයක් කර ගැනීමට පුළුවන් කමක් නැහැ. සම්මුඛ පරීක්ෂණයකට මුහුණ දෙන්න වුණත්, රාජකාරී කටයුත්තකට කාර්යාලයකට ගියත්, කෑමක් කන්න ටිකක් හොඳ අවන්හලකට ගියත් ඉංග්‍රීසියෙන් කතා කරන්න සිදු වෙනවා. හොඳින් ඉංග්‍රීසි කතා කිරීමට නොහැකි නිසා මේ වගේ අවස්ථාවල ඔබ අපහසුතාවයට පත්වෙච්ච වෙලාවල් ඇති නේද? සමහරු නම් කියයි “මේ සිංහල රටේ ඉන්න අපි මොකටද ඉංග්‍රීසි කතා කරන්නේ” කියලා.
එත් වෙනස් වෙන ලෝකයේ අපට තැනක් හදාගන්න, ඉදිරියට යන්න ඉංග්‍රීසි හොඳින් කතා කරන්න පුළුවන් වෙන එක අවශ්‍යම දෙයක්. ඉංග්‍රීසි කතා බහ තුළින් කෙනෙක්ගේ සමාජ තත්වය මනින්නත් අද වන විට බොහෝ දෙනෙක් පෙළඹිලා ඉන්නවා. ඒ විතරක් නෙමෙයි ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් නම් එයාට යමක් කමක් පුළුවන් වැදගත් පුද්ගලයෙක් කියලා සිතුවිල්ලක් නිරායාසයෙන් හැමෝගෙම හිතට එනවා. තැනකට ගිහින් ඔයා ඉංග්‍රීසියෙන් කතා කළොත් ලැබෙන සැළකිල්ලයි සිංහලෙන් කතා කලොත් ලැබෙන සැළකිල්ලයි හරියට අහසට පොළොව වගේ. අනිවාර්යෙන්ම ඉංග්‍රීසියෙන් කතා කළොත් ඉතා හොඳ සැළකිල්ලක් ලැබෙනවා වගේම ඉතා ඉක්මනින් සහ පහසුවෙන් ඔයාට කරගන්න පුළුවන්.
අපේ රටේ බොහෝ දෙනෙක්ට ඉංග්‍රීසියෙන් ලියන්න කියන්න පුළුවන් වුණත් කතා කරන්න පුළුවන් ටික දෙනෙක්ට විතරයි. එකට හේතුව ගොඩක් දෙනෙක් ඉංග්‍රීසියෙන් කතා කරන්න බයයි. අකුරු සහ වචන ලියන්න පුළුවන් වුණත් ඒවා කියන්නේ කොහොමද කියලා ගොඩක් අය දන්නේ නැහැ. ඒ වගේම ඉංග්‍රීසි කතා කරද්දී වැරදෙද්දී අනිත් අය හිනා වෙයි කියලා ලැජ්ජාවක් ඇති කරගන්නවා. මේ හින්දා ඉංග්‍රීසි කතා කරන්න කට්ටිය පහු බහිනවා. මඟ තොටේ යද්දී පත්තරයක් අරන් බැලුවත් හතු පිපෙනවා වගේ “Spoken English Classes”, එහෙම නැත්තම් ඉංග්‍රීසි කතා කිරීමේ පන්ති හැමතැනම අපි දකිනවා. එත් මේ පන්ති වලට ගිහින් විතරක් ඉංග්‍රීසි හොඳින් කතා කරන්න පුළුවන් වෙච්ච අය ගැන අපි වැඩිය අහල නැහැ. මොකද ඉංග්‍රීසි කතාව කියන්නේ සති කිහිපයක පන්තියකට ගිහින් වෙන එක්කෙනෙක් කියලා දෙන දේ අහගෙන සටහන් අරගෙන පුරුදු වෙන්න පුළුවන් දෙයක් නෙමෙයි. අනිත් අයත් එක් අනිත් එක රැකියාවේ හෝ ඉගෙනීම් කටයුතුත් එක්ක තියෙන කාර්යබහුලත්වය එක්ක මේ පන්ති වලට යන්න ගොඩක් දෙන්නෙක්ට වෙලාවක් නැහැ.
