ලෙමන් හා කරාබු නැටි සත්කාරය මගින් ලෙඩ රෝග රැසක් සුවවෙනවා



කරාබු නැටි ගොඩක් අත් ඛෙහෙත් වලට ගන්න අමු ද්‍රව්‍යයක් විදිහට ගොඩක් ප්‍රසිද්ධයි. ඉස්සර කලේ ඉඳන්ම කරාබු නැටි පාවිච්චි කරලා බොහෝ රෝගාබාධ සුව කර ගන්නටත්, විවිධාකාරයේ අපහසුකම් වලින් සහනයක් ලබා ගන්නටත් අපට පුළුවන් වෙලා තියෙනවා.
කරාබු නැටි විශේෂයෙන්ම ප්‍රසිද්ධ දත් හා මුඛ සෞඛ්‍ය රක ගැනීමට යොදා ගන්නා ශාක වර්ගයක් විදිහටයි. අතීතයේ සිට කරාබු නැටි හැපීම මගින් දත් දිරා යාම වළක්වා ගත හැකි බව අපේ පැරැන්නන් දැන ගෙන සිටියා. අදටත් ක්ලෝගාඩ් කියන දත් ඛෙහෙත් වර්ගයේ මූලිකව අඩංගු වෙන්නේ ක්ලොව් ඔයිල්, එහෙමත් නැත්නම් කරාබු නැටි තෙල්.
සම්පුර්ණ කරාබු නැට්ට විදිහටම අපි ආහාර රස ගන්වන්න යොදා ගන්න බව ඔබ දන්නවනේ. කරාබු නැට්ට පොතු ඇර මෙන්ම එය තලා ලබා ගන්නා කරාබු නැටි තෙලූත් විවිධාකාරයේ ආයුර්වේදීය ඛෙහෙත් වට්ටෝරු සඳහා ප්‍රයෝජනයට ගන්නවා. කරාබු නැටි හා ලෙමන් යුෂ මිශ්‍රණයක් සාදා ගෙන පානය කිරීමෙන් පහත සඳහන් ප්‍රයෝජන සියල්ලම ඔබටත් ලබා ගන්නට පුළුවන්.
එයින් දත් කැක්කුම් සමනය කරනවා.
මාංශ පේශි වල වේදනාව හා රුමැටික ප්‍රදාහය අවම කරනවා.
හදිසියේ වෙහෙසට පත් වුනාම ශරීරය නැවත ප්‍රබෝධමත් කරනවා.
ආහාර ජීර්ණ පද්ධතිය, මුත්‍ර පද්ධතිය යනාදියේ ඇති රෝග සමනය කර එම කටයුතු පහසුවෙන් කිරීමට ඉඩ සලසනවා.
මෙම මිශ්‍රණය ආලේප කිරීම මගින් මදුරුවන් වැනි කෘමියන් ලං වීම වළක්වා ගන්න පුළුවන්.
මිට අමතරව කරාබු නැටි තෙල් පොල් තෙල් සමග මිශ්‍ර කර ආලේප කිරීම මගින් ඔබේ හිසේ බර ගතිය අඩු කර කෙස් ශක්තිමත් කර ගැනීමට අවස්ථාව තිඛෙනවා. නිතරම කුඩු කල කරාබු නැටි දත් මත ආලේප කිරීම මගින් ඔබේ දත් දිරා යාම වළක්වා ගෙන ශක්තිමත් කර ගන්න පුළුවන්, හපනවාට වඩා හොඳින් දත් මුල් වලට කරාබු නැටි වල යුෂය ගලා යාමට එම ක්‍රමය උදව් වෙනවා.
කලින් සඳහන් කල ලෙමන් යුෂ හා කරාබු නැටි තෙල් මිශ්‍රණය ඇෙඟ් කැක්කුමක් හෝ වේදනාවක් ඇති විට ආලේප කිරීමෙන් එයට සහනයක් ලබා ගත හැකියි. බාම් එකක් ගෑවා වගේ ඉක්මනින්ම අදාළ ප්‍රදේශයේ අපහසුව සමනය වේවි.
ඉතින් කොයි ලෙඩේටත් ෆාමසියෙන් ඛෙහෙත් ගන්න හරි දොස්තර හම්බ වෙන්න හරි සල්ලි වියදම් කරන එකේ ගෙදර තියෙන දේවල් වලින් සාදා ගන්න පුළුවන් මේ ඖෂධය පාවිච්චි කරලා බලන්නකෝ. මේ දේවල් ගැන නොදන්න යාලූවොන්වත් දැනුවත් කරන්න.
අතර්ජාලයෙන් උපුටා ගැනීමකි

