දිගු කාලයක් තරුණ පෙනුම රැක ගන්න සාර්ථක ක්‍රමයක්



සිරුර මනා ලෙස සජලන තත්ත්වයේ පවත්වා ගැනීමට සිතාමතාම පැයෙන් පැයට හෝ වරකට ජලය මිලිලීටර් 300 ක් පමණ පානය කරන්න.
අව්වේ යන සෑම අවස්ථාවකදීම කුඩයක් හෝ අඩු තරමින් හිස් වැසුමක් හෝ භාවිතා කරන්න. මෙහිදී සමට ගැළපෙන ඉභද ඛ්පඥචථ එකක් භාවිතා කිරීමද සුදුසු ය.
අධික හිරු එළියෙන් සම සුරැකෙන ලෙස සිරුර ආවරණය වන ඇඳුමින් සැරසෙන්න.
දවසේ ප්‍රධාන ආහාර වේල් තුනම සමබර ආහාර වේලක් (ධාන්‍ය, අල, පළා, කහ පැහැ එළවළු, කොළ පැහැති එළවළු, බිත්තර හෝ කුඩා මාළු වර්ගයක්, ඇට වර්ගවලින් එකක්, කෑමෙන් පසු අතුරුපස ලෙස පලතුරු කැබලි හෝ පලතුරු යුෂ) ලබාගන්න.
වතුර පිපාසය දැනෙන තුරු නොසිට දිනකට අවම වශයෙන් වතුර ලීටර් 3 – 4 පමණ පානය කිරීම පුරුද්දක් කර ගන්න.
දෛනික ආහාර වේලට දිනපතාම විවිධ වර්ගවල නැවුම් පළා සහ නැවුම් දේශීය පලතුරු වර්ග 5 – 7 පමණවත් එක්කර ගන්න. සතියේ දින හත පුරාම ආහාරය සඳහා එළවළු, පලා, පලතුරු විවිධත්වයෙන් යුතුව තෝරාගන්න. මේ සඳහා මුළුතැන්ගෙයි හෝ කෑම කාමරයේ හෝ ඔබ කැමති තැනක දිනක හිත සඳහා පාවිච්චි කළ හැකි විවිධ ආහාර වර්ගවල පැහැදිලි සටහනක් එල්ලා තබන්න. ඊට අමතරව එම තෝරාගත් ආහාරවලට අලුත් ක්‍රමවලට පිසූ සලාද, සම්බල්, මැල්ලුම්, ගුණදායක චට්නි, කරපිංචා හෝ මිංචි කොළ ලුණු මිරිසක් වැනි යමක් එක්කර ගැනීමට අමතක නොකරන්න. උදා – පැපොල් මැල්ලුමක්, මිශ්‍ර එළවළු සලාදයක්, පෙනෙල කොළ බැඳුමක්, කොස් ඇට බැඳුමක් හෝ තම්බා ගත් කොස් ඇට, කෙසෙල් මුව සම්බෝලයක්, කොහිල අල සම්බෝලයක්, එළවළු සුප්, බිම්මල් සුප්, කැරට් සම්බෝලයක්, කලවම් මැල්ලුමක්, වියළි දෙල් කැබලි මැල්ලුමක්, වෙල් අල කොළ ඇඹුලක්, කතුරුමුරුංගා හෝ මුරුංගා කොළ හොද්දක්, පුලියානම් හොද්දක්, කූනිස්සන් හෝ වියළි හාල්මැස්සන් මැල්ලුමක්, තක්කාලි, බෙල්පේපර් මිශ්‍ර සලාදයක් ආදිය දැක්විය හැකි ය.