කණ්නාඩියක් ඉස්සරහට ගිහින් තනියෙම ඉංග්‍රීසියෙන් කතා කරන්න
විනාඩි දෙක තුනක් අරන් ඔයාගේ හිතට එන ඕනෙම දෙයක් ගැන පුළුවන් විදිහට කතා කරන්න. ඔයාට වැරදුනත් හිනා වෙන්න කවුරුවත් නැති නිසා බය වෙන්න දෙයක් නැහැ. මොකක් හරි අදහසක් කියාගෙන යද්දී වචන දන්නේ නැතුව මඟදී හිර වෙනවා වගේ හිතෙනවා නම් එක වෙන විදිහකින් කියන්න උත්සාහ කරන්න. කණ්නාඩියක් ඉස්සරහ කතා කරන එකේ වැදගත්කම තමයි ඔයාට හැඟීමක් එනවා ඔයා තව එක්කනෙක් එක්ක කතා කරනවා වගේ. එත් එක්කම කතා කරද්දී ඔයාගේ මුහුණ, කට, ශරීරය හැසිරෙන විදිහත් ඔයාටම බලාගන්න පුළුවන්. මේ විදිහට දවසට දෙතුන් වතාවක් කළොත් මේක ඔයාගේ දින චර්යාවේ අංගයක් වෙලා ඔයාටත් නොදැනීම ඔයාගේ ඉංග්‍රීසි කතාව දියුණු වේවි.
ඔයාගේ ඉංග්‍රීසි කතාව පටිගත කරලා නැවත අහන්න
මේක පළවෙනි පාර දැක්ක ගමන් ටිකක් ඒ වැඩේ නුහුරුයි වගේ හිතෙනවා නේද? එත් විශේෂඥයින්ට අනුව ඉංග්‍රීසි කතා කරන්න පුරුදු වෙන්න මේ තමයි හොඳම විදිහ. ඔයාට පුළුවන් මේ ස්මාර්ට් ෆෝන් වලින් ඔයා ඉංග්‍රීසි කතා කරද්දී පටිගත කරගන්න. රූපවාහිනියේ හරි අන්තර්ජාලයේ හරි දකින ඉංග්‍රීසි වැඩසටහන් වල වාක්‍ය පුළුවන් විදිහට කියන්න උත්සාහ කරන්න. ඊළඟට පටිගත කරපු එක ඔයාම නැවත අහලා මුල් වාක්‍යයේ විදිහට හරි යනකම් නැවත නැවත උත්සාහ කරන්න. මේ ක්‍රමයේ තවත් වාසියක් තමයි ඔයාට මඟ තොටේ යන ගමන් වුණත් ඉයර් ෆෝන් දෙකක් යොදාගෙන නැවත නැවත අසමින් පුරුදු වීමට පුළුවන් වෙන එක.
ඉංග්‍රීසි උපසිරැසි එක්ක ඉංග්‍රීසි චිත්‍රපටි බලන්න
අපි අසාවෙන් නරඹන ඉංග්‍රීසි චිත්‍රපටත් ඉංග්‍රීසි කතාව පුරුදු වෙන්න උදව්වක් කරගන්න පුළුවන්. ඒකට ඔයා කරන්න ඕනේ ඉංග්‍රීසි උපසිරැසි එක්ක ඉංග්‍රීසි චිත්‍රපටි බලන එක. එතකොට ඔයාට පුළුවන් වෙනවා ඒ චිත්‍රපටි වල නළු නිළියෝ කියන දෙබස් හොඳින් තේරුම් ගන්න. උපසිරැසි එක්ක බලන නිසා ඔවුන්ගේ උච්චාරණය තේරුණේ නැති උනත් ඒවා අල්ලගන්න පුළුවන්. එහෙමත් නැත්තම් උපසිරැසි වල තියෙන දන්නේ නැති වචන කියන හැටි ඉගෙන ගන්නත් පුළුවන්. ඔයාට පුළුවන් වැදගත් කියලා හිතෙන වාක්‍ය, සංවාද කොළයක ලියාගෙන ඒවා පසුව මතක් කරගන්නත්. චිත්‍රපටි වල ගොඩක් වෙලාවට එදිනෙදා ජීවිතයේදී භාවිතා වන සංවාද තියෙන නිසා ඉංග්‍රීසි ඉගෙන කතාව ඉගෙන ගන්නා හොඳ ක්‍රමයක්. www.opensubstitles.org කියන වෙබ් අඩවියෙන් නොමිලේ ඉංග්‍රීසි උපසිරැසි ලබාගන්න පුළුවන්.