ගණදෙවි පිහිට ලබාගන්න ගණදෙවි කන්නලව්ව නිවැරදිව කරන විදිය



ශ්‍රී ලාංකීය ජනතාව අතර ගණදෙවියන් ගෞරවයටත් වන්දනාමානයටත් පාත්‍රව ඇත්තේ නැණ නුවණ පමණක්‌ ලබා දෙන්නා වූ දෙවි කෙනෙකු ලෙස වුවත් එතුමන් නැණ නුවණ පමණක්‌ නොව සියලු යස ඉසුරු ලබාදෙන සුවිශේෂී දේවාත්මයකි. සකල ලෝකවාසී ජනතාවගේ විවිධාකාර වූ ගැටලු නිරාකරණය කරදීම පිණිස ඒ ඒ අවස්‌ථාවට අනුව විවිධ මූර්තීන්ගෙන් ලොව පහළ වීමට තරම් බලසම්පන්න ගණදෙවිඳුන් වැඳ පුදා පිං අනුමෝදන් කර භක්‌තිමත්ව කන්නලව් කිරීම තුළ උන්වහන්සේගේ පිහිට ආරක්‍ෂාව නිරතුරුවම ඔබ වෙත ළඟාකර ගත හැකිය.
උතුම් වූ ගණේෂ නම් නාමෝපලක්‌ෂිත දිව්‍ය රාජයාණන් වහන්ස අති පාරිශුද්ධ ශුභ්‍ර වර්ණයෙන් මුළු ශ්‍රී ලංකා ධරණිතලයම ඒකාලෝක කරමින් දස දිගත කීර්ති ධාරා පතුරුවමින් වැඩ වසන්නාවූ “හස්‌ති පෝතක” සුන්දර ඡත්‍රයකින් යුතුව මහා කරුණා මූර්තියෙන් ලොව පහළ වී සෘෂි ප්‍රවෘජ්‍යාවෙන් හේමකූඨය නම් ගිරි ශිඛරය පාමුල වැඩ වසන්නා වූ ඔබ වහන්සේට වැඳ නමස්‌කාර කොට ක්‌ෂීර පායාසයෙන් යුක්‌ත වූ බත් භෝජන, කැවිලි සහිත පලතුරු පූජාවන් පවත්වා මලින්, පහනින්, සුවඳ දුම් ආදියෙන් නොඅඩුව කර්ණ රසායන වාද්‍ය වෘන්ද සහිත භේරි වාදනයෙන් යුතු නාද පූජාවක්‌ පවත්වා මේ ආතුර ශ්‍රී පාත්‍රයන් විසින් ඔබ වහන්සේගේ දෙපා පියුම් මත බැතිබරව වැඳ වැටී සැළකර සිටින මේ කන්නලව්ව දිව නෙතින් දැක දිව කනින් අසා ඔවුනට ඉෂ්ටාර්ථ සිද්ධිය සලසා දී වදාරන සේක්‌වා·
තවද ඔබ වහන්සේ සුර, බඹ, නර සියලු ලෝකවාසීන්ට නැණ නුවණ දෙමින් සකල ඓශ්චර්යයත්, සර්ව සෞභාග්‍යයත් ළඟාකර දෙමින් මෙම කලියුග වර්ෂය තුළ මහාගණේෂ නම් මූර්තියෙන් ලොව පහළ වී යන්ත්‍ර මන්ත්‍ර තන්ත්‍රාදී සියලු ශාස්‌ත්‍රයනට අධිපතිව කාර්ය සිද්ධිය සලසමින් අනවින කොඩිවින, අංගං පිල්ලි, සූනියම්, ක්‍රේම බන්ධන, සියලු වින දොස්‌ විද්වංශනය කරමින් වස්‌දොස්‌ නිවාරණය කරමින් ශාන්තිය දානය කරන බැව් සත්‍යවාදී සැබෑ වී නම්,
වල්ලභ ගණේෂ මූර්තියෙන් ලොව පහළ වී සියලු පෙම්වත් යුවති පතිනට සර්වාරක්‌ෂාව සලසා දෙමින් සැප සම්පත් දානය කර දෙන බැව් සත්‍යවාදී සැබෑ වී නම්,
බාල ගණේෂ නම් මූර්තියෙන් ලොව පහළව සකල ලෝකවාසී සියලු බිළිඳුන්ගේ සියලු වස්‌දොස්‌ නිවාරණය කොට සෞඛ්‍ය සම්පත්තිය දානය කරමින් ද ලෝකවාසී සියලු සත්ත්වයන්ගේ අභිවෘද්ධිය පිණිස දරුඵල දානය කරමින්ද ශාන්තිය දානය කරන බව සත්‍යවාදී සැබෑ වී නම්,