තරුණ කම රැක ගන්න හෙළයන්ගේ පාන වර්ග 5ක්



අපි හැමෝම කැමතියි හැමදාම අපේ තරුණ පෙනුම ඒ විදියටම තියෙනවා නම් . පුරාණයේ මිනිසුන් තරුණ කම රැක ගෙන බොහෝ කල් ජීවත් වුනේ සොබා දහම සමග මනා සම්බන්ධයක් පවත්වමින් හෙළ ඔසු සමග තමන්ගේ ජීවන රටාව සැලසුම් කල නිසයි. ඒ ආකාරයට තරුණ කම රැක දෙන ඔසුපැන් කිහිපයක් ගැනයි මේ කියන්නට යන්නේ
බෙලි පානය
බෙලි ගසේ පස් පංගුවම ඉතා ගුණ දායකයි. ඒ වගේම ඉදුණු බෙලි ගෙඩියේ මැලියම් ඉවත් කර, අවශ්‍ය ප්‍රමාණයට සීනි සහ ලුණු මෙන්ම දෙහි යුෂ ස්වල්පයකුත් යොදා සකස් කර ගන්නා පානය
උදැසන හිස් බඩ පානය කරන්න. එය ඔබේ ශරීරයේ සිසිල් බව වඩවනවා. දීර්ඝායුෂ ගෙන දෙනවා.
සියඹලා පානය
ඉදුණු සියඹලා වල ඇට ඉවත් කර ගන්න. එය හොඳින් පොඩි කර සීනි, ලුණු, එනසාල්, කුරුඳු කුඩු ස්වල්පයක් එකතු කර පානයක් සකස් කර ගන්න.
මේ මගින් ආහාර රුචිය වඩවනවා. කුසගිනි ඇති කරනවා. මළපහ හොඳින් පිට කරනවා. අධි රුධිර පීඩනයටත් ගුණ දායකයි.
වදමල් පානය
උතුරවා ගත් වතුර භාජනයකට හොඳින් පිරිසිදු කර ගත වද මල් දමා ටික වෙලාවක් වසා තබන්න. පසුව එම රතු පති වතුර පෙරා ගෙන එයට සීනි, ලුණු සහ දෙහි යුෂ ස්වල්පයක් යොදා පැනයක් සකස් කර ගත හැකියි. මෙය සිරුරේ රුධිරය පිරිසිදු කරන අතිශය ගුණදායි පානයක්.
නෙල්ලි පානය
ඉතාම ගුණදායි නෙල්ලි පානය සකස් කර ගන්නේ මෙහෙමයි. නෙල්ලි හොඳින් සෝදා ඇට ඉවත් කර ජලය ස්වල්පයක් සමග අඹරා ගන්න. මෙයට අවශ්‍ය ප්‍රමාණයට වතුර, සීනි සහ ලුණු ස්වල්පයක් යොදා පානයක් සකස් කර ගත හැකියි.
මේ මගින් අමාශයේ අම්ල පිත් දෝෂ, ශරීරයේ විෂ සහිත බව, උදරාබාධ නැති කරනවා. සෙම් රෝග වලටත් ගුණයි. සම පැහැපත් වී තරුණ පෙනුමක් ලැබෙනවා. ඇස් වලටත් ඉතා හොඳයි.
රසකිද පානය
රසකිඳ වැලේ කොටස් කපාගෙන තම්බා පානයක් සකසා ගත හැකියි. මෙය තිත්ත රසයෙන් යුක්තයි. වියලා ගත රසකිඳ කැබලි ඕනෑම වෙලාවක තම්බා ගත හැකියි. කිතුල් හකුරු කැබැල්ලක් සමග මෙය පානය කරන්න. රෝග රැසකට ගුණයි. රක්තවාතය, හන්දිපත් රුදාව, සමේ රෝග, අර්ශෂ්, ශරීරයේ දැවිල්ල සඳහා මෙන්ම හදවතේ දුර්වලතා වලටත් හොඳයි. ආමාශගත රුධිරයේ ආම්ලිකතාව සමනය කරනවා.
ඉරමුසු පානය
ඉරමුසු ශාකය ගලවා ඒවා කපා කැබලි කර සෝදා වෙලා ගන්න. අවශ්‍ය විටක තම්බා පැනයක් සකස් කර ගත හැකියි. මෙයද කිතුල් හකුරු සමග තේ මෙන් පානය කල හැකියි. අවශ්‍ය නම් ශීත කර ද පානය කරන්න පුළුවන්.
මෙය ලේ පිරිසිදු කරයි, දියවැඩියාවට ගුණදායකයි. මුත්‍රා දැවිල්ල දුරු කරයි. හිස කෙස් වර්ධනය කරයි. ශරීරයේ පෙනුම වර්ධනය කර සැහැල්ලු බවක් ඇති කරනවා. කිරි දෙන මව්වරුන්ට ඉතා ගුණයි.