ඉංග්‍රීසි සිංදු අහන ගමන් ඒවා ගායනය කරන්න
අපි අසාවෙන් රසවිඳින ඉංග්‍රීසි ගීතවලින් ඉංග්‍රීසි කතාව පුරුදු වෙන්නේ මෙහෙමයි. සිංදුවත් වාදනය වෙනවාත් එක්කම හයියෙන් ඔයත් ගායනය කරන්න. සිංදුවේ වචන දන්නේ නැතිනම් අන්තර්ජාලයෙන් හොයාගෙන ඒ දිහා බලාගෙන ගායනය කරන්න. කැරෝකේ වීඩියෝ දිහා බලාගෙන ගෙන ගායනා කිරීමත් තව විදිහක්. වාහනයක ගමන් කරද්දී වුණත් ඔයාට මේ ඉංග්‍රීසි ගීත අහන එක කරන්න පුළුවන්.
මඟ තොටේ දකින ඉංග්‍රීසි වචන කියන්න උත්සාහ කරන්න
ඔයා පාරේ යද්දී දකින විවිධ දැන්වීම්/නාම පුවරු වල හරි අළුත් තැනකට ගියාම දන්නේ නැති අළුත් ඉංග්‍රීසි වචන තිබෙනවා නම් ඒවා කියන්න උත්සාහ කරන්න. එකෙන් එදිනෙදා ජීවිතයේදී භාවිතාවෙන වගේම දන්නේ නැති අළුත් වචන ඉංග්‍රීසියෙන් කියන්න ඔයාට පුළුවන් වෙනවා. එකෙන් ඉංග්‍රීසි කියන්නේ ඔයාගේ ජීවිතයට සමීප දෙයක් බවට පත් වෙනවා. කියන විදිහ හරියට හිතාගන්න අමාරුයි නම් ඔයාට පුළුවන් ඒ වචන ෆෝන් එකේ ලියාගෙන ඇවිත් හරියට කියන විදිහ අන්තර්ජාලයෙන් හොයාගෙන පුරුදු වෙන්න.
කියන විදිහ දන්නැති ඉංග්‍රීසි වචන YouTube එකෙන් බලන්න
ඔයා ඉංග්‍රීසි වචනයක් කියන විදිහ දන්නේ නැත්තම් ඔයාගේ සහයට YouTube ඉන්නවා. ඔයා කියන විදිහ දන්නේ නැති වචනය “How to pronounce ………….” (හිස්තැනට දන්නේ නැති වචනය ටයිප් කරන්න) කියලා ටයිප් කරලා සර්ච් කරන්න. එතකොට ඒ වචනය උච්චාරණය කරන විදිහ තියෙන වීඩියෝ ගොඩක් ඔයාට දකින්න ලැබේවි. ඒ වීඩියෝ වල විශේෂත්වය වන්නේ වචනය කොටස් කිහිපයකට කඩලා වචනය කියන විදිහ හිමින් ඕනෑම කෙනෙකුට අල්ලගන්න පුළුවන් විදිහට හදලා තියෙන එක. වාක්‍ය වුණත් මේ ආකාරයෙන් පුරුදු වෙන්න පුළුවන්. මේ ක්‍රමය ඉතා සාර්ථකව ඉංග්‍රීසි කතාව වැඩි දියුණු කරගන්න යොදා ගන්න පුළුවන්.