වීර ගණේෂ මූර්තියෙන් ලොව හළ වී අසාධාරණයට අයුක්‌තියට එරෙහිව සාධු ජනයා සුරක්‍ෂිත කරමින් සතුරන් නසා සාධු ජනයාට චිර ජීවනය දානය කරන බැව් සත්‍යවාදී සැබෑ වී නම්,
හේරම්භ ගණේෂ මූර්තියෙන් ලොව පහළ වී නිසි කලට අව් වැසි ලබා දී ශෂ්‍ය සම්පත, ගව සම්පත ආරක්‍ෂා කොට දී ලෝවාසීනට සශ්‍රීකත්වය දානය කරන බැව් සත්‍යවාදී සැබෑ වී නම්,
මෙම කලියුග වර්ෂයට ශක්‌ති ගණේෂ මූර්තියෙන් ලොව පහළ වී සකල ලෝක සත්ත්වයාගේ සියලු රෝග දුක්‌ විද්වංශනය කොට නිරෝගී සම්පත්තිය දානය කරන බැව් සත්‍යවාදී සැබෑ වී නම්,
ධරණි ගණේෂ මූර්තියෙන් ලොව පහළ වී සියලු පොළෝ බහිරවයන්ට නායකව පොළෝ ගැබ තුළ සැඟ වී ඇත්තා වූ මුතු මැණික්‌ ආදී සියලු සම්පත් සාධු ජනයා වෙත දානය කරමින් භූමි දොaෂ නිවාරණය කරන බැව් සත්‍යවාදී සැබෑ වී නම්,
සිද්ධි ගණේෂ මූර්තියෙන් ලොව පහළ වී වස්‌තු සම්පත භූමි සම්පත, ධන සම්පත, ධාන්‍ය සම්පත, සත්ත්ව සම්පත, ස්‌ත්‍රී සම්පත, දරු සම්පත ආදී සම්පත්තිය ලෝකවාසීනට දානය කොට සාධු ජනයා සුරකින බව සැබෑ වී නම්,
බුද්ධි ගණේෂ මූර්තියෙන් ලොව පහළ වී සකල විධ ශිල්ප ශාස්‌ත්‍රයන්ද, විද්‍යාවන්ද ලොවට පහළ කරවා ධර්ම ශාස්‌ත්‍රයන් ප්‍රගුණ කිරීමේ නැණ නුවණ සාධු ජනයා වෙත දානය කර ලෞකික සත්‍යයද ලෝකෝත්තර සත්‍යයද අවබෝධ කර ගැනීමේ ඥනය ලබා දෙන බැව් සත්‍යවාදී සැබෑ වී නම්,
නෘත්‍ය ගණේෂ මූර්තියෙන් මෙම කලියුගයේ දී ඔබ දිව්‍ය රාජෝත්තමයාණන් වහන්සේ ලොව පහළව සූ සැට කලා ශිල්පයන් ලොව පහළ කොට පෘථිවි තලය සුන්දර කරනු රිසියෙන් සකල ලෝක සත්ත්වයා වෙත නෘත්‍ය ගීත වාදිතාදී සකල කලාවන් ප්‍රගුණ කිරීමේ ප්‍රඥව දෙවා වදාරන බැව් සත්‍යවාදී සැබෑ වී නම්,
ඔබ දෙවි හාමුදුරුවන් වහන්සේට ගඳින් මලින් පහනින් රසෝපේත අත්‍යලංකාර අහාර පූජාවෙන්, පලතුරු පූජාවෙන් උපහාර දක්‌වා මේ ආතුර ශ්‍රී පාත්‍රයන් විසින් ඔබේ පාද මූලයෙහි වැඳ වැටී පතා සිටින්නා වූ සියලු සුබ අභිප්‍රායයන් ඉෂ්ට සිද්ධ කරවා දී ධන ධාන්‍යයෙන් ආඪ්‍ය කරවා දී රෝග බය, අමනුෂ්‍ය බය, දුර්භික්‌ෂ බය තුරන් කරවා දී නැණ නුවණ දියුණු කරවා දී බිළිඳු දරුවන් ආරක්‍ෂා කරවා දී දරු සම්පත් වර්ධනය කරවා දී සප්ත සම්පත්තිය පහළ කරවා දී දෙවි දොaෂ, ඇස්‌වහ කටවහ, අඩෝ වැඩියා දොaෂ නිවාරණය කරවා දී සකල ඓශ්චර්යයත්, සර්ව සෞභාග්‍යයත් දානය කරවා ඉෂ්ටාර්ථ සිද්ධිය සලසා දෙන්නට ශ්‍රී ගණපති දිව්‍ය රාජෝත්තමයාණන් වහන්ස ඔබ වහන්සේගේ කීර්ති නාමයට ඇඳිලි බැඳ වැඳ වැටී මා ආරක්‍ෂා කරවාදී වැඩ වදාරන සේක්‌වා.