වාහන වලට තෙල් ගහනකොට ෂෙඩ් එකෙන් හොර කරන විදිය මෙන්න



ලංකාවේ ඇති ඉන්ධනහල්වලින් අප ගෙවූ මුදලට සරිලන නියම ඉන්ධන ප්‍රමාණය එහි ඇති ඉන්ධන ‍පොම්පය හරහා අපට ලැබෙනවාද යන්න කාලයක සිට මෙරට බොහෝ දෙනකුගේ සිතේ පැසවන කුකුසකි.
ඉන්ධන ලබාගැනීමට ඉන්ධනහලට ගිය විට ඉන්ධන ‍පොම්පය දෙස අප ඇසිපිය නොබලා බලා සිටින්නේ ඒ නිසාය. ඉන්ධන ලබාගැනීමට මුදල් ගෙවූ පසු ඉන්ධන ‍පොම්පයේ ඉහළ ඩිජිටල් තිරයේ අප ගෙවූ මුදලත් ගෙවූ මුදලට ලබාදිය යුතු ඉන්ධන ප්‍රමාණයත් නිවැරදිව සටහන් වේ.
‍පොම්පකරු ඉන්ධන ‍පොම්පය ක්‍රියාත්මක කළ විට ඉලක්කම් කැරකී අප ගෙවූ වටිනාකමට ලැබිය යුතු ඉන්ධන ප්‍රමාණය අපට ලැබේ. මේ ක්‍රියාවලිය මුල සිට අගට නිරීක්ෂණය කරන අපට සැක සිතිය යුතු තැනක් අල්ලාගත හැකිද? සැබැවින්ම නොහැකිය. එසේ වූවා කියා අප ගෙවූ සම්පූර්ණ මුදලට නියමිත ඉන්ධන ප්‍රමාණය ඔබට ලැබුණා කියා ඔබ සිතනවාද? ‘ඔව්’ කියා ඔබ සිතුවත් නිසැක වශයෙන්ම ඔබ සිටිනා ස්ථාවරය නිවැරදි නොවේ. මන්ද මෙරට ඇති ඉන්ධන ‍පොම්ප බොහෝමයකින් අප ගෙවූ මුදලට නියම ඉන්ධන ප්‍රමාණය අපට ලැබෙන්නේ නැති නිසාය. අප මෙය ස්ථිරවම කියනුයේ මේ පිළිබඳ සොයා බලා කරුණු අධ්‍යයනය කිරීමකින් අනතුරුවය.
වසර තිහකට අධික කාලයක් ඛනිජ තෙල් ක්ෂේත්‍රයේ අත්දැකීම් ඇති මේ විධායක ශ්‍රේණියේ නිලධාරියා කියන කතාව අසමු. එවිට මේ කතාවේ ඇත්ත නැත්ත ඔබටම පසක් වනු නොඅනුමානය.
“ඔබේ ප්‍රශ්නයට කෙටියෙන්ම උත්තර දුන්නොත් ඔව්, ලංකාවේ පිරවුම්හල්වල තියෙන බොහෝමයක් ඉන්ධන ‍පොම්පවලින් ඔබ ගෙවන මුදලට ලැබිය යුතු ඉන්ධන ප්‍රමාණය ලැබෙන්නේ නෑ. මං වැඩ කරන ක්ෂේත්‍රය වුණත්, කතාව තිත්ත වුණත් ඇත්ත ඕක තමයි.”
ඔහු කිසිදු පැකිළීමකින් තොරව කතාව පටන්ගත්තේය. ඔහුට බාධා නොකර මම නිහඬ වීමි.