එදිනෙදා කතාබහ ඉංග්‍රීසියෙන් කතාකරන විදිහ පුරුදු වෙන්න
සාමාන්‍ය ජීවිතයේදී අපි සිංහලෙන් කතාබහ කරන විදිහ ඉංග්‍රීසියෙනුත් කතා කරන්න ඉගෙන ගන්න. කඩයකින් බඩුවක් මිලදී ගන්න ගියාම, අවන්හලකට කෑම ගන්න ගියාම, සම්මුඛ පරීක්ෂණයකට මුහුණ දෙන විට, කාර්යාලයේදී ප්‍රධානියා සමඟ සිදුවන සංවාද යාළුවෙක් මුණ ගැසුණාම, සංචාරකයෙකුට පාර පෙන්නන විදිහ ආදී එදිනෙදා ජීවිතේ සිදුවීම් ඉංග්‍රීසි භාෂාවෙන් කතා කරන විදිහ පුරුදු වෙන්න. ඒ අවස්ථාවේදී කතාවෙන දේවල් ඉංග්‍රීසි වාක්‍ය වලින් පුහුණු වෙලා මතක තියාගන්න. එතකොට ඇත්ත ජීවිතේදී ඒ වගේ වේලාවකදී ඉංග්‍රීසියෙන් කතා කරන්න සිද්ධ වුණොත් බය වෙන්න ලැජ්ජා වෙන්න දෙයක් නැහැ. මොකද ඔයා ඒ අවස්ථාවට මුහුණ දෙන්න කලින්ම සූදානම් වෙලා ඉන්න නිසා.
හොඳට ඉංග්‍රීසි පුළුවන් අය එක්ක ඉංග්‍රීසියෙන් කතා කරන්න
හොඳට ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් යාළුවො ඔයා අඳුරනවා ඇති. එහෙමත් නැත්තම් ඔයාගේ කාර්යාලයේ, ඉගෙන ගන්නා තැන ඒ වගේ අය හමු වෙනවා ඇති. ඉංග්‍රීසි හොඳට පුළුවන් අයත් එක්ක ඉංග්‍රීසියෙන් කතා කරන්න උත්සාහ කරන්න. ඔයා ඉංග්‍රීසි හොඳට කතා කරන්න උත්සාහ කරනවා කිව්වොත් එයාලා ඔයාට තවත් උදව් කරයි වගේම හොඳට කතා කරයි. එහෙම උදව් ඉලන්න ලැජ්ජා වෙන්න එපා. මොකද ඉංග්‍රීසි අපේ මව් බස නෙමෙයිනේ. වැඩියෙන් කතා කරන්න කරන්න තමයි ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් වෙන්නේ. පොඩි කාලේ අපි සිංහල කතා කරන්න පුරුදු’ වුණෙත් වැරදි වැරදි අපේ වැඩිහිටියෝ එක්ක කතා කරලානේ. ඒ නිසා දුරකතනයෙන් හරි හැකි හැම අවස්ථාවකම ඔයාට වඩා ඉංග්‍රීසි පුළුවන් අය එක්ක ඉංග්‍රීසියෙන් කතා කරන්න උත්සාහ කරන්න.