රණවරා මල් තැම්බූ වතුර දිනපතා පානය කරන්න දියවැඩියාව සුවවෙනවා



ගොඩක් දෙනක් සම පැහැපත් කර ගන්නවට වඩා සුදු කර ගන්න හරියට මහන්සි වෙනවා. එත් විවිධ ආලේපන නිතරම ආලේප කිරීම නිසා සමට වෙන්න තියෙන හානිය ඉතා වැඩියි. ඒවායේ ඇති අවදානම හඳුනා ගෙන අහිතකර ආලේපන වලින් මිදිලා ස්වභාවික ආලේපන හා ස්වභාවික දෑ මඟින් ශරීරයට අවශ්‍ය අභ්‍යන්තර පෝෂණය ලබා දුන්නොත් ලෙඩ නොවී හැඩ වෙන්න පුළුවන්.
ඒ වගේ සම පැහැපත් කරන්නත් ඔයාව නිරෝගී කරන්නත් පුළුවන් ඖෂධිය ගුණ අතින් ඉතා ඉහල පානයක් තමයි රණවරා කියන්නේ. ඒ වගේම අතීතයේ ඉඳලම දේශීය ආයූර්වේදයේ නැතුවම බැරි ඖෂධයක්. ලංකාවේ විශේෂයෙන් වියලි කලාපයේ ඉතා හොඳින් වැඩෙන ශාකයක්. රණවරා ශාකයේ කඳ, මූල්, මල්, පොතු, කොළ, ඇට ආදී ශාකයේ සියලුම කොටස් ඖෂධිය ගුණයෙන් එක ලෙස වැදගත් වෙනවා.
රණවරා මල් තම්බා තේ වෙනුවට දිනකට දෙවරක් පානය කරන්න පුළුවන් නම් ශරීරයේ ඇති බොහෝ ලෙඩ රෝග වලට ඉතාමත් හොඳ ප්‍රතිකාරයක්. රණවරා මල් තම්බද්දී ඊට කලින් මලේ මැද ඇති රේණු කොටස් තරමක් ඉවත් කර ගැනීමෙන් තිත්ත රස ඇතිවෙන එක නැති කර ගන්න පුළුවන්. එත් තිත්ත රස එක්කම බොන්න පුරුදු වෙන එක තමයි වඩා හොඳ.
රණවරා වල ඇති ඖෂධිය ගුණයන්ට සිරුර සිසිල් කිරීමේ හැකියාව සහ විඩාබර බව දුරු කිරීමට හැකියාව පවතිනවා. ඒ වගේම සිරුර පැහැපත් කිරීමේ ගුණය අතිශයින් ඉහලයි. ඒ වගේම රණවරා පිත, සෙම අවම කරමින් පණු රෝග ආදියටද ගුණ ලබා දෙනවා. ශරීරයේ ඇති වෙන දද, කුෂ්ඨ ඇතුළු චර්ම රෝග අවම කරනවා.
රණවරා ශාකය දියවැඩියා රෝගීන්ට දෙන්න පුළුවන් වටිනා ඖෂධයක්. ඒ වගේම මුඛයේ හට ගන්නා තුවාල සුව කිරීමටත් යොදා ගන්න පුළුවන්. රණවරා මල්, කොළ, මුල් ආදිය තැම්බූ වතුර වලින් තුවාල, කුෂ්ට, දද ආදිය සේදීම මඟින් ඉක්මන් සුවය ලබන්න පුළුවන්. පිරිමින්ගේ ශුක්‍ර වර්ධනයට උපකාරී වීම මෙහි තවත් වැදගත්කමක්. රණවරා ඇට හොඳින් වියලා කුඩු කර තබා ගෙන තේ, කෝපි මෙන් පානය කරන්නත් පුළුවන්. එයින් ඔයාට තියෙන සෞඛ්‍ය ගැටළු රැසක්ම අවම කර ගන්න පුළුවන්.
දිනපතා රණවරා මල්, කොළ තැම්බූ වතුර, රණවරා කැඳ ආදිය පානය, රණවරා කොළ මැල්ලුම ආහාර වේලට එක් කර ගැනීම මඟින් ලේ පිරිසිදු වෙනවා. ඒ මඟින් සම වඩා පැහැපත් වෙනවා.

සන්ධි ඉදිමුමට සේර හොදයි

සේර යනු ආසියාතික රටවල වැඩෙන සිහින්, දිගු පත්‍ර සහිත බහුවාර්ෂික ශාකයකි. එහි නමට (lemongrass) අනුව ඒවා පැගිරි සුවද විහිදවයි. නමුත් එහි රස...