“පෙටේ‍රා්ලියම් එකේ පෙට්‍රල් ෂෙඩ් තියෙනවා 1200කට ආසන්න සංඛ්‍යාවක්. ඉන් වැඩිම ප්‍රමාණයක් ඉන්ධනහල් තියෙන්නේ බස්නාහිර පළාතේ. ෂෙඩ් 285ක් හෝ 290ක් බස්නාහිර තියෙනවා. මෙරට ඉන්ධන පාරිභෝජනයෙන් සියයට පනහකට ආසන්න ප්‍රමාණයක් භාවිත කරන්නේ බස්නාහිර පළාතේ උදවිය. දැන් පාරිභෝගිකයන් වන අපට තියෙන ප්‍රශ්නය තමයි අපේ වාහනේට දුන්නු මුදලට නියමිත තෙල් ප්‍රමාණය ‍පොම්පෙන් ටැංකියට වැදුණද කියන එක. මේ ගැටලුවට පේන විසඳුමක් නෑ. ගොඩක් අයගේ හිතේ තියෙන්නේ සැකයක්.
මේ ක්ෂේත්‍රයේ ඉන්න නිලධාරියෙක් හැටියට මම දන්නවා සමහර ෂෙඩ්වලින් තෙල් අඩුවෙන් ගහන බව. එතකොට මේකට වගකියන්න ඕන කවුද? මගේ අදහස නම් මේකට ප්‍රධාන වශයෙන්ම වගකියන්න ඕන මිනුම් ඒකක ප්‍රමිති හා සේවා දෙපාර්තමේන්තුව. කෙටියෙන් කීවොත් කිරුම් මිනුම් එක. ඒ වගේම තෙල් සංස්ථාවේ ප්‍රාදේශීය පරිපාලනය වගේම සංස්ථාව ගත්තු සමහර වැරදි තීරණ.”
වසර තිහකට අධික කාලයක් ඛනිජ තෙල් ක්ෂේත්‍රයේ අත්දැකීම් ඇති මේ විධායක ශ්‍රේණියේ නිලධාරියා කියන කතාව අසමු. එවිට මේ කතාවේ ඇත්ත නැත්ත ඔබටම පසක් වනු නොඅනුමානය.
ඉන්ධන ‍පොම්පවලින් කෙරෙන තෙල් ජාවාරමට කිරුම් මිනුම් දෙපාර්තමේන්තුව වගකිවයුත්තේ ඇයි?
ඒ ගැටලුව ඔහු නිරාකරණය කළේ මෙසේය.
“ලංකාවට ගේන ඕනෑම ‍පොම්පයක් ඉන්ධනහලක මිනුම් ඒකකයක් ලෙස පාවිච්චි කරන්න අවසර දෙනවා නම් මාදිලි අනුමැතිය ගන්න ඕන. මේ අනුමැතිය දෙන්නේ කිරුම් මිනුම් දෙපාර්තමේන්තුව මගින්. කිරුම් මිනුම් දෙපාර්තමේන්තුවේ සීල් එක නැතුව කිසිම ඉන්ධන ‍පොම්පයකින් තෙල් නිකුත් කරන්න බෑ. ඒක නීතියෙන් තහනම්.
නමුත් ගොඩක් ‍පොම්පවල කිරුම් මිනුම් සීල් එක නෑ. ඒකට හේතු කීපයක් තියෙනවා.
එකක් තමයි 2002 ඉන්දියන් ඔයිල් සමාගම ලංකාවට ආවට පස්සේ ෂෙඩ්වලට ඕන කරන සියල්ල ඒ අය දුන්නේ නොමි‍ලේ. ඔන්න තරගයක් ඇතිවුණා. අපේ තෙල් සංස්ථාවට මුදල් තිබුණේ නෑ ඉන්දියන් ඔයිල් එකත් එක්ක හැප්පෙන්න. අවසානයේදි සංස්ථාව කළේ අපිත් අපේ ඉන්ධනහල් හිමියන්ට මොනවා හරි කරන්න ඕන කියලා චීනෙන් අඩු මුදලට බාල ‍පොම්ප ගෙන්නලා නොමි‍ලේ ෂෙඩ්වල හයි කළා. ඇත්තටම මේවා සෙල්ලම් බඩු වගේ. මෙන්න මේ ‍පොම්ප එකක්වත් සීල් කරලා නෑ. මොකද මේ ‍පොම්ප එකක්වත් මාදිලි අනුමැතියට දැම්මේ නෑ. තවත් එකක් කිරුම් මිනුම් දෙපාර්තමේන්තුවෙන් සීල් කළත් ඒක සංස්ථාවේ නිලධාරීන් අතින් ගැලවෙන්න පුළුවන්. එහෙම වුණු හැම වෙලාවකම කිරුම් මිනුම් නිලධාරීන් ෂෙඩ්වලට ඇවිත් ‍පොම්ප සීල් කරන්නේ නෑ. මොකද හේතුව නිලධාරීන් ඉන්නේ ටිකයි. වාහන හිඟයි. නමුත් එහෙම කියලා කිරුම් මිනුම් දෙපාර්තමේන්තුවට තමන්ගේ වගකීමෙන් නිදහස් වෙන්න බෑ.”