ව්‍යාකරණ ගැන හිතන්නේ නැතුව කතා කරන්න
ඉංග්‍රීසි ව්‍යාකරණ ගැන මතක් වෙද්දී ඉංග්‍රීසි කතා කරන්න පුරුදු වෙන අය ටිකක් බය වෙනවා. මොකද ඉංග්‍රීසි ව්‍යාකරණ ටිකක් අමාරුයි කියලා අපි අතරේ මතයක් තියෙන නිසා. ඔයාට ඕනේ ඉංග්‍රීසි කතාව වැඩි දියුණු කරගන්න, ඒ නිසා මේ මොහොතේ ව්‍යාකරණ ගැන වද වෙන්න එපා. ව්‍යාකරණ නෙමෙයි කතාවේ දක්ෂ බවයි වැදගත් වෙන්නේ. ගොත ගහන්නේ, ලැජ්ජා වෙන්නේ, බය වෙන්නේ, නවත්තන්නේ නැතුව කතා කිරීමයි වැදගත්. කතාවෙන් දක්ෂ වුණාම ඉබේම ලේසියෙන්ම ඉංග්‍රීසි ව්‍යාකරණ හදාගන්න පුළුවන් වෙනවා.
ඉංග්‍රීසියෙන් හිතන ගමන් තමන්ටම කතා කරන්න
ගොඩක් දෙනෙක්ට ඉංග්‍රීසියෙන් කතා කරන්න අමාරු වෙන්නේ එයාලා ඉස්සෙල්ලම සිංහලෙන් හිතලා ඊළඟට ඒක ඉංග්‍රීසියට පරිවර්තනය කරන්න යන නිසා. එතකොට කතාව ප්‍රමාද වෙනවා වගේම අනිත් අයට තේරෙනවා ඔයා අමාරුවෙන් හිත හිතා කතා කරනවා කියලා. අපි හිතන්නේ සිංහලෙන් නිසා ඕනෑම දෙයක් සිංහලෙන් කියන්න අපිට ලේසියි. ඒ නිසා ඔයාට හොඳට ඉංග්‍රීසි කතා කරන්න ඕනේ නම් ටිකෙන් ටික ඉංග්‍රීසියෙන් හිතන්න පටන් ගන්න. මුලින් ටිකක් අමාරුයි කියලා හිතුණත් ටිකක් කල් යද්දී ඔයාට ඒකට පුරුදු වේවි. ඒ වගේම තමන් එක්කම ඉංග්‍රීසියෙන් කතා කරන්න. තව කෙනෙක් එක්ක කතා කරනවාට වඩා ඒක ලේසියි. අනික් අතට කාටවත් ඔයා කියන දෙය ඇහෙන්නේ නැති නිසා වරදියි කියලා ලැජ්ජා වෙන්න ඕනේ නැහැ. ඉංග්‍රීසි කතා කරන්න ආත්ම විශ්වාසය වඩවන්න මේක ඉතා හොඳ ක්‍රමයක්.
ඉපදෙනකොට කිසිම භාෂාවක් දැනගෙන හිටියේ නැති අපි අද හොඳට සිංහල කතා කරන්නේ. ඒ වගේම ඉංග්‍රීසි කතා කරන්න පුරුදු වෙන්නත් අපිට පුළුවන්. ඉංග්‍රීසි කතාවත් හරියට ක්‍රීඩාවක් වගේ. හුසේන් බෝල්ට් මීටර් 100 තරඟයේ ලෝක වාර්තාව පිහිටුවන්න කොච්චර නම් පුහුණු වීම් කරන්න ඇති ද? ඒ වගේම තමයි වැඩි වැඩියෙන් පුරුදු වෙන්න පුහුණු වෙන්න තමයි ඔයාටත් ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් වෙන්නේ. මේ ක්‍රම 10 පාවිච්චි කරොත් ඉංග්‍රීසි කතා කිරීම වැඩි දියුණු කර ගන්න ඔයාගේ තියෙන හීනයට යන ගමනට ලොකු උදව්වක් වේවි.
උපුටා ගැනීම-sayhello.lk/

සන්ධි ඉදිමුමට සේර හොදයි

සේර යනු ආසියාතික රටවල වැඩෙන සිහින්, දිගු පත්‍ර සහිත බහුවාර්ෂික ශාකයකි. එහි නමට (lemongrass) අනුව ඒවා පැගිරි සුවද විහිදවයි. නමුත් එහි රස...