අප සොයාගත් තොරතුරුවලට අනුව අද වනවිට ඉන්ධනහල්වලද තෙල් ජාවාරම මහා පරිමාණව සිදුවන්නේ තෙල් සංස්ථාවේ නිලධාරීන්ගේ ආශිර්වාදයෙනි. මීට අමතරව එහි සේවයේ නියුතු ‍පොම්ප ක්‍රියාකරවන්නන් ඉන්ධන ලබාගැනීමට පැමිණි පුද්ගලයන්ගේ ඇස වසා කරන සමහර දේ ඇතත් ඒවා සංවිධානාත්මක අයුරින් සිදු නොවන පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වන වංචා සහගත ක්‍රියාවන්ය. නමුත් මහා ජාවාරම සිදුවන්නේ ඉන්ධනහල් අයිතිකරුගේ හා තෙල් සංස්ථාවේ ප්‍රාදේශීය කළමනාකරු හා ප්‍රාදේශීය පරීක්ෂකගේ එකතුවෙනි.
“ඔය තෙල් ‍පොම්ප කොටසක් තියෙනවා ප්‍රමාණ ශෝධන ඒකකය කියලා. අපි කියන්නේ ‘කැලිබරේට්’ කරනවා කියලා. මේ කොටසින් තමයි මිනුම් නිවැරදිව සකස් කරන්නේ. ඒක අඩු වැඩි කරන්න පුළුවන්. ඔන්න ඔය කොටස පාවිච්චි කරලා තමයි මේ හොර වැඩේ කරන්නේ. උදාහරණයක් හැටියට ඉන්ධන ලීටර් හතර හමාරක් එළියට යනකොට මීටරේ ඉන්ධන ලීටර් පහක් පෙන්වන්න හදන්න පුළුවන්. මේ කැලිබරේෂන් යුනිට් එක තියෙන්නේ ‍පොම්පෙ ඇතුළේ. මෙන්න මේ කොටසයි සීල් කළ යුත්තේ.
මේක සීල් කරන්නේ කිරුම් මිනුම් දෙපාර්තමේන්තුවයි, තෙල් සංස්ථාවටයි. කිරුම් මිනුම් සීල් එක අනිවාර්යයි. මේ සීල් එක නැතුව ඉන්ධන නිකුත් කරන්න බෑ. නමුත් ප්‍රධාන බලධාරීන්ගේ මුද්‍රාව නැතිව තෙල් නිකුත් වෙනවා. ඒක තමයි ඛිෙදවාචකය. මම මුලින් කිව්වා වගේ ගොඩක් ‍පොම්පවල මේ කොටස සීල් කරලා නෑ.
තෙල් සංස්ථාවේ ප්‍රාදේශීය කාර්යාල නවයක් තියෙනවා. ඒවයේ වෙන වෙනම ප්‍රාදේශීය කළමනාකරුවන් ඉන්නවා. ඔවුන් යටතේ තවත් නිලධාරීන් දෙන්නෙක් ඉන්නවා. මේ නිලධාරීන් හැම මාසෙකම මේ ‍පොම්ප චෙක් කරන්න යනවා. ඔය අතරේ ෂෙඩ් අයිතිකාරයින්ගෙන් පැමිණිලි එනවා වැඩිපුර තෙල් යනවා කියලා. ඔන්න එතකොට සංස්ථා අර නිලධාරීන් සීල් කඩලා අර ‘කැලිබරේට්’ යුනිට් එක ඇජෙස් කරනවා. ඔය දේවල් එහෙම සිද්ධ වෙන අතරේ තිරෙන් එහා වෙනත් කතා යනවා.”
සොයා දැනගත් ආකාරයට ඉන්ධනහල් හිමියන් ප්‍රාදේශීය කළමනාකාර හා ඔහු යටතේ සිටිනා නිලධාරීන් සමග සුහද ගනුදෙනුවක් පවත්වාගෙන යමින් ඔවුන් සතුටු කිරීමට උනන්දු වේ. ප්‍රාදේශීය කළමනාකරු අමනාප කරගතහොත් ඉන්ධනහල් අයිතිකරුවාට සිදුවන්නේ මහත් අලාභයකි. ඉන්ධනහල් හිමියාට කොතරම් ලාභයක් ලබාදෙනවාදැයි තීරණය කරන්නේ සංස්ථාවේ ප්‍රාදේශීය කළමනාකාරවරයා හා පරීක්ෂකවරයාය. ඉන්ධනහලකින් ඉන්ධන අඩුවෙන් නිකුත් කරන්නේ යැයි යම් සැකයක් පාරිභෝගිකයකුට ඇති වුවහොත් එය පරීක්ෂා කිරීමට ඉන්ධනහ‍ලේ සම්මත මිනුම් ඒකකයක් තිබේ.
“ඒක සුදු යකඩෙන් හදපු කෑන් එකක්. ඒකෙන් ලීටර් පහක් මනින්න පුළුවන්. ඒකට කියන්නේ ටෙස්ටින් කෑන් කියලා. උඩට හෝ පහළට දශම දෙකයි පහක් විතරයි වෙනස් වෙන්නෙ. හැබැයි අමාත්‍යාංශයට ලැබි ඇති තොරතුරුවලට අනුව ඉන්ධනහල් බොහොමයක මේ පරාසය -.5 සිට -.1 දක්වා පරාසයක තියෙනවා.”
අපි මුලින් සඳහන් කළ සම්මත ඒකකය සෑම ඉන්ධනහලකම තිබිය යුතු වුවත් බොහෝ තැන්වල එහෙම මිනුම් උපකරණයක් දකින්නට නැත. තිබුණත් ඇත්තේ ව්‍යාජ එකකි.
එය පතුලෙන් උඩට ඔසවා ඇත. උඩට ඔසවා ඇති ප්‍රමාණය ඉන්ධන ‍පොම්පයෙන් සමබර කර සකසයි. ඒ නිසා ඔබ එවැනි පරීක්ෂාවකට යන්නේ නම් පතුලෙන් උඩට නොඑසවූ සුදුපාට තද ලෝහයෙන් නිම කළ සම්මත ඒකකය ඉල්ලා සිටින්න.
“ඉස්සර තිබුණේ මේ සුදු යකඩ මිනුම ‍නෙවෙයි රතුපාට සාමාන්‍ය ලෝහයෙන් හදපු එකක්. ඒක පතුලෙන් උඩටම තළනවා. හැබැයි සුදු යකඩ එක තළන්න බෑ. මේ සුදු යකඩ මිනුම් භාජනය සෑම ඉන්ධනහලකම තිබිය යුතුයි. නමුත් ඒක සෑම තැනකම නෑ. ඒක බරපතළ ප්‍රශ්නයක්.”
එයට හේතුව සම්මත ප්‍රමාණයට වඩා දෙගුණයක් අඩුවෙන් යන තත්ත්වයක් අද දකින්න පුළුවන්” මුලින් චීනෙන් ගෙනත් සවි කළ ‍පොම්ප සවි කළේ අවුරුදු පහකට. නමුත් දැන් ඒ වගේ කාලය අවුරුදු පහළොව ඉක්ම ගිහින්.
වෙනස් කළත් නැතත් ‍පොම්ම පරණ නිසා මේ ‍පොම්පවලින් තෙල් යන්නේ අඩුවෙන්. ඒක බරපතල ප්‍රශ්නයක්. ඒ නිසා කිරුම් මිනුම් දෙපාර්තමේන්තුව කියලා තිබුණා 2015 ජනවාරි වන විට හොඳ ‍පොම්පයක් සවි කරන්න එහෙම නැත්නම් සංස්ථා ‍පොම්ප සීල් කරන්නේ නෑ කියලා. කිරුම් මිනුම් දෙපාර්තමේන්තුව කළ අනතුරු ඇඟවීමට ඛනිජ තෙල් සංස්ථාව කෙබඳු ප්‍රතිචාරයක් දැක්වූවාදැයි අප සොයා බැලීමු. තෙල් සංස්ථාව අමාත්‍යාංශයත් සමග එකතුවෙලා මේකට විසඳුමක් දෙන්න උත්සාහ කළා. 2012 වන විට මේ බාල ‍පොම්ප මොනවද කියල බලන්න කමිටුවක් පත්කළා. (D.M.P.C.)මේ කමිටුවෙන් ‍පොම්ප තෝරලා ‍පොම්ප 500ක් ගේන්න සූදානම් කළා. නමුත් 2015 ජනවාරි09 පස්සේ කිසියම් පුද්ගලයෙක් අමාත්‍යංශය හරහා බලපෑම් කළා “මගේ ‍පොම්ප ටික ගන්න” කියලා. එතැනින් ඒ වැඩේ හමාර වුණා. තෙල් සංස්ථාවට අද වෙනකම් බැරි වෙලා තියෙනවා හොඳ ‍පොම්පයක් ලබා දෙන්න. බරපතළ අවුලකයි සංස්ථාව ඉන්නේ. 2014 හිටපු කළමනාකාර අධ්‍යක්ෂවරයා තෙල් සංස්ථාවේ කමිටුවක්ද පත්කරලා ඉන්ධන ‍පොම්ප 495 අහඹු ලෙස පරීක්ෂා කරලා තියෙනවා. ඔහු ඊට පසුව අමාත්‍යංශ ‍ලේකම්ට වාර්තාවක් දෙනවා ‍පොම්පවලින් 40ක ඉන්ධන නිකුත් කරන්නේ නියමිත ප්‍රමාණයට වඩා අඩුවෙන් කියලා. ඉහළ නිලධාරීන් සියල්ල දන්නවා සංස්ථාව තියෙන්නේ අර්බුදයක කියලා.
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව යටතේ ඇති ඉන්ධන ‍පොම්පවලින් විශාල ප්‍රමාණයක් කල්ඉකුත් වූ ඒවාය. මේ ඉන්ධන ‍පොම්ප හරහා පාරිභෝගිකයාට බරපතළ පාඩුවක් සිදුකරන්නේය. එසේම 1995 අංක 35 දරන මිනුම් එකක ප්‍රමිති හා සේවා පනතේ 22 වගන්තිය ප්‍රකාරව ‍පොම්ප පරීක්ෂා කර බලා මුදා තැබිමේ සම්පූර්ණ අයිතිය පැවරෙන්නේ කිරුම් මිනුම් නිලධාරීන්ටය. ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නිලධාරීන්ට එවැනි බලයක් හිමි නොවේ.
නමුත් අද වන විට ඔවුන් දැන හෝ නොදැන තමන් වෙත නැති නීතියක් ආරෝපණය කරමින් මහා වංචාවක යෙදේ. කිරුම් මිනුම් දෙපාර්තමේන්තුව මගින් සීල් තබන ලද ඉන්ධන ‍පොම්පයක සීල් කඩා ජාවාරමේ යෙදීමට කටයුතු කරන තෙල් සංස්ථා නිලධාරීන්ට එරෙහිව වහා බලධාරීන්ගේ අවධානය යොමු විය යුතුය.
යම් ඉන්ධන ‍පොම්පයක අලුත්වැඩියාවක් කළයුතු නම් මේ දෙපාර්ශ්වයටම ඊට සහභාගි වී ඒ අලුත්වැඩියාව කළ යුතු තැනට නීතිය සංශෝධනය විය යුතුය. එසේ නොවුණහොත් ජනතාවගේ ඇසට වැලි ගසමින් දූෂිත තෙල් සංස්ථා නිලධාරින් ගෙන යන මේ මහා වංචාවට තිත තැබිම අසීරු වනු ඇත.

සන්ධි ඉදිමුමට සේර හොදයි

සේර යනු ආසියාතික රටවල වැඩෙන සිහින්, දිගු පත්‍ර සහිත බහුවාර්ෂික ශාකයකි. එහි නමට (lemongrass) අනුව ඒවා පැගිරි සුවද විහිදවයි. නමුත් එහි රස...